පඬියා සහ බිරිඳ ජීවත් වෙනකොට | while living පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කියනව.පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට ...
මිනිසුන් වෙනුවට... ජීවත් වෙනකොට | while living දින දින ගමන් යනමාවත දෙපස හිඳිමින්මට සිනා දක්වනඋන් ගැන දනිමි මමසිනහවෙන් කතාවෙන් මුලා කරතම සිතැඟි ඉටු කරවාකලකට අමතක කරනමරිසින් හමුවේ නිතැතින්තමා පමණක් හිඳිනලොවක ජීවත් වනපැරණි උන් මගහරිනඅතර නව උන් හා සිනා සෙනමරිසින් දෙස නොබලාහනිකට ගෙදර දිව විත්මා කුටියට වැදීදොරගුලූ ලෑමි සැඟවෙන්නටඒත්....මා සිතේ කුණු පිරවූඅල්මාරියේ දර්පණයඇස ගැටුණු ඇසිල්ලකදුටිමි මම මා රුවමසුණු විසුණු කල නොහැකිවමා කුටියේ අල්මාරියදෙස මා බලා සිටියෙමිතවත් සැඟවෙනු නොහැකිවදැන් ...
සඳ සඳ වගේ වුණාට... ජීවත් වෙනකොට | while living මහරගමින් ඉංගිරියකට ගොඩවී පූජ්‍ය පක්ෂයට අසුන් දෙකකට පසුපසින් අසුන්ගෙන මම හිතේ තිබූ සියල්ල විමධ්‍යගත කොට මදකට හිස් වන්නට තැත් කළෙමි. එහෙත් ගමන දුරයි නම් බසයක් තුල පීදෙන සිතිවිලිද බොහෝය. ඇත්තෙන්ම වැසිකිලියට පසු එසේ සිතිවිලි උපදින එකම අවස්ථාව බසය පමණකි. බසයේ ගමන්ගත් එදා මෙදා තුර විසූ මනෝ විකාරකාරයන් සියල්ලන්ටම මෙන් මටද බසය යනු මනෝ විකාරයකට වැද වල්මත්ව ධ්‍යානගත වීමට තෝතැන්නකි.බසයේ සිටින ...
වලා චිත්‍ර ජීවත් වෙනකොට | while living මිනිස් චිත්තය කල එලි බහින මූලිකම අවස්ථාවක් චිත්‍රය ලෙස මම හඳුනමි. ඒ එසේ සිත පිලිබිඹු කල හැකි වෙනත් මූලික ආකාර ලෙස මා දන්නා වචනය සහ අභිනයට අමතරවය. කුරුටු චිත්‍ර වල සිට දැවැන්ත නිර්මාණකරුවන්ගේ සුවිසල් නිර්මාණ දක්වා වූ චිත්‍ර රාසියක් තුල අතරමං වීමෙන් මා ලද තෘප්තිය මා කෙරෙන් ගිලිහී බොහෝ කල්ය. එහෙත් මා ජීවිතයට බැඳී ඇති සාධක ගණනාවක් අතුරින් චිත්‍රය තවමත් ...
මාළු කෑම එකක්! ජීවත් වෙනකොට | while living සර්යි මැඩමුයි දෙන්නව කොට්ටාවෙන් වාහනේ නග්ගවගෙන මම පිළියන්දල පැත්තට වාහනේ කැරකෙව්වෙ සීරුවෙන්... සර්ට නම් ලංකාවෙ පාරවල ඩ්‍රයිවින් ගැන දැනුමක් තිබුණට මැඩම්ට නම් පොඩි මිස්ටේක් එකටත් හොඳටම තද වෙන හින්දා එයා එක්ක යද්දි පරෙස්සම් වෙන්න ඕන සෑහෙන්න.පිළියන්දල පාරයි හොරණ පාරයි වෙන්වෙන හන්දියෙ කොහොමත් ටිකක් ඉන්න වෙනවා.ඔතන තියෙනවා සත්තු විකුණන කඩයක්. කූඩු වල දාල කුරුල්ලො, බල්ලො, පූසො විකුණනවා. වැඩියෙන්ම ඉන්නෙ කුරුල්ලෝ. එතනදි ...
