පිස්සාගේ ලංකාගමනය පලාමල්ල :::: palaamalla අහස් යානයෙ පුංචි කවුලුව අතරින් පේන වලාකුලු මැදින් කොළ පාටට ගොඩබිම පේනකොට.. ගුවන් තොටුපලේ නවත්තල තියෙන Sri Lankan Air ප්ලේන් ටික දකිද්දි... හප්පා... හිතට එන හැඟීම නම් ආව්... කියලා වැඩක් නෑ...හුන්ඩුවක් වගේ ප්ලේන් එකෙන් බැහල එද්දි හිනාවීගෙන ඉන්න මහරජා දැක්කමත් පොඩි කික් එකක් එනව කොච්චර බැන්නත්.. ඒක නම් වැඩියම දැනුනෙ 2009 යුද්දෙ ඉවර වුන වෙලාවෙ ලංකාවට යද්දි... ඊට පස්සෙ ඔන්න ...
පොඩි පොඩි Love හුටපට පලාමල්ල :::: palaamalla පහුගිය දවසක ආව කෝල් එකක් වයිෆ් ගෙන්... ටිකක් වෙලා කතා කර කර ඉදල.. " අහ් මේ... අපි ඊයේ පන්සල ගිය වෙලේ ඔයාගේ පරණ කෙල්ල ඇවිත් හිටියා... ඔයාලගෙ නංගි පෙන්නුවෙ... එයා ප්‍රෙග්නන්ට් "" අහ්.. එළනේ... මේ... ඔය කොයි එක්කෙනාද ?? "එතනින් එහාට තත්වය ශෝචනීයයි... පොඩි කාලේ කරපු හුට පටනේ එව්ව ඉතින්... ඔය එක්කම මතක් උනේ හසිතය කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහපු ...
පිස්සත් කසාද බැන්දා.... පලාමල්ල :::: palaamalla සෑහෙන කාලෙකින්... අන්තිමට ලියපු පෝස්ට් එක ලියලා දැන් මාස 3 ක් විතර.. මේ මාස තුනට කොයි තරම් දේවල් උනාද.... වෙච්චි දේවල් ඔක්කොම ලියන්න කම්මැලි උනත් මේක නොලිය කොහොමද.... හුඟක් එව්වො දන්නවා ඉතින්... පිස්සත් බැන්ද... මඟුල අරන් දැන් මාස දෙහෙකටත්වැඩියි...අප්‍රේල් ලංකාවට ආවට පස්සෙ මම ඉතින් බඩු මල්ලකුත් අරං ගියා මනමාලිගෙ ගෙදර දිහා... හා හා පුරා... යාළුවෙක් වෙලා අවුරුදු බර ගානක් වුනාට ...
ඒ කාලේ ගහපු computer ගේම්ස්... අවුස්සමුද ඒ මතකය... පලාමල්ල :::: palaamalla පුංචි කාලේ ගහපු ගේම් ඒ කියන්නේ කම්පීතර ගේම් ගැන කොටල දාන්න හිතුනා... ඒ කාලේ බලපු ටි වි සීරිස් ගැන ලිව්ව මතකනේ කට්ටියට... අන්තිමට ඔශීන් එහෙමත් හොයාගෙනනේ ඒ පෝස්ට් එක නැවතුනේ... මේකෙන් මොන උලව්වක් වෙයිද මන්ද... හික් හික්..කම්පීතරේ ගැන මට මුලින්ම මතකයක් තියෙන්නේ අපේ අර ගන අයිලගෙ අයියා ගෙනාපු කම්පීතරෙන්... ඒක ඩොස් තිබ්බ කම්පීතරයක්... පරණ එකක් කොහෙන් හරි ...
මගේ ජීවිතේ පොරක් වූ " තනිකමත් " එක්ක ජීවීතේ විදීම.... පලාමල්ල :::: palaamalla උදේට අපේ ගෙදර තේ හදන්නේ තාත්තා... අම්ම උයනවා... තේ හදල ඉවර වෙලා " කොලුවෝ.. තේ හරි " ඒ තමයි මගේ අවදිවීමේ එලාම් එක...කොලුව නැගිටල ගිහින් තේ එක ගන්නවා... ඒ අරගෙන සාලෙට එනවා... පාන්දර නිසා කළුවරයි... රෑ පුරා දැල්වුනු වොට් 5 බල්බ් එකෙන් යාන්තමට අදුර බිදෙන ආලෝකයක්... පුටුවකින් වාඩිවෙලා ගන්නව කකුල් දෙක උඩට.. හොඳට ගුලි ගැහෙනවා... ඊට පස්සෙ ඇස් දෙකත් ...
