පැත්තකට කෙළ හලමින් තක්කාලි සෝස් හැදුවෙමි ජීවත් වෙනකොට | while living තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න ...
ශ්‍රී ලංකාවේ රස සම රිසි ගී ජීවත් වෙනකොට | while living Elton Johnපසුගිය සතිය තුල චාරිකා දෙකක් නිරතවීමේ භාග්‍යය මට හිමි විය. ඉන් එකක් නැගෙනහිර වෙරළ වෙත කල විනෝද ගමනක් හෙවත් වචනාර්ථයෙන්ම ට්‍රිපකි. අනෙක මාගේ ආයතන ප්‍රධානියාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම පිණිස කැලණිය වෙත කල අවමගුල් චාරිකාවක් හෙවත් ඒත් ට්‍රිපකි. මේ චාරිකා දෙකෙහිදීම ගීත වලින් කිසිදු අඩුවක් තිබුණේ නැත. නැගෙනහිර වෙරළ වෙත කල චාරිකාවේදී වැඩිමනත් ගැයුණේ 90 දශකයේ ගීත වූ ...
ප්‍රාර්ථනා ජීවත් වෙනකොට | while living Daddy හෙවත් අප්පච්චිලාගෙ සංගීත කණ්ඩායමේ ව්‍යාපෘතිය ගැන ලියන්න හිතිල සෑහෙන්න කල් වුණාට සියල්ලටම වඩා ඉහලින් තියෙන කම්මැලිකම විසින් ඒ උවමනාව යටපත් කරල තිබුණෙ. ඇත්තටම කියන්න දේකුත් නෑ. මාරයි කියනව ඇරෙන්න.ලංකාවෙ තියෙන සංගීත රටා අස්සෙ උඩම තියෙන රටා වලින් ගැලවිලා මුල ඉඳන්ම නිර්මාණ කරපු ඩැඩීල සිංහල වචන එදා මෙදා තුර සංගීතය අස්සෙ ඇහුණ විධිය වෙනස් කලා කිව්වොත් හරි. ඒක එහෙම කරන ...
පින්තූරේ... ජීවත් වෙනකොට | while living ආරියපාල මහත්තය විසි අටවෙනිද පෙන්ෂන් ගන්නව. ඒ ගැන කාටත් තිබුණෙ පුංචි දුකක්. කාර්යාලෙ වැඩ කරපු බොහොම සුහදශීලී මනුස්සයෙක්. අපට වඩා ලොක්කෙක් වුණාට හිටියෙම පොඩි මිනිස්සු එක්ක. රාජකාරියට පණ ඇරලා. වැඩක් කරගන්න ආපු මනුස්සයෙක්ව වැඩේ කරල දෙන්න බැරි වුණත් පුළුවන් තරම් සතුටින් පිටත් කරන්න හැකියාව තිබුණ නිලධාරියෙක්.පුද්ගලිකවම මට බොහොම දැනමුතුකම් දීපු ගුරුවරයෙක්. කාර්යාලයේ රාජකාරිවලදි වගේම මගේ පුද්ගලික සහ වෙනත් ආර්ථික ගැටළු ...
ගුගලීකරණයට පසු... ජීවත් වෙනකොට | while living මේ සටහන ලියවෙන්නෙ මට තවත් කාලයක් නෑ කියල හිතෙන නිසා. කොයි මොහොතෙ හරි මට මෙතනින් ඉවත් වෙන්න පණිවිඩයක් එනව. මට ඉහලින් තියෙන මීටර් පණහක කොන්ක්‍රීට් තට්ටුව ඔවුන් සිදුරු කරන්න අරන්. තව දවසක් දෙකක් ඇතුලත ඔවුන් මේ මට්ටමට එනවා.ඊට කලින් අද වෙනකොට ලෝකයට අත් වෙලා තියෙන දේවල් වලට මුල් වුණ සිදුවීම් පෙළ මුල ඉඳන්ම අත් විඳපු කෙනෙක් විධියට මේ කතාව ...
ඔයාගෙ කතාවත් අවුරුදු හතරකින් මැකී ගියාද? ජීවත් වෙනකොට | while living අප්සෙට් ගී එක්ක රැඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.එව්වයෙන් වැඩක් නෑ.සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට ...
අර්ත් වයරයක් දිගේ ජාතික මව් ගුණ ගීයකට! ජීවත් වෙනකොට | while living විදුලි බිල වැඩි වුණ එක වෙන කවදාටවත් වඩා මේ වතාවෙ හිට් වුණ වැඩක් වෙලා. හැබැයි ඒක තවත් නාට්ටියක් නෙවෙයි. (මේ වෙද්දි එහෙමත් හිතෙනවා) ඒ නිසා දැනටත් ටීවී එකේ හදන කෑම දිහා බලාගෙන ඉඳල ඒකෙන් කටට කෙල උනවගෙන යන්තං කාගෙන ඉන්න මිනිස්සුන්ට මේක හොඳටම දැණෙනවා. මොකද දැන් එහෙම ටීවී බලද්දි කරන්ට් එක නගිනවා. මේ ගැන ඇතිවුණ කතාවල් කීපෙකදි එක එක අය ...
කොට කෑලි ජීවත් වෙනකොට | while living මමයි කුමායි අහම්බයකින් කාලෙකට පස්සෙ හමු වුණේ ටිකක් ඈත ගමක පැවතුණු එකම පොදු රාජකාරියට ආයතන දෙකකින් සහභාගි වුණ නියෝජිතයන් විධියටයි.රාජකාරිය අවසන් වෙලා හවස 3ට විතර ගෙවල් බලා යන්න කලින් අපි දෙන්නා මහ පාර අයිනෙ ගමට හැරෙන හන්දියෙ ළඟ තිබුණ එකම සිල්ලර බඩු කඩේට ගොඩවුණා. දෙන්නා දුම් කූරු දෙකක් පත්තුකරගෙන ආගිය කතා කියවන්න ගත්තෙ පැරණි මතකයන් අතර හිතින් සැරිසරමින්.පවුල් ගැනත් ළමයි ...
සියදිවි තොර කරගැනීමට පෙර ජීවත් වෙනකොට | while living අනුන්ගේ උවමනාවන්ඉටුකරන්නට ගෙවනලොකු පුටු වලට සැප දෙන්නටදිවා රෑ වෙනසකින් තොරව බිලි දෙනදන්නවා යැයි හිතං ඉන්නහැම දෙනාගෙන්ම කතා අහන්තවත් උන් එක්කම ඉන්න වෙනජරාවට පත් වී කෙලවර වන බව දැනන්එහෙම නෙවෙයි වගේ ඉන්න සිද්ධ වෙනලෙඩක් දුකක් වුණ ගමන්වටේම උන්ට කරදර කරවනඅන්තිමේදී ආරස්සාවට ආදරේටළඟ ඉන්න හැමෝම ගසා බසා දා යනජීවිතයටනැතිද කිසි විසඳුමක්...2009-10-13ඉතා ඈත අතීතයේ ලියවුණු තවත් මල විකාරයකි... මේ දවස්වල හිටු කියා චිත්‍රපට ...
ඩිස්පෝසබල් සහකරු ජීවත් වෙනකොට | while living පිටුපුරා කඳුලු කල දුක නිවාබ්ලොග් පුරා කෙටූ කවි වැල් මකාසති පුරා බැලු කඳුළු රස නසාසොයාගනු වහා මේ පෙම්වතාදුටුමතින් පෙර ගෙවූ දිවි ගණන්මතකයට පිරී තුටු වූවාද?හැරගොසින් මොහොතකින් බිඳ වැටීමතු භවෙක ලැබෙන්නට පැතුවේද?ගෙවී යන මොහොතෙදී ඔද වැඩීඅනාගත පැතුමන්ද පැතුවේද?එය බිඳෙයි සැක පහල වූ විටෙකගෙවෙන මොහොතත් සිඳා දැම්මේද?අඳුරු අහු මුල්ලකට තනිවීද?පොත් පුරා කඳුළුකුරු ඇන්දේද?සිත් පුරා විරහ ගී ගැයුවේද?ජීවිතෙන් මිදෙන්නට පැතුවේද?ගැලවෙන්න දැන් එයින්...සිත වියැලිලා ...
බැරි වැඩ වලටත් ට්රයිම කරපන් පුතා... ජීවත් වෙනකොට | while living ලංකාවේ අපිට දැන් හරිහමන් ජීවිත විලාසයක් නැත. අපි ඉන්දියාවේ විලාසයෙන් ජීවත් වෙන අතර ඉන්දියාවට ඒ ක්‍රමය එන්නේ ඇමරිකාවෙනි. ඉතිං ටිකෙන් ටික අපි ඇමරිකානුවන් වෙමින් යන අතරෙ (පුහ්! කාටද ආඩම්බර) දැනට අල්ප වශයෙන් හෝ නමට පමණක් පවතින අපේ පැරණි ජීවන විලාසය උත්කර්ෂයට නංවා තෘප්තිමත් වෙමු. ඇතැම් විට ඒ කෙතරම් නොදන්නේ වුවත් පැරණි ලංකාවේ ජනජීවිතය තුල තිබූ වත්මනේ අපට නැති යමක් ගැන ...
අනේ ඒකත් කරල දෙන්න... ජීවත් වෙනකොට | while living ගිය පාර වර්ල්ඩ් කප් එක දිනවන්න කියල සක්‍ර දේවෙන්ද්‍රව හොයාගෙන ගිය ලාසිංහ දෙවියන්ව ඔයාල දන්නවනේ. පහුගිය වතාවෙ වැඩේ අප්සෙට් වුණ හින්දා උන්නැහේ කාලයක් ඉහල පාලනාධිකාරිය ගැන කලකිරිල තමයි හිටියෙ. පස්සෙ බැලින්නම් ඔය ඉහල පාලනාධිකාරි කියන ඒව සේරම එකයි කියල උන්නාන්සෙට තේරුණා. කොහෙද ඉතිං උදේ ඇහැ ඇරුණු වෙලේ ඉඳන් රෑ සැතපෙනකල්ම ඇසිල්ලක් ලද ඇසිල්ලේ රූප පෙට්ටියට ඔළුව ඔබාගෙන ඉන්නව මිසක් ...
අරියාතිගේ සැඟවුණු ලෝකයට ජීවත් වෙනකොට | while living ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා...............මම දන්නව මේ කතාව මගේ වැඩිහිටි වචන වලින් විනාශ වෙනව කියල. ඒ වුණාට අද වෙනකල් මම හිතාගෙන හිටියෙ මගේ මතකයේ රැඳිල තිබුණ ඒ පුංචි සිදුවීම් ටික හුදෙක් ...
චිත්‍රපටි පිස්සුව | Beware of Snakes! ජීවත් වෙනකොට | while living කාලෙකින් අත නොතිය තිබුණ ලට්ට ලොට්ට ගොඩක් අවුස්සද්දි හම්බවුණ CD කීපයක් නිසා ලියන්න හිතුණ දෙයක් මේක. එක අතකින් ඉතිහාස කතාවක්. එක අතකින් මට චිත්‍රපටි පිස්සුව හැදුණ හැටි ගැන කතාවක්.කතා කරන්න රටේ ප්‍රශ්ණනම් ඕන තරම් තියෙනවා. ඒත් හැමදාම ඒවම කතා කරලත් හරියන්නෙ නෑ. අනික බ්ලොග් එකට විවිධත්වයකුත් එපැයි.මට හිතෙන්නෙ මට ඔය පිස්සුව ජාන වලින් ලැබුණ එකක්. අම්මගෙ පරම්පරාවමත් ...
ඔබේ නිවසට සිරිකත කැන්දන ගෙලුගන් ගල් ජීවත් වෙනකොට | while living ඇය හිතුවෙ ඈ ඉන්නෙ තනියෙන් කියලා. ගෙවුණු දිනයේ හෙම්බත්කමින් මිරිකිලයි ඈ හිටියෙ. ඒ නිසාම ඈ සළු පිලි උනා දැම්මෙ නිදහසේ පැය කීපයක් වැතිරෙන්න... ඒත් ඇයට ඈ හිතපු නිදහස ලබන්න වුනේ නෑ... කවුළු තිර අතරින් අඳුරු පසුබිමේ ඈ දුටුවෙ දිලිසෙන ඇස් දෙකක්... ලෝක රූප රාජිණියගේ අභිරහස් මරණය...දැනගන්න නම් අද හවස 7ට මයිල් කෙලින් වෙන රාත්‍රිය සමග රැඳෙන්න...චා... එෆ් එම්!හොඳයි... අදත් හැම ...
ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ! ජීවත් වෙනකොට | while living අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම ...
නිර්වාණයේ දොරකඩ හිඳිමි ජීවත් වෙනකොට | while living එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්රත්යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස ...
අවස්ථිතියෙන් මිදී.... ජීවත් වෙනකොට | while living පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...ඔහු මුලින් හිතුවෙ එහෙම.එහෙම හිතලා ලියන්න ...
තාරා මගේත් දෙව් දුව ජීවත් වෙනකොට | while living තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ ...
ස්ටාර්ට් ලයින් එක අඳිමුද? ජීවත් වෙනකොට | while living මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ ...