මාලුකාරයෙක් මැච් එකේ කිරිපුතාගෙ විත්ති ඊයෙ ලංකාවයි කැනඩාවයි අතරෙ මැච් එක තිබ්බනෙ. අපි මැච් එකේ මුල් ටික බලන්න සෙට් උනේ ටිංටිංලගෙ බෝඩිමට. ඊයෙ නිවාඩු දවස හින්දා කට්ටියම බෝඩිමේ හිටියා. මායි අවිශ්කයයි බෝඩිමට යනකොට බෝඩිමේ පොඩි විවාදයක්.බැලින්නම් අපේ ටිංටිං හා මදුරුවා.ටිංටිං කියනවා ටොස් එක ලංකාවට ආවොත් ලංකාව ඉස්සරලා බැට් කරන්න ඕනෙලු. හේතුව එතකොට බැට්මන්ලට වැඩිපුර ලකුණු ගහලා එක්කෙනෙකුට තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.මදුරුවා කියනවා ටොස් එක දින්නොත් ...
මල්සරා කලින්ම විදලා... කිරිපුතාගෙ විත්ති වැලන්ටයින් දවසෙ ලව් කතාවක් ලියන්න කියලා හිතන් හිටියට ඒකට වෙලාවක් හම්බ උනේ නෑ. ඒක හින්දා ඒකටත් එක්ක හරියන්න අද කතාවක් ලියන්න කියලා හිතුවා.මේ සිද්දිය තමයි මට මතක හැටියට අපේ පන්තියෙ හිටපු එකෙක්ගෙ ප්‍රථම ආදර කතාව. මේ සිද්දිය වෙනකොට මම ඕනෙනම් හතරෙ නැත්නං පහේ පන්තියෙ ඉන්න ඇති.අපේ පන්තියෙන් බිහිවුනු ප්‍රථම ආදරවන්තයා තමයි අමිලයා. දැන් මිනිහා බැඳලත් අවුරුදු දෙකක් විතර වෙනවා මගෙ ...
බල්ලා පතලේ කිරිපුතාගෙ විත්ති ඔන්න එක දවසක මම නිවාඩුවට ගෙදර ඇවිත් හිටියා."කිරිපුතා....... කිරිපුතා..........."කවුදෝ කතා කරනවා. මම එතකොට දවල්ට බත් කකා හිටියෙ. මම බත් එකත් පැත්තකින් තියලා එලියට ඇවිත් බැලුවා.බැලින්නම් චූටි බාප්පා."චූටි බාප්පෙ, මොකෝ මේ....?" මම ඇහුවා."පොඩ්ඩක් එනවකො උඩහට. වත්ත උඩහ පතලට බල්ලෙක් වැටිලා. මම ගොඩ ගන්න බැලුවා. තනියෙන් ගන්න අමාරුයි. ඒකයි මේ කිරිපුතාට කතාකලේ."මාත් ඉතින් බත් එක වහලා තියලා අත හෙම හෝදගෙන වත්ත උඩහට ...
ටිංටිංගේ කුලුඳුල් ප්‍රේමය - ලත් තැනම ලොප් කිරිපුතාගෙ විත්ති අපේ ටිංටිං කිරිතේ හදද්දි පොඩි පොඩි ලෙඩ දාගන්නවා තමයි. ඒ උනාට මිනිහ හෙන හැන්ඩියා. හරියට හින්දි නලුවෙක් වගේ. ගෑනු ලමයිගෙන් හෙම නිතරම මිනිහට බැල්ම වැටෙනවා. ඒ උනාට මෑන් එහෙම ලේසියකට කෙල්ලෙක්ට කැමති වෙන ජාතියේ පොරක් නෙවේ.මේ සිද්දිය වෙනකොට අපි කැම්පස් එකේ එක වසරෙ විතර ඉන්න ඇති. ඒ වෙනකොට එක එකාට හිතේ ඇඳුණු කුමාරිකාවො හිටියා. තවත් සමහරු ඒ හීන හැබෑ කරගෙන ...
