බ්ලොග් කියවන දානපතියාගේ සමාජ සත්කාරය ජීවත් වෙනකොට | while living කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ...
කණේ වැටුණු එදිනෙදා කතාවක්! ජීවත් වෙනකොට | while living මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් ...
පිටකොටුවේ සිට මහරගමට - From Pettah to Maharagama ජීවත් වෙනකොට | while living මම කාෂ්ඨක ගිණි සුළඟ මැද අතින් ආවරණය කර පිටකොටුවට ගිණි තැබීමි. සියුම් දුමක් සමගින් හුස්මක් අභ්‍යන්තරගත විය. මා සිහින් සැහැල්ලුවක් වෙත පාව ගොස් මදක් ඉහලින් නතර විය. ගුවනේ ලෑලි කඩේ කොලුවාගේ ප්ලේන්ටිය මා ඉදිරියේ පතිත විය. සීනි වැඩි උගුරක් දෙතොල් හරහා දිව මතට පැමිණ දිවේ රස ස්නායු සියල්ල කහටේ රසයෙන් උද්දාමයට පත්කරලීය. පැණි රසය තුල යටපත් කරන ලද විවිධ රසයන් ...
කවියට හැඩයක්! | කිසිම හැඩයක් නැතිව ජීවත් වෙනකොට | while living මුළු ලෝකයමත්ඉන් එහා විශ්වයත්බ්රෑන්ඩ් නේම් අස්සට ගේන්නතතනන මොහොතකහිතයි ඩිංගක්මිදී ඒ වියවුලෙන්එපිට ගොස් හැරී බලන්නටආයෙමත්දුටු, විඳි, කල නිර්මාණ සියල්ලමඅච්චු අස්සට ගෙනනාමකරණය කොටකැටගරි කරවාඩේටා බේස් වලට දමාඒ ඒ දේ වලට කැමතිඒ ඒ අයටඕනැ ඕනැ හැටියටමුදා හරියි එකින් එකයටින් ඇඩ් එක්ක...'හායි මෙයාලා... ඔන්න මම ඔයාල ආසම සින්දුව ගෙනාවා...'ඒ අස්සේදකින අමුතු යමක් ගැනවෙර යොදා හොයා බලාඑය විංසයෝජනය කොටකෑලි වලට කඩා කෑලි ගානට ගෙවාපෙර සැදූ ...
කිං හන්තර් | ලංකාව ඇතුලෙදි ගොඩයන්න නම්! ජීවත් වෙනකොට | while living ඔන්න ඉතිං අවුරුද්දකට වඩා කාලයක් එනකල් පෙරුම් පුරපු කිං හන්තර් චිත්‍රපටිය බලාගන්න මට අවස්ථාවක් ආවා. හොඳට හිතට වැදුන නිසාම මේ කියන්න යන්නෙ ඒ ගැනයි. මේක විචාරයක් නම් නෙවෙයි. විචාරය කරන්න තරම් චිත්තරපටි ගැන දැණුමක් මට නෑ. මම මේ ලියන්න යන්නෙ මට දැණුන හිතුන දේවල් ටිකක් විතරයි.සාමාන්‍යයෙන් ලංකාවෙ සාම්ප්‍රදායික විකට චිත්‍රපටි ගොඩක් ඒකාකාරියි. බන්දු ටෙනී යුවල එකම ආකාරයේ විකට සිනමා ප්‍රභේදයක් ...
ඔළුව උඩ පොතක්! ජීවත් වෙනකොට | while living ඔළුව උඩ පොතක් තියාගෙන හැමෝටම බැණ බැණ ඇවිදපු මිනිහෙක් හිටියා. ඒ පොතේ තිබුණෙ ජීවත් වෙන විධියලු. අවුරුදු ගාණකට කලින් කවුදෝ පඬිවරයෙක් ලියපු පොතක්ලු. අර මිනිහට ඒක දෙමව්පිය උරුමයෙන් හමුවුණ එකක්... පුංචි කාලෙදිමයි මිනිහ ඒක ඔළුව උඩ තියාගත්තෙ. හරි හැටි දැණුමක් නැති කාලෙදිම ඒකෙ තියෙන දේවල් කියවල පුදුම වෙලා, වික්ෂිප්ත වෙලා, සලිත වෙලා, වෙලිල, මුකුලිත වෙලා, භක්තිමත් වෙලා අන්තිමේ මිනිහ ඒක ...
කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්! ජීවත් වෙනකොට | while living සුරින්දර් සේරම අතෑරල දාල හිටියත් චිත්‍රපටි බැලිල්ල නතර කලේ නෑ. හැමදාම රෑ එක දෙක වෙනකල් චිත්‍රපටියක් දෙකක් බලල මිස සුරින්දර්ට නිදාගන්න බැරි වුණා. රඟපාන්න තිබුණ සුළු අවස්ථාවත් නැත්තටම නැතිවෙලා නිසා චිත්‍රපටි වින්දනයෙන් උපරිම තෘප්තියක් ලබන්නයි ඔහුට උවමනා වුණේ.සුරින්දර් මුම්බායි නගරයේ නළුකම් හොයාගෙන ආවෙ බැංග්ලෝරයේ කරමින් හිටපු පරිගණක ඉන්ජිනේරු රස්සාව අතෑරලා. ඒ නළුවෙක් වෙන්න තිබුණ ආසාව හින්දමයි. ඒ ආයතනය ඔහුගෙ ඥාතියෙක්ගෙ ...
ගොඩගම එලිමහන් පිරමීඩයේ චිත්‍ර ඇඳිල්ල! ජීවත් වෙනකොට | while living මාතෘකාවෙන්ම වැඩේ අල වෙනව කියල තේරෙණව වුණත් ලියනව ඇර කරන්න දෙයක් නෑ.දන්නවනෙ ගනේගොඩ අයියව. එයා මේ බ්ලොග් එකේ රැඳිල ඉන්න චරිතයක්. මගේ ජීවිතේ ඇතුලෙත් හැමවෙලේම රැඳෙන කෙනෙක්. මෙයාගෙ ගෙදර සම්පූර්ණයෙන්ම හදල ඉවර වුණේ මෑතකදි. ඒ කියන්නෙ ආලින්දය විධියට පාවිච්චි කරන්න යොදාගන්න කොටස අළුතින් හැදුවෙ ගෙදර ඉතිරිය සම්පූර්ණ කරලා අවුරුදු 12කට විතර පස්සෙ. හේතුව කම්මැලිකම. එයයි නෝනයි විතරක් ඉද්දි මොකටද ඔය ...
අලුත් වැඩක් එක්ක අලුත්ම අලුත් ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්! ජීවත් වෙනකොට | while living කාලෙන් කාලෙට කරන්න හිතාගෙන ඉන්න වැඩ අතරෙ තව වැඩක් ඔෆීෂයල් විධියට පටන්ගන්නයි මේ සූදානම. පටන් අරන් කාලයක් වුණත් දැන් තමයි වැඩේ හරියට කරගෙන යන්න පටන්ගන්නේ. ඉතිං ඔය ඉන්න කවුරු හරි කතුර අරන් රිබන් එක කපන එකයි ඇත්තේ... කතුර දාපු බන්දේසිය අල්ලගෙන ඉන්න ලස්සන ගෑණු ළමයව පේනව නේද? ;-)අවුරුදු ගාණක් පරිගණක චිත්රණය ආශ්රිත රස්සාවල් කරල දැන් නිකංම නිකං මෙලෝ රහක් නැති ...
ආයුබොවන් ගුඩ් මෝනින් ||| ත්‍රී ||| රන්වල බලකායෙන් ජීවත් වෙනකොට | while living හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ල වේලසනින්අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්ආයුබොවන් ගුඩ් මෝනින්අද පාඩම පටන්ගන්න කලින් සැවොම මේ අහන්නලොකු වුණාම වෙන්න කැමති කවුද කියල මට කියන්නඅත උස්සල මට කියන්නකලින් ලියපු රන්වල බලකායෙ ත්‍රී ප්‍රසංගය ගැන සටහන කියෙව්වනම් මම ඒක කොහොම හරි බලන්න උවමනාවෙන් පෙලුන බව ගැන දන්නව ඇති. මගෙ චාන්ස් එකකටද කොහෙද ඒකෙ කමෙන්ට් එකක් දාපු නවීන් මාධව ...
පිස්සෙක්...! ජීවත් වෙනකොට | while living පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප ...
වෙනද වගේම දවසක් ජීවත් වෙනකොට | while living දැණෙන නොදැණෙනසියල්ල මතින් දැණෙනසුන්දර ලෝකයක් ගැන සිහිනයමිය යයිනැවත උපදියිකෙදිනකවත්වචනයෙන් වැනුමට අසමත්ඒ සොඳුරු සිතිවිල්ලවල් වදියිනැවතත් ශිෂ්ඨ වෙයිකියන්නට වදන් නැතිසිත පිරී ඇතිඒත් නමක් නැතිහැඟීමක් ගැනලියා තබමිකිසි හැඟීමක් නැති මොහොතකකිසි හැඟීමක් නැතිවමඅතීතය මිය ගිහින්හෙට පිළිසිඳවමින්අද ජීවත් කරමින්සිත පුරවාලමින්නුඹට ඇල්මෙන්අසීමිත සිතුවිල්ලෙන්2011-09-08මම දන්නව මේක සිරාම විධිය නෙවෙයි කියල. මේ වෙලා
නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි ජීවත් වෙනකොට | while living අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව ...
කල්ලඩි පාළම යටින් මුම්බායට ජීවත් වෙනකොට | while living දවස් කීපයකට පස්සෙ යන්තරේ ඉස්සරහ ඉඳගත්තෙ කිසි දෙයක් කොටන්න උවමනාවකින් නොවුණත් මොහොතකට කලින් හිතට දැණුන හැඟීම මාව ලියන්න පෙළඹෙව්වා.දවස් දෙකක නැගෙනහිර සවාරියෙන් පස්සෙ මම ගෙදර ඇවිත් මුලින්ම අහන්න ගත්තෙ කපුගේගෙ කල්ලඩි පාළම පාමුල සින්දු කියපු මාළුවන්ගෙ සින්දුව. අද දවල් කල්මුණේ ඉඳන් මඩකලපු යන අතරෙ කල්ලඩි පාළම පහු වෙද්දි උවමනා වුණා ඒ සින්දුව හොයාගෙන අහන්න. මම හිතන්නෙ ඒක මම කවදාවත් හරියට ...
හොඳ නොවන චිත්‍රපටි පිස්සුව | Love for movies! ජීවත් වෙනකොට | while living ඊයෙ කියෙව්ව නෙව මෙතනට එනකල්... මේ ඉතිරි ටික...-----------------------------------------------------------චිත්‍රපටි බැලිල්ලෙ ඊළඟ අදියරට එන්නෙ මම අන්තර්ජාලයට එකතු වීමත් එක්ක. අවුරුදු ගාණක් ඊ-මේල් විතරක් හුවමාරු කරමින් ඉඳල 2008දි සයිබරයේ සත්ත්වයෙක් විධියට අමාරුවෙන් අඩිය තැබීමත් එක්කම චිත්‍රපටි බලන, ඒ ගැන කතාකරන, හුවමාරු කරන කීප දෙනෙක්ම මට හම්බවෙනව. ඒ අයත් එක්ක චිත්‍රපටි වලින් නැවතුනේ නැති සංවා
සුද්දන්ගෙ සංගීත පිඟානක්.... ජීවත් වෙනකොට | while living සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.ෂහ්! මාත් ආසයි රේඩියෝ ...
සංගීතෙ ගැන පරණ කමෙන්ටුවක්! ජීවත් වෙනකොට | while living මම හිතන්නෙ කසුන් සහ නදීක ඉන්නෙ සිංහල ගීතය පුනර්ජීවනය කරන ගොඩේ මිස (ඒ ගොඩේ වැඩි දෙනෙක් නෑ. ඉන්න ප්රවීණයො කීප දෙනත් කෙමෙන් කෙමෙන් නැති වෙනව) ගීතයේ මළගම තීරණය කරන ගොඩේ නෙවෙයි. සිංහල ගීතයේ මළගම තීරණය කරන අයගෙ ගොඩ නම් විශාලයි.සංගීතය විඳින්න බොහෝ දෙනෙක්ට තියෙන නොහැකියාවට හේතුව ඔවුන් සංගීතය කියල හඳුණගෙන ඉන්න පරාසයේ සීමා සහිත බවයි. මමත් කාලයක් ඒ වගේ සීමා ...
ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද! ජීවත් වෙනකොට | while living පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න ...
නිර්වාණය සහ ගුරුත්වාකර්ෂණය ජීවත් වෙනකොට | while living මිනිහෙක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියන අදහස කට්ටියට ප්‍රශ්ණයක්... මට ඇසුරු කරන්න වෙන ගොඩක් ආගමික මතධාරියො ඉන්නෙ තමන් ෂුවර් ඇන්ඩ් ෂොට් ආයෙ ඉපදෙනව කියන මතයෙ. ඕක ගැන එයාල එක්ක තවත් කතා කරද්දි පින් පව් කතා ඇදිල එනව. ඊට පස්සෙ කර්මයයි තව එක එක කතායි... ඔය විධියට ගිහින් අන්තිමේදි එයාල නැවත ඉපදීමක් තියෙනවය කියන මතය සාධාරණීකරණය කරන්න තවත් මත ගොඩක පිහිට ...
ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම ජීවත් වෙනකොට | while living ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ ...