බොන තරමක් බඳින්න කලින් බීපල්ලා... පලාමල්ල :::: palaamalla අපේ පොරක් හිටියා බොන්න සෙට් උනාම බොන්නෙ නිකන් ලෝකෙ තියෙන අන්තිම අරක්කු උගුර කියල හිතාගෙන... අපි ශොට් එක දා ගනිද්දි ඌ ශොට් 2ක් දාල 3 වෙනි එක වක් කර ගන්නවා... අපිට ලාවට වදිද්දි ඌ ඔලුව ගහගෙන... එහෙම නැත්තම් කණුවක් ගහක් අල්ලන් කබරය දානවා...පොර ගැන ලියලත් ඇති කබර කතා වල.. ඒ උනාට පොරගෙ ගෑණු දැරිවි දන්නෙ නෑ පොර බොනව කියල... බඳින්නත් ...
අපේ කෙල්ල බ්ලොග් කියවන්න අරන්... ( පළාමල්ල ට වාරණයක් ) පලාමල්ල :::: palaamalla කාල වරෙන්කො.... ඇනොනිමස් විදියට බ්ලොග් ලියන්න කියල ඔන්න ඉතින් පිස්සුවකුත් හදාගෙන ආව කියමුකො.... ඊට පස්සෙ ටිකින් ටික එකා දෙකා අදුර ගත්තා... අභීත දත් දොස්තර මහත්තය හීනයක් දැකල අවුරුදු උත්සවයක් තියල බ්ලොග් අවකාශෙ සැට් එකක්ම අදුර ගත්තා... ඊට කලින් නෙළුම් කොළේ සෙට් වෙච්චි එක වෙනම කතාවක්...ඔය කොහොමින් හරි මූනු පොත හරහා අර තිබ්බ පිස්සගෙ ඇනොනිමස් ගතිය නැති උනානෙ...ඒත් ඉතින් බ්ලොග් අවකාශෙ ...
" රෑ ඉර පාන " කලකින් ඇසූ අපූරු සංගීත වැඩසටහනක්... පලාමල්ල :::: palaamalla අද ලියන්න යන්නෙ නම් ලොකු පෝස්ට් එකක් නෙමෙයි... අහම්බෙන් වගේ අහන්න ලැබුනු ගුවන් විදුලි වැඩසටහනක් ගැන... මූනු පොතේ තිබුන ලින්ක් හරහා තමයි එකක් දෙරණ ගුවන් විදුලියේ විකාශනය වන " රෑ ඉර පාන " කියන වැඩසටහන අහන්න ලැබුනේ. පහුගිය මාසෙ 7 වෙනිදා පටන් අරගෙන තියෙන මේ වැඩසටහන ඉරිදා රාත්‍රී 7 ට විකාශනය වෙනවා කියල තමයි වෙබ් අඩවියේ තියෙන්නේ... බන්ධුල නානායක්කාරවසම් මහතා ...
ඈත දුරු රටේ සීතල දැනෙනවද.... පලාමල්ල :::: palaamalla පසු ගිය දිනක මම රැකියාව කරන ස්ථානයේ සිටි පකිස්තානුවකුට දුරකතන ඇමතුමක් ආවා... මොහොතකින් මම දුටුවෙ උලුවස්සකට ඔලුව ගහගෙන ඉකිබිදින ඔහු... යමක් සිදුවී ඇත... මම ඔහුගෙන් ඇසූ පැනයට පිළිතුර උනේ..." my dad " මම ඉතිරිය වටහා ගත්තා... ආවේගශීලි තද ගති තිබූ ඔහුගේ ඉකිබිඳුම මගේ හිතත් සසල කලා... එවෙලේම ඔහුව ඔහුගේ නිවසට හැරලවන්න මම ඉදිරිපත් උනේ එම තත්වය යටතේ රිය පදවීම ...
සුලඟ වගේ ඇවිදින් සහ අක්ක කෙනෙක්ට ( ලව් ?? ) කිරීම... පලාමල්ල :::: palaamalla මට පොත් කියවන එක පොඩි කාලෙ ඉදන් තිබ්බ පුරුද්දක්.. ලංකාවෙ ඉද්දි නම් පොතක් නැතිව කෑම කන්න බැරි ගාන ට පොත් කියවිල්ල ට ඇබ්බැහි වෙලා හිටියා.. පොත් කියන්නේ ඉතින් නවකතා තමයි.. පොඩි පන්ති වලදි නම් පාළු දූපත.. නෙල්ලි කැලේ වීරයෝ... එතකොට ඔය නිදන් ගන්න බිලි දෙන සීන්.. කරවල වාඩි වලට උස්සන සීන්... එහෙම තියෙන පොත් සෙට් එකක්ම තිබ්බා... 7 - 8 ...
