ආදරය, විවාහය, දෙමව්පියන් හා වෙනත් ප්‍රශ්න කසුන්ට හිතෙන හැටි කලින් ලිපියෙන් මම කුල ප්‍රශ්නෙ ගැන කතා කලානෙ. ඒ ඇරුනම කසාදයක් කරගන්න ගියාම එන තවත් ප්‍රශ්න ගැන මගේ අදහස් කියන්නයි දැන් හදන්නෙ. කලින් ලිපිය කියවපු නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහින් බලල එන්න. එතකොට වඩා පහසු වේවි.මීට සම්බන්ධ මම දන්න තව සිද්ධියක් තියනව. අපෙ අම්ම ඉස්සර හිටියෙ අම්මලගෙ ඔෆිස් එකේ නිළ නිවාස වල. මම හිටියේ ආච්චි ලඟ. ඉස්කෝලෙ නිවාඩුව ආව ...
ආදරය, විවාහය, දෙමව්පියන් හා කුළය කසුන්ට හිතෙන හැටි අදත් කියන්න යන්නේ ආදරය හා විවාහය ගැන මම දරන අදහසක්. හැබැයි කලින් කතා කරපු මාතෘකාවට වඩා වෙනස් එකක්. එදා කිව්වෙ කසාදෙන් පස්සෙ වෙන දේවල් නෙ. අද කියන්න යන්නෙ කසාදයක් කරගන්න ගියාම එන ප්‍රශ්නයක් ගැන. මාතෘකාව දැක්කම තේරෙන්න ඇතිනෙ. කුළ ප්‍රශ්නෙ ගැන තමයි කියන්න යන්නෙ. මට ඔය ගැන ලියන්න හිතුනෙ මධුරංගය දාපු පෝස්ට් එකක් මතක් වෙලා. ආගම්, ජාති ප්‍රශ්නෙට වඩා ගොඩක් ...
තාත්තෙ මට අරවයින් එකක් අරන් දෙන්නකෝ කසුන්ට හිතෙන හැටි සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.මොහොතකින් බලනවිට ...
"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පවතී" ද? කසුන්ට හිතෙන හැටි දහම් පාසල් පොතේ කවියක් තියනව නේද, "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යතී" කියල? තනි කෙප්ප. ඕක කියපු කෙනා පොඩ්ඩක් හම්බවෙන්න ඕන. දෙකක් කියන්න, පොඩි එවුන්ට බොරු කියනවට. දුක සැප නෙමෙයි, උන්නද මලාද බලන්න එකෙක් නෑ. අනේ උන්ගෙ වැරද්දක් නෙමෙයි ඉතින්. හැමෝම රස්සාවලට ගිහින්, ඇත්තටම උන්ට වෙලාවක් නෑ. ඉස්සර අපි කොච්චර නම් ෆන් එකේ ...
ආදරය, විවාහය හා විවාහයෙන් පසු ආදරය කසුන්ට හිතෙන හැටි මාතෘකාව ගොඩක් දිග වුනාට ඇත්තටම මම කතා කරන්න යන්නෙ 'විවාහයෙන් පසු ආදරය' කියන කෑල්ල ගැන. මට මේ ගැන ලියන්න හිතුනෙ ඇඳට වෙලා ඇලර්ට් එකක් දාගෙන ඉන්නකොට මතක් වුන සිද්දියක් නිසා. මම මේක දැක්කෙ ටිකක් පොඩි කාලෙ. නවය දහය වසර වලදි විතර මට මතක හැටියට. වැඩි විස්තර ඕන නෑ නෙ, කතාව කියන්නම්කො.මම යාලුවෙක් එක්ක ටවුන් එකට ගියා ...
