හබරල පිත්තා කිරිපුතාගෙ විත්ති මේ දවස් වල ටිකක් බිසී හින්දා මුකුත් ලියාගන්නත් බැරිවුනා.මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 3ක් විතර ඇති. ඔය කාලෙදි ඉතින් පොඩි එකා දිහා ඇහැ ගහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනැනෙ.මටත් එහෙම්මමයි. අපේ ආච්චි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මම මොනවා හරි ගොන්පාට් එකක් දාගන්නවා.ඔන්න ඉතින් එදා වෙනදා වගේම අම්මා උදේම වැඩට ගියා. තාත්තා ඒ දවස් වල කඩයක් දාලා තිබ්බෙ.තාත්තගෙ කඩේ ...
පිටිකල පොල්කිරි කිරිපුතාගෙ විත්ති මේක මීට සුලු මොහොතකට පෙර සිදුවුන සිද්ධියක්. හෙට ලෝක කුසලානෙ ලංකාව ගහන පලවෙනි මැච් එක ගෙදරට වෙලා බලන්නම් කියලා හිතාගෙන හිටියත් අන්තිම මොහොතෙ ඒ තීරණය අතාරින්න සිද්ධ උනා. ඒක හින්දා අදයි හෙටයි බෝඩිමේම ඉන්න තීරණය කලා.අවිශ්කයා ලේසියකට ගෙදර යන එකෙක් නෙමෙයිනෙ. ඒක හින්දා ඌ කොහොමත් බෝඩිමේ. පොඩ්ඩක් කැඩිලා තිබුනු ටීවි එකේ ඒරියල් කූරු දෙකටත් පොඩි ජිල්මාට් එකක් දාලා අමුණාගත්තා. දැන් ...
ටිංටිං නම් කිරි තේ - කිරි තේ නම් ටිංටිං කිරිපුතාගෙ විත්ති මේක මේ ලඟදි සිද්දවෙච්ච වැඩක්. අපිත් එක්ක කිව්වෙ කොරියා.ඔන්න එදා කොරියලාගෙ බෝඩිමේ සෙට් එක කාලෙකට පස්සෙ කිරිපිටි පැකට් එකක් බෝඩිමට අරන් ආවලු.සෑහෙන කාලෙකින් කිරි එකක් හදාගෙන බොන්න යන හින්දා කට්ටියටම හදිස්සිලු.ඔන්න ඉතිං කට්ටියම ටිංටිංට කිව්වලු කිරි එක හදන්න කියලා. ටිං ටිං කිරි එක හදනකන් අනිත් එවුන් ටික ටීවි බලබලා හිටියලු.ටීවි එක බලන අතරෙම එකෙක් ටිංටිංට කිරි එකට කහට ටිකකුත් දාලා ...
කාටත් හොරෙන් යන්නම ගිය සොඳුරු හිතවතා.... කිරිපුතාගෙ විත්ති අපේ හිත් වලට සතුටක් ගෙනාපු ඒ සොඳුරු මනුස්සයා වෙනුවෙන් මේ විදියට කවි පන්තියක් ලියන්නවෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. ජීවිතය අනිත්‍යයි කියන දේ අපට ආයෙත් මතක් කරලා ආයෙ නොයෙන්නම ගියපු ඔබා මාමට මේ කවි පන්තිය උපහාරයක්ම වේවා.......!අපගේ දෑස් කඳුලෙන් පුරවලා තියාඔබා මාම අද සමුගෙන යන්න ගියාසුන්දර මිනිසෙකුව සතුටින් සිටිය එයාවෙනුවෙන් ලියමි දුක්බර සෝ සුසුම් තියාසැලකුවෙ අපට ඔහුගෙම දරුවන් ලෙසටසතුටක් එක්කලා ...