බොබ් මාලේ | මුකුත් නැතිවට වඩා මොකක් හරි... ජීවත් වෙනකොට | while living මම ඔහුව දැනගෙන සෑහෙන්න කාලයක් වුණාට ඔහුව දැණෙන්නෙ අවුරුදු 8-9කට විතර කලින්. ඊට පස්සෙ නොනැවතී අද දක්වාම අපේ ඇසුරුකිරීම් අස්සෙ ඔහු මාව වෙනස් කරනව. ටියුන් කරනව. සමහර විට ඒ කිසිම වැඩකට නැති දේවල් උදෙසා වෙන්න පුළුවන් වුණාට ජීවිතේ කොහොමත් ඒ තරම් වැඩකට ඇති එකක් නෙවෙයි. අපියි ඒක වැඩකට ඇති එකක් කරගන්නේ. විශ්ව තියරියක් වෙන "මුකුත් නැති එකට වඩා මොනව හරි ...
ගිටාරයයි මමයි කොළඹ! ජීවත් වෙනකොට | while living ඒ දවස්වල මම ගිටාර් එකක් ගත්තෙ මගෙ කතාව ඒකෙන් කියන්න. ගිටාරයක් සහිත පිරිමියෙක් හෝ ගැහැණියක් හැමවෙලේම කියාගන්න කතාවක් තියෙන කෙනෙක් වගෙයි මට දැණෙන්නේ. ඒක අනිත් කිසිම භාණ්ඩයකට වඩා දැණෙන්න තියෙනවා ගිටාර් එකේ. සමහර විට ඒක ඔය එක එක ඉතිහාස කතා සහ වර්තමාන කතා එක්ක මම හදාගත්ත තවත් මනෝ විකාරයක් වෙන්න ඇති.කොහොමත් මනෝ විකාර ඇත්ත ජීවිතේට වඩා සුන්දරයි. ඒක හුදෙක්ම මගේ ...
ඔළුව ඇතුලෙ චිත්‍රපටි ජීවත් වෙනකොට | while living ක්රූඩ්ස් බලල ඒකෙ ත්‍රිමාණ අත්දැකීම ගැන බලන්න සෙට්වුණ උං එක්ක සංවාදෙක ඉන්න ගමන් කල්පනාවට මුල පුරපු දේවල් ටිකක් ලියන්න හිතුණා නිකමට. චිත්‍රපටි බැලීම වගේම චිත්‍රපටිවලින් ගොඩනැගෙන අතුරු අවකාශය ගැනත් විමසිල්ලෙන් ඉන්න එක සාමාන්‍යයෙන් පිස්සු රසිකයන්ට තියෙන උවමනාවක්. ඒ පසුබිම ගැන කලින් මෙතන සහ මෙතන ලියවිලා තියෙනවා. ඒ එක්කම ඕනම කෙනෙක්ට අනාගතේදි චිත්‍රපටි නළුවෙක් වෙන්න අවස්ථාව සලසන විද්‍යාත්මක සොයාගැනීම ගැන මෙතන ...
ගිලිහුන ස්වර - නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ, අජිත් කුමාරසිරි ජීවත් වෙනකොට | while living මේ කෙටි සටහන ලියවෙන්නෙ ගිලිහුන ස්වර වාර්තා වැඩසටහන බෙදාගන්න විතරමයි.සංගීතය කියන නිමක් නැති අවකාශයේ තැන් තුනක ඉන්න තුන් දෙනෙක් ඒ ගැන කතා කරන දේවල් දැනගන්න!නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ සහ අජිත් කුමාරසිරි මේ කතා කරන්නෙ සංගීතය ඔවුන්ට දැණෙන විධියට.අධ්යක්ෂ සංජීව අනුර සෙනෙවිරත්න කියන විධියට මේ වාර්තා වැඩසටහන මාධ්‍ය වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් මාධ්‍යය හැර මේක බලන්න වෙන විධියක් ...
ගැහැණු අදාල කරගැනීම ජීවත් වෙනකොට | while living ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ...