දෑස පියාගෙන කිමද (අවසාන කොටස) කසුන්ට හිතෙන හැටි දෑස පියාගෙන කිමද (I කොටස)දෑස පියාගෙන කිමද (II කොටස)දෑස පියාගෙන කිමද (III කොටස) ...................................................................................................................................................................මම අමාරුවෙන් දෑස් විවර කරගත්තෙමි. මා සිටින්නේ රෝහලේය, මා දැක ඇත්තේ සිහිනයකි. මට හීල්ලුනි. එහෙත්..... අරුමයකි, හීනෙන් මා විඳි සුවය මා තවමත් විඳිමි. මම සැබවින්ම ඒ සුවය විඳිමි. මගේ කෙස් අතරින් දිවෙන ඒ අතැඟිලි මම හොඳින් හඳුනමි. මම වහා හිස ඔසවා බැලුවෙමි. ඒ ඇයයි. මගේ හිස අතගා
ආයෙත් පාරක් හිත රිද්දුව නේද? කසුන්ට හිතෙන හැටි හරි නම් මම දැන් දාන්න ඕන මගේ කතාවෙ ඊලඟ කොටස. මට දෙතුන් දෙනෙක් බැන්නත් එක්ක මම කතාව දානව හෙමින් වැඩියි කියල. ඒත් මම මේක ගැන කියන්න ඕන හිතුන. ආයෙත් හිත රිදුනා. ඔව්, කාලෙකට පස්සෙ ආයෙත් හිත රිදුන. මගේ කලින් පෝස්ට් කියවපු අය නම් දන්නව ඇති මම ආදරෙන් දෙතුන් පාරක්ම පරාද වුනා කියල. ඒ හැම දෙයක් ගැනම මම හිත හදාගෙන හිටියෙ. ...
දෑස පියාගෙන කිමද (III කොටස) කසුන්ට හිතෙන හැටි කතාවෙ ඉතුරු ටික එක පාරට දාන්න හිටියෙ. ඒත් එතකොට දිග වැඩියි වගේ. ඒක නිසා තව කොටස් දෙකකට දානව. දෑස පියාගෙන කිමද (I කොටස)දෑස පියාගෙන කිමද (II කොටස)....................................................................................................................................................................දරුවන් දෙදෙනා වාහනය වෙත ඇරලවා, ඔවුන් පිටත් වනතෙක් බලා සිටියෙමි. බිරිඳගෙ මව නිවසේ නවත්වා ගැනීමට හැකි වීම මට විශාල සහනයක් විය. එසේ නොවුනා නම් දරුවන් දෙදෙනා බලා ගැනීම මට විශාල ගැටලුවක් වනු ඇත. තත්ත්වය ...
දෑස පියාගෙන කිමද (II කොටස) කසුන්ට හිතෙන හැටි අම්මෝ ගොඩක් කාලෙකින් ලියන්නෙ. ලියන්න තරම් මූඩ් එකක් තිබුණෙ නෑ, මහ කම්මැලි කමෙන් හිටියෙ. කොහොම හරි මේකෙ පළවෙනි කොටස කියවපු අයට දැන් කතාව මතකත් නැතුව ඇති. කතාව මතක නැත්තන් හරි අලුතෙන් කියවන කෙනෙක්ට හරි මෙන්න පළවෙනි කොටසට පාර..................................................................................................................................................................... හෙදියගේ පිටුපසින් මම වෛද්‍යවරියගේ කාමරය වෙත පියමැන්නේ තරමක හිතේ බියකිනි. "Excuse me doctor, may I come in?""Ah please come i
දෑස පියාගෙන කිමද (I කොටස) කසුන්ට හිතෙන හැටි "කෝ ඉතින් කට අරින්නකෝ.""අනේ ඇති අනේ.""නෑ නෑ, මේ ටිකත් කන්න ඕන.""අයියෝ දැන් බඩ පිරිල ළමයෝ.""මේ චුට්ටත් කන්නකො පැටියො.""අයියො කාට කියන්නද ඉතින්?""එහෙම තමයි මම කවනකොට, ඔක්කොම කන්න ඕන.""අපරාදෙ කවන්න කිව්වෙ. තනියම කෑව නම් ඉවරයි."ඇයගෙ මූන වෙනස් වූයේ මා බලා සිටියදීමය. මෙතෙක් වේලා ඇයගෙ මුව සැරසූ සිනහව කොහෙන් ගියාද නැත. හොඳින් අනා තිබූ බත් කට පිඟාන දෙස බලාගෙනම ඈ නැවතත් අනන්නට විය. ...