හදාගනින් හිත............ කිරිපුතාගෙ විත්ති ඔබ යලි එනතුරුදෑඟිලි ගැන්නා.......දෑස රිදෙන තුරුපෙරමඟ බැලුවා..........ඉඳහිට නම් මටසිහිනෙන් පෙනුනා......මාහට නොදැනිමදෙනුවන් තෙමුනා.......නුඹ දැක ගන්නටවෙහෙසක් දැරුවා.....දින සති මාසදඅවුරුදු ගෙවුනා.....පාසල් මිතුරන්ගෙන් විමසූවා........කිසිවෙක් නොදන්නබව පැවසූවා.......කොළඹට යන්නටබසයට නැගුනා.....ඔබෙ රුව වැනිතව රුවකුත් දුටුවා.....එනමුදු ඔබඉදිරියෙනුයි සිටියේ.......කෙලෙසද මා ඔබෙමුහුණ දකින්නේ.......ඉස්සිල ගැස්සිලාඑබිකම් කෙරුවා......බසයේ සිටි උන්මාහට රැව්වා.....නැගිටල යන්නටමට සිත් වූවා.....ඔබ දැකගන්නටමා ට්‍රයි කෙරුවා.
නෙහාරාගෙ ප්‍රේම ජවනිකා බැලුවෙමි කිරිපුතාගෙ විත්ති අවුරුදු නිවාඩුවට ගෙදර ගිය වෙලේ අයි.පී.එල්. මැච් එකක් බලන්න හැදුවා විතරයි. කොහෙද ඒකටවත් ඉඩක් නෑ නෙහාරගෙ නාට්ටියක් හින්දා. ඉතින් කොහොමද මේවට කවි නොලිය ඉන්නෙ.මටනම් මේක බලලම දැන් එපාවෙලාසිරසෙ උන්ගෙ විකාර දැක කලකිරිලාබරගාණක කොටසුත් දැන් පහුවීලාමෙගා මෙගා හැමතැන දැන් වැහි වැහැලානෙහාරාගෙ දැඟලිලි එක පැත්තකයලීඩරයගෙ ෆන් කාටත් හිතවත්යවිශාකයා දැන් තරමක් ධනවත්යමුදලාලිට ඌ තරමක් බියපත්යරාජා ගේම් දෙන්නේ කාටත් හොරෙනීදයා ඔහුගෙ තනියට එන්නේ සෙමිනීරබර් ...
තවත් පූසෙක්........ (18+) කිරිපුතාගෙ විත්ති මිතුරන් දෙදෙනෙකිය ගම්මානෙක සිටිනකොතැනත් එකටමය දෙදෙනා වෙන් නොවනකෑමට බීමටද රති කෙලියට යනෙනනිතරම විනෝදෙනි දෙදෙනා කල් ගෙවනදැම්මත් කරේ රත්තරනින් බැඳි මාලපෙම්වතියන්ට දුන්නලු විල්ලුද සේලඅයියා වුනත් මහ දනපති ජයපාලමල්ලිගෙ නම උනේ ඇන්. ඒ. සිරිපාලදනපාලගේ මිතුරා විය හඳුඅප්පූමිනිහට තිබෙයි අක්කර ගාණක ඔප්පූසිරිපාලත් සමගින් ගොස් කැරකොප්පූබීලා වැටුනි කේ. එල්. ඒ. මල් අප්පූදෙදෙනා මෙසේ ගතකරනා විට කාලේඇතිවිය සුමනා අක්කා සමගින් ආලේමුදලට සේවාව දෙන ඇයගේ ...
අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය කිරිපුතාගෙ විත්ති අයි. පී. එල්. ඉවර වෙලා ගොඩක් දවස්. මැච් එකක් තියෙන්නෙත් ඉඳලා හිටලා. සමහර මැච් පරදිනවා. එතකොට හිතටත් දුකයි. ආයෙත් මේ වගේ මැච් එක දිගටම තියෙනවනම් හිත හදාගෙන බලන්නවත් පුලුවන්.අයි.පී.එල්. ගියපු අපේ කට්ටිය ගැන කලින් ලියල තිබ්බ එකක් මේ. ලිපිය පල කරන්න නම් පොඩ්ඩක් පරක්කුයි වගේ.චෙන්නායි සුපර් කින්ග්ස්රන්දිව් සමගින් කුලයයි ආවේඉඳහිට මැච්වල සෙල්ලම් කෙරුවේඅන්තිමේදි බං කවුරුද දිනුවේකවුරු නොදින්නත් දෝනිලු දිනුවේඩෙකෑන් චාජර්ස්අන්න ...
