නිශ්ශබ්දතාව කවි සෙවනැල්ල නුඹ වෙතින් නැගිනිහඬකම දැකවිඳගතිමි මමසියලු හැඩ රූඅසන්නට පෙරඑකම වදනක්අවැසි නැති දැන්කිසිත් හඬ මටසියලු හැඩ දැනහැඳින අවසන්නුඹ වෙතින් ආනිහඬකම විඳසෙවණැල්ල - ලෝන්ග්ස්ටන් හියුජ්ස් - Silence ...
සමුගනිමු කියන්නට - ඔව් දැන්...අවැසි නැත! කවි සෙවනැල්ල පෙර දිනෙක ඒ හැඟුමකි පසුව නැග ආ පැතුමකි නිහඬ සිතුවිල්ලක් ලෙස නැගීහඬ නැගී හද ගැබ බිඳඇසුණු අරුතැති වදනකිමහ යුද නිම වන තුරුමදැනුණු සුන්දර හැඟුමකිඔබ අමතන සැනින්මම යළිත් දිව එමිසමුගනිමු කියන්නට ඔව් දැන්...අවැසි නැත! පෙරළෙන බව කියන මුත්නිරතුරුව ලෝ වෙසඑවදනින්ම කියවෙත් දමෙලෙස නොපැවති බවඑය පෙර දිනෙක කිසි?යුද බිමෙන් හිස හරවත්ම මෙපමණි ඔබට කළ හැකි මිතුරන් කවුරුන්ද හඳුනා ගැනුම පමණකිඅනන්තය කළු ...
සුනිලෙ කවි සෙවනැල්ල සුනිලේඔව්... ඒ මගේ යාළුවාඋන්නෙ මගෙ පන්තියේගේ තිවුණෙ අපෙ ගමේඕ ලෙවල් පේල් වෙලාඑකට යුද්දෙට ගියේහිටියෙ එක බැරැක්කේඑකම රෙජිමන්ට් එකේෆ්ර න්ට් එකට යවන කොටඑකටමයි අපි ගියේයුද්දෙ සැරටම ගියාසුනිලෙ ඉස්සර වුණාකැප්ටන්ල කියනකොටෆයර් කරගෙන ගියාකතා වෙල උන්නාටඑකට ඉමු බං කියලසුනිලෙ දාල තිබුණකිලිනොච්චි දිහාවටනිවුස් එක ලැබෙනකොටමං හිටියෙ මෙස් එකේපිළිගන්න බැහැ කියලමමයි කලබල කළේකඳුළු වාවන් නැතිවමං එදා අඬන කොටකැප්ටන්ල මට බැන්නයුද්දෙ එහෙමයි කියලඔව්, සුනිලෙ මගේ යාළුවාඋන්නෙ ...
නිවනට මෙපිට පොඩි තැනක්! කවි සෙවනැල්ල මොනම දෙවියෙක් ගැනවත්විශ්වාසයක් ඒ හැටි නැතත්මමත් ඉඳහිට යම් දේ ඉල්ලුවලැබෙයි කියල අදහසක් නැතුවත්මේක නම් දෙවියො දුන්න කියලහිතිල තිබුණේම නැතත්ඉල්ලපු වාර තිබුණ දෙවියන්ගෙන්ලැබෙයි කියල අදහසක් නැතුවත්අම්ම ලෙඩ වෙනකොටතාත්ති නැති වෙනකොටඅවිස්වාසෙ පැත්තක දාලහිතුව තමයි ඇත්තටමදෙවියො දැන් ආවනම් කියලත්දෙවියන්ටත් පුදුම ඇතිඉන්නව නම් කොහේ හරිමගෙ මේ දෙබිඩිකම බණිනවත් ඇති පිස්සු කියලත්අදත්... ඉල්ලන්න හිතෙනවතාත්ති විතරක් නෙවෙයිළඟ නැති හින්ද අම්මත්ආයෙම නොඑන්නම ගිහින් ඇති හින්දත්මහ දෙයක් නම් ...
ආකාසේ සිදුරු ගොඩක් කවි සෙවනැල්ල මහගොඩක් සිදුරු නොවැආකාසෙ පුරාවටවැහි බින්දු වෑහෙන්නෙඒ නිසයි හැබෑවටඒ වුණත් ඒ සිදුරුහරිම පුංචියි හැබැයිවැහි බිංදු ඔය තරංචූට්ටං ඒ නිසයිසෙවණැල්ල - There Are Holes In The Sky - ස්පයික් මිලිගන් ...
