Dick, Danny & Dis අසම්මතය සිගරට් ගහපු නිසා නෙවෙයි මුන් තුන්දෙනාව ටීම් එකෙන් පැන්නලා ලංකාවට වෙනම වෙන් කරලා එව්වේ අනික් ටීම් එකේ අය එක්ක සම්බන්ධ වෙන්න කලින්. මුන් තුන් දෙනා ටීම් එකෙන් පැන්නුවේ Bio bubble එකෙන් පිටට ගිය නිසා. ඒ කරපු ගොබ්බ වැඩේ බරපතල කම නොතේරෙන අපේ අය උන් තුන්දෙනා වෙනුවෙන් කවි ගී ලියනවා තාම. පොඩ්ඩක් මේ ටිකත් කියවලම තේරුම් ගනිල්ලා උන්ව සුද්ද කරනවා ...
වාරකන් නිසා කැස්බෑවන් මිය ගියා කිව්වේ කව්ද? අසම්මතය කැස්බෑවුන් හා අනෙක් සිටාසියා විශේෂ රැසක් අද වෙද්දි මියගිහින් අවසන්. ආසන්නතම අගයන් වලින් ගත්තොත් අද වෙද්දි කැස්බෑ මරණ 100 ක් පමණ හා සිටාසියා (තල්මස්, ඩොල්ෆින්) මරණ 50 ක් පමණ වෙලා අවසන්. ඔබට මතක ඇති අපි වගේ ඇච්චො බැච්චො ටිකක් එකතු වෙලා කිව්වා මේ මරණ වලින් 10% ක් පමණ තමා වෙරලට ගොඩ ගහන්නෙ අනිත්වා මුහුදු තුල සැගවී යනවා කියල. අසමාන ...
ඉංග්‍රීසි වචන අමුවෙන්ම සිංහලට පෙරලීම අසම්මතය සිංහල භාශාවේ එකම දේ ගොඩක් විදිහට පරිවර්තනය කරන්න පුළුවන් වගේම එකම දේ විවිධ ආකාරයෙන් කියන්න පුළුවන් වගේම එකම වචනයකට විවිධ තේරුම් දෙන්න පුළුවන්. ඒ නිසාම සිංහල කියන්නේ වඩාත් අලංකාරවත් භාෂාවක්. Telephone කියන එක එක විදිහට පරිවර්තනය කලාම බලන්නකෝ කෝකද ලේසි කියලා. හෙල බසින් – තෙල බනුවසරල සිංහලෙන් – දුරකථනයකතාකරන සිංහලෙන් – ටෙලිෆෝනය ඒ වගේ අපිට ගැලපෙන මට්ටම හොයාගෙන ඒ වචන ...
කොරෝනා ටෝකන්ද? එන්නත් කාඩ්ද? පාට ස්ටිකර්ද? සංචරණ සීමාද? අසම්මතය ලංකාවේ හැම මනුස්සයටම කොවිඩ් එන්නත් කාඩ් එකක් දීලා එන්නත ගස්සන එක තමා හරි ක්‍රමය. එතකොට ඒ කාඩ් එක ග්‍රාමසේවක හරහා ග්‍රාමසේවා වසමේ සියළුම දෙනාට ලබා දුන්නා නම් ඒක තමයි වෙන්න ඕනි හරි ක්‍රමය. එතකොට ග්‍රාමසේවා වසමෙන් වසම හරියට එන්නත්කරනය වෙනවා. මේ ටෝකන් දෙන මගුලේ එන්නත් කාඩ් එකේ වගේ කිසිම විස්තරයක් නෑ. ඒ ටෝකන් අරන් එන එකා යාපනේද මඩ කලපුවෙද ...