කම්කරුවෙකුගේ මැයි දින පණිවුඩය..... කිරිපුතාගෙ විත්ති රටේ දේශපාලන පක්ෂ එක එක ආකාරයෙන් මැයි දිනය සමරද්දි දුප්පත් කම්කරුවෙක් කොහොමට මැයි දිනේ සමරනවද කියලා හිතුනා. මේ ලිපිය ලියන්න ප්‍රධාන හේතුවක් උනේ ලොකු ජෝන්ගෙ මෙන්න මේ ලිපියයි. ඒ ලිපිය කියෙව්වට පස්සෙ ඇතිවුන ශෝකයට ලියවුන කවි තමයි මේ.වෙහෙසෙන තරම දන්නේ කරගැට පමණීසොච්චම් පඩිය දැක මාගේ සිත පිරුණීදින සති මාස හීනෙන් වාගේ ගෙවුණීකම්කරු අපට නැවතත් මැයි දින ලැබුණී උදෑසනම මා නිවසෙන් ...
කුසුමාවතී (ත්‍රාසය භීතිය සැඟවුන ආදර අන්දරය ) කිරිපුතාගෙ විත්ති කුඹුරෙ වැඩට මහන්සි උන නිසාම කුසුමාවතී වේලාසන නින්දට වැටුනා. ඒත් රෑ දෙගොඩහරියෙ ඇහුන මහා සද්දෙට ඈ උඩ ගිහින් ඇහැරුණා. යටි ගිරියෙන් කෑගහන සද්දෙ ඇහුනෙ කන ලඟ ඉඳන් බෙරිහන්දෙනවා වගේ. ඒ මුස්පේන්තු සද්දෙ කුසුමගෙ හිතේ රැව් පිලිරැව් දුන්නා.ඒ වෙනකොට කුසුම ලස්සන හීනයක් දැක දැකයි හිටියෙ. එයාගෙ ආදරණීය ප්‍රේමවන්තයා සියදෝරිස් කුසුමට දෙන්න නෙලුම් මල් අහුරක්ම කඩන් එනවා. කුසුමත් සියදෝරිස්ව පිලිගන්න වැව අයිනෙ ...
බඩට එක්සයිස්.......... කිරිපුතාගෙ විත්ති බඩ.......කාලයක් තිස්සෙ වාඩි වෙලා වැඩ කලාම අපටම වාතයක් වෙන එකක් තමයි ඔය.බඩ ආවම අඩු කරගන්නවා කියන එක ලේසි නෑ. රස්සාවට ගිහින් අවුරුද්දකට විතර කිට්ටු වෙනකොට මෙන්න බොලේ කලින් ඇඳපු කලිසම් අඳින්න බෑ.කමිසෙ යට කලාම බඩ ගෙඩිය හොඳට පේනවා.කාලයක් තිස්සෙ මේදය තැන්පත් උනාම ලේසියකට අඩු කරගන්නත් බෑ. හැබැයි මහන්සි වෙලා ව්‍යායාම කරලා ගානට තියාගන්නත් බැරිකමක් නෑ. ගොඩක්ම තෙල් අධික ආහාර තමයි ...
බොසා සහ බ්ලොග් එක කිරිපුතාගෙ විත්ති බොසාලගෙන් වෙන කරදර නම් නිමක් නෑ. බොසාලත් එක එක වර්ග ඉන්නවනෙ. බඩ තඩි බොසාලා තමයි වැඩිපුර ඉන්නෙ. ඔය බහුතරයක් බොසාලා පාට් දාන්නෙ අහිංසක සේවකයන්ට.ඔය සේවකයො අතරෙ අයිස් පප්පලත් නැතුවම නෙවෙයි. ඉතිං ඔය කොම්පීතර් වැඩ කරන සේවකයො ඉඳල හිටලා මූණු පොතට ගිහින් එහෙමත් නැත්නම් බොලොග් එකක් කියවලා බොසාට අහුවුනොත් ඉතිං සොරිම තමයි. ඔයවගේ අවස්ථාවලදි එක එක සේවකයන්ට දැනෙන සිතිවිලිවල එකතුවක් තමයි ...
සයිබර් බක්මහ උලෙල කොහොමද? එලද? කිරිපුතාගෙ විත්ති අද සයිබර් උලෙල සුපිරියි. ආයෙ කියන්න දෙයක් නෑ. ඒකෙ අමාරුව දැනෙන්නෙ දැන් තමයි.සංවිධායක මණ්ඩලේ ඇතුලු සියලුම දෙනාටත් ඒක සාර්ථක කරගන්න දායක වුන සහෝදර සහෝදරියො සියලු දෙනාටමත් ඔන්න සුපුරුදු විදිහට කවියෙන් සුබ පැතුවා. ජයවේවා........!!!දින සති ගෙවී නව දවසක් උදා උනාඅමුතුම ජීවයක් මා ලද බව දැනුනාකුරේ පිටිය වෙත මගෙ පියවර ඇදුනාසයිබර් උලෙල මනරම් බව මට පෙනුනාසයිබර් ලොවේ නම සහ වැඩ දැන ගත්තූඑහි ...
වැහි දෙයියන්ට ඊමේල් කරපු සන්දේශය කිරිපුතාගෙ විත්ති පහුගිය මාස කීපයේදි අපේ ගමටත් නියගයක් ආවා. පැය විසිහතරම දුන්න නල ජලය ටික දවස් දෙකකට පාරක් දෙන්න පටන් ගත්තා. ගමේ ලිං හිඳිලා ගියේ බලාගෙන ඉඳිද්දි. ගමටම ඉතුරු උනේ නාන ලිං දෙකයි. ඒව ලඟ දන්සැල් වල වගේ පෝලිම්. අල්ලපු ගමේ ගඟක් තිබ්බට ඒකට හතර වටේම මිනිස්සු නාන්න ඇවිත් ඒකත් ජරා වෙලා. ගඟෙන් නෑවොත් නාපු මනුස්සයට හැදෙන ලෙඩේ හොයාගන්න බෑ.අන්තිමේදි ගම්මු තීරණයක් ...
රටක් බලාසිටි දෙදහස් පන්සීයෙ විවාදය කිරිපුතාගෙ විත්ති රෑ තිස්සෙ නිදි මරාගෙන දෙදාස් පන්සීයෙ විවාදෙ බැලුවා. හප්පොච්චියේ ඒක බලල මගෙ කටට ආපු දේවල්.ඒත් ඉතින් මේකට කට අමුනන්නයැ. ඔන්න ඔහෙ සබ්ය බාසාවෙන් ලියල දැම්මා.හිටියා අපි සැවොම බලියාගෙන මුකයදෙරණට යොමු වෙලා තිබුනේ ඇස් දෙකයඒ මදිවට දික් කර ගත් කන් දෙකයබෝඩිමෙ සැවොම බුදියන විට රෑ එකයඑනතුරු බලා සිටියේ බන්දුල මාමාදෙදහස් පන්සීයෙ අරුමය ගෙන ඒමාඅනිත් පසින් එයි මැදවච්චියෙ මාමාවාද පිටිය ගැන අවදානය ...
අම්මව ගස් බැඳපු උක්කුණා..... කිරිපුතාගෙ විත්ති "ජී. ජී. ගුණසේන" මරණාධාර සමිතියෙ සභාපතිතුමා කාටදෝ සල්ලි ගෙවන්න අඬගහනවා. අම්මත් එක්ක සමිතියට ගියපු මම සභාපති මාමා නම් කතා කරනකොට සල්ලි ගෙවන්න යන මිනිස්සු දිහා අම්මගෙ ලඟට වෙලා බලන් හිටියා. ඒ වෙනකොට මම ඉස්කෝලෙ පොඩි පන්ති වල හිටියා කියලා මට යන්තම් මතකයි.සභාපති මාමා ආයෙත් අර නම කතාකලා. එතකොට කෙලවරේ බංකුවකට වෙලා හිටපු උක්කුණා නැගිටලා ආවා.උක්කුණාව මම දැකල තිබුනෙම අලි කාරයෙක් ...
චන්ද අනාවැකි.... (කොළඹ දිස්ත්‍රික්කය ) කිරිපුතාගෙ විත්ති කාලෙකට පස්සෙ බොලොග් එකට මොනවහරි කොටන්න හිතුන එකේ මේ දවස් වල නැගල යන චන්දෙ ගැන තමයි ඉතින් හිතෙන යමක් කියන්න යන්නෙ.කොළඹ දිස්ත්‍රික්කය පහුගිය ජනාධිපතිවරණෙදි මහින්ද මහත්තයා වැඩි චන්ද 81718කින් දිනන්නෙ.මහින්ද - 614,740 (52.93%)සරත් - 533,022 (45.9%)සමස්ථ චන්ද දායකයන්ගෙන් 77%ක ප්‍රමාණයක් ගියවර චන්දෙ ප්‍රකාශ කරල තියෙනවා. මෙවරත් ඊට ආසන්න අගයකින් චන්දය භාවිතාවෙයි. මැතිවරණ කොට්ටාශ ක් අතරින් මහින්ද මහතා 9ක් සහ ෆොන්සේකා ...
ගඟේ වීරයෝ 1 - (මට වතුරෙන් අපලයි ) කිරිපුතාගෙ විත්ති දේශප්‍රිය කියන්නෙ අපේ චූටි නැන්දගෙ පුතා. මෑන් දැන් ඉන්නෙ හත වසරෙ. දරශනයි දේශප්‍රියයි දෙන්නම එක වයසෙ.දර්ශන දේශප්‍රියට වඩා දවස් කීපෙකින් වැඩිමල්. ඇඟපතින් දර්ශන ලොකු උනාට වැඩ වලින් නම් දේශප්‍රිය ලොකුයි.දවසක් මායි ශෂිතයි දේශප්‍රියයි ගඟට නාන්න ගියා. අර පොල්කට්ටගෙ ගෙවල් ලඟ ගඟට තමයි ගියේ.යන ගමන් දෙන්නා පොර ටෝක් දිදී යනවා. ශෂිත කියනවා පොරට විනාඩි දෙකක් වතුර යට ගිලිලා ඉන්න පුලුවන්ලු. දේශප්රියත් ...
තවත් එක් පෙට් කතාවක් කිරිපුතාගෙ විත්ති සල්ලි අවශ්‍යතාවය මිනිස්සුන්ට එන්නෙ කොයි වෙලාවෙද කියලා හරියටම අමාරුයිනෙ. සල්ලි අවශ්‍යතාවයත් රුපියලේ ඉඳලා කෝටි ගනන් දක්වා තියෙනවනෙ. ඔන්න ඉතින් ලඟදි දවසක මගෙ පොකට් එකත් හිස්වුනා.අතේ පිච්චියක්වත් නෑ. ඒක හින්දා ආයෙ පාරක් පෙට් යන්තරේට ගොඩවෙන්න සිද්ද උනා. ඒක ලඟට යනකොට එතන පෝලිමකුත් තියනවා. අනික පොඩි වැස්සකුත් තිබ්බා.ඒක හින්දා මම කඩයක් අස්සට රිංගගෙන පෝලිම අඩුවෙන්නෙ කොයිවෙලේද කියලා බලන් හිටියා. මට කුඩේකුත් ගේන්න ...
මහා ATM යන්ත්‍ර රාජයා කිරිපුතාගෙ විත්ති මීට අවුරුදු ගාණකට කලින් මිනිහෙක්ට බැංකුවකින් සල්ලි ගන්න ඕනැ උනාම බැංකුවට ගිහින් slip එකක් පුරවලා දීලා සල්ලි ගන්න විදිහක්නෙ තිබ්බෙ.ඊට පස්සෙ ATM යන්ත්‍ර ආවනෙ. ඊට පස්සෙ වැඩේ ලේසි උනා. මිනිස්සුන්ට පැය විසිහතර පුරාම ඕනැම දවසක සල්ලි ගන්න පුලුවන්. ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නෑ පොතේ සල්ලි තියෙනවනම් අතේ ATM කාඩ් එක තියෙනවනම් එච්චරයි. කොහොමහරි සල්ලි ගන්න පුලුවන්.ඔන්න ඉතින් මාත් එහෙම තමයි ...