ගෙදර යන ගමන්... ජීවත් වෙනකොට | while living “උඩුකන්දෙ ගෙදර සීලවතී උපාසිකා මාතාව රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව... සත්සර ස්ටෝර්ස් අධිපති නිමල් ලක්තිලක මහතා බැනර් 3ක් වෙනුවෙන් රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව...”ගමේ පාර දිගට යකඩ කටවල් හතක් අටක් ගැටගහල පන්සලේ පෙරහැරට දායක වුණ උදවියගෙ ලැයිස්තුව ගමටම ඇහෙන්න කියවනව.මම යටි හිතෙන් හිනා වීගෙන ඒ සද්දෙ පහු කරගෙන ආව.සතියකට දෙකකට විතර කලින් දායක සංගමේ ලොකු ආච්චිල දෙන්නෙක් අම්මට ගෙනත් දීල ...
ගල් ජීවිතයෙන්... ජීවත් වෙනකොට | while living කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.හලෝ....මම ඇමතුමට පිළිතුරු දුන්නා...උඹ අම්බාණක් වැඩද?ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...නෑ නෑ ෂේප්...ඒ මම ...
ප්‍රොෆයිලය සහ නිධානය ජීවත් වෙනකොට | while living මේක පොඩි ආතල් පෝස්ට් එකක්... ජොලියේ උපරිමෙන් මිරිකිල සංතෘප්ත වෙලත් උපරිමේට ගියාම උතුරල ගලන ටික තමයි මේ.දන්නවනේ ලයනල් රන්වල මහත්තයව? එතුමාව අපට මතක් වෙන්නෙ සිංහල අවුරුදු කාලෙට විතරයි කියලත් දන්නවනේ.ඔය වගේම තවත් කොහා වර්ගයේ ගායන ශිල්පියෙක් තමයි මොහිදීන් බෙග් කියන්නෙ. බෙග් මාස්ටර්ව අපට මතක් වෙන්නෙ වෙසක් කිට්ටු වුණාම. වික්ටර් රත්නායක මහත්තයා, අමරදේව මාස්ටර් වගේ තවත් ඒ වගේ අය කීප දෙනෙක් ...
ඉහළ පහළ සහ සමතල... ජීවත් වෙනකොට | while living සංගීතය කියන්නෙ ඕන කෙනෙක්ගෙ ජීවිතේ කොටසක්, සින්දු කියන විෂය ගැන මලදානයක් නොදන්න, සින්දුවක් නාහන කෙනෙක්ගෙ වුණත් රිද්මයක් තියෙනවා. රිද්මය කියන්නෙ සංගීතමය දෙයක්. ඒක වෙන වෙන විධි වලටත් අර්ථ දක්වගන්න පුළුවන් ඇති. නමුත් හදවත ගැහෙන තැන ඉඳන් මුළු ජීවිතය පුරාම සංගීතමය අවකාශයක ජීවත්වෙන සත්ත්වයින් සහ ඒ රිද්මය සංගිතය කියන විෂය හරහා නැවත කියවන මනුෂ්‍ය අපි ජීවත්වෙන්නෙ සංගීතයත් එක්කමයි.හැමදාම උදේට පා පැදියෙ ...
ප්‍රේමකීර්ති ද අල්විස් - විචිත්‍ර ගීපද රචකයෙක්, වචන විශිෂ්ඨයෙක්, සුපිරි සන්නිවේදකයෙක්... ජීවත් වෙනකොට | while living මාස කීපයකට කලින් ප්‍රේමකීර්ති පිළිබඳව ලියන්නට මට උවමනා වුණා. ක්ලෝඩ් ප්‍රනාන්දු මහතා විසින් ලංකාවෙබ් අඩවියට රචිත ලිපියක් හැඩගස්වා දැමීම වඩා හොඳ බව හිතුණේ එය සරල සහ විස්තරාත්මක එකක් වුණ හින්දා. ඒ වුණාට කම්මැලිකම මාව පස්සට ඇද්දෙ වැඩේ බාගෙට තුන්කාලට නතර කරලා. නමුත් එහෙම කරල හරි යන්නෙත් නැති නිසා මේ ලියවෙන්නෙ ඒ ලිපියයි. ක්ලෝඩ් මහතාගෙ ලිපිය වගේම ප්‍රේමකීර්ති ගැන ලියවුණු වෙනත් ...