වම් ඉවුර සිහි කරමි කවි සෙවනැල්ල වම් ඉවුර සොඳුරුයබොහෝ කලකට පෙර, මා එහි ඉම් පෙදෙස් හොඳින් දැන සිටියෙමිහිරු නැගෙද්දීගංතෙර මල් නැගීරත් පැහැය ගෙන දිලිනගිනි ලෑ විලස දිදුලමිනවසන්තයේ දීගං දිය රැළී නැගීනිල් පැහැ ගෙන දිලිනසුපැහැදිලි ලෙස දිදුලමිනමා කෙසේ නම් ඒ මතක නසමි දවම් ඉවුර සොඳුරුයබොහෝ කලකට පෙර, මා එහි ඉම් පෙදෙස් හොඳින් දැන සිටියෙමිසෙවණැල්ල - බායි ජුයිගේ කවියකිනි ...
අපරාධය කවි සෙවනැල්ල සියල්ල නිශ්චිතව අවසන් ව පැවතිණසුපුරුදු ලෙසම බිත්ති නිසසල වියඇසින් දුටු හූනා වෙනත් සිවිලිමක විය කිළිටි වු කවුළු තිර මොබ මදුරු ගුමුවක් පමණිදුහුවිලි පිරි ගෙබිම මතඑක් පැල්ලමක් පමණිමළ කැරපොතු සිරුරපසෙක වියමිය යනු දුටු දෙනෙත දක්නට නොමැති වියඅනතුරුව ආ එකම නාශක දියරයකි!බිඳු කිහිපයකිතනි විදුමකිකිසිත් නොකියන බිත්ති මතයළිත් ආ හූනා ද නිහඬ යමදුරු කැළ අහරට ගොසිනිකවුළු තිර යළි නිසල යදුහුවිලි ද සුළඟට ගොස්අලුත් ...
කූඩු කුරුල්ලාගේ කූජනය කවි සෙවනැල්ල විදාහල පියාපත් සළා ගගනතට වැදනැගී යයි ඒ නිදහස් සියොත්යළි වැරෙන්, මහ සැරෙන්මිහිකත දෙසට බා විත්රිදී හිරු රැස් පහස වෙතයළි යළිත් පියඹයිඑනමුත් මේ කූඩුවේ කුරුල්ලාබැඳී පා, එතී පත් ගැට ගැසීහෙමි හෙමින්,මැදිරි දොරගුලු තුළින්ලොව දෙසට නෙත දීකූජනය අරඹයිමේ කූඩුවේ කුරුල්ලාසැලෙන කම්පිත නදින්ගයයි යම් අරුමැති දෙයක්වැද සැරෙන්, නද නැගෙත්දුරු බිම කිඳ හා වනබිම සිසාරාඒ නිදහසේ ගීයයිනිදහසින් පියා විදි කුරුලු තෙමනෙත යොමන්, විමසමින්ලේ ...
මගෙ දූට කවියක්? කවි සෙවනැල්ල ලියන්නේ නැතුවා ද දෝණිටත් කවියක්?මගේ එක් මිතුරියක් නගයි දැන් පැනයක්මගේ උර මත නිදන ඇය මිහිරි කවියක්කවිය, කවියට නගන බසත් මට පැනයක්දියණියක් පැමිණි වග ඇසූ එක් සැණෙකින්මගේ හිත පිරිමැදිණ මිහිරි වෙන නදකින්ඒ නමුත් ඒ නදම එක් අසුරු සැණෙකින්මහ ගොරැති නදක් විය නැගි ගැඹුරු තැනෙකින්මවට ඇති සෙනෙහෙ ගඟ කොතෙක්දැයි අසනාදෙවැනි බුදු බව ඇයට පතා පින් පුදනාඒ පතන බුදු බවත් පිරිමි වෙත ...
අතුරුදන් වූවෙකු වෙත ලිපියක් කවි සෙවනැල්ල දැන් මටත් තියෙනවා ගෙදරක්. ගහපු ටකරංවලිං වහලක් ගහපු ඉර එළියෙං ඒත් මට දැනගන්න ඕනෙ මෙච්චරයි ඔයා නැතිවෙලා ද, තාම පණ පිටින් ද, ආපිට එනවා ද? දරුපැටව් අහනවා මගෙන් කවදාද? කිව්වෙ මං ලොකූට මම නොදන්න විත්තිය. පොඩ්ඩාට නං උත්තර නොදී හිටිය. උගෙ අත් හරිම පුංචියි කැඩුණු දේ දරන්න අමාරුයි. සමහර වෙලාවට ඔයාගෙ පුත්තු අමතක කරල හිනාවෙනව. ලොකූට තියෙන්නෙ ඔයාගෙම හිනාව. ...
