චානිකා ( I කොටස) කසුන්ට හිතෙන හැටි ගොඩක් දවසකින් ගෙදර ආවේ. ඇඟ අඩු කරගන්න කියල සෙට් එක දාල දැන් මුලු ඇඟම රිදෙනව. දැන් නම් ටිකක් අඩුයි. සෙට් එක දාපු මුල්ම දවසට පස්සෙ දවසෙ නම් පුදුම සනීපයක් තිබුනේ. අතක් පයක් එහාට මෙහාට කරගන්න පුදුම ගේමක් දෙන්න ඕන. හොස්ටල් එකේ තට්ටු තුනක් නගින එක නිකන් සිරීපාදේ නගිනව වගේ වැඩක් ඒ දවස් වල. තට්ටු දෙකේ ඇඳේ උඩට නගින එකයි බහින ...
අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් කසුන්ට හිතෙන හැටි ගොඩක් කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. මගේ ලැපී මේ දවස් වල පිස්සු කෙලිනවා. කමෙන්ට් එකක් දාන්න පවා හරි අමාරුයි. එහෙමයි කියල ඇතෑරියෙ නෑ, කමෙන්ට් නම් කලා. මම ටික දවසක ඉඳල එක සිද්ධියක් ගැන ලියනවද නැද්ද කියල හිත හිත හිටියෙ. පස්සෙ හිතුව ලියනව කියල. ඇත්තටම මේව කියන්නත් ලැජ්ජයි. කමක් නෑ ලියනව, එකෙක් හරි මේ දේ ගැන හිතල බැලුවොත් ඒකත් ලොකු දෙයක්.ලොකු ...
උකුලට නාවත් එදා වගේ, මා ඔබෙ පුතු අම්මේ කසුන්ට හිතෙන හැටි ඉස්තෝප්පුව අතුගා දූවිලි ටික ඉස්තෝප්පුව කොනේ වූ මල් පඳුර මුලට එකතු කල කාන්ති කොස්සත් රැගෙනම උලුවස්සට හේත්තු වූවාය. ගේ දොරකඩ වූ පිච්ච පඳුර මලානික බවක් උසුලයි. විවර කර තිබූ ගේට්ටුව දෙසත් ඉන් එහාට දිවෙන මාවත දෙසත් ඇය අරමුණක් නැතිව මෙන් බලා සිටියාය. හිරුගේ අවසන් කිරණත් කෙමෙන් කෙමෙන් මැකී යද්දී කාන්තීට හිරු දෙස බැලුනේ නිරායාසයෙනි. බැසයන හිරුගේ වෙනදා දුටු ලස්සන දැන් ...
චානිකා ( III කොටස) කසුන්ට හිතෙන හැටි එන්න එන්නම වැඩ ගොඩ ගැහෙනවා නෙ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් දාන්න වුනේ නෑ. හලේ තරහ වෙන්න එපා හොඳේ. මගේ අන්තිම පොස්ට් එකට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත් වුනේ නෑ. පරක්කු වුනොත් මුල කොටස් දෙක කියවපු අයට කතාව අමතක වෙන නිසයි මේ ලැබුන වේලාවෙන් තව කොටසක් දාන්නේ. නැත්තන් වැඩේ චා වෙනවනේ. කලින් පෝස්ට් දෙකෙන් මගේ පළවෙනි ආදර කතාවෙ ෆස්ට් ශයි ...
චානිකා ( II කොටස) කසුන්ට හිතෙන හැටි කලින් පොස්ට් එකෙන් මැට්ට, මෝඩය වගේ ආදරණීය වචන කීපයක්ම අහගත්තා.:) හැබැයි මම නම් හිතුවේ බූරුවා, හරකා වගේ වචනත් අහගන්න වෙයි කියල.:D ඒ අස්සේ මහිමයට හෙන ආතල් එකක් ගිහින් උගේ නම කට්ටිය මට කිව්ව කියල.:P කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලල එන්න. හරි දැන් කතාවට එමුකෝ. දැන් ඔන්න මම අර කලින් කියපු විදියට බොහොම බුද්ධිමත් විදියට, ලස්සනට ලියුම ලියල ...
දන්සැල කසුන්ට හිතෙන හැටි ඇති තරම් බෙදාගෙන කන්නට හොඳ අතුරුපසකුත් එක්කමඕනෑ තරම් කෑම තියන පුංචි උඹේ දන්සලරටේ ලෝකෙ කවුරුත්මඇවිත් කා බී සතුටු වී යනඋන්ගෙ සතුටමද උඹේ සතුට?නොතේරේ නංගියේ මටවරදීවි දවසක උඹටඅසරණ වේවි හොඳටම ඔය දන්සලෙන් කාපු කවුරුවත් එදාට නැතිවේවි උඹේ ළඟදුකයි මට උඹ ගැනඋඹ ඔය යන විදිය ගැනඒත් මොනව කරන්නද මාත් හරි ආසයි උඹේ දන්සලටඅතෑරපන් ඔය මෝඩකමපාලනය කරගනින් ඔය ආසාවදැන්වත් හොඳට තේරුම් අරන් ...
ආයෙමත් වතාවක් කසුන්ට හිතෙන හැටි කතා කරනකොට හුරතල් වෙවීආයෙත් මගෙ දැහැන බිඳේවිඒ ලස්සන වචන වලටමගේ හිත ඇදිල යාවිආයෙමත් වතාවක් මමලස්සන හීනයක තනි වේවිහැමදාමත් වගේම ආයෙත්මට ඔයා නැතුව බැරි වේවිඒත්.... ඔයත් දවසක යන්න යාවිඑදාට මම ආයෙත් තනි වේවිආයෙත් පාරක් නම් මටඒ දුක දරාගන්න බැරි වේවිමෙතෙක් කල් සිටි ලෙසමමට ඉන්න හැකි වේවිමවෙත ලං වනු එපාඔබත් මට දුක දේවි ...
ඇගේ තනියට රැය පහන් කළෙමි කසුන්ට හිතෙන හැටි හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව ...
නමක් නැති තවත් කතාවක් කසුන්ට හිතෙන හැටි කැම්පස් පටන ගත්ත නිසා වැඩිය බ්ලොග් පැත්තෙ සැරිසරන්න වෙලාවක් නෑ දැන්. ෆලෝ කරපු බ්ලොග් ටිකවත් ඔක්කොම කියවන්න වුනේ නෑ. අපි දැන් බිසි, ෆයිනල්ස්ල නෙ. :P අද නම් පොඩි ඉඩක් හම්බවුනා පෝස්ට් එකක් කොටල දාන්න. මේ දවස් වල තව කෙටි කතාවකුත් පොඩ්ඩ පොඩ්ඩ ලියාගෙන යනව. :) දවස් දෙකක් තිස්සෙ ලියන්න හිතන් හිටපු දෙයක් ගැන ලියන්න යන්නෙ. මම කැම්පස් එන්නෙ හිතාගෙන පෙරේද ...
මෙන්න ගිලෙනෝ....! කසුන්ට හිතෙන හැටි අදත් පොඩි බ්රේක් එකක් ලැබුනා. රිසර්ච් එකට අමාරුවෙන් ගැට ගහගෙන ප්‍රපොසල් එකක් ලියාගෙන ගියාම ඒක කිසිම හිතක් පපුවක් නැති විදියට ඒක මදි කිව්වනේ අපේ සර්. ඊට පස්සේ විස්තර අහගන්න කෙනෙක්ව හම්බ වෙන්න යන්න කිව්වා. දැන් ඉතින් ඒ ගමන යනකල් කරන්න වැඩක් නෑ. ඒක නිසා ඉතින් දුවගෙන මේ පැත්තට ආව. කලින් පොස්ට් එකටත් කමෙන්ට් දාපුවට රිප්ලයි කරන්න වුනේ නෑ.මේ දවස් වල ...
අම්මෝ 50 යි කසුන්ට හිතෙන හැටි ඔන්න ඉතින් අද කසුන්ට, ඒ කිව්වේ මට, ගොඩක් සතුටු සහ වැදගත් දවසක්. මම දැන් මේ ලේස්ති වෙන්නේ මගේ 50 වෙනි පෝස්ටුව කොටන්න. හ්ම්ම් කොහොමද පටන් ගන්නේ? මම 50 වෙනි පෝස්ට් ඒකෙ ලියන්න ඕන දේවල් 44, 45 වගේ පෝස්ට් වල ඉඳලම හිත හිත හිටියේ. දැන් මට ඒ ටික ගලප ගන්න බෑ.:) ඉතින් මේ කියන්න හදන්නේ මම ආපු ගමන ගැන සහ ඒ ...
නොපතමි යලි ඔබව කසුන්ට හිතෙන හැටි අතීතයේ දවසකනොසිතූම මොහොතක හැරදමා තනිකර යන්නට ගියේ ඔබ මා මැවූ නෙක සිහිනකඩා සුනු විසුනු කරඅඳුරු කර මගෙ ලොවමගියේ ඔබ ඈතකටකොයිතරම් කිව්වත්කොයිතරම් හැඬුවත්තේරුම් ගත්තේ නෑ ඔබ මගේ සිත..රලු වූයේ කෙලෙසඔය තරමටමනොතේරෙන්නට මගෙ දුක..දුකයි මට ඔබ නැතුවපාලුයි මගෙ හිතටවිඳවමි සිතින් මමඔබේ මතක ලොව තුලමඑනමුදු කිසි දිනක නොපතමි යලි ඔබවමට උරුම තනිකමමදැන් හොඳට හුරුයි මට ...
කසුන් ගාමන්ට් ගියාය කසුන්ට හිතෙන හැටි කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. කියෙව්ව මිසක් ලියන්න මූඩ් එකක් තිබුනෙ නෑ පහුගිය දවස් වල. අපූරු පෝස්ට් සහ අපූරු කමෙන්ට් කියව කියව හිටිය. ලියන්න විශේෂ දෙයක් තිබුනෙත් නෑ. මට ඊයෙ මූන දීපු අත්දැකීමක් ගැන ලියන්න හිතුන. තාමත් අපේ කැම්පස් පටන් ගත්තෙත් නෑ නෙ. දැන් ඔන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වැටුප් විශමතා අයින් කරන්න කියල පෝස්ටරයක් ගහල. ඒ කියන්නෙ තව ස්ට්‍රයික් එකක් ...
තාත්තෙ මට අරවයින් එකක් අරන් දෙන්නකෝ කසුන්ට හිතෙන හැටි සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.මොහොතකින් බලනවිට ...
"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී" ද? කසුන්ට හිතෙන හැටි දහම් පාසල් පොතේ කවියක් තියනව නේද, "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී" කියල? තනි කෙප්ප. ඕක කියපු කෙනා පොඩ්ඩක් හම්බවෙන්න ඕන. දෙකක් කියන්න, පොඩි එවුන්ට බොරු කියනවට. දුක සැප නෙමෙයි, උන්නද මලාද බලන්න එකෙක් නෑ. අනේ උන්ගෙ වැරද්දක් නෙමෙයි ඉතින්. හැමෝම රස්සාවලට ගිහින්, ඇත්තටම උන්ට වෙලාවක් නෑ. ඉස්සර අපි කොච්චර නම් ෆන් එකේ ...
ආදරය, විවාහය හා විවාහයෙන් පසු ආදරය කසුන්ට හිතෙන හැටි මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා ...
දෑස පියාගෙන කිමද (I කොටස) කසුන්ට හිතෙන හැටි "කෝ ඉතින් කට අරින්නකෝ.""අනේ ඇති අනේ.""නෑ නෑ, මේ ටිකත් කන්න ඕන.""අයියෝ දැන් බඩ පිරිල ළමයෝ.""මේ චුට්ටත් කන්නකො පැටියො.""අයියො කාට කියන්නද ඉතින්?""එහෙම තමයි මම කවනකොට, ඔක්කොම කන්න ඕන.""අපරාදෙ කවන්න කිව්වෙ. තනියම කෑව නම් ඉවරයි."ඇයගෙ මූන වෙනස් වූයේ මා බලා සිටියදීමය. මෙතෙක් වේලා ඇයගෙ මුව සැරසූ සිනහව කොහෙන් ගියාද නැත. හොඳින් අනා තිබූ බත් කට පිඟාන දෙස බලාගෙනම ඈ නැවතත් අනන්නට විය. ...
මා මළ පසු මගෙ සොහොනේ දුක් ගීයක් ලියනු මැනවි කසුන්ට හිතෙන හැටි දන්නවා ඔබ හොඳහැටිමදකින්නට බැරි බව ඔය ඇස් වල කඳුලු මටදැන දැනත් ඒ වගහඬන්නේ මෙලෙස කිම වැතිරී මගෙ සොහොන මතදන්නවා නම් මමහඬන බව ඔබ මේ තරම්මමියැදෙන්නේ නෑ කිසි දිනකඔබේ ලඟින්ම සිටිනු මිස.ප.ලි. මට මේ ෆොටෝ එක ලැබුනෙ facebook එකේ තිබිල. මට නම් මේක දැක්කම ගොඩක් දුක හිතුන. ...
අවේලාවේ කාමරයට පැමිණි අමුත්තිය කසුන්ට හිතෙන හැටි කාලෙකින් මේ මොනව හරි කොටන්න කියල ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා විභාගේ නිසා. විභාගේ අස්සෙත් පොඩි නිසදැස් කෑල්ලක් දැම්මා. කොහොමහරි ඔන්න විභාගේ යන්තං ඉවරයි. ඒක ඉවර වුනාට අපේ රිසර්ච් එකේ තව කෑල්ලක් පෙබරවාරි මාසේ මුල දෙන්න තියනවා. දැන් ඉතින් අනිත් පැත්තට ඒකෙ වැඩ පටන් ගන්න ඕන. ඒ වැඩ පටන් ගන්න කලින් මොනවා හරි ලියන්න ඕන ...
කසුන්ට අවුරුද්දයි කසුන්ට හිතෙන හැටි කවදාවත් නැතුව එක පෝස්ට් එකක් දාල දවසකින් තව පෝස්ට් එකක් දාන්න යන්නේ. මොකද අද මට ටිකක් විශේෂ දවසක්. හ්ම්ම්! ඔන්න ඉතින් අදට, ඒ කිව්වේ මාර්තු 14 වෙනිදට කසුන් කියන චරිතය ඉපදිලා අවුරුද්දක් වෙනවා. 2011 මාර්තු 14 තමයි මම බ්ලොග් කෑල්ලක් හදාගෙන මුලින්ම පොස්ට් එකක් දැම්මේ. අද ලොකු හෑල්ලක් ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. 50 වෙනි පෝස්ට් එක දාලත් වැඩි දවසක් ...