අරිසාන කතා වස්තුව - පොතේ නැති වෙනම කතාවක්! ජීවත් වෙනකොට | while living තවද එක් සමයෙක්හි අසම සම වූ මහා ප්‍රාඥයන් දඹදිව ද්වීපාරාමයේ වැඩවසන කල්හි දිනක් ධර්මාලෝක ලබනු පිණිස පිණිස රැස්ව හුන් දහසක් වූ ජනයා ධර්ම ශ්‍රවණයෙහි යෙදෙති. උන් සියල්ලෝ සාවධානයෙන් මත්ව මහා ප්‍රාඥයන් දෙස සවන් දෑස් අයා සිටින ඇසිල්ලේ ඒ මහ සෙනග අතරින් උන් ධර්ම සිත් සිඳවමින් පිලිකුල් ධවනිත කරමින් ධර්ම මණ්ඩපය වෙත රෝගී කුෂ්ඨයන්ගෙන් වැසි දුර්ගන්ධයෙන් පිරි කෘෂව ගිය දස දහසෙක ...
ලෝකලයි සීන්ස් ජීවත් වෙනකොට | while living ලෝකලයිසින් ගැන ඒ තරම් විධිමත් අදහසක් මට නැතත් මේ පාර ඒ ලෙවල් කරන කීප දෙනෙක්ට ICT සම්බන්ධව කතා කරන්න ලැබුණු අවස්ථාව ලෝකලයිසින් ගැන ටිකක් හිතන්න මට අවස්ථාවක් දුන්නා.සිම්පල් විධියම කිව්වොත් සමහර ලෝකලයිස් කිරීම් මට පේන්නෙ විකාර වගේ. අළුත් දැනුමක් ලෝකලයිස් වෙද්දි ඒ දැනුම සංක්‍රමණය වුණ භාෂාවෙන්ම දේශීයව භාවිතා වෙනව ඒක නම් ලොකු පහසුවක් වෙනව කියලයි මට හිතෙන්නෙ. උදාහරණයක් විධියට අපි ...
කළු නැන්දගෙ දුව ජීවත් වෙනකොට | while living අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර ...
එහිතට ඇමතුවෙමි ජීවත් වෙනකොට | while living හැම පැත්තකම විසිරුණු සිතුවිලි එක්ක සටහනක් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්ණෙ කාලෙක ඉඳන් දැණෙන්න අරන්... ලියන්න කිසිම උවමනාවක් නැති වුණාම, සිතුවිලිවලට පාවෙලා යන්න ඉඩ දුන්නම එහෙම එක පාරම දෙයක් ලියන්න අදහස් කේන්ද්‍රගත කරගන්න එක ටිකක් අවුල්... කිසි දෙයක් නොලියා ලියන එක ගැන හිතන එක සේරටම වඩා තෘප්තිමත් වෙන්න පුළුවන් දෙයක්. එකම එක මාතෘකාවක් වටේ ගොනු වුණ අදහස් ගොඩක්... ඒව ලිවීම තුලින් ...
සොරොව්වෙන් එළියට කෝච්චියකින් ජීවත් වෙනකොට | while living ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත ...
ඉතිරි පෙරේතයා ජීවත් වෙනකොට | while living පොඩි කාලෙ ටීවී එකේ තියෙන ටෙලි නාට්‍ය බලද්දි මේ වැඩේ ගොඩක් දෙනෙක්ට වෙලා ඇති. ඔය ඒවයෙ කෙල්ලො කොල්ලො, යාළුවො එහෙම හෝටලේක මේසයක් වටේ ඉඳගෙන බීම බොන සීන් තියෙනවනේ. ඒවයෙදි සමහර වෙලාවට එයාල එතනින් නැගිටල යන්නෙ අර බීම වීදුරුවෙ බාගයක් විතර ඉතිරි වෙලා තියෙද්දි. ඒක දකිද්දි පුංචි කාලෙ මටනං තද වුණා.ඇයි උන් ඒ ටිකත් බීල නැගිටින්නෙ නැත්තෙ? මං හිටියනං අනිත් උන්ගෙ ...
අතීත යගදාව ජීවත් වෙනකොට | while living මම දිගින් දිගටම ඒක කරමින් හිටියා... අතීතයෙන් මාව විනාස කරගනිමින්... මට නැගිටින්න ඉඩක් නොදෙමින්....මම වර්තමානය තලමින් හිටියා. ඉතිහාසය කියල යගදාවෙන්... ඉවරයක් නැතිවම...ඉතිහාසය කියන්නෙ යගදාවක්.... වර්තමානය පොඩි කරල සුන් කරල දාන... ...
හිඟන ස්ටාර් අරමුදල ජීවත් වෙනකොට | while living සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක ...
මා හූනා ජීවත් වෙනකොට | while living මං මේ කාමරේ ඉන්නෙ ඒක ගොඩක් කෑම ලැබෙන තැනක් නිසාම නෙවෙයි. මං මේ කාමරෙන් එහා දේවල් ගැන වැඩිය දන්නෙම නෑ. සමහරවිට මීට වඩා කෑම ලැබෙන තැන් මේ අවට ඇති. හැබැයි ඒ තැන්වල බියට්‍රිස් ඉන්න විධියක් නෑ. ඉතිං මං මෙතන.මේකෙ දොර ඇරගෙන ඇතුලට එන මිනිස්සු එක එක විධියයි. හැබැයි ඒ හැමෝටම පොදු දේවලුත් තියෙනවා. ඉතිං මං එයාල දිහා බලං ඉඳල එයාලව ...