[ඇනෝනිමස්] පානදුරේ No-Limit ආයතනයත් අබ සරණ යයි ඇනෝනිමස් ආතල් අබ සරණ වේවා! බොදු බල සරණ වේවා! ගණ සරණ වේවා! මෙතුන් සරණින් ජයම වේවා! පානදුරේ නෝ-ලිමිට් ආයතනය ගිනි ගෙන දැවීම පිළිබඳව බොදු බල සේනාවේ කිසිම සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ එහි විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතා මෙය අන්‍යාගමිකයින් විසින් සිංහල බෞද්ධයින්ට එරෙහිව කරන කඩා කප්පල්කාරී ක්‍රියාවන්හි අළුත්ම ප්‍රතිඵලය විය හැකිය සඳහන් කළේය. ...
[ඇනොනිමස්] ඇනොනිමස්ට මේ තරම් බය ඇයි ඇනෝනිමස් ආතල් ඇනොනිමස්ට මේ තරම් බය ඇයි!මේ ලිපිය ලියන්න යන්නෙ මේ බ්ලොග් එක කරන ඇනොනිමසයා ගැන නෙවෙයි. නමුත් සිංහල බ්ලොග් ලෝකෙ ඉන්න ඇතැම් පොර ටෝක් බියසුල්ලන් බියවී ඇති ඇනොනිමසයන් ගැනයි.ඒ කියන්නෙ කමෙන්ටුවක් දාන්න ගියාම තියෙන ඇනොනිමස් විකල්පය ගැනයි මේ කෙටි විමසුම කරන්න යන්නේ.ඇනොනිමස් වීම සිංහල බ්ලොග් අතරෙ මාර අවුලක් තමයි. ලිපියෙන් කතාකරන දේ පැත්තක තියලා වෙන වෙන කිසිසේත්ම අදාල නැති පැති වලට ...
ඇනොනිමසයාගේ නැවත පැමිණීම හා සයිබර් සැණකෙළිය ඇනෝනිමස් ආතල් මාස කිහිපයක් පුරා මාර්ගගත වීමට නොහැකි විය. ඇනොනිමසයා නැවතත් ආරම්භ කරනු ලබන අතර ලිපි පල කර ගැනීමට කැමැත්තෝ anonymousaya@gmail.com වෙතට ලිපි යොමු කරන්න. සයිබර් සැණකෙළිය හා තවත් බ්ලොගොස්ෆියරය සම්බන්ධ වැදගත් අවස්ථා කිහිපයක් මග හැරීම පිලිබඳ ඇනොනිමසයා කණගාටු වන අතර මාර්ගගත නොහැකි වූ කාලය තුල ඇනොනිමසයාගේ වත්පොතේ රුන්න පොඩි කොල්ලන් කිහිප දෙනෙක් නිසා ඊතැපෑල තුල වසුරු පිරිසිදු කිරීමේ වෙනම ව්‍යායාමයක් කිරීමටද සිදුවුනි.සයිබර් ...
[ඇනෝනිමස්] හලාල්ද ,අපිද, එළවළුද, මස්ද, එහෙමත් නැත්නම් මහරගම ප්‍රකාශයද? ඇනෝනිමස් ආතල් මේ දිනවල තියෙන ආන්දෝලනාත්මක මාතෘකාව ගැන යමක් ලිය යුතුයි කියලා හිතුනා... බොදු බල සේනාව, ජිහාඩය, වගේ ආගමික සංවිධාන ගැන දැඩිව කථා වෙන තරමට මේ ප්‍රශ්ණ ඉතාම උග්‍ර තත්ත්වයකට ඇද වැටිලා වගේම, කැබිනට් මණ්ඩලයේ කථා විය යුතු ජනපතිගේ මැදිහත්වීමක් අවශ්‍ය තත්ත්වෙකට මේ ප්‍රශ්ණය පත් වෙලා.. එහෙම නැත්නම් පත් කරලා... මුස්ලිමුන්ට අත තිබ්බොත් අඩු කඩලා හරි නවත්වනවා කියලා එක ඇමතිවරයෙක් කියලා තිබ්බා... ...