හුටා.... උපන්දින 2 ක්.... පලාමල්ල :::: palaamalla එක් එක් කාල වලට එක එක ආකරයේ ලෙඩ බෝ වෙනවනේ... ජංජාලෙත් එහෙමයි.... පිස්සත් ජංජාලෙට සෙට් වෙලා නා නා ප්‍රකාර දේවල් වලට වහ වැටිල හිටිය එක් එක් කාල වල..2004 දි විතර මාස ගානකින් නවත්තල දාපු කොම්පීතර ඩිග්රියක් කරන කාලෙ තමයි පිස්සා ජංජාලෙ ට මුලින්ම හුරු උනේ... Gmail, Yahoo, Hotmail ආදී නා නා ප්‍රකාර ඊ ලියුම් අඩවි වලින් ඊ ලිපින හදාගෙන E ...
සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය ) පලාමල්ල :::: palaamalla මුල් ටික නොබලපු අයට...සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 2දැන් ඉතින් සංකයා ඔතනවා ඔතපු එක වටේ යනවා එහෙමම ඒක ඉවර උනා... වනිය නම් ඔව්වට නෑනේ... අනික් එව්වො අරූ ඔතන එව්ව ඔක්කොම ඉවර කරන්න උදව් කරා හොඳ නෑනෙ මහන්සිය අපතෙනෙ කියල... දැන් ...
ටිකෙන් ටික අහල රාගය ඇවිස්සුනාද ??? පලාමල්ල :::: palaamalla මාසෙකට පාරක් එන පෝය දවසෙ කලින් අරන් තියපු බෝතල් ටික හිස් කරල සිල් පදේකුත් කඩන අපේ කට්ටිය... එහෙමත් නැත්තම් පෝය දවසට ලස්සන කෑලි එන නිසා පන්සලට යන සමහර කට්ටිය... " භවතු සබ්බ මංගලම් " ගාථා පාඨය ගීතයක යෙදුනා කියලා ජංජාලෙ පුරාවට ලොකු කලබගෑනියක්... ඔය කෑගහන යතුරු පුවරු වීරයො ටික අඩුම ගානේ පෝයට සිල් ගන්නවද.. ?පන්සිල් පද 5 රකිනවද... ? බොහෝ ...
ජිවත් වන දා දැකගන්නටවත් ඇවිත් නොගිය දරුවෝ.. පලාමල්ල :::: palaamalla ඉස්සර මම පොඩි කාලේ අපේ ගාල්ලේ ආත්තම්මලගෙ ගෙදර හිටි කාලේ ඒ ගෙදර කොයි තරම් ජීවයක් තිබ්බද... අවුරුදු දවසට සෙනඟ පිරිලා... ළමයි හැමෝම ඇවිල්ලා.. ළමයින්ගෙ ළමයි... නිකන් දවසට උනත් ඒ වෙද්දි බැඳපු නැති පුංචිලා... පොඩි මාමා.. එහෙම ඉද්දි එයාලගෙ යාළුවො එනවා කොයි වෙලෙත් කවුරු හරි.. කාලයත් එක්ක විවාහ වෙලා හැමෝම වෙන් උනා.. ඒත් මාසෙකට පාරක් ගමේ ඇවිත් යන එක හැම කෙනාගෙම ...
" දුවපන් යකෝ " ප්‍රින්සිපල් එක්ක රේස් එකක්... පලාමල්ල :::: palaamalla මේක ඇවිල්ල ස්කෝලෙ කාලෙ කතාවක්. කාලෙකින් ලියන්න උනෙත් නෑනෙ ස්කෝලෙ කාලෙ සීන්. හුඟක්ම අවුල මට මතක නැති එක. ස්කෝලෙ කාලේ යාළුවෙක් එක්ක පරණ වල්පල් කතා කර කර ඉද්දි තමයි සීන් මතක් වෙන්නෙ... ඒ ලෙවල් කරන්න ගත්තු අලුතම වගෙ අපේ ගයාන් සෙට් වෙල හිටිය ගෑණු ළමයෙක් එක්ක අපේ වයසෙම. ගෑණු දැරිවි අර කොළ පාට ටයි එකක් දාන ස්කෝලෙ. ගාල්ලෙ අය නම් ...