පරිසරය සම්බන්ධ කාරනාවලදි ඔබ බයියෙක්ද? ටොයියෙක්ද? ජෙප්පෙක්ද? කොටියෙක්ද? යනවග අමතක කර රට වෙනුවෙන් පරිසරය වෙනුවෙන් එකතුවෙන්න අසම්මතය සම හරක් ට අනුව නැව ගිනි ගත්ත එකෙන් පරිසරයට මොකුත් වෙලා නෑ. මෙච්චර කල් අපේ රටේ මිනිස්සු මුහුදට දාපු දේවල් වලින් මීට වඩා පරිසර හානියක් වෙනවා. යුද්ධය කාලේ කොටි නැව් ගිල්ලුවා, කෝ ඒවා ගැන කතා කරාද? කියලා අහනවා. නැවේ අම්ල නිසා මුහුදට මොකුත් වෙන්නේ නෑ මුහුදෙ තියෙන වතුර කොච්චර ගොඩක්ද ඒ එක්ක ගත්තාම ඔය අම්ල හරි රසායනික හරි නිකන්ම දියවෙලා ...
නැව් ගිනිගැනීම, බේරාගැනීම, රක්ෂණය සහ නිකන් දීම අසම්මතය ලංකාවේ නාවික අනතුරු මැඩපැවැත්වීමේ සහ මුදවාගැනීමේ ආයතන තිබියදී නෙදර්ලන්ත ආයතනයකට එය බාරදී මෙවරත් ලංකා ආණ්ඩුව කෙලවා ගන්න යන බව පෙනේ. ජාත්‍යන්තර නාවික නීතියට අනුව මෙලෙස අනතුරකට පත්වූ නැවක් බේරගත් පසු නැවට ගොඩවන මුදවාගැනීමේ ආයතනයට නැවේ අයිතිය හිමිවේ. ඔවුන් විසින් නැව් රක්ෂණ සමාගම් වලින් ඩොලර් බිලියන ගනන් මුදල් ලබාගෙන නැව ගලවා ගැනීමට සහය වූ ආයතන වලට මුදල් ලබාදීම සිදුකරයි. මෙය ...
කෙටි කාලීන වාසි සහ දිගුකාලීන රෝග අසම්මතය ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මේතරම් ආරක්ෂිත ඇදුම් ඇදගෙන වෙරළ පිරිසිදු කරද්දි පහුගිය දවස්වල මුහුදටම පැනලා නැවෙන් වැටුන දේවල් ගෙවල් වලට අරන්ගිය පොඩි දරුවගෙ ඉදලා මහ එකා දක්වා දාස් ගණනකගේ ජීවිත දැන් අනතුරේ. කෙටි කාලීන වාසි වෙන්වෙන් දිගුකාලීන රෝග ඇගේ දාගන්න අපේ මිනිස්සු හරි දක්ෂයි. මේකට හේතුව ඒ මිනිස්සුන්ගේ නොදැනුවත් කම කියලා කියන්න බෑ. මොකද රූපවාහිනී සහ ගුවන්විදුලි වල කොච්චර කිව්වාද ...
X Press Perl සහ X Press Death අසම්මතය අපේ මිනිස්සුන්ට සුනාමිය ආව වෙලාවෙත් මූද පස්සට ගියාම ඕනි උනේ අලුත් ගොඩබිමෙන් ඉඩක් අල්ල ගන්න. පස්සේ එන අනතුර ගැන නොදැන සිටි නිසා දාස්ගානක් ඊලග රැල්ලට මැරුනා. දැන් මේ ගිනිගන්න නැවෙන් ගොඩට එන චොක්ලට් එකේ ඉදලා අර පෝර උරේක පැකට් කරලා එන්නේ මොනාද කියලා නොදන්න මගුල් පවා මේ සංචරන සීමා අස්සෙ ගෙදරින් එලියට ඇවිත් මුහුදට බැහැලා අරගෙන උස්සන් ගෙදර යනවා. ...
ලංකාව ඉන්දියාවට වඩා අමාරුවේ වැටෙන දිනය ඉතා ඉක්මනින් ලගාවන බව පෙනේ. අසම්මතය ඉන්දියාවේ කෝටි 136.6 කට කොරෝනා රෝගින් කෝටි 2.2 සහ මරණ ලක්ෂ 2.4ය. එනම් ජනතාවගෙන් 1.6% කට කොරෝනා රෝගය ඇති අතර රෝගීන් ගෙන් 1% මිය ගොස් ඇත. මේ නිල දත්ත වන අතර ඇත්ත තත්වය මෙයට වඩා තුන් ගුණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලංකාවේ කෝටි 2.2 කට කොරෝනා රෝගින් ලක්ෂ 1.2 සහ මරණ 786 ය. එනම් ජනතාවගෙන් 0.5% කට කොරෝනා රෝගය ...
අම්මාවරුන්ගේ දිනය අසම්මතය 365 දවසම අම්මා ගැන සොයාබලන අම්මාගේ සතුට ගැන හිතන දරුවන්ට අමුතුවෙන් අම්මාවරුන්ගේ දින ඇවැසි නැත. ඔබව දස මසක් කුසතුල තබාගන්න, මෙලොව එලිය දකින්නට වදන්න, මෙලොවට වැදගත් පුද්ගලයකු ලෙස හදන්න තම දිවියම කැපකල ඇයට සවියක් වෙන්න, සිනහවක් ගේන්න, ඇය ගැන සොයා බලන්න එක් දිනයක් ඇයි? රෝහණ කේ අමරකෝන් ...
අම්මාවරුන්ගේ දිනය අසම්මතය 365 දවසම අම්මා ගැන සොයාබලන අම්මාගේ සතුට ගැන හිතන දරුවන්ට අමුතුවෙන් අම්මාවරුන්ගේ දින ඇවැසි නැත. ඔබව දස මසක් කුසතුල තබාගන්න, මෙලොව එලිය දකින්නට වදන්න, මෙලොවට වැදගත් පුද්ගලයකු ලෙස හදන්න තම දිවියම කැපකල ඇයට සවියක් වෙන්න, සිනහවක් ගේන්න, ඇය ගැන සොයා බලන්න එක් දිනයක් ඇයි? රෝහණ කේ අමරකෝන් ...
කොරෝනා එක බිස්නස් එකක් වූ හැටි අසම්මතය ලංකාවේ දේශපාලකයන්ට කොරෝනා යනු මහා ධනස්කන්ධයක් ඉපයීමට හැකි ඉල්ලමකි. ඒනිසා කොරෝනා පාලනය කිරීම වෙනුවට තමන්ගේ ගාන හොයාගන්න තුරු ඇදගෙන යාමක් සිදු කරයි. කොරෝනා තිබ්බොත් දේශපාලකයන්ට තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට රැපිඩ් ඇන්ටිජෙන් ටික ඔවුන්ගෙන් ලබාගන්න කියා බිස්නස් කළ හැක.මාස්ක් ආනයනය තහනම් කරමින් ගැසට් ගසා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ රජයේ ආයතන වලට මාස්ක් ඔවුන්ගේ කර්මාන්තශාලා වලින් මිලදීගන්න නියෝග කල හැක.හදිසියේම ජනතාවගේ ශරීර ...
ඔබ ඔබේ විදියට සුන්දරයි.! අසම්මතය මේ ඉන්නෙ අපණ්ණකා කුළියාපිටිය. වෘත්තීයෙන් ගුරුවරියක්. ඇය රුසියාවේදී පැවැති ‘මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුණා. . රුසියානු කලාපයේ යුක්රේනය, ජෝර්ජියාව වැනි රටවල් නියෝජනය කරමින් තරගකාරීන් රැසක් මෙම තරගය සඳහා එක්වෙලා තිබුණා. නොවැම්බර් මාසයේදී ඇරඹලා තිබුණ මේ තරගාවලියේ පළමු වටයෙන් අවසන් 15 දෙනා අතරට තේරී පත්වන්නට අපේ අපණ්ණකා සමත් වුණා. මෙම තරගාවලියේ අවසන් ...