[ඇනෝනිමස්] පිස්සාගේ පුනරාගමනය සමඟ අයි.ටී ලොවේ මහා ගත්කරු හමුවීම ඇනෝනිමස් ආතල් පසුගිය වසරකට ආසන්න කාලයක් තිසසේ පිස්සා හිටියේ ලොවෙත් නැතිවය.ඒ කාලය තුළ මේ සයිබර් අවකාසය තුළ නොඑක් හෙයියන් මාරු සිදුවී ඇති බව පිස්සාට දැන් දැන් මීටර් වන්නේය. සමහරු පාළුගෙයි වළං බිඳිමින් සිට චාටර්වී අතුරුදහන්ව ඇති බවටද පිස්සාට දැනගන්නට ලැබුණි. කෙසේ වුවත් දැන් පිස්සා ආයෙත් පළාමල්ලත් උස්සාගෙන ප්රාදුර්භූත වී ඇත.පසුගිය කාලයේ පිස්සා දේශ දේශාන්තර වල කරක්ගසා කුණු අටෝරාසියක් එකතුකොරගෙන ඇත.ඉතින් ඒ කුණු ...
[ඇනෝනිමස්] ගහෙන් වැටුණු ඉන්දික උපශාන්තට ලක්බිම ගොනා අනියි! ඇනෝනිමස් ආතල් ලෝකය කා වතුර බොන ජාතියේ, තෙම්පරාදු වූ හොරෙකුටණය දී තවම එය ලබා ගැනීමට නොහැකිව ලත වෙන ඉන්දික උපශාන්තට 'ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක්' වැනි ලෙඩක් වැටී තිබේ. ඒ ඔහු ජිප්සීස් සුනිල් පෙරේරා ගැන ලියූ සුනිල් පෙරේරාගේ දුන්තෙල්බත් දන්සැල.... gypsies vsGypsies ලිපිය ගෙඩි පිටින් උපුටා ගන්නා ලක්බිම පුවත්පත එය වෙනත් කෙනෙකුගේ නමෙන් පළ කිරීම නිසාය. තමන්ගේ පෝස්ට් එකකට බ්ලොග් ලෝකයෙන් ...
[ඇනොනිමස්] විමල් චර පුරුෂයෙක් බව හෙළිවේ..... කෙල්ල ගෙට ගන්......! ඇනෝනිමස් ආතල් වත්මන් රජයේ වග කිව යුතු අමාත්‍ය ධූරයක් දරණ විමල් වීරවංශ මහතා වග කිව යුතු වැදගත් චරපුරුෂයෙකු බැව් අනාවරණය වී ඇත. මෙම සොයාගැනීම සිදු කර ඇත්තේ විශිෂ්ට ශ්‍රී ලාංකික බුද්ධිමතෙකු, දේශපාලන විශ්ලේශකයෙකු මෙන්ම දැවැන්ත දේශප්‍රේමියෙකුද වන රංග ජයවර්ධන නම් මහතෙකු විසිනි. ෆේස් බුකියේදී අහම්බෙන් මගේ නෙත ගැටුන මෙම අනගි සොයා ගැනීම පසුදින උදෑසන වන විට විදේශ කුමන්ත්රණකරුවන් පිරිසක් විසින් නින්දිත ලෙස ...
[ඇනෝනිමස්] 18+ ජනඅප්‍රිය සිංහල බ්ලොග්කරුවන්ගේ ලිංගික ජීවිතයේ සැඟවුණු රහස් ඇනෝනිමස් ආතල් ජනඅප්‍රිය සිංහල බ්ලොග්කරුවන්ගේ ලිංගික ජීවිතයේ සැඟවුණු රහස් ඔවුන්ගේ සහකාරියන්ගෙන්ම අසා දැන ගන්න...පොඩි මෑන් මෙහයවන ඇනෝනිමස් රේඩියෝ වැඩ සටහන... ළඟදීමසිංහල බ්ලොග්කරුවන්ගේ ලිංගික ජීවිතය පිළිබඳව මෙතෙක් ඔබ නොඇසූ අද්භූත කරුණු රැසක් බ්ලොග් ලිවීම හා ලිංගිකත්වය අතර සම්බන්ධයක් තිබේද?බ්ලොග්කරණය සාර්ථක ලිංගික ජීවිතයකට අත්වැළක්ද, බාධාවක්ද?බ්ලොග් ලිවීමෙන් ලිංගික ජීවිතය සාර්ථක කර ගත්තෝඇනෝනිමස් ගුවන් විදුලිය මඟින් විකාශයට නියමිත මෙම වැඩ සටහන සඳහා ජනඅප්‍රිය සිංහල බ්ලොග්කරුවන් සය ...
