පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි කුහකයෙක් වූ කසුන්ට හිතෙන හැටි කසුන්ට හිතෙන හැටි අද මේ කොටන්න යන්නෙ ටිකක් මතබේදයට තුඩුදුන් මාතෘකාවක් ගැන. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි. ගොඩක්ම මතබේදයට තුඩු දීපු මාතෘකාවක් මේක. කියන්න යන්නෙ මොකක් ගැනද කියල දන්නවා නෙ. මට මේක ගැන ලියන්න හිතුනේ මම දැකපු බ්ලොග් සහෝදරියක් ලියපු පෝස්ට් එකක් නිසා. පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල තමයි එයා ලියල තිබුනේ. සංවේදී විදියට ලියන්න උත්සහ කරල තිබුනත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයො එක්ක හිත යට ...
අතාත්ත්වික පෙම්වතිය කසුන්ට හිතෙන හැටි පුංචි සංදියේ පටන්මමගේ හිතේ ලැගුම් ගත් ඔබතවමත් මුණ නොගැසුනේකිමදැයි නොදනිමි මමදකින දකින අය තුලසෙව්වෙමි ඔබ නිරතුරුවබිඳුන සිත පමණමයිසිටියේ නෑ ඔබ කිසි තැනකයෙහෙළියයි ඔබ මටමවකි මට නිරතුරුවරැජිනයි ඔබ මගෙ සිහින ලොවඑහෙත් කොහිද තවම ඔබ?වෙහෙසයි දැන් මට හොඳටමතවත් වාරු නෑ මගෙ හිතඅද ඒවිද හෙට එයිද?තව කොතෙක් නම් බලා ඉන්නද?දනිමි මම හොඳහැටිමනොපවතින බව ඔබ, මේ මනුස්ස වාසය තුලඒත් තවමත් සොයමි මමමගේ අතාත්ත්වික පෙම්වතිය ...
නෑ නෑ මගේ පිටිපස්සේ එක්කෙනෙක් හිටියා කසුන්ට හිතෙන හැටි හ්ම්ම්, ජීවිතෙ 24 වෙනි වතාවටත් වැලන්ටයින් එක තනිකඩව ගෙවල දම්ම. තව එකයි තියෙන්නෙ රිදී ජුබිලියට.:) නෑ නෑ, පිස්සුද අලේ, මම නම් කවුරුහරි හිටියත් ඔය දවස සමරන්නෙ නෑ. මොකද ආදරේ කරන්න ඕන, ආදරේ පෙන්නන්න ඕන, තුන්සිය හැටපස් දවසෙම මිසක් එක දවසක විතරක් නෙමෙයි. ඒ මම හිතන විදිය. එක එක අය එක එක විදියට ඔය ගැන දකින්නේ. හරි දැන් කියන්න ආපු කතාවට ...
සඳ පහන් රාත්‍රියක, ඔබ සිහිවූ මොහොතක... කසුන්ට හිතෙන හැටි සඳ පහන් රාත්‍රියක, තරුද නිදන රැයක, ඔබ සිහිවූ මොහොතක, යනාදී වශයෙන් පටන් අරන් ලියපු ඒවා එහෙම අපේ කට්ටියට මතක ඇති. නෑ නෑ මේ පෙම් හසුන් ගැන නෙමෙයි ලියන්න යන්නේ, සමරු පොත් ගැන.:) සමහරු නම් 'මහ දවාලේ', 'නිදි විකාරෙන්', වගේ ඒවත් ලියනවා.:) පොතක් හොයන්න පරණ පොත් ටික අදිනකොට ඕලෙවල් කාලේ ඔටෝ එක හම්බවුනා. පොත හොයන එක පැත්තක තියලා මම ඒක කියෙව්වා. ...
අලි මිරිකීම හෙවත් Barn Buddy මේනියාව කසුන්ට හිතෙන හැටි හ්ම්ම්... පහුගිය දවස් ටිකේ මැරිලා මැරිලා යන්තං ආයෙත් නිදහසක් ලැබුනා. මේ දවස් ටිකේ නම් ෆ්‍රී එකේ ඉන්නේ. ඉතින් මේ මොකක් හරි කොටන්න කියල ලේස්ති වුනේ. මේකේ ඉතින් නම දැක්ක ගමන් සීන් එක තේරෙනවනේ.:) අපේ කට්ටියගේ Barn Buddy පිස්සුව ගැන තමයි මේ කියන්න හදන්නේ. අලි මිරිකනවා කිව්වම කට්ටිය බය වෙයිද දන්නේ නෑ. ඔය අලි මිරිකනවා කියන්නේ නම් අපේ උන් හදා ගත්ත ...
අයිතීන් උදෙසා කාන්තාවෝ කසුන්ට හිතෙන හැටි හැමදාමත් අයිතිවාසිකම්,කතා කරමුදඑකම එක දවසක් වත් යුතුකම් ගැනත්ප.ලි. මේ පොස්ටරේ තිබුනේ අපේ හොස්ටල් එකේ තාප්පේ. මේක මම දැකපු දවසෙම දාන්න හැදුවේ. ඒත් එතකොට මේක ඇඩ් එකක් වෙනවනේ, ඒ නිසා මේ දවස පහු වෙනකල් ඉඳල දැම්මේ.;) ...
අවේලාවේ කාමරයට පැමිණි අමුත්තිය කසුන්ට හිතෙන හැටි කාලෙකින් මේ මොනව හරි කොටන්න කියල ලේස්ති වුනේ. පහුගිය දවස් ටිකේම මේ පැත්තේ එන්න බැරි වුනා විභාගේ නිසා. විභාගේ අස්සෙත් පොඩි නිසදැස් කෑල්ලක් දැම්මා. කොහොමහරි ඔන්න විභාගේ යන්තං ඉවරයි. ඒක ඉවර වුනාට අපේ රිසර්ච් එකේ තව කෑල්ලක් පෙබරවාරි මාසේ මුල දෙන්න තියනවා. දැන් ඉතින් අනිත් පැත්තට ඒකෙ වැඩ පටන් ගන්න ඕන. ඒ වැඩ පටන් ගන්න කලින් මොනවා හරි ලියන්න ඕන ...
සයිබරයේ අපේ මිනිස්සුන්ගේ මනුස්සකම! කසුන්ට හිතෙන හැටි අද මේ මගේ පෝස්ට් එකක් දාන්න නෙමෙයි හදන්නේ. සුන්දර හදවත් තියන සයිබරයේ අපේම මිනිස්සුන්ගේ තවත් බොහොම සුන්දර උත්සාහයක සාර්ථකත්වයේ සතුට බෙදාගන්නයි මේ පෝස්ට් එක දාන්නේ. මගේ කතා ඕන නෑ නේ, ඔන්න මම ඒ ගැන ලියවුනු පෝස්ට් එක එහෙමම දානවා. ඒ සඳහා පූර්ව අනුමැතිය ලැබිලා තියෙන්නේ.අවසානයේ අපි ජයග්‍රහණය කළෙමු...දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ...
දන්සැල කසුන්ට හිතෙන හැටි ඇති තරම් බෙදාගෙන කන්නට හොඳ අතුරුපසකුත් එක්කමඕනෑ තරම් කෑම තියන පුංචි උඹේ දන්සලරටේ ලෝකෙ කවුරුත්මඇවිත් කා බී සතුටු වී යනඋන්ගෙ සතුටමද උඹේ සතුට?නොතේරේ නංගියේ මටවරදීවි දවසක උඹටඅසරණ වේවි හොඳටම ඔය දන්සලෙන් කාපු කවුරුවත් එදාට නැතිවේවි උඹේ ළඟදුකයි මට උඹ ගැනඋඹ ඔය යන විදිය ගැනඒත් මොනව කරන්නද මාත් හරි ආසයි උඹේ දන්සලටඅතෑරපන් ඔය මෝඩකමපාලනය කරගනින් ඔය ආසාවදැන්වත් හොඳට තේරුම් අරන් ...
ඇගේ තනියට රැය පහන් කළෙමි කසුන්ට හිතෙන හැටි හ්ම්ම්, පෝස්ට් 50 කුත් ලිව්වා. 50ට සුභ පතපු හැමෝටම ආයෙත් පාරක් ගොඩාක් ස්තූතියි. බ්ලොගේට අලුත් ඇඳුමකුත් ඇන්දුවා. කලින් තිබුන එකට මම ගොඩක් ආසයි. ඒ වුනාට වෙනසක් කරන්න ඕන කියලා හිතුනා. පස්සෙ කාලෙක ආයෙත් ඒක දානවා. මට අම්ම ඕන කියන පෝස්ට් එකේ මම කියන්නේ නෑ කියල හිටපු මගේ ආදර කතාවේ පොඩි සිද්ධියක් කිව්ව නේ. ඊට පස්සේ මට හිතුනා ඒ කතාවේ තව ...
අම්මෝ 50 යි කසුන්ට හිතෙන හැටි ඔන්න ඉතින් අද කසුන්ට, ඒ කිව්වේ මට, ගොඩක් සතුටු සහ වැදගත් දවසක්. මම දැන් මේ ලේස්ති වෙන්නේ මගේ 50 වෙනි පෝස්ටුව කොටන්න. හ්ම්ම් කොහොමද පටන් ගන්නේ? මම 50 වෙනි පෝස්ට් ඒකෙ ලියන්න ඕන දේවල් 44, 45 වගේ පෝස්ට් වල ඉඳලම හිත හිත හිටියේ. දැන් මට ඒ ටික ගලප ගන්න බෑ.:) ඉතින් මේ කියන්න හදන්නේ මම ආපු ගමන ගැන සහ ඒ ...
වැදගැම්මකට නැති කුළ භේදයේ තවත් එක බිල්ලක් කසුන්ට හිතෙන හැටි මම මේ ආයෙමත් කුළ භේදය ගැන කතා කරන්න හදනවා නෙමෙයි. මම එක පාරක් ඒ ගැන කතා කරලා තියනවා නේ. මම මේ කියන්න හදන්නේ ඒ ප්‍රශ්නේ නිසා බින්දුවටම වැටිලා ඉන්න තවත් දෙන්නෙක් ගැන. ඒ කිව්වේ කුළ නොගැලපීම නිසා අන්ත අසරණ වෙලා ඉන්න තවත් ආදරවන්තයෝ දෙන්නෙක් ගැන. ඒ කොල්ලා මගේ රූමෙක්. කොළඹින් තරමක් ඈත ගමක කොල්ලෙක්. ඒ කෙල්ලගේ ගෙවල් තියෙන්නෙත් ඒ ලඟම. ...
මට අම්ම ඕන කසුන්ට හිතෙන හැටි මේ මගේ 48 වෙනි පෝස්ට් එක. මම 48 ට දාන්න කලින් හිතාගෙන හිටපු පෝස්ට් එක දාන්න වෙන්න නෑ. 'කෙල්ලන්ගේ අසාධාරණ කතා' කියන ලේබල් එකෙන් තමයි ඒක ලියවෙන්න තිබුනේ. හැබැයි පහුගිය දවස් වල ලියපු දේවල් වල හැටියට දැන් ඒකත් දැම්මොත් අක්කලා නංගිලා මාව කන්න හදාවි.:D ඒ නිසා ඒක දින නියමයක් නොමැතිව පස්සට දැම්මා. ඒ නිසා මම පරණ මෙමරිය ස්කෑන් කරලා ...
ගෑණු හැමෝම මෙහෙමද හිතන්නේ? කසුන්ට හිතෙන හැටි මම මේ ලියන්න හිතාගෙන හිටපු දෙයක් නෙමෙයි ලියන්න යන්නේ. ඉස්සරහට පෝස්ට් තුන හතරකටම ප්ලෑන් එකක් හදාගෙනයි මම හිටියේ. ඒත් මේ දේ නොලියම බෑ. ඔව් මම ලියනවා. හවස් වරුවම ගොඩක් කල්පනා කළා. ඒ දේ අමතක කරල දාන්න ගොඩක් උත්සාහ කළා. ඒත් ඒක අමතක කරලා දැක්කේ නෑ වගේ ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්තිමට තීරණයක් ගත්තා ඒ ගැන ලියනවා කියලා.මම හවස බොහොම ලස්සන ...
මෙන්න කරනවා නම් ලොවෙත් බිස්නස් එකක් කසුන්ට හිතෙන හැටි සැපට ජීවත් වෙන්න සල්ලි ගොඩක් වැදගත් දෙයක්. (සතුටින් ඉන්න නෙමෙයි හොඳද, සැපට ඉන්න. සතුටින් ඉන්න නම් සල්ලි එච්චර වැදගත් දෙයක් නෙමෙයි.) ඉතින් එහෙම සැපට ඉන්න හැමෝම කැමතියි නේ. ඒ නිසා අපි හැමෝම කැමතියි නේ කීයක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන් නම්. එහෙම නේද? ඒක නිසා අපි රස්සාවකට අමතරව තව විවිධ ආයෝජන කරන්න පෙළඹෙනවා. ප්‍රාතමිකම ආයෝජන ක්‍රමය ඉතුරු කිරීමේ ගිනුමක දාන එකනේ. ...
දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද? කසුන්ට හිතෙන හැටි කාලෙකින් දවස් දෙක තුනක නිවාඩුවක් ගත්තා. හැබැයි මුකුත් ලිව්වේ නැත්තේ ජාතික ආරක්ෂාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් නිසා.:) මගේ කලින් පෝස්ට් එකත් දවස් දෙක තුනක් අයින් කරලා තිබ්බා ඒ නිසා. දැන් නම් අවුලක් නෑ වගේ. අද මේ කොටන්න කියල ලේස්ති වුනේ ආදරය සම්බන්ධ ගැටළුවක් ගැන. මේ ගැන කලින් ගොඩක් ලියවිලාත් ඇති. ප්‍රශ්නේ තමයි මුලින් ආදරය ප්‍රකාශ කරන්න ඕන කොල්ලමද කියන එක. ...
සැඳෑ අඳුරට මුසු වූ 'සරසවි ගී සිසිල' කසුන්ට හිතෙන හැටි කාලෙකින් ඔන්න බ්ලොගේ පැත්තේ ගොඩවුනා. පහුගිය දවස් ටිකේ ෆලෝ කරපු බ්ලොග් ටික වත් කියවන්න වුනේ නෑ. පහුගිය දවස් වල ලොකු වැඩකට හිර වෙලා හිටියේ. මේ මොහොත වෙනකොට නම් මම බොහොම සතුටෙන්, තෘප්තියකින්, ඒ වගේම අහිංසක ආඩම්බරයකින් ඉන්නේ. අපි බොහොම ආදරෙන්, කැපවීමෙන්, මහන්සියෙන් පටන් අරගෙන මාස 3ක් 4ක් තිස්සේ කරගෙන ගිය වැඩක් පෙරේදා බොහොම සාර්ථකව අවසන් වුනා. ඒ තමයි 17 වෙනි ...
මම කළේ වැරද්දක්ද? කසුන්ට හිතෙන හැටි අපි අපේ ජීවිත වලදී ගොඩක් වැරදි තීරණ ගන්නවා. ගොඩක් වෙලාවට ඒ තීරණ වල වැරැද්ද තේරෙන්නේ කල් ගිහින්. එහෙම තේරෙනකොට ගොඩක් වෙලාවට ඒ දේවල් නිවැරදි කරන්න බැරි තැනට ඇවිත්. එතකොට ඉතින් වෙන්නේ ඒ දේවල් මතක් කර කර පසු තැවෙන්න. මට දැනට තේරෙන විදියට මම එහෙම ලොකු වැරදි තීරණ දෙකක් අරන් තියනවා මගේ ජීවිතේදී. (තව ඉස්සරහටත් එහෙම ගොඩක් ගනීවි :) ) ...
මට හමුවූ පුදුම මිනිස්සු කසුන්ට හිතෙන හැටි මුලින්ම කියන්න ඕන දැන් මේ කියන්න යන්නේ මගේ කතාවක්, මගේ අත්දැකීමක් නෙමෙයි කියල. මට පොතක් ලැබුන 'මට හමුවූ පුදුම මිනිස්සු' කියල. මේක මාස ගානක් තිස්සේ අපේ බෝඩිමේ තිබිල දැන් හොස්ටල් එකේ අපේ කාමරේ තියෙන්නේ. හවස කම්මැලි කමට එහාට මෙහාට පැද්දි පැද්දි ඉන්නකොට මේක දැක්ක. මාස ගානකින් නෙමෙයි අවුරුදු ගානකින් කතා පොතක් කියවල නැති නිසා මේක කියවන්න හිතුනා. මේ පොත ලියල ...
ඔබේ සුසුමින් මාද ජීවත් වෙමි. කසුන්ට හිතෙන හැටි ධනුක නැවතත් ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව 12.27යි. ඔහුගේ නොසන්සුන් කම තව තවත් වැඩි වන්නට විය. ඔහුගේ ගතත් සිතත් දෑසත් හොඳටම හෙම්බත් වී ඇති සෙයකි. එහි පැමිණ සිටි දහසක් දෙනා අතර ඔහු ඔහුට හිමි ආදරණීය මුහුණ සොයන්නට විය. එහෙත් ඔහු තව තවත් වෙහෙසටත්, කණස්සල්ලටත් පත් වූවා මිස ඔහු සොයන මුහුණ ඒ අතර නොවීය. ඔහු පෙර දින කීපයේ මතක අතර සැරිසරන්නට විය. ...