පිස්සු රයිස් ( Rice ) සහ පිස්සු ඉස්සෝ... පලාමල්ල :::: palaamalla ඔබා මාමගේ ඉස්සො ප්ලේට් එක දැක්ක දවසෙ ඉදන් ඉස්සො හදන්න මාර උණක් තිබ්බෙ... වෙලාවක් හම්බුනේ ඉතින් පහුගිය දවසක තමා.. ඔබා මාමගේ රෙසිපියේ වැඩි දියුණු කරපු වර්ශන් එකක් හදන්න ඕනි කියල හිතුනේ ඔබා මාම මගේ කැමතිම තක්කාලි උන්දැගෙ රෙසිපියට දාල නැති නිසා.ඉතින් පරිස්සම් පාරේ ( Safeway ) එකට ගිහිල්ල පොඩි ශොපිං පාරකුත් දාල අඩුම කුඩුම ටිකත් අරන් ආවා ඉස්සො හදන්න.. තම්බපු ...
අපිට පිස්සු ඕයි !!! පලාමල්ල :::: palaamalla අපේ ගෙදර ඔරලොසුවෙ බට්ට වැනෙනව ඕයි...මට ඒ බට්ටගේ නැගල බට්ටො පදින්න හිතෙනව ඕයි...ඒක මාර ආතල් ඕයි...බට් ටිලි ටිලි චිල්ල මලේ කෙල්ල එක්ක මාත් වැනේ ඕයි...අම්මට හුඩු කවුද එකෙක් විසිල් කලා ඕයි..පොලිසියෙන්ද මන්දා ඕයි...හුටා පාක් එකේ සික්ක නේද... ලැජ්ජයි ඕයි...සමනල පාලමෙන් මුහුදට පනින හිතුන ඕයි...කෙල්ලෙක් ඉදල නෑ ඕයි...කනාටු වෙච්චි මල් පැලයක් ඕයි...උගේ ආච්චිට හැංගෙන්න අපි යමු කොටුවට ඕයි... කොටුව උඩට නැගල ...
අපි පොලිසියට දඩ ගහන හැටි.. "ලු" ෆෝමැට් කතාවක් පලාමල්ල :::: palaamalla කලින් ලිව්ව පොලිසියේ කතා මතකනේ.. මේකත් පොලිස් කතාවක්. මේක අවිල්ල ඇසූ කතාවක් මිසක් දැකපු දෙයක් නම් නෙමෙයි. ඒ කියන්නෙ " ලු " ෆොර්මැට් එකේ එකක්...ගාලු පාරේ හරියක පොලිස් අයියල දෙන්නෙක් ඉන්නවලු හැමදාම වගේ.. ඩබල් ඉරි තියෙන හරියක. ඔතනින් යන පොඩි වාහන.. ඒ කිව්වෙ සයිස් එක නෙමෙයි අපි වගෙ මිනිස්සුන්ගෙ පොඩි වාහන... බස්... තුන් රෝද.. මෝටර් බයික් එහෙම පෙන්නන බෑලු. අත ...
ඇයි යකෝ උබ මාව පොළවෙ ගැහුවෙ ??? ඒ කව්ද බන්.. මට මතක නෑනේ පලාමල්ල :::: palaamalla මේ ඇවිල්ල මේ සැරේ ලංකාවට ගියපු වෙලේ වෙච්චි කබර / බීමත් කම සම්බන්ධ කතාවක්. බීමේ ආදීනව කියවෙන නිසා පොඩි ලොකු ඕනි කෙනෙක් බලන්න කිසි අවුලක් නෑ... හික් හික්...අපි කට්ටිය ඒ කියන්නේ අතිජාත සැට් එක මේ සැරේ සති අන්තෙක සැට් උනා යාලුවෙක්ගෙ ප්ලේස් එකක. යාලුවා ඇවිල්ල වත්තෙ මහතැන් කෙනෙක් හෙවත් සුපිරින් ටන් ඩන් කෙනෙක්... කොච්චර කිව්වත් ඕක හරියට කියා ගන්න බෑ ...
දුගී දුප්පත් කුසගින්නේ පසු වූ පොලිසියට ආධාර කරපු අපේ කොල්ලො.... පලාමල්ල :::: palaamalla ලියන්න කිය කිය ඉන්නව මොනා හරි වෙලාවක් නැති එක තමයි අවුල... අභීත අයියගෙ පොලිස් කතන්දර සැට් එක දැක්කම ලංකාවෙදි අහපු දැක්ක පොලිස් කතා ටිකක් ලියන්න හිතුනා.... අපේ මලයෙක් ඉන්නවා... මූට 20 ක් විතර වෙන්නෙ.. මුගේ වෙන්න ගෑනි හෙවත් කෙල්ල පොඩ්ඩ 18+ මේ සිද්දිය වෙද්දි. හතර වටින් මුරකාවල් දාල නිසා මුන් දෙන්න හම්බෙන්නෙ සතියකට දවසයි... ඒකත් කෙල්ලගෙ ක්ලාස් එකක් මගදි ...
කෙල්ලගේ කොන්ඩෙ straight කරපු හැටි පලාමල්ල :::: palaamalla " මේ මගේ කොන්ඩෙ පීරන්නත් බෑ අනේ... straight එක ගිහිල්ල දැන්... straight කරන්න ඔනි අද හෙටම... " " අනේ ඔයාට තේරෙන්නෙ නැහනේ මේක පීරන්න තියෙන අමාරුව... මම මේ සිලිකන් ඔයිල් ගාල ගාල නේ පීරන්නේ... කොච්චර අමාරුද පීරන්න " " අපෝ අවුරුද්දට නෑදෑයෝ ආවම කොන්ඩෙ මොකද බලයි මේ... ඊට කලින් නම් කොහොම හරි straight කරන්න ඕනි... "නා නා ප්‍රකාර විදියට කියන්නෙම ...
ආයෙමත් මේ හීතල අඩවියේ... හුඟ කාලෙකින්... පලාමල්ල :::: palaamalla ලංකාවෙ ගත කල ලස්සන මාස කීපය නිකන් කතරගම කොලඹ බස් එකකට වඩා වේගෙන් ගියා වගේ.. ආයෙමත් පරණ පුරුදු හීතල පාළු රටේ තනිවෙලා... රස්සා ප්‍රශ්න අරව මෙව්ව විසදගෙන ( විසදගෙන කිව්වට විසද ගන්න ගමන් ) බ්ලොග් අවකාශෙට ඔලුව දාන්න හිතුවා ආයෙම...ලංකාවට ගියපු වෙලේ බ්ලොග් සැට් එකේ සෑහෙන පිරිසක් හම්බුනා.. නුවර ගමන මග ඇරුන එක නම් හිතට දුකක්...ඒ වගේම අපේ ඉලංදාරියා... අවුරුදු ...
කෙල්ලො පටලැවිල්ල... චාටර් හොඳටම පලාමල්ල :::: palaamalla *** හප්පේ ලංකාවට ගියපු අලුත ලිව්ව කතාව දැන් තමා පබ්ලිස් කොරන්නෙ.... ****ලංකාවට ගොඩ බැස්සත් හරි ලියන්න නම් වෙලාවක් උනේම නැහ. හැබැයි ඉතින් ලංකාවෙ ඉන්නකොට කතා නම් හම්බු වෙනව ආයෙ මදි නොකියන්න.ගිහිල්ලම හිමින් සැරේ එව්ව ලියන්න ඕනි..මේක මේ වෙන කාටවත් නෙමේ අසරණ මටම වුනු පටලැවිල්ලක් තමයි. ගිය සතියට කලින් සතියේ ඒ කියන්නෙ සැපත් උන සතියෙම සති අන්තෙ අපේ කස්ටිය කතා කලා ...
අන්තිමේ සපෝටර් ( supporter ) අශ්වය පිටින් ගියා.... පලාමල්ල :::: palaamalla පරණ කතන්දරයක් මතක් උනා. ලියම්දෝ නොලියම්දෝ කියල පරාලයක් ගිලපු උගුඩුවෙක් වගේ කල්පනා කොර කොර ඉදල ලියල දානව කියල හිතුවා. අර මෙලෝ රහක් නැති කැටගරි එකට වැටෙයිද මන්ද... කමක් නැහ... අපි මේ කතාවෙ චරිත දෙකට බන්ටි සහ කැවුමා කියමුකො. ඔය දෙන්නම අපේ හොඳ හිතවත් යාලුවො දෙන්නෙක්. ඔය උසස් පෙළ පටන් ගන්න කාලේ ඔය පිස්සට උනා වගේ කැවුමටත් හිතේ මල් පිපෙන්න ගත්තා. ...
වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ?? පලාමල්ල :::: palaamalla ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ කොල්ලො නා නා ප්‍රකාර දේවල් කරනවනේ... බහුතරයක් දෙවැනි පාර කරන්න රිවිශන් යනවා... ඒ අස්සෙ ඉන්ග්‍රීසි ක්ලාස්... ජපන් ක්ලාස්... කරාටේ ක්ලාස්... තව නා නා ප්‍රකාර ක්ලාස්.. ඔය අස්සෙ ලර්නසුත් යනවා.. මොටෝ බයික්කයක් එහෙම පදින්න පුළුවන් උනාට පොලෝසියට මාට්ටු වෙයි කියල පරාන බයේ නෙව පදින්නේ... ඉතින් ලයිසන් ගත්තම කිසි ගින්නක් නෑ... පෙළහර පාන්න ගන්නෙ නිකන් කුඩ්ඩට ...