[ඇනෝනිමස්] ෆොන්ටෙරා කිරි බී සුදු වන්නට ගිය කල්ලීගේ කතාව ඇනෝනිමස් ආතල් එකමත් එක රටක, කාලයකට ඉහත අමනදාස අමනකේසර නමින් මිනිහෙක් සිටියේය. මේ අමනදාසයාගේ රස්සාව වූයේ මොළ හෝදන එකය. තමන්ටවත් නොතේරෙන බර බර වචන දමමින් කිසිම විෂය පථයකට අයත් නැති නමුත් ආකර්ෂණීය දේවල් ගැන අමනදාසයා පොත් ලිව්වේය. දේශන පැවැත්වූයේය. අන්ධයින්ගේ රටේ එකැස් කණාත් පොරක් වන බව ඔප්පු කරමින් එමඟින් හොඳ ආදායමක් උපයා ගන්නටද සමත් විය.අනුන්ට සාර්ථක මිනිසකු වන්නට කියා දුන් නමුත් ...
[ඇනෝනිමස්] ක්‍රෙඩිට් එක යන්න ඕනැ ඥානසාර උන්නාන්සෙට විතරද පින්වතුනි? ඇනෝනිමස් ආතල් භාග්‍යවත් පින්වතුනි, පෙරේදා අපේ වීරෝධාර සිංහලබෞද්ධ උපාසක ඇත්තන්ගේ ක්‍රියාකලාපය නිසා හම්බයො දෙන්නෙක් මළා. අසූවක් රෝහල් ගත වුණා. හම්බ කඩ විස්සක්ම ෆ්ලැට්. (මේ ඇත්තො පන්සිල් හෙම අරගෙන බොහෝම සංවරශීලී විදිහට මේ මහා පුණ්‍ය ක්‍රියාවට සහභාගි වෙච්චි හැටි දැක්කම මගේ ඇඟේ මයිල් කෙළින් උණා හසන්ත...) දැන් ඔය ඇත්තන්ම කල්පනා කරලා බලන්න, මේක නේද ආශ්චර්යය කියන්නෙ? ඔය ඇත්තන්නම හිතලා බලන්න 1990 ගණන් ...
[ඇනෝනිමස්] ජොනී බට්ටාගේ එළවළු කූඩ හා ජනතා ප්රතිලාභ ඇනෝනිමස් ආතල් අපේ රටේ බොහෝ විට සිදු වන්නේ අපට එක පාරට වටහා ගත නොහැකි, බැලූ බැල්මට ජෝක් සේ පෙනෙන සිද්ධීන්ය.අළුත් අළුත් දේවල් වලින් ජනතාවට වඩ වඩා ප්රතිලාභ දෙන්නට ආණ්ඩුවට ඕනෑ වී තිබියදී අපේ රටේ මැටි මෝල් ජනතාවට ඕනෑ වී තිබෙන්නේ දත කාගෙන ඒ ප්රතිලාභ එපා කියන්නටය.මාස කිහිපයකට ඉහත පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ආණ්ඩුවට දැඩි උවමනාවක් විය. සාමාන්‍යයෙන් වෙන රටවල් ...
