රෙදි ගැලවෙන්නම ගිය අවස්ථාවක් කසුන්ට හිතෙන හැටි අනේ බලන්නකෝ මට වෙච්ච වැඩේ. ලැපීගෙ අවුලක් ගිහින් ඊයෙ හදන්න අරගෙන ගියා. ඒක හදන්න තියල යන්න කිව්වා. සති දෙකක් විතර යනවලු හදල දෙන්න. :( අයියෝ දැන් හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. ඇත්තටම හිතට මාරම අවුල්. අපි ජීවිතේ ඇති කරගන්න බැඳීම් නිසා කොයිතරම් නම් දුක් වෙනවද? වැඩිපුරම මිනිස්සු එක්ක ඇති කරගන්න බැඳීම් නිසා අපි දුක් විඳිනවා. ඒ ඇරුනම ඔය වගේ භෞතික දේවල් ...
පොඩි පොඩි කතා ටිකක් කසුන්ට හිතෙන හැටි සති එකහමාරකින් විතර මේ පෝස්ට් එකක් දාන්නේ. මම කලින් පෝස්ට් දෙකේම කිව්වනේ වැඩකට හිර වෙලා ඉන්නේ කියල. ඒක නිසා කමෙන්ට් කලේ වත් නෑ. වැඩියත්ම කමෙන්ට් එකක් දාන්න වත් හිතට නිදහසක් තිබ්බේ නෑ. කොහොමහරි ඒ කාර්යාබහුලකම නිසාම හිත රිදෙන දේවලුත් වුනා. හරි හරි ඒවා වැඩක් නෑ. ඊයේ පෙරේදා දවස් දෙකේම ෆිල්ම් බලපු එක තමයි කලේ. තරහ නැති වෙනකල්ම ෆිල්ම් බැලුව.:D දැන් ...
මෙන්න ගිලෙනෝ....! කසුන්ට හිතෙන හැටි අදත් පොඩි බ්රේක් එකක් ලැබුනා. රිසර්ච් එකට අමාරුවෙන් ගැට ගහගෙන ප්‍රපොසල් එකක් ලියාගෙන ගියාම ඒක කිසිම හිතක් පපුවක් නැති විදියට ඒක මදි කිව්වනේ අපේ සර්. ඊට පස්සේ විස්තර අහගන්න කෙනෙක්ව හම්බ වෙන්න යන්න කිව්වා. දැන් ඉතින් ඒ ගමන යනකල් කරන්න වැඩක් නෑ. ඒක නිසා ඉතින් දුවගෙන මේ පැත්තට ආව. කලින් පොස්ට් එකටත් කමෙන්ට් දාපුවට රිප්ලයි කරන්න වුනේ නෑ.මේ දවස් වල ...
හිතට වැදුන සිද්ධියක් කසුන්ට හිතෙන හැටි මම ආයෙත් කාලෙකට පොස්ට් එකක් දාන්නේ නෑ කියල හිතන් හිටියේ. ෆයිනල් ඉයර් එකේ රිසර්ච් එක පටන් ගත්ත ගමන් නිසා හොඳටම හිර වෙලා ඉන්නෙ. ඒ නිසා බ්ලොග් එක ගැන හිතන්නවත් වෙලාවක් නෑ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් කළේ නෑ. හැබැයි අද වුන එක සිද්දියක් මට ලියන්නම ඕන කියල හිතුනා. බොහොම පොඩි කතාවක්. මේක මම මෙතෙක් දාපු පොඩිම පොස්ට් එක. මම දැන් ...
චානිකා (අවසාන කොටස) කසුන්ට හිතෙන හැටි කතාව හිතුවට වඩා දික් වුනා. පටන් ගත්ත එක ඉවර කරන්නත් ඕන නේ, ඒක නිසා අද නම් මේක කොහොම හරි කියල ඉවර කරනවා, හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. සෙකන්ඩ් ශයි එක පටන් ගත්ත හැටිත් කිව්වනේ. අද තියෙන්නෙ සෙනසුරාද දවසේ වැඩසටහන් විස්තරේ කියන්න. කලින් කොටස් බැලුවේ නැත්තන් මෙන්න පාර. චානිකා (I කොටස)චානිකා (II කොටස)චානිකා (III කොටස)ඊට කලින් මම ජීවත් වුන පසුබිම ...
චානිකා ( III කොටස) කසුන්ට හිතෙන හැටි එන්න එන්නම වැඩ ගොඩ ගැහෙනවා නෙ. හැමදාම බලන බ්ලොග් ටිකටවත් කමෙන්ට් දාන්න වුනේ නෑ. හලේ තරහ වෙන්න එපා හොඳේ. මගේ අන්තිම පොස්ට් එකට දාපු කමෙන්ට් වලට රිප්ලයි කරන්නවත් වුනේ නෑ. පරක්කු වුනොත් මුල කොටස් දෙක කියවපු අයට කතාව අමතක වෙන නිසයි මේ ලැබුන වේලාවෙන් තව කොටසක් දාන්නේ. නැත්තන් වැඩේ චා වෙනවනේ. කලින් පෝස්ට් දෙකෙන් මගේ පළවෙනි ආදර කතාවෙ ෆස්ට් ශයි ...
ආයෙමත් වතාවක් කසුන්ට හිතෙන හැටි කතා කරනකොට හුරතල් වෙවීආයෙත් මගෙ දැහැන බිඳේවිඒ ලස්සන වචන වලටමගේ හිත ඇදිල යාවිආයෙමත් වතාවක් මමලස්සන හීනයක තනි වේවිහැමදාමත් වගේම ආයෙත්මට ඔයා නැතුව බැරි වේවිඒත්.... ඔයත් දවසක යන්න යාවිඑදාට මම ආයෙත් තනි වේවිආයෙත් පාරක් නම් මටඒ දුක දරාගන්න බැරි වේවිමෙතෙක් කල් සිටි ලෙසමමට ඉන්න හැකි වේවිමවෙත ලං වනු එපාඔබත් මට දුක දේවි ...
චානිකා ( II කොටස) කසුන්ට හිතෙන හැටි කලින් පොස්ට් එකෙන් මැට්ට, මෝඩය වගේ ආදරණීය වචන කීපයක්ම අහගත්තා.:) හැබැයි මම නම් හිතුවේ බූරුවා, හරකා වගේ වචනත් අහගන්න වෙයි කියල.:D ඒ අස්සේ මහිමයට හෙන ආතල් එකක් ගිහින් උගේ නම කට්ටිය මට කිව්ව කියල.:P කලින් පොස්ට් එක බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලල එන්න. හරි දැන් කතාවට එමුකෝ. දැන් ඔන්න මම අර කලින් කියපු විදියට බොහොම බුද්ධිමත් විදියට, ලස්සනට ලියුම ලියල ...
චානිකා ( I කොටස) කසුන්ට හිතෙන හැටි ගොඩක් දවසකින් ගෙදර ආවේ. ඇඟ අඩු කරගන්න කියල සෙට් එක දාල දැන් මුලු ඇඟම රිදෙනව. දැන් නම් ටිකක් අඩුයි. සෙට් එක දාපු මුල්ම දවසට පස්සෙ දවසෙ නම් පුදුම සනීපයක් තිබුනේ. අතක් පයක් එහාට මෙහාට කරගන්න පුදුම ගේමක් දෙන්න ඕන. හොස්ටල් එකේ තට්ටු තුනක් නගින එක නිකන් සිරීපාදේ නගිනව වගේ වැඩක් ඒ දවස් වල. තට්ටු දෙකේ ඇඳේ උඩට නගින එකයි බහින ...
බාල කාලෙ මතකය කසුන්ට හිතෙන හැටි කාලෙකින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේ දවස් වල වැඩ ගොඩ ගැහිල. ෆයිනල් ඉයර් එක පටන් ගත්ත ගමන් නිසා වැඩ වැඩියි. අනිත් එක රිසර්ච් එකක් කරන්නත් ඕන, ඒකත් පටන් ගත්ත විතර නිසා එක එක වැඩ ගොඩයි. අද පොඩි බ්රේක් එකක් ලැබුන. හරි හරි වැඩි කතා මොකටද නේද?ඉස්කෝලෙ ගිහින් ඉවර උනාට පස්සෙ ගොඩක් අයට හිතෙනවනෙ ආයෙත් ...
උකුලට නාවත් එදා වගේ, මා ඔබෙ පුතු අම්මේ කසුන්ට හිතෙන හැටි ඉස්තෝප්පුව අතුගා දූවිලි ටික ඉස්තෝප්පුව කොනේ වූ මල් පඳුර මුලට එකතු කල කාන්ති කොස්සත් රැගෙනම උලුවස්සට හේත්තු වූවාය. ගේ දොරකඩ වූ පිච්ච පඳුර මලානික බවක් උසුලයි. විවර කර තිබූ ගේට්ටුව දෙසත් ඉන් එහාට දිවෙන මාවත දෙසත් ඇය අරමුණක් නැතිව මෙන් බලා සිටියාය. හිරුගේ අවසන් කිරණත් කෙමෙන් කෙමෙන් මැකී යද්දී කාන්තීට හිරු දෙස බැලුනේ නිරායාසයෙනි. බැසයන හිරුගේ වෙනදා දුටු ලස්සන දැන් ...
මට හෙනම මළ උඹ එක්ක කසුන්ට හිතෙන හැටි වදකාර හිත, මට හෙනම මළ උඹ එක්කපොඩ්ඩක් ඇත්තන් ඇතිකොහේ හරි පැටලෙන්නපොඩිම පොඩි දෙයක් අල්ලගෙනගව් ගනන් දුරට යන ලොවෙත් නැති හෙන උසට අහසෙ මාලිග හදනඇත්තටම උඹට පිස්සුද? මට හෙනම මළ උඹ එක්කඅන්තිමට කෙලවගෙන එන්නෙපා මගේ ලඟටඋඹේ ඔය ගොන් කමටකරන්න නම් දෙයක් නෑ මටඒ සිරාවටම, මට හෙනම මළ උඹ එක්ක. ...
නමක් නැති තවත් කතාවක් කසුන්ට හිතෙන හැටි කැම්පස් පටන ගත්ත නිසා වැඩිය බ්ලොග් පැත්තෙ සැරිසරන්න වෙලාවක් නෑ දැන්. ෆලෝ කරපු බ්ලොග් ටිකවත් ඔක්කොම කියවන්න වුනේ නෑ. අපි දැන් බිසි, ෆයිනල්ස්ල නෙ. :P අද නම් පොඩි ඉඩක් හම්බවුනා පෝස්ට් එකක් කොටල දාන්න. මේ දවස් වල තව කෙටි කතාවකුත් පොඩ්ඩ පොඩ්ඩ ලියාගෙන යනව. :) දවස් දෙකක් තිස්සෙ ලියන්න හිතන් හිටපු දෙයක් ගැන ලියන්න යන්නෙ. මම කැම්පස් එන්නෙ හිතාගෙන පෙරේද ...
පොඩි උදව්වක් කරන්නකො....! කසුන්ට හිතෙන හැටි අද කතාවක් ලියන්න වත්, අත්දැකීමක් බෙදා ගන්නවත්, මගේ අදහසක් කියන්න වත් නෙමෙයි මේ හදන්නෙ. ඇත්තටම පොඩි උදව්වක් ඉල්ලන්න මේ ලියන්නෙ. කරල දෙන්න පුලුවන් නම් ඉතින් පොඩි නෑ, ලොකු උදව්වක්. අනේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො මකුලුවො එන්නෙ නැති වෙන්න ගහන්න පුලුවන් ස්ප්‍රේ එකක් හරි කරන්න පුලුවන් වෙන මොකක් හරි ජිල්මාට් එකක් හරි. හැබැයි ස්ප්‍රේ එකක් ගහල මකුලුවො මරන්න නෙමෙයි, උන් ...
අවාසනාවට, ලැජ්ජ හිතෙන ඇත්ත කතාවක් කසුන්ට හිතෙන හැටි ගොඩක් කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. මගේ ලැපී මේ දවස් වල පිස්සු කෙලිනවා. කමෙන්ට් එකක් දාන්න පවා හරි අමාරුයි. එහෙමයි කියල ඇතෑරියෙ නෑ, කමෙන්ට් නම් කලා. මම ටික දවසක ඉඳල එක සිද්ධියක් ගැන ලියනවද නැද්ද කියල හිත හිත හිටියෙ. පස්සෙ හිතුව ලියනව කියල. ඇත්තටම මේව කියන්නත් ලැජ්ජයි. කමක් නෑ ලියනව, එකෙක් හරි මේ දේ ගැන හිතල බැලුවොත් ඒකත් ලොකු දෙයක්.ලොකු ...
නොපතමි යලි ඔබව කසුන්ට හිතෙන හැටි අතීතයේ දවසකනොසිතූම මොහොතක හැරදමා තනිකර යන්නට ගියේ ඔබ මා මැවූ නෙක සිහිනකඩා සුනු විසුනු කරඅඳුරු කර මගෙ ලොවමගියේ ඔබ ඈතකටකොයිතරම් කිව්වත්කොයිතරම් හැඬුවත්තේරුම් ගත්තේ නෑ ඔබ මගේ සිත..රලු වූයේ කෙලෙසඔය තරමටමනොතේරෙන්නට මගෙ දුක..දුකයි මට ඔබ නැතුවපාලුයි මගෙ හිතටවිඳවමි සිතින් මමඔබේ මතක ලොව තුලමඑනමුදු කිසි දිනක නොපතමි යලි ඔබවමට උරුම තනිකමමදැන් හොඳට හුරුයි මට ...
පමාවී දුටු සිහිනය කසුන්ට හිතෙන හැටි මට ආයෙත් පොඩි කතාවක් ලියන්න හිතුන. මේක නම් එකාංගික කතාවක්. පෝස්ට් එක ගොඩක් දිගයි වගේ පෙනුනට කියවනකොට එච්චර දිග නෑ. දෙබස් ගොඩක් තියන නිසයි එහෙම පේන්නෙ. හරි, කියවලම බලන්නකෝ. වැරැද්දක් අඩුපාඩුවක් තියනව නම් කියල යන්න, හිත රිදෙයි කියල නොකිය ඉන්න එපා.....................................................................................................................................................................මැදි විය ඉක්මවා ජීවිතේ සැඳෑ සමයට එළඹෙමින් පවතින යුවලක් වන සිරිසේන හා කමලා සූදානම් වූයේ දවල් කෑමට සිරිසේ
කසුන් ගාමන්ට් ගියාය කසුන්ට හිතෙන හැටි කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ. කියෙව්ව මිසක් ලියන්න මූඩ් එකක් තිබුනෙ නෑ පහුගිය දවස් වල. අපූරු පෝස්ට් සහ අපූරු කමෙන්ට් කියව කියව හිටිය. ලියන්න විශේෂ දෙයක් තිබුනෙත් නෑ. මට ඊයෙ මූන දීපු අත්දැකීමක් ගැන ලියන්න හිතුන. තාමත් අපේ කැම්පස් පටන් ගත්තෙත් නෑ නෙ. දැන් ඔන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලයත් වැටුප් විශමතා අයින් කරන්න කියල පෝස්ටරයක් ගහල. ඒ කියන්නෙ තව ස්ට්‍රයික් එකක් ...
සුද්දන්ටත් බැරි අපේ කඩ්ඩ කසුන්ට හිතෙන හැටි පොඩි නින්දක් දාල දැන් නැගිට්ටෙ. එලියෙ කලු කරල හොඳටම වහිනව. ඇහැරෙනකොටම ඇහුනෙ "මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා සඳවතිය පාවී ගියා පිළිගන්න පුලුවන්ද සඳ දෙව්දුවත් මේ හැටිම නපුරුයි කියා" මම සින්දු ටිකක් දාල නිදා ගත්තෙ. ඇහැරෙනකොට ජගත් වික්‍රම
මම ඔයා හිතන විදියෙ කෙනෙක් නෙමෙයි කසුන් කසුන්ට හිතෙන හැටි ඔන්න කැම්පස් පටන් ගන්නවලු. මෙච්චර දවස් බැන බැන හිටියට දැන් නම් යන්න කම්මැලියි වගේ. තව ටිකක් ස්ට්‍රයික් එක තිබුන නම් හොඳයි කියල හිතෙනව. මේ සෙමෙස්ටර් එකේ නම් කොට්ටෙකුත් අරගෙනම තමයි ලෙක්චර්ස් යන්න වෙන්නෙ. ඇයි දෙයියනේ මෙච්චර දවස් ගෙදර ඉඳල කොහොමද ලෙක්චර්ස් වල ගිහින් ඉන්නෙ? අදත් මොකක් හරි කොටන්න කියල මේ ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම බැරෑරුම් මාතෘකා ගැන නෙ කතා ...