පොත් 10 අභියෝගය සහ ඔත්තු ජීවත් වෙනකොට | while living මේ දවස්වල සාමාන්‍යයෙන් හිට් කතාවල් සිද්ධවෙන්නෙ පොත් ගැනනේ. 2014 පොත් ප්‍රදර්ශනෙත් තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල ෆේස්බුක් එකේ පටංගත්තු ප්‍රියතම පොත් ගැන චැලේන්ජ් එකත් ගති. ඒ චැලේන්ජ් එකේදි කට්ටිය කියවන්න ආස කරපු පොත් ගැන දකිද්දි මම කියවපු පොත් කීපයක් ගැනත් කියන්න හිතුණා. චැලෙන්ජ් එකට අදාලව නෙවෙයි. නමුත් අවශ්‍ය කෙනෙක්ට වැඩක් වෙයි කියල හිතෙන සටහනක් විධියට. මේක ෆේස්බුකියෙ නොදා මෙතන දාන්නෙ ...
මටත් පිස්සු ඕයි! ජීවත් වෙනකොට | while living පහුගිය දවසක පිස්සා මහතා ආයෙත් මට හම්බ වුණා. යාළු කොල්ලො කෙල්ලො කීප දෙනෙක් එක්ක පොඩියට සෙට් වුණ හැන්දෑවකදි පොර ආයෙමත් අපට බයිලයක් ගැහුවා. ඒ විධියටම නොවුණත්, ටිකක් අවුට් ඩේටඩ් වුණත් ඒක මෙන්න මෙහෙම ලියල දාන්න හිතුවා. ලියාගන්න උදව් කරපු අපේ ගෙදර උන්දැට මුලින්ම ස්තූතිය. මේක අම්බාණක් දිග නිසා කෑලිවලට කඩල කියවගන්ඩ වෙයි. ඒකට පහසු වෙන්ඩ ඕන්න පරිච්ඡේද වෙන් කරලම තියෙනවා.අනුන්ගෙ ...
අදත් පිස්සු ඕයි!!! ජීවත් වෙනකොට | while living කලින් සටහන ගැන දිනුක මතු කරපු කරුණුවලට උත්තර දෙනකොට හිතුණේ ඒ ගැනත් වෙනම ලියන්න තරං දේවල් තියෙනව කියල. ඒ නිසාම මේ සටහනට එන්නෙ මට පිස්සු ඕයි එකේ දිගුවක්. ඒ නිසා මේකත් පිස්සු කතාවක් කියල අමතක කරල දාන්න පුළුවන්!මිනිස්සු අතර තියෙන බේද නැති වෙලා ලෝකය ෆ්ලැට් වෙලා යන එකක් ගැන අපි බයිල ගැහැවට සමහර විට අවුරුදු දාස් ගාණකින්වත් මිනිස්සු එහෙම එක ...
ඩවුන් ටවුන් පල්ස් බලමුද? ජීවත් වෙනකොට | while living සංගීතය කියන එකට පැහැදිලි ඩෙෆිනිෂන් එකක් කවුරුවත් දීල තියෙනවද කියල මම දන්නෙ නෑ. මේ වෙනකොට කියවල තියෙන හැම ඩෙෆිනිෂන් එකක්ම තියෙන්නෙ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නෙ එක්කෙනෙක් උත්තර භාරතීය රාගධාරී සංගීතය යනු සංගීතය වේ කියල කියද්දි තව කෙනෙක් යුරෝපීය සංගීතය යනු සංගීතය වේ කියල කියනවා. ඔය හැම සංගීතෙකටම වඩා දකුණු ඇමරිකානු සංගීතෙ සංගීතෙ තමයි කියන කට්ටියකුත් ඇති.ඔය ගොඩ දෙනෙක්ට ...