බබා බයවෙලා.... කිරිපුතාගෙ විත්ති මේ සිද්දිය වෙලා තියෙන්නෙ මගෙ වෙන්ඩ හාමිනේ ඒ කියන්නෙ කිරිදුවට. ඔන්න දවසක් කිරිදුවයි එයාගේ අක්කගෙ බබයි තව අක්කා කෙනෙකුයි. ගමනක් ගිහිල්ලා. අක්කගේ බබා මේ අවුරුද්දෙ මොන්ටිසෝරියට බාරදුන්නෙ.මේ කට්ටිය එන ගමනෙදි කිරිදුව බබාට බිස්කට් පැකට් එකක් අරන් දුන්නලු. දැන් කිරිදුව බබාවත් වඩාගෙන එනකොට පාර අයිනෙ ගහක වඳුරෙක් ඉන්නවා දැක්කලු."පුංචි, වඳුරා මගෙ බිස්කට් එක කයිද?" කියලා බබා කිරිදුවගෙන් ඇහුවලු.ඒ වෙනකොට බබා බිස්කට් ...
පොල්කට්ටගෙ ගමේ ක්‍රිකට් තරඟාවලිය කිරිපුතාගෙ විත්ති මම ක්‍රිකට් කණ්ඩායමට සුබ පතලා දාපු පෝස්ට් එකට විකී දාපු කොමෙන්ටුව හින්දා මට ක්‍රිකට් සම්බන්ධ වුණ කතා සෙට් එකක් මතක් උනා. මේ ඒවගෙන් එකක්. දැනට අවුරුදු කීපයකට කලින් අපේ ගමට අල්ලපු ගමේ කොල්ලො සෙට් එකක් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කලා.ඒක තිබුණෙ හරියටම අවුරුදු දවසෙ.අපේ ගමෙනුත් කොල්ලො සෙට් එකක් මැච් එකට ගියා. සය සාමාජික තරඟාවලියක් කියන්නෙ අන්න ඒකක් තමා තිබ්බෙ.අපි කට්ටිය එතෙන්ට යනකොට ...
ඇල්බට් සිංඤොගෙ මංගල මල් කැඩිල්ල කිරිපුතාගෙ විත්ති ඇල්බට් සිංඤො කියන්නෙ මගෙ හොඳ හිත මිත්‍රයෙක්.පොර මගෙ ආස්සරේට වැටුනෙ දැනට අවුරුදු කීපෙකට කලිං.ඒ මගෙ හොඳ යාලුවෙක් වෙච්ච ප්‍රියන්තගෙ නෑකමක් හින්දා. ප්‍රියන්තගෙ මස්සිනා තමයි ඇල්බට් සිංඤො හෙවත් ඇල්බා.ඇල්බට අප්‍රමාණ නම් ප්‍රමාණයක් තියෙනවා.එක එකා දන්නෙ වෙන වෙන නම් වලින්.අපි උසස් පෙල කරන්න ක්ලාස් යන කාලෙ තමයි ඇල්බා හොඳටම ෆිට් උනේ.ඌ දැක්කම හිතන්නෙ මරුසි ඩයල් එකක් කියලා. ඒ උනාට දන්න එවුන් හොඳටම ...
මදුරුවාගෙ කතා-4 (මදුරුවාගෙ ජන්ම ගති ටිංටිං හෙලිදරව් කරයි) කිරිපුතාගෙ විත්ති මේ කතාව මට කිව්වෙ ටිංටිං.මේකටත් මදුරුවා සම්බන්ධයි.මදුරුවා පොදු වැඩකදි ලෙස්සලා යනවා කියලා හැමෝම දන්නවනෙ.ඒ උනාට කෑමට නං රුසියා. ඒ වගේ බඩගිනිකාරයෙක් අපි කවුරුත් දැකලා නෑ.කවදාවත් ඌ අනිත් එවුන් කෑවද නැද්ද කියලවත් බලන්නෙ නැතිලු. මේ සිද්දිය වෙච්ච දවසෙ ටිංටිංලගෙ අයියා කෙනෙක් උන්ගෙ බෝඩිමට ඇවිල්ලා. එදා ඒ අයියටත් එක්ක තමයි කෑම උයලා තියෙන්නෙ.කෑම කන ගමන් මදුරුවා ටිංටිංට පහුවදා උදේ බෝඩිම සුද්ද කරමු කියලා ...
දර්ශන නොහොත් අපේ චූටි මාමගෙ කොල්ලා කිරිපුතාගෙ විත්ති දර්ශන කියන්නෙ අපේ චූටි මාමගෙ පුතා. එයා ශෂිතට වඩා අවුරුද්දක් බාලයි.දැන් ඉන්නෙ හත වසරෙ.පොරත් ගේම් පිස්සෙක්.හැබැයි ශෂිත තරම් නං ගේම් ගහන්න දක්ෂ නෑ.මට නම් හිතෙන්නෙ ඒකට හේතුව එයාට ගෙදරින් නිදහසක් දෙන්නෙ නැති එක වෙන්න ඇති.චූටි නැන්දා හැම තිස්සෙම පොරට පාඩම් කරන්න කියලා කෑගහනවා. ඒක හින්දා පොරට සෙල්ලම් කරන්නවත් නිදහසක් නෑ.පොර අනිත් කොල්ලොත් එක්ක සෙල්ලම් කරකර ඉන්නවා නැන්දා දැක්කොත් ඌ ඉවරයි. ඌට පාඩම් ...
මදුරුවාගෙ කතා -3 (අසරණ මදුරුවා) කිරිපුතාගෙ විත්ති මේ අර ඊයෙ කියනවා කියපු කතාව.ඔන්න මදුරුවා දවසක් උගෙ කෙල්ල හම්බවෙන්න ගිහින්. සාමාන්‍යයෙන් ඌ යන්නෙ උදේටලු.උන්ගෙ බෝඩිමේ වෙනදා උදේ පාන්දර උයන එක සාමාන්‍ය සිරිතක්.ඒ උනාට එදා උයන්න පටන් ගන්නකොට 8ත් පහුවෙලාලු.කොහොමහරි කනකොට 9 විතර උනා කියමුකෝ. මදුරුවාගෙ කෙල්ල වෙනදා මුනගැහෙන තැනට ඇවිත් ඌට කෝල් කරනවලු.මූට කන්න තියෙනවනම් අනිත් ඔක්කොම අමතක හින්දා මූ ෆෝන් එක සයිලන්ට් කරගෙන කාලා තියෙන්නෙ.කාලා ඉවර වෙලා ...
මදුරුවා = කුකුලා කිරිපුතාගෙ විත්ති දැන් ටිකකට කලින් ටිංටිං අපේ බෝඩිමට ආවා. අපි ඉතිං නිශාචරයොනෙ. පාන්දර වෙනකම් ජංජාලෙ තමයි.ටිංටිනුත් ඒවගේ තමයි.වෙනදා හදිස්සියක් උනොත් චැට් එකෙන් තමයි කියන්නෙ.මටයි අවිශ්කයාටයි පුදුමයි ටිංටිං අවේලාවෙ පැමිණීම ගැන. අපි තුන්දෙනා අතර සිදුවූ සංවාදය තමයි මේ.මම:මොකෝ ටිංටිං මේ කුකුලත් අතින් අරන්ටිංටිං: මොන කුකුලෙක්ද යකෝ මේ මහ රෑඅවිශ්ක: දැන් පාන්දර බං. බලපං වෙලාවටිංටිං: ඒ උනාට කුකුලා නිදි බං. ඒක හින්දා මම ඌව ...