නිහඬවම... කවි සෙවනැල්ල කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන්මේ අඳුරු, කළුවර අගාධය තුළගුලි ගැසී සිය සිරුරු තුළටම!කිසිදු සුසුමක්, එකම එක ඉකි බිඳුමක්හැල හොල්මනක්, කිසිත් නැතුවම.කොතරම් නිහඬව මිය ගොසින් ද ඔවුන්වළදැමීමේ කරදරයත්අනෙකා වෙත නොදමාම!සෙවණැල්ල - Gulzar - ගුල්සාර්ගේ කවියකින්... ...
දෙසීයට ගණින්නං මං මගෙ අම්මේ! කවි සෙවනැල්ල (ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිට වූ පසු මවක් වෙත ලැබුණු කවියක්!) පහේ කණිසමට නිදිමත මරාගෙනඉහේ පෙරවනය විසිකොට දමාගෙනහිතේ දුකින් පොත ඇස යට තියාගෙනඔහේ උන්න අම්මේ මම බලාගෙනබිම කළුවර මැකී ලොව මතුවෙන්න කලින්ඉර මාමගෙත් නිදිමත නැතිවෙන්න කලින්ඇඳෙන් බිමට මා ඇද දැමූ නුඹේ හඬින්ඇස ඇරුණේ පොත උඩ නැටු අකුරු හැඩින්සීයෙන් සීය ගන්නට මට කිව් අම්මාසීයේ අගය ටිකකින් පැත්තක දැම්මාසීය අගට තව ලොකු ...
ඔබේ උස අඟලක්! කවි සෙවනැල්ල වෙයි නම් ඔබේ උස එකමඅඟලක්පාසැලට යයි පිට නැගී පණුවෙක්හඬන කුහුඹුවෙකුගේ කඳුලක්වෙයි නුඹට පිහිනුමට දියඹක්එකම එක පාන් ලෙලි මුල්ලක්කුස නිවනු ඇත නුඹේ සතියක්මෘගයෙක් ලෙස නැගී මැක්කෙක්බියෙන් ඔබ නසයි එය ඇත්තක්වෙයි නම් ඔබේ උස එකමඅඟලක්වෙයි නම් ඔබේ උස එකමඅඟලක්දොර යටින් ඔබ පැන යාවි සත්තක් ඒත් ගත වේවි දින විස්සක්දකින්නට වීදි කොණ කඩයක්පෙඳ සුඟක් වේය සුව යහනක්අතට ගෙන මකුළු දැල් නූලක්ඔන්චිලි පදිනු ඇත ...
මේ ඔහුම ද? කවි සෙවනැල්ල අතීතයේ අඳුරු කොණකනැවතී සිටි එක මුහුණක්අවන්හලක අඳුරු කොණකමා හඳුනාගත නොහැකිද?මේ ඔහුම ද?හැරී බැලූමුත් ඔහු දෙසනොම හඳුනන මිනිසකු ලෙසතේ කෝප්පයට ඇස දෙනමේ ඔහුම ද?එසේ නැතිව,කාලය හරහා ආ මගමැකී ඈත යුගයට දිවුඒ ඔහුගේ ඡායාව ද?මේ ඔහුම ද?ඒ නැතිනම්, ඒ හැඩරුව සමග නැගුණු වෙන කෙනෙක් ද?බී නිම කළ කෝප්පයට සමු දී ඔහුනැගී ඇදෙයිඒ ඔහුම ද?අවන්හලේ දොරටුව'බඩයළි හැරෙනා ඔහුගේ නෙත්එකම එක වරක් මා ...
තාත්තේ එන්න! කවි සෙවනැල්ල (කුලියාපිටියේ පාසැලක මාපිය කැළක් එක්ව පන්නා දැමුණු කුඩා පුතු, මපුතු මුහුණින් එබී කී කවකි!) තාත්තේ...ඊයෙ මුළු රෑමත්- මම බලන් හිටියාඅම්මා ඉකි බිඳින හඬ - මට හෙමින් ඇහුණාකොයියම්ම මොහොතක - හීනෙක කෙළවරකවත්නුඹ ඇවිත් හිටියා නම්දුව එන්න තිබුණාළැම හිස හොවාගෙනවැළපෙන්න තිබුණා...තාත්තේ...ඊයෙත් කවුරුවත් නං - පන්තියේ හිටියේ නෑමේ ඉස්කෝලෙ කවුරුත් - මාව අඳුනන් නෑමට තවත් තැනකට - අලුත් ඉස්කෝලයකටයන්න වෙන විත්තිය - අම්මා ...
