මෙන්න ගහනෝ...! කසුන්ට හිතෙන හැටි අලුත් අවුරුද්දට පළවෙනි පෝස්ට් එක කොටන්න යන්නේ.:) හැබැයි කියන්න වෙන්නේ නම් එච්චර ලස්සන කතාවක් නෙමෙයි. කැම්පස් එකේ සෙට් එකක් ඊයේ අපේ පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර සෙට් වුනා. නුවර, පුත්තලම, කුරුණෑගල වගේ එක එක පැති වලින් 6 දෙනෙක් බයිසිකල් වලිනුයි, තව එකෙක් බස් එකෙනුයි ආව. ළඟ පාත හිටපු උන් 4 දෙනෙක් එකෙක්ගේ තී වීල් එකකින් එහෙට ගියා. මාත් ගියේ තී වීල් එකේ. ...
අවුරුද්ද නම් ඒවි, ඒත් ඒ මම හිතපු විදියට නොවේවි කසුන්ට හිතෙන හැටි තවත් අලුත් අවුරුද්දක්ටික දිනකින් ඒවිහැමදාම වගේ මේ පාරත් කොහා උගේ සින්දුව කියාවිඒත් ඒ අවුරුද්ද හිතපු තරම් ලස්සන නොවේවිඅවුරුද්ද ගැන මම දැකපු හීනඑකක් වත් ඉටු නොවේවිඅවුරුද්දට ගෙදර යන්නඔයා මගේ ළඟ නැති වේවිවෙනද පුරුදු පාරේමමම තනියම ගෙදර යාවිනැකත් වෙලාවට ෆෝන් එකෙන්බත් කටක් කවන්න මට බැරි වේවිවැඩ අල්ලන්න ඔයත් එක්කකතා කරන්න මට බැරි වේවිමම හිතපු විදියටමුකුත් වෙන්නේ නැති වේවිඅවුරුදු කාලේ ඔයත් එක්කඇවිදින්න යන්න ...
සඳ පහන් රාත්‍රියක, ඔබ සිහිවූ මොහොතක... කසුන්ට හිතෙන හැටි සඳ පහන් රාත්‍රියක, තරුද නිදන රැයක, ඔබ සිහිවූ මොහොතක, යනාදී වශයෙන් පටන් අරන් ලියපු ඒවා එහෙම අපේ කට්ටියට මතක ඇති. නෑ නෑ මේ පෙම් හසුන් ගැන නෙමෙයි ලියන්න යන්නේ, සමරු පොත් ගැන.:) සමහරු නම් 'මහ දවාලේ', 'නිදි විකාරෙන්', වගේ ඒවත් ලියනවා.:) පොතක් හොයන්න පරණ පොත් ටික අදිනකොට ඕලෙවල් කාලේ ඔටෝ එක හම්බවුනා. පොත හොයන එක පැත්තක තියලා මම ඒක කියෙව්වා. ...
කල්පනා (III කොටස) කසුන්ට හිතෙන හැටි ඔබ නැවතත් මේ එකතු වී සිටින්නේ යුගයේ දියාරුම ආදර කතාව සමගයි. මම කල්පනාට ආදරේ ප්‍රකාශ කරන තැනට එනකල් කලින් කොටස් දෙකේ කිව්වා නේ. මුල් කොටස් දෙක බලනවා නම් මෙතනින් යන්න.කල්පනා (I කොටස)කල්පනා (II කොටස).................................................................................................................................................................කොහොමහරි ජීවිතේට මුන ගැහිල නැති, අඩුම ගානේ කෝල් එකක්වත් දීල නැති කල්පනාට මම ආදරෙයි කියල කිව්වා. පස්සෙ දවසෙ මම දැන් බලාගෙන ඉන්නවා උත්තරයක් එනකල්. එදා චැට් එ
කල්පනා (IV කොටස) කසුන්ට හිතෙන හැටි ස්ට්‍රයික් එක නිසා විභාගේ කල් යනවලු..... එපා වෙනවා අලේ, දන්න මගුලක් ලියල ඕව ඉක්මනට ඉවර කරලා දාන්න පුළුවන් නම් හිතට නිදහස් නේ. විභාගේ කවද පටන් ගනීවිද කියන්න බැරි සීන් එකක් දැන් තියෙන්නේ. ඉතින් විභාගෙත් කල් යන එකේ මම හිතුවා යුගයේ දියාරුම ආදර කතාවේ තව කොටසක් කොටල දාන්න. අපරාදේ නේ නිකන් වෙලාව නාස්ති කරන්නේ.:) කලින් කොටස් බලනවා නම් මෙතනින් යන්න.කල්පනා (I ...
පොඩි පොඩි කතා ටිකක් කසුන්ට හිතෙන හැටි සති එකහමාරකින් විතර මේ පෝස්ට් එකක් දාන්නේ. මම කලින් පෝස්ට් දෙකේම කිව්වනේ වැඩකට හිර වෙලා ඉන්නේ කියල. ඒක නිසා කමෙන්ට් කලේ වත් නෑ. වැඩියත්ම කමෙන්ට් එකක් දාන්න වත් හිතට නිදහසක් තිබ්බේ නෑ. කොහොමහරි ඒ කාර්යාබහුලකම නිසාම හිත රිදෙන දේවලුත් වුනා. හරි හරි ඒවා වැඩක් නෑ. ඊයේ පෙරේදා දවස් දෙකේම ෆිල්ම් බලපු එක තමයි කලේ. තරහ නැති වෙනකල්ම ෆිල්ම් බැලුව.:D දැන් ...
අයිතීන් උදෙසා කාන්තාවෝ කසුන්ට හිතෙන හැටි හැමදාමත් අයිතිවාසිකම්,කතා කරමුදඑකම එක දවසක් වත් යුතුකම් ගැනත්ප.ලි. මේ පොස්ටරේ තිබුනේ අපේ හොස්ටල් එකේ තාප්පේ. මේක මම දැකපු දවසෙම දාන්න හැදුවේ. ඒත් එතකොට මේක ඇඩ් එකක් වෙනවනේ, ඒ නිසා මේ දවස පහු වෙනකල් ඉඳල දැම්මේ.;) ...
බලා හිඳිමි මම කසුන්ට හිතෙන හැටි ඇයි ඔච්චර ආඩම්බරඑන්නකෝ මගේ ලඟටබලන් ඉඳල බලන් ඉඳල ඇති වෙලා මට දැන් හොඳටමසති දෙකක් තිස්සේ ඉඳන්බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්නඒත් ආඩම්බරකාර නුඹයන්නෙම තව ඈතටදන්නේ නැහැ නුඹ තවමකෙතරම් වටිනවාද නුඹ මටමගේ හිත රිද්දන්නමදයන්නේ තව තව ඈතටදැන් නම් මට මල හොඳටමඉවරයක් කරලා දාල මේ මගුලගෙදර යන්න ඉක්මනටමදැන්වත් වරෙන් විභාගේ උඹ ...
පමාවී පැමිණි වසන්තය කසුන්ට හිතෙන හැටි සුමුදු මුදු සඳ කිරණඑළියයි වෙනදාට වැඩියෙන් අදහමන මුදු මද පවනසුවයයි ගෙනෙන්නේ ගතටපිපිණු මල් වල සුවඳසුවඳයි වෙනදාටත් වැඩියකිමද මේ අරුමය වසන්තය උදාවීද මගේ ලොවටපෙර කිසිදා නැති ලෙසටහැඩ වෙලා මගේ ලොවමේ නම් වසන්තයමැයිඋදා වූයේ මගෙ ලොවටවසන්තය ඔබ,පමා වූවා හොඳටමඑන්නට තිබුනේබොහෝ කලකට පෙර කටුක ගිම්හානය රිදෙව්වා මා හොඳටමඑපා කිසිදා හැරයන්නට මගේ ලොවසොඳුරු වසන්තයේ සැනසෙන්නට ඉඩ දෙන්නපොරොන්දුවක් වෙන්නහැමදාටම ඔබ මට..හැමදාමත් මේ ලෙසට මගේ ලොව ...
ඔබේ සුසුමින් මාද ජීවත් වෙමි. කසුන්ට හිතෙන හැටි ධනුක නැවතත් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව 12.27යි. ඔහුගේ නොසන්සුන් කම තව තවත් වැඩි වන්නට විය. ඔහුගේ ගතත් සිතත් දෑසත් හොඳටම හෙම්බත් වී ඇති සෙයකි. එහි පැමිණ සිටි දහසක් දෙනා අතර ඔහු ඔහුට හිමි ආදරණීය මුහුණ සොයන්නට විය. එහෙත් ඔහු තව තවත් වෙහෙසටත්, කණස්සල්ලටත් පත් වූවා මිස ඔහු සොයන මුහුණ ඒ අතර නොවීය. ඔහු පෙර දින කීපයේ මතක අතර සැරිසරන්නට විය. ...
හලේ... ඇයි මටම මෙහෙම වෙන්නෙ? කසුන්ට හිතෙන හැටි අවුරුද්ද ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවනේ. ඒක නිසා මම ඒ ගැන ලියන්නෙ නෑ කියල හිටියෙ. හැබැයි මට මේ දැන් වෙච්ච අකරතැබ්බය ගැන නම් ලියන්න ඕන කියල හිතුන. කන්න ලැබෙන කල් කරන්න දෙයක් තියෙන්නත් ඕන නෙ. ඒක නිසා ලියලම දානව. දැන් ඔන්න ලිප ගිනි මොලවන්න ඔක්කොම ලේස්ති කරල තියෙන්නෙ. ප්‍රධාන ලිපේ වැඩේ කුස්සියේ යන අතරෙ කිරි උතුරවන සෙග්මන්ට් එක ...
දැන් නැගිටින්න වස්තුවේ, පරක්කු වෙලා කසුන්ට හිතෙන හැටි ඇය හා මා හමුවීමට තීරණය කරගත් වෙලාව පසුවී විනාඩි 10ක් ගතවී ඇත. මගේ හද ගැස්ම වේගවත්ය. මොහොතින් මොහොත ෆෝන් එක ගෙන වෙලාව බලමි. මා අසල වාඩිවී සිටි තරුණ යුවලට මාගේ අපහසුතාව දැනෙන්නට ඇත. ඔවුන් මා දෙස බලා සිටිති. ඔවුන් මා දෙස බලා සිටින්නේ අනේ පව් කියන්නාක් මෙනි. මේ ඇය හා මාගේ පළමු හමුවීම නොවුවත් මම කිසි විටක ප්‍රමාද වී ඇයව ...
දරුවනි උඹලා මෙතරම් ගුණමකු වූයේ කෙසේද? කසුන්ට හිතෙන හැටි මා මේ ලිපිය ලියන්නේ තරමක් ආවේගයෙන් සහ කලකිරීමෙනි. මෙය පෝස්ට් එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් ලියන්නක් නොව හිතේ ඇතිවූ ආවේගයට හා කලකිරීමට ලියවෙන්නකි. මම අද ලොකු අම්මා සමග දානයකට සහභාගී වුනෙමි. ඒ වැඩිහිටි නිවාසයක දානයකටය. එම වැඩිහිටි නිවාසය මගෙ නිවසට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුනේය. අප රාත්‍රී ආහරය රැගෙන යන විට ඔවුන් තැන් තැන් වලට වී අප එන තුරු බලාසිටියෝය. රෑ වුනු පසු ...
ජීවිතේ සුන්දරද මෙතරම් කසුන්ට හිතෙන හැටි ගොඩක් දවසකින් තමයි මේ පෝස්ට් එකක් දාන්නෙ. විභාගයකට පාඩම් කලා. බාගයක් ඉවරයි, ඉතුරු බාගෙ අවුරුද්දෙන් පස්සෙ තියෙන්නෙ. අනිත් අයගෙ පෝස්ට් කියව කියව තමයි හිටියෙ. දාන්නෙ මොකක්ද කියල හිතනකොට මට කල්පනා වුනා ලස්සන සිද්දියක්. මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්නකොට දැකපු සීන් එකක්. ඒක මට ගොඩක් හිතට වැදුන දෙයක්. හරි දැන් නමස්කාරෙ කිව්ව ඇති කතාවට එමුකො.ලෙක්චර් ...
අක්කා නැති අපට බඩගිනි වෙන්න එපා....! කසුන්ට හිතෙන හැටි අම්මියෝ, ගොඩක් කාලෙකින් මේ මොනවහරි කොටන්න කියල ලේස්ති වුනේ. ගොඩක් දවසකින් බ්ලොග් එකක් කියෙව්වේවත් නෑ. දන්නෙ නැද්ද ඉතින් ඔය හිටීගමන් එක එක ප්‍රශ්න එනවනෙ.:) අද ලියන්න හදන දේ නිකන් ආත්මානුකම්පාව පිටකිරීමක් වගේ දෙයක්. පොඩි කාලෙ ඉඳලම මට ලොකු අඩුවක් විදියට දැනුනු දෙයක් තිබුනා. අදටත් ඒ අඩුව කිසි අඩුවක් නතුව ඒ විදියටම මට දැනෙනව. සමහර විට ඒක එදාටත් වැඩිද කියලා හිතෙනවා. ...
ගෑණු හැමෝම මෙහෙමද හිතන්නේ? කසුන්ට හිතෙන හැටි මම මේ ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි ලියන්න යන්නේ. ඉස්සරහට පෝස්ට් තුන හතරකටම ප්ලෑන් එකක් හදාගෙනයි මම හිටියේ. ඒත් මේ දේ නොලියම බෑ. ඔව් මම ලියනවා. හවස් වරුවම ගොඩක් කල්පනා කළා. ඒ දේ අමතක කරල දාන්න ගොඩක් උත්සාහ කළා. ඒත් ඒක අමතක කරලා දැක්කේ නෑ වගේ ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්තිමට තීරණයක් ගත්තා ඒ ගැන ලියනවා කියලා.මම හවස බොහොම ලස්සන ...
මට ලියනු බැරි කවිය ඔබ කසුන්ට හිතෙන හැටි කවියෙක් නොවෙයි මමසොඳුරු පද වැල් ගොතන්නටඒත් ආසයිඔබ ගැන කවියක් ලියන්නටතෙරපෙන හැඟුම් සිත තුලකවියෙක් කරයි මා සිතමටත් ආසයි ඔබ ගැන කවියක් ලියන්නටපන්හිඳ නිසලයි තවමඅසරණයි මගේ කවි සිතඔබ ගැන ලියන්නටවචන මදි මට හොඳටමනිදි වරා රෑ තුන්යමවෙහෙසිලා හිත හොඳටමඒත් තාමත්මට ලියනු බැරි කවිය ඔබපද ගලපගනු බැරි අසරණ වූ කවියා මමමට ලියා ගනු බැරිසොඳුරුතම වූ කවිය ඔබ ...
මෙන්න කරනවා නම් ලොවෙත් බිස්නස් එකක් කසුන්ට හිතෙන හැටි සැපට ජීවත් වෙන්න සල්ලි ගොඩක් වැදගත් දෙයක්. (සතුටින් ඉන්න නෙමෙයි හොඳද, සැපට ඉන්න. සතුටින් ඉන්න නම් සල්ලි එච්චර වැදගත් දෙයක් නෙමෙයි.) ඉතින් එහෙම සැපට ඉන්න හැමෝම කැමතියි නේ. ඒ නිසා අපි හැමෝම කැමතියි නේ කීයක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන් නම්. එහෙම නේද? ඒක නිසා අපි රස්සාවකට අමතරව තව විවිධ ආයෝජන කරන්න පෙළඹෙනවා. ප්‍රාතමිකම ආයෝජන ක්‍රමය ඉතුරු කිරීමේ ගිනුමක දාන එකනේ. ...
අඩුව කසුන්ට හිතෙන හැටි සීතම සීත සැඳෑ මදනල පිසගෙන හමන මා ගතකොඳුරන්නේ රහසක් මට හෙමි හෙමින් රහසේමහමන මුදු මද නලහිරිගඩු පිපෙන සීතලපෙළන්නේ මා ගතඑපමණක් නොව සිතදනිරුවත් උඩුකයට දරණු බැහැ මේ සීතලකිලිටි වූ කමිසයටමඩිනු හැකිවෙද මේ දරුණු සීතලජීවිතේ තනිකමමා වෙලාගත් පාළුවහමන මේ සැඳෑ මද නලකියාදෙන්නේ දෝ මටනැති වෙන්නට මේ සීතලතුරුළු වෙන්නට උණුසුමටකෙනෙක් හිටියා නම් මටමාත් බය නෑ මේ සීතලට :D :D :D :D :D :P ...
තවත් එක් (කෙටි) කතාවක් කසුන්ට හිතෙන හැටි හිරුගේ තද හිරු රැස් පහව ගොස් පරිසරය සෞම්‍ය ස්වභාවයක් ගනිමින් සිටියේය. එහෙත් ඒ සෞම්‍ය බව විඳ ගැන්මට තරම් මා වාසනාවන්තයෙක් නොවීය. දින ගණනක් අතු නොගෑ මිදුල, උසට වැවී තිබුණු තණකොළ, වියලී ගිය මල් ගස්, මවා පෑවේ අත්හැර දැමූ නිවසක අකාරයක්ය. දින ගණනක් පුරාවටම අවට නිවෙස් වලින් තම ආහාර වේල සපුරා ගත් ටිකිරා ඒ ගැන කිසිදු තරහක් ඇති කර නොගෙන තවමත් ...