අද මිනිසා කන්නේ ඇස් පිනවන්නට ද? අරුණි ශපීරෝ වෙතින් දඩයම් කර නොගත්තොත්, ඵලයක් නෙළා නොගත්තොත්, අලයක් හෝ මුලක් හාරා නොගත්තොත් බඩ ගින්නේ ඉන්නට ආදී මිනිසාට සිද්ධ විය. එහෙත් අයෙක් ගින්නක් ගහන්නට දත්තෙක් නිසා, අයෙක් ඵලයක් නෙළන්නට උස් රිටක් හදාගන්නට දත්තෙක් නිසා, අයෙක් අලයක් මුලක් හාරන්නට ගල් පතුරක් හදා ගන්නට සමත් වූ නිසා තමන්ට පමණක් නොව කිහිප දෙනෙකුට සෑහෙන්න කෑම සොයන්නට මිනිසා ඉගෙන ගති. තමන් හැම දෙයක් ම ඉගෙන ...
උඹේ හොඳටයි මේ කියන්නෙ අරුණි ශපීරෝ වෙතින් “උඹේ හොඳටයි මේ කියන්නෙ” කියනා අය එමට සිටිති. එහෙත් ‘හොඳ’ කුමක් දැයි අර්ථ දක්වන්නෝ හිඟ ය. හොඳ හා නරක ගැන තාර්කිකව සංවාදයන්ට ගිය සොක්රටීස්ට වස කන්නට සිද්ධ වුණි!!! ඒත් හොඳ මොනවා ද නරක මොනවා ද යන්න දැන ගැනීමට මිනිසා තුල ස්වභාවික වූ කුතුහලයක් ඇත. සොයා යන මාර්ග තාර්කික නොවූවත් සොයා යන වෙහෙස සෑම නිරෝගි මොළයක් ඇති අයෙක් තුලම ස්වභාවයෙන් ...
හිරුණිකාගේ උසාවි ඇඳුම සහ නික් ඩ’ලොසියෝගේ ඇප් එක අරුණි ශපීරෝ වෙතින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උසාවියට දවස් දෙකක් ම ඇඳගෙන ගිය වස්ත්‍රයට නඩුකාරයන් අප්‍රසාදය පළ කළ බව අන්තර්ජාලයෙන් කියෙව්වා. නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නෙ සමාජයේ පවතින සියළුම රීති සහ චාරිත්‍ර වලට පටහැනිව යන්න අවසරය ඉල්ලීම නෙමෙයි. සමාජයේ පැවතෙන අනවශ්‍ය රීති සහ චාරිත්‍ර වලින් ඉවත් වීමටත්, අවශ්‍ය රීති සහ චාරිත්‍ර පවත්වා ගැනීමටත් නිදහස ලැබිය යුතු යැයි පෙනී සිටීමයි. දැන් කොහොම ද අවශ්‍ය/අනවශ්‍ය රීති ...
වික්ටෝරියා රැජින මැන්ගුස්ටින් කාලා නැහැල්ලු අරුණි ශපීරෝ වෙතින් “ඉදුණා ම [මැන්ගුස්ටින්] පලතුර යනු අනගිතම ගඩු ගුඩා Lansium domesticum] තරම් ම ඉතා මටසිලුටු හා රසැති වූවකි. සමහර විට එය ඉදුණු මුද්දරප්පලම් යැයි වරදවා සිතනු ඇත. එහි සුවඳ හා එහි රස නිසා බොහෝ දෙනෙකුට එය කොච්චර කෑවත් ප්‍රමාණවත් යැයි නොසිතේ. කෑම රැචියක් හා කන්නට පණක් නොමැති තරමට ලෙඩින් ඉන්නා අය මේ පලතුර දුන්නොත් එයින් සතුටට පත්වෙනවා යැයි විශ්වාසයකි. එසේ ...
පරම මිනිසා පිළිඹිබු කරන මූලප්‍රභවය නොහොත් අයින් රෑන්ඩ් ලියූ The Fountainhead අරුණි ශපීරෝ වෙතින් අයින් රෑන්ඩ් ලියූ The Fountainhead පොත ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරන ලද්දකි. ලෝකය පුරා මිලියන 400 කට වඩා පොත් විකිණිච්ච, 2011 දී ඩොලර් බිලියනයක වත්කමක් උපයන්නට සමත් වූ ජේ. කේ. රෝලින්ස්ගේ හැරී පොටර් පොත ප්‍රකාශකයන් 12 දෙනෙක් ප්‍රතික්ෂේප කරන ලද්දකි. මේ තවත් ප්‍රසිද්ධ පොත් කිහිපයක් ප්‍රතික්ෂේප වූ වතාවන්: ස්ටීවන් කින්ග් ගේ මුද්‍රණය වූ මුල් ම නවකතාව Carrie 30; Jack ...