මා මළ පසු මගෙ සොහොනේ දුක් ගීයක් ලියනු මැනවි කසුන්ට හිතෙන හැටි දන්නවා ඔබ හොඳහැටිමදකින්නට බැරි බව ඔය ඇස් වල කඳුලු මටදැන දැනත් ඒ වගහඬන්නේ මෙලෙස කිම වැතිරී මගෙ සොහොන මතදන්නවා නම් මමහඬන බව ඔබ මේ තරම්මමියැදෙන්නේ නෑ කිසි දිනකඔබේ ලඟින්ම සිටිනු මිස.ප.ලි. මට මේ ෆොටෝ එක ලැබුනෙ facebook එකේ තිබිල. මට නම් මේක දැක්කම ගොඩක් දුක හිතුන. ...
හලේ... ඇයි මටම මෙහෙම වෙන්නෙ? කසුන්ට හිතෙන හැටි අවුරුද්ද ගැන නම් ඉතින් ගොඩක් අය කතා කරනවනේ. ඒක නිසා මම ඒ ගැන ලියන්නෙ නෑ කියල හිටියෙ. හැබැයි මට මේ දැන් වෙච්ච අකරතැබ්බය ගැන නම් ලියන්න ඕන කියල හිතුන. කන්න ලැබෙන කල් කරන්න දෙයක් තියෙන්නත් ඕන නෙ. ඒක නිසා ලියලම දානව. දැන් ඔන්න ලිප ගිනි මොලවන්න ඔක්කොම ලේස්ති කරල තියෙන්නෙ. ප්‍රධාන ලිපේ වැඩේ කුස්සියේ යන අතරෙ කිරි උතුරවන සෙග්මන්ට් එක ...
දැන් නැගිටින්න වස්තුවේ, පරක්කු වෙලා කසුන්ට හිතෙන හැටි ඇය හා මා හමුවීමට තීරණය කරගත් වෙලාව පසුවී විනාඩි 10ක් ගතවී ඇත. මගේ හද ගැස්ම වේගවත්ය. මොහොතින් මොහොත ෆෝන් එක ගෙන වෙලාව බලමි. මා අසල වාඩිවී සිටි තරුණ යුවලට මාගේ අපහසුතාව දැනෙන්නට ඇත. ඔවුන් මා දෙස බලා සිටිති. ඔවුන් මා දෙස බලා සිටින්නේ අනේ පව් කියන්නාක් මෙනි. මේ ඇය හා මාගේ පළමු හමුවීම නොවුවත් මම කිසි විටක ප්‍රමාද වී ඇයව ...
දරුවනි උඹලා මෙතරම් ගුණමකු වූයේ කෙසේද? කසුන්ට හිතෙන හැටි මා මේ ලිපිය ලියන්නේ තරමක් ආවේගයෙන් සහ කලකිරීමෙනි. මෙය පෝස්ට් එකක් දැමීමේ බලාපොරොත්තුවෙන් ලියන්නක් නොව හිතේ ඇතිවූ ආවේගයට හා කලකිරීමට ලියවෙන්නකි. මම අද ලොකු අම්මා සමග දානයකට සහභාගී වුනෙමි. ඒ වැඩිහිටි නිවාසයක දානයකටය. එම වැඩිහිටි නිවාසය මගෙ නිවසට තරමක් ආසන්නයෙන් පිහිටා තිබුනේය. අප රාත්‍රී ආහරය රැගෙන යන විට ඔවුන් තැන් තැන් වලට වී අප එන තුරු බලාසිටියෝය. රෑ වුනු පසු ...
ජීවිතේ සුන්දරද මෙතරම් කසුන්ට හිතෙන හැටි ගොඩක් දවසකින් තමයි මේ පෝස්ට් එකක් දාන්නෙ. විභාගයකට පාඩම් කලා. බාගයක් ඉවරයි, ඉතුරු බාගෙ අවුරුද්දෙන් පස්සෙ තියෙන්නෙ. අනිත් අයගෙ පෝස්ට් කියව කියව තමයි හිටියෙ. දාන්නෙ මොකක්ද කියල හිතනකොට මට කල්පනා වුනා ලස්සන සිද්දියක්. මම කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ ඉන්නකොට දැකපු සීන් එකක්. ඒක මට ගොඩක් හිතට වැදුන දෙයක්. හරි දැන් නමස්කාරෙ කිව්ව ඇති කතාවට එමුකො.ලෙක්චර් ...
වැරදුනු අනුපාතය හෙවත් මොරටුවේ අඳෝනාව. කසුන්ට හිතෙන හැටි දැන් කට්ටිය බලනවා ඇති මොකක්ද මේ වැරදුනු අනුපාතය කියල. මම මේ කියන්න යන්නේ මොරටුව කැම්පස් එක ගැන කතාවක්. මාත් ඉතින් ඔන්න ඕකෙ තමයි ඉන්නෙ. මොරටුව කැම්පස් එකේ අනුපාතය 2:1. ඒ කියන්නෙ කොල්ලො දෙන්නට එක කෙල්ලයි. ඔන්න ඔතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. අපි පොඩි කාලෙ හිතන් ඉන්නෙ කොහොමද? කැම්පස් ගියාම හරි ජොලියෙ ඉන්න පුලුවන් කියලනෙ. ඒ මදිවට කොහොමද උසස් පෙල පන්තිවල ...
හිතේ දුකට ලියවුනු කවි කසුන්ට හිතෙන හැටි අපිට තව ටික දවසකින් එන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් පටන් ගන්නවා. ඉතින් පාඩම් කරන්න පටන් ගන්න කලින් තව පෝස්ට් එකක් දාන්න ඕන කියල හිතුන. මගේ පළවෙනි පෝස්ට් එකේ මම කියල තියනව නෙ මමත් ආදරේ නිසා ඇනගත්ත කෙනෙක් කියල. පළවෙනි පෝස්ට් එක කිව්වට ඉතින් මහ ඈතක නෙමෙයි. මේක හතරවෙනි පොස්ට් එක නෙ. මම උසස් පෙල කරන කාලෙ මම ආදරේ කරපු කෙල්ලෙක් හිටිය. මම ...
මැටි කතා වස්තුව කසුන්ට හිතෙන හැටි මේ කියන්න යන්නෙ අපේ කොල්ලෙක් ගැන. අපි ඌට ආදරේට කියන්නෙ මැට්ට කියල. ආදරේට කිව්වට ඉතින් මිනිහ කරන වැඩ වල හැටියට වෙන කියන්න නමක් නෑ. ඕකට ඔය නම දැම්මෙ මම. අපරාදෙ කියන්න බෑ එදා ඉඳල අපේ උන් ඌට ඒ නමින්ම තමයි අමතන්නෙ. ඌටත් ඒක දැන් ගානක් නෑ. මිනිහගෙ බයික් එකට පවා කොල්ලො ආදරේට කියන්නෙ "මැටි රථය" කියල. හිටී ගමන් ගොන් පාට් ...
හිතට දැනෙන ඇත්තම කතාවක් කසුන්ට හිතෙන හැටි මේක මගේ යාලුවෙක් ලියපු නිසදැසක්. මිනිහ මොරටුව කැම්පස් එකේ ඉන්නෙ. මිනිහ පහුගිය දවස් ටිකේ training හිටියෙ. A-14 පාරෙ, මැදවච්චියෙ තමයි මිනිහ training වැටුනෙ. A-14 පාර ප්රතිසංස්කරනය කරන්න තමයි ඒ project එක තිබිල තියෙන්නෙ. මැදවච්චියේ කිව්වට මැදවච්චියෙ ඉඳලත් 40km විතර එහා. කොහොම හරි මිනිහට එහේ ඉඳල එපා වෙලා. දෙපැත්තෙම කැලෑවලු. සරණාගත කඳවුරු 3යි, පොලිස් කෑම්ප් එකයි, නේවි කෑම්ප් එකයි අරුනම මනුස්සයෙක් ...