[ඇනෝනිමස්] වැලිවේරියේ සිද්ධිය පිළිබඳව මාරයාගේ අම්මා කළ විශේෂ ප්‍රකාශය ඇනෝනිමස් ආතල් වැලිවේරියේ රතුපස්වල පසුගියදා ජල ප්‍රශ්නයක් නිසා ඇති වූ මරණ තුන සම්බන්ධයෙන්, බ්ලොග්කරුවන්ගේ දැඩි ඉල්ලීම පරිදි මාරයාගෙන් ප්‍රකාශයක් ගැනීම පිණිස ඇනෝනිමසයා දැඩි උත්සාහයක් ගත් නමුත් මාරයා මොනම අවස්ථාවකවත් දුරකථනයට පිළිතුරු නොදී සිටීම නිසා එය කළ නොහැකි විය. ඒ වෙනුවට මාරයාගේ අම්මා ඇනෝනිමසයාට කළ පහත ප්‍රකාශය මෙසේ පළ කරමු. අනේ මහත්තේලා … [හච්ච්ං! හච්චිං!] ඔය වැලිවේරියේ… මොකද්ද මන්දා හුටපටයක් [හච්ච්ං! හච්චිං!] ...
[ඇනෝනිමස්] නැතිවූ දේපළ හා ජීවිත යළි ලබා දෙනවා; දැන් චූ කරල බුදියගන්න ඇනෝනිමස් ආතල් (පචකීර්ති පලිහවඩන හා නෝමෑන් වර්ණකුලසූරිය විසිනි.) අලුත්ගමදී කවුදෝ අඟහරු ලෝකයෙන් ආ නොදන්නා මැරයන් පිරිසක් විසින් මාර සමගියෙන් සිටි සිංහල හා මුස්ලිම් ජනතාව දෙපිරිසටම මාර විදියට පහරදී ජීවිත හා දේපළ හානි සිදු කිරීම ගැන තමන් මාර ලෙස කණගාටු වන බවත්, මැදමුලන වලව්ව විකුණලා හරි නැතිවූ දේපළ තමන්ගේ පෞද්ගලික වියදමින් යළි ලබා දෙන බවත් ජනාධිපතිතුමා ඊයේ බේරුවලදී මුස්ලිම් හා බෞද්ධ ජන ...
[ඇනෝනිමස්] පෙට්‍රල් රුපියල් 12 කිනුත් ඩීසල් රුපියල් 31 කිනුත් වැඩි වුණේ ඇයි? ඇනෝනිමස් ආතල් ජනාධිපතිතුමා කොයිතරම් හොඳ සිංහල බ්ලොග් රසිකයකුද යන්න දැන් හැම සූරියආරච්චිම දන්නේය. කොටින්ම සඳරුලාගේ ගමේ තුම්මං හන්දියේ පොල්ලතු කඩේ තේ හදන කොල්ලාද දන්නේය. මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර කාමරයට ඇතුළුවන විටත් ජනාධිපතිතුමා හිටියේ මාරයාගේ අළුත්ම බ්ලොග් පෝස්ට් එක "යාපනේ ගමනේ පසු කතා සහ ගමනට ආරක්ෂාව දුන් පලවෙනි දෙයියා... " කියවමිනි. "මොකද්ද ඒ ගමන? තව ...
[ඇනෝනිමස්] බෞද්ධයෝ හා අබ-බෞද්ධයෝ ඇනෝනිමස් ආතල් අබ-බෞද්ධයින්ගේ ශාස්තෲවර ඥානසාර මොකද්දෝ වහන්සේ තමන්ගේ මොළයේ විෂ්කම්භය දක්වමින් මෑතකදී පහළ වී ඉතාම වේගයෙන් පැතිරී යන ‘අබ-බෞද්ධ’ නම් වූ ආගමික කොටස අප කලින් දැන සිටි ‘බෞද්ධ’ නම් ආගමික කොටසින් වෙනස් වන්නේ කෙසේ දැයි බොහෝ දෙනා තුළ ප්‍රශ්නයක් මතුව තිබේ. මේ පැහැදිළි කිරීම ඒ වෙනුවෙනි. (සැ. යු. ‘අබ-බෞද්ධ’ යනු ‘අබෞද්ධ’ නොවේ. මේ දෙක වරදවා වටහා නොගත යුතුය.)1. බෞද්ධයෝ එකිනෙකාට 'බුදු ...
[ඇනෝනිමස්] සිංහ රෙජිමේන්තුවේ විශ්‍රාමික - මෙයාලු අපේ බ්ලොග් ලියනා විචාරක ඇනෝනිමස් ආතල් සයිබර් සිහින උළෙලේදී කවුදෝ කිව්වා මේ තමයි අසමි-දකිමි-සොයමි බ්ලොග් එක ලියන විචාරකතුමා කියලා. අර අපි හරි සිංහලෙන් ලිව්වෙ නැතුවාම ටිකක් මළ පනින්නෙ. අන්න එයා. මම නම් දන්නෙ නෑ. දන්න කෙනෙක් ගෙන් හරියටම අහ ගන්න එකයි ඇත්තෙ. ...
[ඇනෝනිමස්] මැදින් පෝය දවසේ සෑම බෞද්ධයකු විසින්ම අනිවාර්යයෙන්ම ඇසිය යුතු ධර්ම දේශනයක් ඇනෝනිමස් ආතල් පිටිදූවේ සිරිධම්ම/සිරි සමන්තභද්‍ර හිමියන් ගැන මීට පෙර ලියූවේ එක්තරා මට්ටමකට යුතුකමක් ඉටු කිරීම් වශයෙන් වුවත් කුතුහලයෙකින්ද යුතුව ගොස් උන්වහන්සේගෙන් ඇසූ බණක් නිසාය. මේ දැරූ වෑයම නිශ්ඵල ප්රයත්නයෙකැයි දැන් සිතෙන්නේ උන්වහන්සේගේ ධර්ම දේශනා රාශියක් You Tube හි දක්නා ලැබෙන නිසාය. තව ටික දවසෙකින් අපේ ධර්ම ගැටළුවලට පිළිතුරු දීමට උන්වහන්සේ Skype වෙතද එනු ඇතැයි සිතමි. මේ අපේ නිවසින් මෑත් නොවීම ධර්ම ඥාණය ...
[ඇනෝනිමස්] සිංහල බ්ලොග්කරුවන්/කාරියන් ආත්මාර්ථකාමීන්ද? මෝඩයින්ද? කුහකයින්ද? (ඔබ සිටින තැන සොයා ගන්න.) ඇනෝනිමස් ආතල් ලංකාවේ "සාමාන්‍ය පවුලක" වියදම වැඩි වන හැටි - සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි. සිංහල බ්ලොග් අවකාශය යනු ලාංකීය සමාජයේම පැතිකඩෙකැයි වරෙක වදාළෝ අපේ ලිවිසුරු, මැවිසුරු ශ්‍රී දක්ෂිණ-කෞරව ජනරංජන මහා කතන්දර ශූරී මැතිතුමෝ. මෙය වසරෙහි ලොකුම බොරුව බව අපට සිතේ. එය බොරුවක් වන්නේ දෙමළ, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි, හින්දු ආදී සුළුතර කොටස්ද අයත් සමස්ත ශ්‍රී ලාංකික සමාජය තබා අප බොහෝ දෙනකු නිතර ගැවසෙන සිංහල ...
[ඇනෝනිමස්] ලක්බිම කර්තෲ දණ නමා වැඳ බැගෑපත් ලෙස ඉන්දික උපශාන්තගෙන් සමාව අයදියි ඇනෝනිමස් ආතල් තමන් නොදැන කළ වරද සම්බන්ධයෙන් ගැත්තාට අනුකම්පා කරන ලෙස අයදිමින් ඉතාම බැගෑපත් ලෙස ලක්බිම කර්තෲ අනුර හොරේෂෂ් මහතා ඉන්දික උපශාන්ත මහාතාගෙන් සමාව අයැද තිබේ. ඒ පිළිබඳ ඉහත නිවේදනය අද ලක්බිම පුවත්පත සමඟ නිකුත්වන රිද්ම අතිරේකයේ පළ කොට ඇත.ඉන්දික උපශාන්ත මහතා මෙම මස 15 වැනිදා ලංකාව බලා යාමට නියමිතව ඇති අතර මේ ගමනේදී ඔහු දැනට වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ...