“අවලස්සන තාරා පැටියා”ගේ අලුත් කතාව අසම්මතය එක පන්තියේ එකට ඉගෙන ගත් අනෙක් ළමුන් ඇයට “අලි කෙල්ල” කියා නමක් පටබැද තිබිණ. “තාර බැරල් එක”, “පිටි මුට්ටෙ”, “බතලි” කියා ඇයට උසුළු විසුළු කළ ළමුන්ද පාසලේ හිග නොවීය. කොහොමත් ඇය පන්තියේ උන් “කැතම”, “කලුම”, “මහතම” දැරිය වූවාය. ඒ නිසාම ජොආනා නිතරම පාසලේ අනෙක් ළමුන්ගේ උසුළු විසුළු වලටත්, හිරිහැර වලටත් ලක් වූවාය. ජොආනා ජෝසප් පවුලේ එකම දරුවාය. නීරෝගීව ඉපදුණු ...
රටට ආදර්ශවත් අම්මලා ගොඩක් අයගේ ගෙදර ඇත්ත තත්වේ අසම්මතය සමහර තරුණ අම්මලා එයාලගේ දරුවන්ට අම්මගේ ගුණ ගැන කවි ගීත නිසදැස් කතන්දර කියලා දෙනවා. හැබැයි ඒ තරුණ අම්මලාගේ අම්මාලා නැත්නම් අර දරුවන්ගේ අත්තම්මලා තමයි තාමත් ඒ පොඩි උන්ට උදේට කෑම හදලා, කවලා, කැතකුණු හෝදලා, නිදි කරවලා ගෙදර අනිත් වැඩත් ඔක්කෝම කරලා නැහෙන්නේ. හැබැයි ඒ තරුණ අම්මලාගේ අම්මාලා නැත්නම් අර දරුවන්ගේ අත්තම්මලා තමයි තාමත් ඒ පොඩි උන්ට උදේට කෑම හදලා, කවලා, ...
ලෑන්ඩ් බ්‍රිජ් සහ ග්ලැසියර අවධි අසම්මතය සැට් ඉමේජ් එකක් දැක්කා වැඩේ විස්තර කරන්න පහසු වෙන. දැන් මේක දිහා නොබලා හිතන්නකො ලංකාව අවට දැන් තියෙන මුහුදු මට්ටම මීටර් තුන්සීයකින් විතර වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වුනාම වෙන්නේ මීටර් 300 වඩා පහත් බිම් සියල්ල මුහුදෙන් යට වෙන එක. මෙහෙම යටවුන ලංකාව ආයේ සැට් ඉමෙජ් එකකින් බැලුවොත් දකින්න පුළුවන් වෙන්නෙ අද ඔබ දකින ලංකාව නෙමෙයි. තැනින් තැන ඉතුරු ...
බොර තෙල් වල මිල සෘණ උනාම අපිට තෙලුත් එක්ක සල්ලිත් දෙනවද? අසම්මතය ඉතිහාසයේ පළවෙනි පාරට WTI බොරතෙල් බැරලයක මිළ ඍණ අගයක් අරගෙනලු.එහෙම වෙන්න පුලුවන්ද? එහෙම උනොත් මොකද වෙන්නෙ? අපි තෙල් ගත්තොත් අපට සල්ලි දෙනවද? මොකද්ද WTI කියන්නෙ? මේ තියෙන්නෙ පොඩි පැහැදිලි කිරීමක්. මොකක්ද මේ WTI? WTI කියලා කෙටියෙන් හදුන්වන්නෙ West Texas Intermediate කියන එක.මේක Marker Crude එකක්.ලෝකෙ එක එක තැන්වල තියෙන තෙල් ළිං වලින් ගන්න බොරතෙල් වල සංයුතිය එකිනෙකට වෙනස්.හයිඩ්‍රොකාබන් ප්‍රතිශතය, ...
වේසකමේ යෑම අසම්මතය “ලොකු උනාම බබා මොනාද කරන්නේ.?කියා පෙරපාසල් පාලිකාව කුඩා දැරියකගෙන් ඇසුවාය. “මම වේසකමේ යනවා”දැරිය පිලිතුරු දුන්නාය. මින් මවිතයට පත් වූ පෙරපාසල් පාලිකාව “ඇයි බබා එහෙම කියන්නේ” කියා විමසීය. අල්ලපු ගෙදර ඇන්ට් ලස්සනට ඇදල එලියට බහිනකොට අපේ අම්මා කියනවා “ඔන්න අර ගෑණි වේසකමේ යනව” කියලා. ඉතින් මාත් ආසයි ඒ ඇන්ට් වගේ ලස්සනට ඇදල යන්න. උගත් පාඩම් : ලමුන් ඉදිරියේ බස හැසිරවීමේදි පරිස්සම් ...
අවශ්‍යතා එකිනෙකාට වෙනස් (18+) අසම්මතය බොහෝ කාන්තාවන් ඇසුරු කොට ඇති ව්‍යාපාරිකයා විවාහ වෙන්න ට අදහස් කලා….ඔහු තමා ඇසුරු කළ කාන්තාවන් අතරින් තිදෙනෙක් තෝරා ගෙන ඔවුන්ට ඩොලර් 5,000 බැගින් දුන්නා …. පළවෙනි කාන්තාව තමාට මුදල් ලැබුණු වහාමනගරයේ රූපලාවණ්‍යාගාරයකට ගියා….ඇය අලුත් කොන්ඩ මොස්තරයක් දමාගෙනසම නිය දීප්තිමත් කර ගෙන ….අලුත්ම මෝස්තර වල ඇඳුම් පැළඳුම් මිල දී ගත්තා …මම ලස්සනට ඉන්න කොට ඔයාට නේ ආඩම්බර..ඒ කියන්නේ මම ඔයාට ...
පිරිමි ඇග කොච්චර ශෘංගාරද? අසම්මතය ශෘංගාරයට අදාල ස්ත්‍රී ශරීර විතරක් වෙන්නෙ ඇයි?ස්ත්‍රි ශරිර අංග පියයුරැ,නිතබ,තොල්,ඇගිලි,උකුල,පිට,බඩ,බුරිය,කකුල්……..එකි නොකි සෑම අංගම ඉතා අභිරැචියෙන් කතාවට ලක් වෙනවා.රස විදිනවා,කවි ලියනවා. පිරිමි ඇග කොච්චර ශෘංගාරද?එත් පිරිමි ශෘංගාරයට එකතු කරන්නෙ පුරැෂ ලිංගය විතරයි. එකත් වෙන පෞරැෂ කෙතයක් විදියට. ඔයාගෙ පස්ස හරි හැඩයි ඔයාගෙ ලිප්ස් ලස්සනයි ඔයාගෙ නිපල් සෙක්සි. ඔයාගෙ කකුල් පට්ට….. ඔයා දුබුරැයි, දිලිසෙනවා… ඔයාගෙ ඇස් වලට මට පිස්සු වගේ….. මං ...
ලංකාවේ ගොඩක් අය කොහොමත් බුද්ධාගමේ තියෙන එක එක බ්‍රෑන්ඩ් නේම් පස්සේ යන්නේ ධර්මය පස්සේ නෙමේ. අසම්මතය උදේ පාන්දරම පිටරට හාමුදුරුවෝ නමක් ඉංග්‍රීසියෙන් භාවනා වැඩ සටහනක් කරනවා Youtube එකේ දාලා තියෙනවා දැක්කා. කියන දේ හරි පැහැදිලිව සන්සුන්ව ජීවිතයේ සැනසීම ගැන කියලා දෙනවා. අත් හැරීම ගැන කියලා දෙනවා. අන්තීමට උන් වහන්සේ සතුව තියන ධනය ගැන කියනවා (සිවුරු දෙකයි, පාත්තරයයි, කුඩයයි, උපැස් යුවලයි). ඒවත් දායකයො මීට ටික කාලෙකට කලින් දීපු ඒවා. උන්වහන්සේට කිසි දෙයක් පූජා කරන්න එපා ඒ සල්ලි ...
අරයගේ මෙයාගේ වහලෙක් නොවී, තමන්ගේ ප්‍රදේශයට වැඩක් කරන්න පුළුවන් හොදම එකා පාර්ලිමේන්තු යවමු අසම්මතය ගෝථාභය රට කරන්නේ විනයගරුක ත්‍රිවිධ හමුදාව සහ ඒ ඒ ක්ශේස්ත්‍රයේ සුපිරි වැඩ්ඩෝ මුල් කරගෙන. මහින්ද ? රනිල්?එයාලත් එහෙම තමයි රට කලේ සහ කරන්නේ. එක එක හොරකම් වල කෙල පැමිණි සුපිරි වැඩ්ඩෝ මුල් කරගෙන. දැන් අපි මොකද කරන්න ඕනි.අපිද? අපි ඉතින් මීහරක් වගේ ඔය ඉන්න උන්ටිකම පර්ලිමේන්තුවේ යවලා ඔහේ වෙන දෙයක් වෙද්දෙන් කියලා බලන් ඉන්නවද? නැත්නම් පාට පක්ෂ බලන්නේ නැතුව තමන්ගේ ...
ලෝකයේ සතුටින්ම ජීවත්වෙන මිනිස්සුන්ට හැමදේකම හොදම දේ නැහැ. අසම්මතය විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන් පිරිසක් දිනක් තමන්ගේ පැරණි විශ්‍රාමික මහාචාර්යවරයා බැලීම සදහා පිටත් උනා. මොවුන් සියලුදෙනාම වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටම්වල රැකියාවල නිරත වූවන්. මොවුන්ගේ පැමිනීමෙන් වයසක මහාචාර්යවරයා ඉතාමත් සතුටට පත්වුනා. ඔව්න් ආගිය තොරතුරු කතාකලා. ක්‍රමානුකූලව ඔව්න් කතාකල මාතෘකාව රැකියාව සහ ජීවිතය , ඒ ආශ්‍රිතව ඇතිවන මානසික පීඩනය දෙසට යොමුවුනා. රැකියාව සහ ජීවිතය පිලිබඳව ඔවුන් මුහුන දෙන ගැටලුකාරී තත්වයන් සාකච්චා කලා. මේ ...
ලංකාවේ නිවන සහ පිටරට නිවන අතර වෙනස අසම්මතය උදේ පාන්දරම පිටරට හාමුදුරුවෝ නමක් ඉංග්‍රීසියෙන් භාවනා වැඩ සටහනක් කරනවා Youtube එකේ දාලා තියෙනවා දැක්කා. කියන දේ හරි පැහැදිලිව සන්සුන්ව ජීවිතයේ සැනසීම ගැන කියලා දෙනවා. අත් හැරීම ගැන කියලා දෙනවා. අන්තීමට උන් වහන්සේ සතුව තියන ධනය ගැන කියනවා (සිවුරු දෙකයි, පාත්තරයයි, කුඩයයි, උපැස් යුවලයි). ඒවත් දායකයො මීට ටික කාලෙකට කලින් දීපු ඒවා. උන්වහන්සේට කිසි දෙයක් පූජා කරන්න එපා ඒ ...
ලාංකීය කසාදේ… අසම්මතය මිනිස්සු හරි කැමති තව එකෙක් අමාරුවේ වැටෙනවා දකින්න.. යන්තම් කොල්ලට 27 28 ක් වෙද්දි කෙල්ලට 23 යන්තම් පනිද්දී.. බන්දලා දෙනවා.. බැඳලා හනිමූන් එකට ගියාම රෙද්ද බලලා කෙල්ලගේ පවිත්‍රතාවය මනිනවා. අවුලක් උනේ නැත්තන් කසාදේ ටිකක් විතර ලස්සන වෙනවා.. ඒත් අවුලක් උනොත් මුලු කසාද ජීවිතේම අපායක් වෙනවා.. බඳින්නෙත් ලෝකෙට ණය වෙලා.. රටටම ණය වෙලා ලෝකේටම අඬබෙර ගහලා ගන්න කසාදේ.. මෙහෙ කසාදේ ...
Made in Sr lanka ඒකලෙම තිබ්බානම් අසම්මතය මේ ඉස්සර Made in Sr lankaකවුරුත් දන්න ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොක්ලට් වල අයිතිකරු වෙන්නෙ උපාලි විජේවර්ධන මහත්මයා.. පළවෙනි බිස්නස් එක වෙන්නෙ සීනි බෝල හදන එක. තාත්ත අතඇරල දාපු සීනි බෝල හදන මැශින් එක ගෙනත් සීනි බෝල හදන්න පටන් ගන්නවා. මුලින්ම අතින් හදන්නේ. උපාලි විජේවර්ධන ශ්‍රී ලංකාවේදී ඔරලෝසු, රේඩියෝ සහ TV එකලස් කරලා බෙදා හරින ව්‍යාපාරයක් ආරම්භ කළා. මේ විදිහට බෙදා ...
නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන සහ උගන්වන නඩුව අසම්මතය එක්තරා පියෙකු විසින් තම බිරිදට ඔවුන්ගේ කුලුදුල් දරුවා බිහිවන්නට ඉඳිද්දි නක්ශාස්ත්‍ර කරුවෙකුගෙන් නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ දී පිරිමි නැකතකින් උප්පත්තිය ලබන්නේ ගැහැනු දරුවෙක්. ඉතින් මේ පියා විසින් ඔහු බාලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් බවට පත් කර ගන්නවා. එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියෙන්නේ ගැහැනු දරුවෙක් ඉපදුණොත් ...
ඔබේ වටිනාකම හඳුනා ගන්න. අසම්මතය මරණ මංචකයේ උන්නු එක්තරා පියෙකු ඔහුට තම සීයා ගෙන් උරුම වූ වසර සිය ගණනක් පැරණි අත් ඔරලෝසුවක් තම පුත්‍රයාගේ අතෙහි තබා මෙසේ පැවසුවා. “පුතා මගේ මරණින් පස්සේ මේ ඉතා පැරණි අත් ඔර්ලෝසුව ඔයාට. ඒත් ඔයා ඊට කලින් නගරයේ අවහන්හලට ගිහින් මේ අත් ඔර්ලෝසුව එයාලා මිලදීලා ගන්නේ කීයටද කියලා අහගෙන එන්න..” නගරයේ අවහන්හලට ගිහින් පැමිණි පුතා එය ඔවුන් ඩොලර් පහකට ...
රට බේරගන්න අන්තිම සති කිහිපය අපි සාමකාමීව ගෙදරටම වෙලා ඉමු. අසම්මතය කොරෝනා මුල්ම රෝගියා හම්බ වෙච්ච දවසේ ඉදලා වැඩි හරියක් අළුත් කොරෝනා රෝගීන් හම්බ උනේ නිරෝධායනයට යොමු කරපු තැන්වලන්. තමන්ට කොරෝනා කියලා සැක හිතුන රෝගීන් වගකීමක් ඇතුව රෝහල් ගතවෙලා තමන්ගෙන් කොරෝනා තමන්ගේ පවුලට වගේම සමාජයට බෝවෙන එක අවම කලා. එයාලගේ පවුල්වල අය ඇසුරු කරපු අයත් එයාලගේ ගෙවල් වලම නිරෝධායනට ලක් වුනා. මුල්ම ටිකේ ගෙවල් වල හැංගිලා උදලා මැරෙන්න ඔන්න මෙන්න රෝහල් ...
කොරෝනා පුංචි නැත අසම්මතය ලෝකේ බලවත්ම රටවල් කොරෝනා නිසා දවසකට මරණ දහසක්, අළුත් අසාධිතයන් හාර පන්දාහක් වගේ ලොකු ගණන් වලින් බැට කද්දි, ඉන්දියන් සාගරයේ පුංචිම පුංචි ලංකාවේ දවසට ආසාදිතයින් පහක් හයක් එක්ක දවස් කීපයකට සැරයක් මරණයක් අහන්න ලැබෙන්නේ උබලා අපි මහා රාවණගෙන් වත්, අහවල් දෙයියා වත් අහවල් ජාතියේ අහවල් ආගමේ වත් නිසා නෙවෙයි. අපේ රටේ අත්‍යාවශය රාජ්‍ය පරිපාලන ආයතන, සෞඛ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව සහ ...
කොරෝනා නසන්න පර්ලිමේන්තුව ඕනිමද අසම්මතය පාර්ලිමේන්තුව කැඳවනවානම් ==============================පාර්ලිමේන්තු මංත්‍රීවරු – 225යි.ඔවුන්ගේ රියදුරෝ – 225යි.ආරක්ෂකයෝ දෙදෙනා බැගින් – 450යි.පාර්ලිමේන්තුව අවට ආරක්ෂක අංශවල – 500යි.පාර්ලිමේන්තු කාර්‍යමංඩලය – 1200 විතරගණන් හදමු බලන්න ඔක්කොම ආසන්න වශයෙන් මිනිස්සු 2600 ක් විතර එකට එකතු වෙනවා.මුන්ට කන්න දෙන්න වෙනම මීටරේට කැන්ටිමක් හදන්න වෙනවා.( තියෙන එක මීටරයක දුරට නෑ )එක්කෙනෙක්ට මීටරයකට පරතරය තිබ්බොත් සේවකයා කොටසකට දියවන්නාවට බහින්න වෙනවා. ඊට හොදයි සෙට් එක ...
කෝරෝනා මම උබට ආදරෙයි අහස තරම් අසම්මතය කෝරෝනා උබ නිසා ජීවිතේ පලවෙනි වතාවට ගොඩක් දේවල් අත් දකින්න ලැබුනා අපිට # නිකමට මාස්ක් එකක් නොදාපු අපිට මාස්ක් නැතුව එලියට බහින්න බැරි කලා# පෝලිමට පිලිවෙලට ඉන්න බැරි අපිට පෝලිමට ඉන්න පුරුදු කලා # එකාට එකා පෙල්ලගෙන ඉස්සරහට යන්න හදපු අපිට දුරින් ඉන්න පුරුදු කලා # සුපර් මාකට් එකෙන් බඩු ගත්ත අපිට ගෙදර ලගටම බඩු ගෙනත් දෙන ක්‍රමයක් හැදුවා # ...
Y-12 ගුවන් යානයේ ඇත්ත කථාව අසම්මතය “ගුවන් හමුදාවේ ප්ලේන් එකක් කඩන් වැටිලා ලු හපුතලේ” “විරවිලෙන් උස්සලා රත්මලානේ බාන්න ගිය එකක්ලු. අහවල් එකක් කරනවද හපුතලේ එහෙනම්. ඕකුන් ෆන් එකක් ගන්ඩ යන්න ඇති බන්.” “ඇයි දන්නේ නෑ කඩන් වැටිලා තියන්නේ? ඕවා හද්ද පරණ චයිනිස් බඩු නේ. 86 ලු ලංකාවට ගෙනත් තියන්නේ. දන්නැද්ද ඕවා CTB බස් වගේ බන් නඩත්තු කරන්නේ” ඒ පහුගිය 03 වෙනිදා සිදුවුණු ගුවන් අනතුර පිලිබඳ ...