නිල්ලේගම සීයාගේ කුකුල් බිල්ල.... පලාමල්ල :::: palaamalla කී බෝර්ඩ් එක බදාගෙන ලාරා ක්‍රොෆ්ට් එක්ක මාරන්තික සටනක නියලෙද්දි තමයි තාත්ත කාමරේට ඔලුව දැම්මෙ..." පුතාට අදයි හෙටයි වැඩ මොකුත් තියෙද ? "" වැඩක් නම් නෑ.. ඇයි තාත්තෙ ? "" අර නිල්ලේගම සීයට පූජාවක් තියෙනවලු අද රෑට.. වාහනේ ඉල්ලගන්න පුලුවන්ද ඇහුව.. "" ගහෙන් ගෙඩි එන්න වගේ.. " මටත් පොඩ්ඩක් තද උනා... අද ඕනි එක අද කියන්නේ..." නෑ අර සමන් එක්කනෙ ...
දුක කියා කොළ ප්‍රින්ට් කර බස් වල ආධාර එකතු කිරීම... 50,000+ ආදයමක්... පලාමල්ල :::: palaamalla මාසෙකින් විතර තමයි පෝස්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුනේ... බ්ලොග් ලියන කියවන උන්ට මාව මතකද මන්දා... පහුගිය දවස් වල දැකපු.. අහපු.. කතා උනු මාතෘකාවක් ගැන තමයි ලියන්නේ... ඒ වූ කතා බහ වලදී මිතුරන් කිහිප දෙනෙක් පැවසූ ඔවුන් මග තොටදී අත්දුටු සිදුවීම් කිහිපයක පෙලගැස්මකි..********************ස්ථානය පිට කොටුව බස් නැවතුම් පොළ... මැදියම් රැය පසුවී පැය 2 ක් පමණ ගත වී ඇත.. බස් රථයක් පැමිණීමට ...
ජීවිතේ මහ පුදුම දෙයක් පලාමල්ල :::: palaamalla පොඩි කාලේ හැම පන්තියකදිම අහපු ප්‍රශ්නයක් තමයි ළමයි ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා... පොඩි කාලේ ඉදන්ම ඔලුවලට දාල තිබ්බ නිසාද.. අපි දන්න ලොකුම රස්සා දෙක නිසාද මන්දා හැමෝම දුන්නේ එකම උත්තර.... එක්කො දොස්තර කෙනෙක්... එක්කො ඉංජිනේරුවෙක් කියලා...ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද.. පෝස්ට් එකේ කිව්ව වගේ නැගෙනහිර පළාතේ තිබුන ඒ පාසලේ ඒ පන්තියේ හිටි ළමයින්ගෙන් එකෙක්වත් ඒ ...
කාලය... තෝ නම් මහ මොකෙක්ද මන්දා... පලාමල්ල :::: palaamalla කාලය කියන්නේ මහ පුදුම ඩයල් එකක්... ඌ පුදුම විදියට දේවල් වෙනස් කරනවා.. අව්ව.. වැස්ස.. බඩුමිල.. ලෝක විනාසේ... චංගුමි.. ජාතිවදේ ඔය මොන මඟුලවත් ඌට වැඩක් නෑ... උගේ ගමන ඌ යනවා උගේ පාඩුවේ... අපිත් ඌත් එක්කම යනවා වෙන කරන්න දෙයක් නැති නිසා... පුංචි කාලේ අපි හිටියේ අමුතුම ලෝකෙක... රොබින් හුඩ්.. නයිට් රයිඩර්... ටාසන් වගේ වීර චරිත ආරූඩ කරගෙන කාටුන් එකක් බලාගෙන ෆුල් ...
කොච්චර කලත් සල්ලි නෑ බන්... ඉතිරි වෙන්නෙම නෑනේ පලාමල්ල :::: palaamalla බෝතලයක්... මස් තසිමක්... සෝඩ බෝතලයක්.. වීදුරු කීපයක්... අපි කතා කලා... බිව්ව..." මචන්.. උබට මතකද.. මට ඒ දවස් වල හම්බුනේ රුපියල් 10000 යි.. වැඩි කලක් නෑ අවුරුදු 2 කට උඩදි.. අඩෝ මම කාටවත් අත නොපා ඒකෙන් ජීවත් උනා හරි.. මට අද 45000 ක් විතර හම්බෙනව... උබලට කියන්න බන්.. වෙනසක් නෑ බන්. ඒ දවස් වල කෑව බිව්ව ඉතුරු නෑ.. අදත් කනව බොනව ...
