කල්පනා (I කොටස) කසුන්ට හිතෙන හැටි හ්ම්ම්... අවසානය දවසින් දවස කිට්ටු වෙනවා. තව ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් සති ගානක් ඉතුරු වෙලා තියෙන්නේ. සෑම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන් වීමකින් කියනවා නේ. මටත් ඒ වෙන් වීමට තව පොඩි කාලයයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම නම් ඒ ගැන දුකක් නෑ, ඒත් ඉස්සරහට මොනවා වේවිද කියලා දන්නේ නෑ. බලමුකෝ! දැන් හැමදේම කාලයට බාරදීල ඉන්න මාත් පුරුදු වෙලා. කිසි දෙයක් ගැන ...
අවසන් කවිය කසුන්ට හිතෙන හැටි ඔබ නමට ලියවෙනමෙයයි අවසන් කවතවත් මේ පන්හිඳෙන්නොලියවෙයි කවි ඔබ ගැනමතක ඇත්නම් ඔබටපෙර දිනක ඔබ නමටසෙනෙහසින් පද බැන්දපුංචි කවියක අරුමයඅසම්පූර්ණයි තවමඔබ නමින් මා ලියූ කවියඅත් හැර දමන්නට එයසිත නොනැමෙයි කිසි විටවෙහෙසයි දැන් සිත හොඳටමගලපගන්නට බැහැතවත් මේ පද මට... වෙහෙසුනත් කොයිතරම්අර්ථයක් දෙනු බැහැ මේ කවියටනික්මෙන්නට කාලයයිඅතැර හැර ඒ කවිය නොගැලපෙන පද ගොඩක් මැදතවත් හරඹයක ඵල කිම තරහක් නෑ කිසිමඑළිසමය නොවූවාටමගේ කවියට නුඹ...මට ...
කල්පනා ( V කොටස) කසුන්ට හිතෙන හැටි අම්මියෝ යාන්තන් අර විභාග කියන ජාතිය ඉවර වුනා. පස්සට ගිහින් ගිහින් අන්තිමට කොහොමහරි ඔන්න තිබුන. අපිත් ඉතින් ගිහින් ලියල ආව. තව චුට්ටෙන් ලේක්චර්සලා ගේ ස්ට්‍රයික් එකත් සෙට් වෙනවා. නූලෙන් විභාගේ ඉවර වුනේ ඊට කලින්. විභාග ඉවරායි කියල වැඩ නම් ඉවර නෑ මේ මාසේ ඉවර වෙනකල්ම එක එක සබ්මිෂන් තියනවා. ඒ අතරේ පොඩි ඉඩක් ලැබුන නිසා මේකේ තව කෑල්ලක් ලියන්න කියල ...
සයිබරයේ අපේ මිනිස්සුන්ගේ මනුස්සකම! කසුන්ට හිතෙන හැටි අද මේ මගේ පෝස්ට් එකක් දාන්න නෙමෙයි හදන්නේ. සුන්දර හදවත් තියන සයිබරයේ අපේම මිනිස්සුන්ගේ තවත් බොහොම සුන්දර උත්සාහයක සාර්ථකත්වයේ සතුට බෙදාගන්නයි මේ පෝස්ට් එක දාන්නේ. මගේ කතා ඕන නෑ නේ, ඔන්න මම ඒ ගැන ලියවුනු පෝස්ට් එක එහෙමම දානවා. ඒ සඳහා පූර්ව අනුමැතිය ලැබිලා තියෙන්නේ.අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ...
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා කසුන්ට හිතෙන හැටි පහත කවි පෙළ අමරදේවයන්ගේ 'පැලේ පැදුර හේනට අරගෙන යනවා' ගීතයේ තාලය සිහි කරගෙන කියවන මෙන් ඉල්ලා සිටිමි. මැච් එක බලා බත් එක මට මිස් වෙනවාකැන්ටිම වසා කන්නට තැන් නැති වෙනවාපාරේ කඩත් වහලා දැන් නිදියනවාරෑට කන්න මොකවත් මට නැති වෙනවාබඩගින්දර ඉවසන්නට බැරි වෙනවාහිතේ ගින්න ඊටත් දැන් වැඩි වෙනවාදවල් කාපු බත් එක මට සිහි වෙනවාහිතේ දුකට එතකොට කවි කියැවෙනවාහෙට උදේට ලෙක්චර් එක ...