ඇෆ්ලාටොක්සින් ගැන මගේ සත දහය , මුලසිට සරලව අසම්මතය ඇෆ්ලාටොක්සින්- යනු නොම්මර එකේ පිළිකා කාරකයකි – පිළිකා ඇති කරන බවට ඇති සාධක අනුව ලෝකේ පිළිකා කාරක වර්ගිරකනය කර තිබේ. දුම්කොළ මෙන් ම ඇෆ්ලාටොක්සින් ද එහි ඉහලම මට්ටමේ පිළිකා කාරකයකි.https://monographs.iarc.who.int/list-of-classificationsඇෆ්ලාටොක්සින්- සදහා ටෙස්ට් කිරීම මෙන්ම එයට නිරාවරණය වීම අවම කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජගත් සංවිධාන වල අනුග්‍රහය ලැබෙන වැඩපිළිවෙලකි.https://www.who.int/foodsafety/FSDigest_Aflatoxins_EN.pdfඇෆ්ලාටොක්සින් සෑදෙන්නේ පරිසරයේ ම අඩංගු දිලීරයක් මගිනි, එනිසා ඇෆ්
පොලිසිය සහ මානවහිමිකම් අසම්මතය පිස්සෙක් වගේ පාර බදු අරන් වාහන ගෙනියන එකෙක්ට මනුස්ස ජීවිත ගැන ගානක් නෑ මිනිහෙක් හැප්පුනාම වටේ පිටේ ඉන්න උන්ගෙනුත් මෙහෙමම හෝ මීට වැඩිය ගුටි තමා කන්න වෙන්නේ පොලිසිය උනත් විනයක් තිබ්බාට හදිසි කේන්තිය පාලනය කරගන්න ක්‍රමයක් හදලා නිලධාරීන් පුහුණු කරලා නැත්නම් මෙහෙම ඒවා මගතොටේ වෙද්දි පොලිසි ඇතුලේ මිනිස්සු මැරෙන එක ගැන හිතාගන්න පුළුවන් අන්තිමට මේවා ජාත්‍යන්තරයේ කියවෙන්නේ මානව හිමිකම් ...
පොලිසිය සහ මානවහිමිකම් අසම්මතය පිස්සෙක් වගේ පාර බදු අරන් වාහන ගෙනියන එකෙක්ට මනුස්ස ජීවිත ගැන ගානක් නෑ මිනිහෙක් හැප්පුනාම වටේ පිටේ ඉන්න උන්ගෙනුත් මෙහෙමම හෝ මීට වැඩිය ගුටි තමා කන්න වෙන්නේ පොලිසිය උනත් විනයක් තිබ්බාට හදිසි කේන්තිය පාලනය කරගන්න ක්‍රමයක් හදලා නිලධාරීන් පුහුණු කරලා නැත්නම් මෙහෙම ඒවා මගතොටේ වෙද්දි පොලිසි ඇතුලේ මිනිස්සු මැරෙන එක ගැන හිතාගන්න පුළුවන් අන්තිමට මේවා ජාත්‍යන්තරයේ කියවෙන්නේ මානව හිමිකම් ...
සිංහරාජයේ ජෛව විවිධත්වය අසම්මතය ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 0.17 ක් පමණ ආවරණය වන සිංහරාජ අඩවියේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් සියයට 38 ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් සියයට 37 ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් සියයට 53 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි. එම සියලූ ම විශේෂ වාර්තා වන්නේ දැනට සිංහරාජ ජාතික උරුම වන ...
පවිත්‍රා vs කොරෝනා අසම්මතය මනුස්සයෙක්ට අසනීපයක් උනාම ඒගැන සතුටු වෙන එක තිරිසන් ගතියක්. ඒත් මම පවිත්රාට කොරෝනා හැදුන එක ගැන ගොඩාක් සතුටු වෙනවා. ඒ වෙන මොකක් වත් නිසා නෙවෙයි. උම්මාදීලා, මුට්ටි ගගේ දාලා, කෑගල්ලේ කපුවාගේ පැණි බීලා, අනුරාධපුරයේ අක්කාගේ රතුනූල් දාලා කොරෝනා හොද කරන්න පුළුවන් කියලා මිනිස්සු මුලා කරපු එක අද එයාටම බොරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවා. මිත්‍යාව හිස් මුදුනින් පිලිගත් මිනිස්සුන්ටම ...
ලංකාවේ සශ්‍රීකම දශකය අසම්මතය දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික.(අතීත කාමය නෙවේ , සත්‍යයකි )JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා පාලම් කාප්ප දක්වා වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා. ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා. UniC ...