ලංකාවෙ ඕපදූප... + බ්ලොග් සැට් එක සෙට් විය... පලාමල්ල :::: palaamalla ලංකාවට ගොඩ බැහල ටික දවසක් නොවැ දැන්. හප්පේ කාලය යන ඉක්මන. ඇඩෙනවා. යන්න ඕනි කියල හිතෙද්දි හපොයි කියල හිතෙනවා.අර අභීත අයිය ලිව්ව ලිපිය මතක් වෙන්නේ එහෙම වෙලාවට තමයි.ලංකාවෙ ජීවිතේ නම් එලකිරිස් වගේ. ගෙදර අම්ම උයන කෑම 3 වේල කාල සරමකුයි ටී එකකුයි ගහගෙන රවුමක් දාල එද්දි හප්පා...වැඩිය කොහේවත් නෑ දවස් 3ක් ඇරෙන්න අනික් දවස් 11 හම ගෙදරට වෙලා හිටියා. ඉස්සර ...
බන්ටි.. ඩෙල්ටා.. එඩ්නා රැලි... මතකද මන්ද ...?? එක්ක කොල්ලෙක් ගෙ ජීවිතේ පලාමල්ල :::: palaamalla ලියන්න දේවල් කීපයක්ම ආවත් කම්මැලිකම කියන එකා එක්ක බැහ නොවැ කරන්න. ඒ උනාට ලියල දාන්න ඕනි කියල හිතුනා මොනවා හරි.. කට්ටියට මතක ද මන්ද බන්ටි ටොෆි... ? කට්ටිය කිව්වට මේ අපේ වයසෙ වගේ පොඩි එව්වොන්ට... හික් හික්. මම 1 වසරෙ නැත්තම් 2 වසරෙ ඉද්දි ආපු රැල්ලක් තමයි අපේ පන්තිවල බන්ටි ටොෆි.. ශත 50 යි ටොෆියක්. සීන් එක ටොෆියෙ නෙමෙයි ටොෆි ...
ඔබා මාමේ.... පලාමල්ල :::: palaamalla බ්ලොග් අවකාශය හරහා හමු වූ ඔහු වෙනුවෙන් සටහනක් නොතිය වෙන දෙයක් ගැන ලියන්න හිත ඉඩ දෙන්නෙ නෑ.... ඒ නිසා මේ පුංචි සටහන අප කාගෙත් ආදරයට පාත්‍ර වුනු ඔබා මාමා නම් වූ ඒ නිහතමානී මිනිසා වෙනුවෙන් තියන්න කල්පනා කලා....2011 අප්‍රේල් මාසේ සයිබර් උළෙල දවසේ මට ඔහුව හදුන්වා දුන්නේ ටිකක් හිනාවෙන්න බ්ලොග් අඩවියේ අභීත. ඔහුව විශේශයෙන් හඳුන්වා දීමට හේතුව ඔහුත් මාත් එකම ...
චූ කොල්ලා කාලේ තිබ්බ ලව් ( ද මන්ද... ) ක්‍රශ් ( ද මන්ද )... වෙන මොකක්වත් ( ද මන්ද ) පලාමල්ල :::: palaamalla සඳරුවගේ ධනංජනි ගැන පෝස්ට් එක දැක්කම මටත් හිච්චි එකා සන්දියේ ලව් ( ඒක පාර්ශික ) හුටස් පර ටිකක් මතක් උනා... කොටල දාන්න ඕනි කියල හිතුනා මෙලෝ යකෙකුට වැඩක් නැති හෑල්ලක් උනත්... ලව් කිව්වට මෙව්ව ඇවිල්ල සිංහලෙන් කියනවනම් ක්‍රශ්... ඒත් එහෙමත් නෙමෙයිද මන්ද... නිකන් ආසවක් වගේ එව්වා... සහ ක්‍රශ්.මට මතක විදියට චූ කොල්ල කාලේ මගේ හිත ගියේ ඒ කියන්නේ 1 - ...
කෝල් එකක් මැදදි ෆෝන් එක රිං වෙලා තියෙද ?? පජාතම වූ ෆෝන් කතාවක් පලාමල්ල :::: palaamalla මෙච්චර දවස් අරුන්ට මුන්ට වුනු කතා නේ ලිව්වෙ.. අද ලියන්නෙ මෙ පිස්ස කොල්ලට කොල්ල කාලෙ වෙච්චි දෙයක්... තාමත් කොල්ල තමා ඉතින්... හික් හික්...මේක උනේ 10 වසරෙදි... ඒ කියන්නෙ සුදු දිග කලිසමට සැට් වෙච්චි කාලේ... එහෙමත් නැත්තම් කෙල්ලො ගැන උණ ටික ටික තිබිල උපරිමේට ගහන කාලේ කිව්වත් හරි... ඒ කාලේ හපොයි මතක් වෙද්දිත් මේ වගේ ගොං ගහක් කියල හිතෙනවා... පිස්සු මවිත ...