චානිකා (අවසාන කොටස) කසුන්ට හිතෙන හැටි කතාව හිතුවට වඩා දික් වුනා. පටන් ගත්ත එක ඉවර කරන්නත් ඕන නේ, ඒක නිසා අද නම් මේක කොහොම හරි කියල ඉවර කරනවා, හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. සෙකන්ඩ් ශයි එක පටන් ගත්ත හැටිත් කිව්වනේ. අද තියෙන්නෙ සෙනසුරාද දවසේ වැඩසටහන් විස්තරේ කියන්න. කලින් කොටස් බැලුවේ නැත්තන් මෙන්න පාර. චානිකා (I කොටස)චානිකා (II කොටස)චානිකා (III කොටස)ඊට කලින් මම ජීවත් වුන පසුබිම ...
කල්පනා (අවසාන කොටස) කසුන්ට හිතෙන හැටි අම්මියෝ කස්ටියට මාව මතකද මන්ද.:/ අමාරුවෙන් හරි මතක් කරගන්න ඉතින්...:D ඔන්න දැන් නම් ඉතින් කැම්පස් වැඩ ඉවරයි. විභාගත් ඉවර වෙලා ප්‍රතිඵලත් ඇවිත් තියෙන්නේ දැන්. ඒකත් යන්තං ඉවරයි. දැන් කොල්ල රස්සාවකුත් කරනවා. හැබැයි ඒ ගැන කතා නොකර ඉමු. මට දැන් සංසාරෙම එපා වෙලා තියෙන්නේ. තනි මිනිහෙක් පැය 8ක් 9ක් කොහොමද කියන්නකෝ පුටුවක වාඩි වෙලා ඉන්නේ.:D දවල් වරුවම හොස්ටල් එකට වෙලා නිදාගෙන ...
අද හොඳම දවස කසුන්ට හිතෙන හැටි විඩාබර දෙනෙත් මතසිහිනයක් තවරන්න,ගිලන් වූ මේ කයටසැනසුමක් ලැබ දෙන්න,ඉඩක් ඇත්නම් ඔබටබිඳක් මා වෙත එන්න,හොඳම දවස අදඑන්න හැකිනම් ඔබට.තුරුලට ගෙන මාහිස පිරිමදින්නට,සුන්දරම සිහිනයක මාව සතපවන්නට,දහසකුත් වේදනාඇසිල්ලක පහව යන්නට,හොඳම දවස අදඑන්න හැකිනම් ඔබට.රාත්‍රිය තව දිගයිතවම මග බලමි මමහොඳම දවස අද කියන්න, එනවාද ඔබ...පැයකටත් වැඩිය ඇඳේ පෙරලි පෙරලි ඉඳලා, බැරිම තැන දමල ගහල නැගිටලා, වෙන කරන්නම දෙයක් නැති නිසා නිදි දෙව්දුවට කවියක් ...
බාල කාලෙ මතකය කසුන්ට හිතෙන හැටි කාලෙකින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේ දවස් වල වැඩ ගොඩ ගැහිල. ෆයිනල් ඉයර් එක පටන් ගත්ත ගමන් නිසා වැඩ වැඩියි. අනිත් එක රිසර්ච් එකක් කරන්නත් ඕන, ඒකත් පටන් ගත්ත විතර නිසා එක එක වැඩ ගොඩයි. අද පොඩි බ්රේක් එකක් ලැබුන. හරි හරි වැඩි කතා මොකටද නේද?ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ ගොඩක් අයට හිතෙනවනෙ ආයෙත් ...
මට හෙනම මළ උඹ එක්ක කසුන්ට හිතෙන හැටි වදකාර හිත, මට හෙනම මළ උඹ එක්කපොඩ්ඩක් ඇත්තන් ඇතිකොහේ හරි පැටලෙන්නපොඩිම පොඩි දෙයක් අල්ලගෙනගව් ගනන් දුරට යන ලොවෙත් නැති හෙන උසට අහසෙ මාලිග හදනඇත්තටම උඹට පිස්සුද? මට හෙනම මළ උඹ එක්කඅන්තිමට කෙලවගෙන එන්නෙපා මගේ ලඟටඋඹේ ඔය ගොන් කමටකරන්න නම් දෙයක් නෑ මටඒ සිරාවටම, මට හෙනම මළ උඹ එක්ක. ...
ඔබා මාමේ ඔබට නිවන් සුව....! කසුන්ට හිතෙන හැටි අද දවසෙම බ්ලොග් අවකාශේ කියවෙන්නේ එකම දෙයක් ගැන. ඒ කාටත් නොකියම අපි අතරින් යන්නම ගිය ඔබා මාම ගැන. ඔබා මාම මේ හැම කෙනෙක්ගෙම හිතට කොච්චර සමීපද කියන එකට තවත් උදාහරණ ඕන නෑ. හැමෝටම හිත් වලට ඔබා මාමගේ සමුගැන්ම කොච්චර තදින් දැනුනද කියලා අද බ්ලොග් කියෙව්වම හොඳට තේරෙනවා. උදේ ඇහැරුන ගමන්ම මහිමය තමයි කෝල් කරලා ආරංචිය කිව්වේ. මම කවදාවත් ඔබා මාම ...
පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි කුහකයෙක් වූ කසුන්ට හිතෙන හැටි කසුන්ට හිතෙන හැටි අද මේ කොටන්න යන්නෙ ටිකක් මතබේදයට තුඩුදුන් මාතෘකාවක් ගැන. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි. ගොඩක්ම මතබේදයට තුඩු දීපු මාතෘකාවක් මේක. කියන්න යන්නෙ මොකක් ගැනද කියල දන්නවා නෙ. මට මේක ගැන ලියන්න හිතුනේ මම දැකපු බ්ලොග් සහෝදරියක් ලියපු පෝස්ට් එකක් නිසා. පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල තමයි එයා ලියල තිබුනේ. සංවේදී විදියට ලියන්න උත්සහ කරල තිබුනත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක හිත යට ...
අලි මිරිකීම හෙවත් Barn Buddy මේනියාව කසුන්ට හිතෙන හැටි හ්ම්ම්... පහුගිය දවස් ටිකේ මැරිලා මැරිලා යන්තං ආයෙත් නිදහසක් ලැබුනා. මේ දවස් ටිකේ නම් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේකේ ඉතින් නම දැක්ක ගමන් සීන් එක තේරෙනවනේ.:) අපේ කට්ටියගේ Barn Buddy පිස්සුව ගැන තමයි මේ කියන්න හදන්නේ. අලි මිරිකනවා කිව්වම කට්ටිය බය වෙයිද දන්නේ නෑ. ඔය අලි මිරිකනවා කියන්නේ නම් අපේ උන් හදා ගත්ත ...
හිතට වැදුන සිද්ධියක් කසුන්ට හිතෙන හැටි මම ආයෙත් කාලෙකට පොස්ට් එකක් දාන්නේ නෑ කියල හිතන් හිටියේ. ෆයිනල් ඉයර් එකේ රිසර්ච් එක පටන් ගත්ත ගමන් නිසා හොඳටම හිර වෙලා ඉන්නෙ. ඒ නිසා බ්ලොග් එක ගැන හිතන්නවත් වෙලාවක් නෑ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් කළේ නෑ. හැබැයි අද වුන එක සිද්දියක් මට ලියන්නම ඕන කියල හිතුනා. බොහොම පොඩි කතාවක්. මේක මම මෙතෙක් දාපු පොඩිම පොස්ට් එක. මම දැන් ...
දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද? කසුන්ට හිතෙන හැටි කාලෙකින් දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා. හැබැයි මුකුත් ලිව්වේ නැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් නිසා.:) මගේ කලින් පෝස්ට් එකත් දවස් දෙක තුනක් අයින් කරලා තිබ්බා ඒ නිසා. දැන් නම් අවුලක් නෑ වගේ. අද මේ කොටන්න කියල ලේස්ති වුනේ ආදරය සම්බන්ධ ගැටළුවක් ගැන. මේ ගැන කලින් ගොඩක් ලියවිලාත් ඇති. ප්‍රශ්නේ තමයි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕන කොල්ලමද කියන එක. ...
රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක් කසුන්ට හිතෙන හැටි අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. ලැපීගෙ අවුලක් ගිහින් ඊයෙ හදන්න අරගෙන ගියා. ඒක හදන්න තියල යන්න කිව්වා. සති දෙකක් විතර යනවලු හදල දෙන්න. :( අයියෝ දැන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඇත්තටම හිතට මාරම අවුල්. අපි ජීවිතේ ඇති කරගන්න බැඳීම් නිසා කොයිතරම් නම් දුක් වෙනවද? වැඩිපුරම මිනිස්සු එක්ක ඇති කරගන්න බැඳීම් නිසා අපි දුක් විඳිනවා. ඒ ඇරුනම ඔය වගේ භෞතික දේවල් ...
වැදගැම්මකට නැති කුළ භේදයේ තවත් එක බිල්ලක් කසුන්ට හිතෙන හැටි මම මේ ආයෙමත් කුළ භේදය ගැන කතා කරන්න හදනවා නෙමෙයි. මම එක පාරක් ඒ ගැන කතා කරලා තියනවා නේ. මම මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නේ නිසා බින්දුවටම වැටිලා ඉන්න තවත් දෙන්නෙක් ගැන. ඒ කිව්වේ කුළ නොගැලපීම නිසා අන්ත අසරණ වෙලා ඉන්න තවත් ආදරවන්තයෝ දෙන්නෙක් ගැන. ඒ කොල්ලා මගේ රූමෙක්. කොළඹින් තරමක් ඈත ගමක කොල්ලෙක්. ඒ කෙල්ලගේ ගෙවල් තියෙන්නෙත් ඒ ලඟම. ...
කල්පනා (II කොටස) කසුන්ට හිතෙන හැටි ඔන්න මම යුගයේ දියාරුම ආදර කතාව අරගෙන ආයෙත් ආව.:D අම්මෝ පළවෙනි කොටස දැම්මට පස්සේ කොට වැඩියි කියල කීප දෙනෙක්ම අනං මනං කියලා තිබුනා.:( මේ පාර එහෙම නොවෙන්න ලියනවා. කියවපු අයට දැන් පළවෙනි කොටස මතකත් නැතුව ඇති. පළවෙනි කොටස බලනවා නම් මෙතනින් යන්න.කල්පනා (I කොටස).....................................................................................................................................................................කලින් කොටසේ ඕනම ටිකක් කියන්න බැරි වෙලා නේ. මම සරණිව ඇඩ් කරගත්තට පස්සෙ එයාගෙ ප්‍රොෆයිල් එකෙන්
මට හමුවූ පුදුම මිනිස්සු කසුන්ට හිතෙන හැටි මුලින්ම කියන්න ඕන දැන් මේ කියන්න යන්නේ මගේ කතාවක්, මගේ අත්දැකීමක් නෙමෙයි කියල. මට පොතක් ලැබුන 'මට හමුවූ පුදුම මිනිස්සු' කියල. මේක මාස ගානක් තිස්සේ අපේ බෝඩිමේ තිබිල දැන් හොස්ටල් එකේ අපේ කාමරේ තියෙන්නේ. හවස කම්මැලි කමට එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්නකොට මේක දැක්ක. මාස ගානකින් නෙමෙයි අවුරුදු ගානකින් කතා පොතක් කියවල නැති නිසා මේක කියවන්න හිතුනා. මේ පොත ලියල ...
A-14 පාර කසුන්ට හිතෙන හැටි කාලෙකින් මුකුත් ලිව්වෙත් නෑ. අප්පෝ ලියන්නත් පස්ට කම්මැලියි අප්පා. ඒත් මේක පාලුවට යන්න දෙන්නත් හිතට දුකයි. ඒ නිසා පොඩි හොර වැඩක් කරන්න කියලා සෙට් වුනේ.:) මීට කලින් මම බ්ලොග් එකේ දාපු කවියක් ආයෙත් දාන්න කියලා හැදුවේ. කලින් කිව්වේ ගොඩාක් කලින්. ඒ කිව්වේ මගේ දෙවනි පෝස්ට් එකේ තමයි මම ඒක දැම්මේ. ඒක ගොඩක් දෙනෙක් දැකලත් නැති නිසා ආයෙත් දාන්න හිතුනා. එතකොට ...