කංකුං වගේද ගෝවා කිරිපුතාගෙ විත්ති අපේ අවිශ්කයාටත් පුදුම දොලදුක් හැදෙන්නෙ.ඌට මොනවා හරි දෙයක් ඕන උනොත් කොහෙහරි ඇවිදලා හොයාගෙන එනවා. මොනවා හරි වැඩක් පටන් ගනිද්දි එච්චර උනන්දුවක් තියෙන කොල්ලෙක් මේ පැත්ත පලාතක නැතුව ඇති. හැබැයි උගෙ උනන්දුව ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා.අන්තිමේදි ඌව උනන්දු කරවන්න නම් දහ දොලොස් දෙනෙක් එන්න ඕනෙ.අද ඌට ප්‍රයිඩ් රයිස් කන්න ඕන වෙලා. මගෙන් අහනවා" මචං හුගක් කාලෙකින් ප්‍රයිඩ් රයිස් කෑවෙ නෑ ...
කවි මඩුවට ගියා කිරිපුතාගෙ විත්ති අවුරුදු 4කට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ජීවිතේ ගොඩක් වෙනස්වුණා මේ කාලෙ ඇතුලත. එදා වගේ දැන් ගොඩක් බ්ලොග් ලියවෙන්නෙ නෑ වගේ.මේ බ්ලොග් අවකාශෙ සමහර මතකයන් තාමත් සුන්දරයි.ඉස්සර කවි ලියපුවා ආයෙම මතක්වෙලා මූණු පොතේ පොඩි වැඩක් පටන් ගත්තා. කවි මඩුව කියලා පිටුවක්. පුලුවන් වෙලාවට කවියක් ලියාගෙන ඉන්නවා.ඒ පැත්තෙ ඇවිත් බලන්න.කවියට හුරුයි තාමත් ඒ වාගේමලියවෙයි කවිය බුකියේ පිටු අතරේමමතකයි බොලොග් අවකාසේ හමුවීමඉන්නේ ...
මදුරුවගෙ කතා -දෙවෙනි කොටස කිරිපුතාගෙ විත්ති මදුරුවා හැමෝටම විනෝදාස්වාදය සපයනවා කියලා දන්නවනෙ. ඒත් අපට තියෙන ප්‍රශ්නෙ තමයි සමහර ඒවා ඌ අපට ආතල් දෙන්න සිරාවටම කියන කතාද කියලා. ඒ තරමටම තාත්විකයි.සමහර වෙලාවට ඌ කියන කතා වලට අපි හිනා උනාම ඌත් හිනා වෙනවා. මේ පෝස්ට් එකට මදුරුවගෙ කතා - දෙවෙනි කොටස කියලා නම දැම්මෙ. උගෙ කතා මෙගා ටෙලි නාට්‍යයක් වගේ හින්දා.වෙලාවට මදුරුවා ඉන්නෙ අල්ලපු වැටේ. අපේ බෝඩිමේ හිටියනං ...
වාත පොරක් කිරිපුතාගෙ විත්ති මේ කතාව මදුරුවා ගැන. පොර පප්පු තරම් නැති උනත් ඉඳලා හිටලා උගෙ ජන්මගතිය පෙන්නනවා.ඌ ඉන්නෙ ඇන්ටගෙ බෝඩිමේනෙ.දවසක් ඒ බෝඩිමට ඇන්ටගෙ යාලුවෙක් ඇවිත්. යාලුවා ඇන්ටට වෙන පොරක් ගැන කියනවලු."ඌ මහ වාත පොරක් බං" කියලා යාලුවා ඇන්ටට කිව්වලු.මදුරුවට කට පියාගෙන ඉන්න බෑනෙ. ඌ අහනවලු "ඒ වාත පොරක් කියන්නෙ මොකෙක්ද බං? "කියලා. ආයෙ දවසක කොරියා රම්පෙ ගෙනල්ලා.රම්පෙ කොල අතරෙ සේර වගේකුත් තිබිලා. මදුරුවා සේර ...
ත්‍රස්තවාදියෙක් සොයා ගියෙමි කිරිපුතාගෙ විත්ති ඇබැද්දි වෙනකොට එකපිට එක වෙන්නෙ. මේ සතියම මට අපලයිද කොහෙද.ඔන්න අද අපේ නවාතැන්පොලට යාලුවො වගයක් එනවා කියලා කිව්වා. මායි අවිශ්කයයි රෑට කන්න පාන් ගේන්න කියලා කඩේට ගියා. පාන් බාගයක් එකෙකුට මදි හින්දා බාග පාන් ගේන්න කියලා තමයි ගියෙ.කඩේට ගිහින් බලද්දි බාග පාන් හතරයි තියෙන්නෙ. තුන්දෙනෙක් එනවා කිව්වා. ඒක හින්දා තව බාග පාන් එකක් ඕනැනෙ.අපි දෙන්න ගන්දෝ නොගන්දෝ කියලා කල්පනා කර ...
දුක හිතෙන කතාවක් කිරිපුතාගෙ විත්ති අද කතාව නම් ටිකක් දුක හිතෙන කතාවක්. එක දවසක් මම ගෙදර ඉඳලා ආපහු මගෙ නවාතැන්පොලට එන්න බස් එකට නැග්ගා. මම බස් එකේ වාඩි වෙලා ඉන්නකොට අම්මෙකුයි තාත්තෙකුයි දුවෙකුයි පේමන්ට් එක දිගේ ගියා. දුවට අවුරුදු 10ක් විතර ඇති. අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි.හැබැයි ඒ දෙන්නා හොඳට ඉගෙනගත්තු දෙන්නෙක් වගේ තමයි පෙනුණේ.දුවට අවුරුදු 10ක් විතර ඇති. දුව අම්මගෙයි තාත්තගෙයි අත් දෙකේ එල්ලිලා පාරෙ ...
මීයා කූඹියෙක් වෙලා කිරිපුතාගෙ විත්ති සාගර හෙවත් ඇන්ටන් සහ මදුරංග හෙවත් මදුරුවා කියන්නෙ මගෙ අසල්වාසියො. ඒකෙ ඒ දෙන්නයි තව තුන්දෙනෙකුයි තමයි ඉන්නෙ.ටිංටිං හෙවත් උදාර එතකොට පබිලිස් හෙවත් නිරොශන් සහ කොරියා හෙවත් චාමික තමයි මේ බෝඩිමෙ ඉන්න පිරිස.දවසක් උන්ගෙ බෝඩිමේ මීයෙක් මැරිලා. පැත්ත පලාතෙ ඉන්න බැරිලු. ඇන්ටගෙ කාමරේටලු වැඩියෙන් ගඳ දැනෙන්නෙ. ඊට පස්සෙ ඌ කාමරේ පුරාම සෙන්ට් ගහගෙන හිටියලු.ඒත් හරියන්නෙම නෑලු.ඊට පස්සෙ ඌ අල්ලපු කාමරේ ඉන්න ...
මට තවත් ඇබැද්දියක්... කිරිපුතාගෙ විත්ති අද බොහොම සීතල දවසක් නොවැ. ඉන්දියාව පැත්තෙන් සීතල දියවැලක් එනවලු.ඊයෙත් නවාතැන්පොලට එන්න රෑ බෝවෙච්ච හින්ද නාගන්ට බැරි උනා.ඒ හින්දා අද හැන්දැ කොරේ නාගන්ට කියලා සෙට් උනා.නාන්න පටන් අරන් වැඩි වෙලාවක් ගියෙ නෑ. මෙන්න බොලේ ෂවර් එකෙන් වතුර එන එක නැවතුනා.එතකොට තමයි මට මතක් උනේ අවිශ්කයා වතුර ඉවරයි කියලා කරාමෙ ඇරියෙ පොඩ්ඩ වෙලාවකට කලින් කියලා.දැන් ටැංකියට වතුර පිරෙනකං මෙහෙම ඉන්නයැ.මම සබන් ...