ගුරු ගීතය කවි සෙවනැල්ල සුරතට ගතිමි...රාක්කය කෙළවරබැඳි මකුළු දැල් පිස හැරඒ කුඩා ගතපෙරළුවෙමි...එකින් එක දිග හැරකාලයෙන් බැඳි ගැට හැරඅතීත මිහිරි පොතඅරුමයෙකි!බැස ගොසිනි ගත හැරඒ ගෙවුණු කාලය හැරකිසිවකු ද නැත ගත!මුණගැසිණබොහෝ හිස් පිටු කෙළවරදිරාපත් අයිලයේ නොවැසුණු දොරනන්නාඳුනන වතවිමසුවෙමිකොහි ද දැන් දුයිෂෙන්?අල්තීනායි සමග ගස් දෙක පොප්ලර්?නැගිනි ඔහුවසන්නට පෙර තම දොරපසුකරන්නැයි පිට 120 සන් කරනික්මිණ!පෙරළුවෙමිදකිනු රිසියෙන් කෙළවරදෙදෙන හා රුක් දෙක එක හැරදිනු මා මතක පොතඇඟිලි තුඩුනැවතුණි ය ...
යුද්ධෙ වැඩ කෙරුවොත්? කවි සෙවනැල්ල යුද්දෙ මොන තරං නං අරුම පුදුම ද?මොන තරං අපූරු දඵලදායකද ඇත්තට?මහ බර පාන්දරසයිරන් සද්දෙ ඇවිදින්රට හතර පැත්තටගිලන්රථ පිට වෙන එකසෙල්ලං කෙලියක් ය?වෙඩි වැදිල මළ උන්ටපෙට්ටි හම්බෙන්නෙත්කකුල් නැති වුණු උන්ටකිහිලි කරු එන්නෙත්යුද්දෙ වැඩ කෙරුවොත්!පුංචි දරු පැටවු ටිකකම්මැලි වෙන්නෙ නෑඋන් උණත් හිතනව ප්‍රශ්න මහ පෙළක් නෙ!කඳුළු නම් වැඩියක් යැමොකෝ මේ මහ පොළව උතුරන්න අඬන්ට දනියං කාලෙකට නං ඒක මොන සතුටද්ද?කොටිම්ම කිව්වොතිංදෙයියොත් ...
පරදන්න ඕනෙම නම් කොරෝනා කවි සෙවනැල්ල පරදන්න ඕනෙම නම් කොරෝනාඒත් එක්කමදිනන්න ඕනෙම නම් ජීවිතයනවතිමු ටිකකට...පොතකට පුළුවන්ලු වෛරසය හඳුනාගන්නසංගීතයකට, ඔව්, වෛරසය වෙන් කරගන්නචිත්රපටයකට, වෛරසය තනි කරගන්නකවියකට, ඔව්, වෛරසය මරා දමන්න!පොත්, චිත්‍රපට, සංගීත සහ කවි ගෙන...නිවස කොණ ඔබ කැමති පුටුව තෝරාගෙන...ඇවිද ගොස් හමුවන මිනිස් ජීවිත අතරින්සිප වැළඳ, හමුවන මිනිස් ආත්ම සතුටින්ජීවිතය... අහා! ජීවිතය මේ යැයි කියාසිරුර හා ආත්මය පිරෙන්නට ඉඩ දෙමු!දන්නව නේද නුඹ?පොතකට පුළුවන්ලු වෛරසය හඳුනාගන්නසංගීතයකට, ඔව්, වෛරසය ...
විලෝ පත්වල ගීතය කවි සෙවනැල්ල වසන්ත සුළඟෙහි සැළෙන මේ ගස සතුව වේ ශතසහස් තුරු පත් ළා දළු රන් පැහැ සේදවලටත් වඩා මුදු රිකිලි මිනිස් පුළුටකු’දු නැති මේ පිටියෙහි මේ විලෝ ගස අයිති කාටද?සෙවණැල්ල - බායි ජුයි - The Song of the Willow Branches ...