පිස්සාගේ පළාමල්ලත් ශතකයක් වාර්තා කරයි... පළාමල්ලේ 100 වැනි ලිපිය... පලාමල්ල :::: palaamalla ඔන්න මාස 22 කට පස්සෙ පළාමල්ලේ 100 වැනි පෝස්ටුව දිග ඇරෙනවා... යම් යම් හේතු නිසා සමහර පෝස්ට් මේ වන විට බ්ලොග් අඩවියෙන් ඉවත් කරපු නිසා පේන්න තියෙන්නේ නම් පෝස්ට් 87ක් තමයි... කොහොමින් හරි ඔන්න මේක තමා 100.... බ්ලොග් එකක් ලියන්න ගත්තෙ නම් හිතට වද දුන් ආදරයක් දීපු දුක වචන වලට පෙරලන්න ඕනි උනු නිසා... ඒත් ටිකින් ටික ලියාගෙන යද්දි ලිපි ...
පරණ කෙල්ලො දෙන්නෙක් එකම වහලක් යටදි... පලාමල්ල :::: palaamalla හුඟ දවසකින්.. ලංකාවෙ ඉද්දි මොන ලිවිලිද.. ඒත් ඉතින් බ්ලොග් එකක් කියල එකක් තියෙන එකේ මොනව හරි දාන්නත් එපැයි... කුජීත සිද්දියක් ඊයේ උනේ... මායි තව කොල්ලො දෙන්නෙකුයි ගාල්ලේ මංජරී එකට ( කොටුවෙ කඩේ ) ගියා... ගිහිල්ල කැරකෙද්දි දැකල පුරුදු කෙල්ලෙක් තව කොල්ලෙක් එක්ක ඇදුම් තෝරනවා... පොඩ්ඩක් ඔලුව උස්සද්දි දැක්කේ.. යකෝ මේ මගේ කලින් කෑල්ලක් නේද... ඒකිත් මාව දැකල හිනා වෙලා කොල්ලටත් ...
පළාමල්ලට විරාමයක්... ... උබ තනි වෙලා නැහ ඉලංදාරියො... පලාමල්ල :::: palaamalla ඔව්.. පළාමල්ලට විරාමයක්. හික් හික්.. ඔන්න ඉතින් ඉදල ඉදල කොහොම හරි ලංකාවට යන දවසත් ලං උනා. හැම පාර ගොහින් උපරිම මාසෙන් දුවන් එන එක ඇති වෙලා නිසා මේ පාර නම් ටික කලක් ඉන්න තමයි හිතන් ඉන්නේ. මාස 2 - 3ක් විතර. කොහොමත් සයබර් අවුරුද්දයි සිංහල අවුරුද්දයි ඉවර වෙලාම ආයෙ එන්න තමා කල්පනාව.මොකට බොරු කියන්නෙයි ලංකාවෙ ගියාම නම් ඉතින් බ්ලොග් ලියන්න ...
පිස්ස හොයල හොයලා ඔශීන් කොටස් 297 ම සොයා ගත් හැටි... පලාමල්ල :::: palaamalla කලින් ලිව්ව ලිපිය මතකනේ... ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන... හුඟ දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා. ඔය ලිපිය ලියද්දි ආසාවක් ආව නේ ඔශීන් බලන්න. කොහෙද ඉතින් හෙව්ව හෙව්ව ජංජාලෙ කොහෙවත් නැහ. කොටස් 297 ක් තියෙන දීර්ග නාටකයක් නිසා ඉතින් තිබුනත් භාන එක ලේසි නැහ නොවැ. අනික ඉන්ගිරිසි උප සිරැසි තියෙන්නත් ඕනි. ඔය කොයික වෙතත් හොයා ගන්නත් නැති ...
ඔශීන්... මායා බන්ධන එක්ක ඒ කාලේ බලපු ටීවි සීරිස් ගැන... පලාමල්ල :::: palaamalla ලියන්න දෙයක් හිත හිත ඉද්දි ඉස්සර බලපු ටිවි සීරිස් ටිකක් ගැන ලියන්න හිතුනා. හේතු 2ක් නිසා.එකක් සතියක් තිස්සෙ බාන්න දාල යන්තම් ඉවර කර ගත්ත පරණ සීරිස් දෙකක් නිසා. කට්ටියට මතකද මායා බන්ධන... එහෙමත් නැත්තම් Spell Binder. . සීරිස් 2කම බාගත්තා. අර රියානා කියල සුරතල් කෙලි පැට්ටියක්.. පෝල් කියල සමාන්තර ලෝකෙක හිර වෙන කොල්ලෙක්... එක්ක බලයට පොර ...