ලාබ හා ආලාබ ඇතිවන්නේ කෙසේද? අරුණි ශපීරෝ වෙතින් ලාබ අලාබ යනු රැකියාවක් නොකර අනුන් ගෙන් කා බී ජීවත්වෙන හිඟන්නාට ද අත් දකින්නට ලැබෙන්නකි. එසේම මාස් පඩියක් ගන්නා රජයේ සේවකයාට සිද්ධ වෙන්නකි. නමුත් බහුතරයක් සිතන්නේ ලාබ ලබන්නේ ව්‍යාපාරිකයෙකු පමණක් යැයි කියාය. ව්‍යාපාරිකයන්ට අලාබ සිද්ධ වීමෙන් තමනට රැකියා නැති වී යන බව දකින්නේ කලාතුරකින් කෙනෙකි. මන්ද, අලාබ ලැබූ ව්‍යාපාරයක් වසා දැමීමෙන් දකින්නට දෙයක් නැති නිසාය. බහුතරයට දකින්නට නොහැකි දේ ...
විචාරය සහ මෝහය අරුණි ශපීරෝ වෙතින් විචාරය (reason) සහ මෝහය (ignorance) එකිනෙකට පරස්පරය. බහුතර මිනිස් ප්‍රජාව බලපෑමට ලක් කරන්නේ මේ දෙකින් එකකි. මෙයින් එකක් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ ද, එය මේ දෙකෙන් කොයි එක වුවත් කම් නැත, ඒ රටේ ආණ්ඩුව ලෙඩ නැතිව දුවන මැෂිමක් සේ කාර්යක්ෂමව ක්‍රියා කරයි. විචාරය එයටම අවනත වෙයි. මෝහය එයට ආඥාදායකත්වය දුන්නට යටත් වෙයි. ලෝකයේ ඇති ආණ්ඩුක්‍රම අතර පැවැත්මට ඉඩක් ඇති පද්ධති ...
සියළු සභ්‍ය මිනිසෙක් ම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවකින් සිටින්නෙකි අරුණි ශපීරෝ වෙතින් 20 වැනි සියවසේ නිදහස (liberty) නොහොත් තම ක්‍රියාවන් ගැන තමන්ට පාලනයක් තිබිය යුතුයි කියන්නට වැඩියෙන් ම සටන් වැදුනෙක් තමයි හෙන්රි ලුවිස් මෙන්කන් (Henry Louis Mencken/ H. L. Mencken) නැමැත්තා. “සියළු සභ්‍ය මිනිසෙක් ම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවකින් සිටින්නෙකි,” (“Every decent man is ashamed of the government he lives under,”) යන්න ඔහුගේ කියමනක්. ලෝකයේ සුප්‍රසිද්ධ ආර්ථික සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ ...
ව්‍යවස්ථානුකූල ප්රජාතන්ත්රයට වඩා සාර්ථක වෙළඳපොල ප්රජාතන්ත්රවාදය අරුණි ශපීරෝ වෙතින් “තාත්තේ, ඇයි තමන්ගෙ සල්ලි වලින් දෙනවාට වඩා අනුන්ගෙ සල්ලි වලින් දුප්පතුන්ට තෑගි දෙන්න යොදාගැනීම ආත්මාර්ථකාමී බවෙන් අඩු යැයි කියන්නෙ?” “මම හිතන්නෙ, වැඩිහිටියන් තමන් කරන දේවල් ගැන දන්නවා කියල බොරුවට රඟපානවා විතරයි.” දේශපාලන හෝ ව්‍යවස්ථානුකූල ප්රජාතන්ත්රවාදය සහ ආර්ථික හෝ වෙළඳපොල ප්‍රජාතන්ත්‍රවදය යන දෙකේ දී ම බහුතරයගේ තීරණ අනුව රටේ පාලනය සිද්ධ වේ. ප්රජාතන්ත්රවාදයක දී චන්දයෙන් හා ජනමත විචාරණයෙන් පුරවැසියන් විසින් රටේ ...
දුර්මත ඉක්මණින් පැතිරෙන්නේ ඇයි? අරුණි ශපීරෝ වෙතින් ඇල්කෙමියා මල්ලිගෙ සටහන දැකලා ලංකාවේ දී මට අහන්න ලැබිච්ච පුවතක් මතක් වුනා. කොළඹ මුස්ලිම් ආයතනයක වැඩ කරන්න ගන්න කොල්ලො ඔක්කොම තරුණ මුස්ලිම් අයළු. කෙල්ලො ඔක්කොම තරුණ සිංහල අයළු. ආයතනයේ අභිප්‍රාය මුස්ලිම් කොල්ලන්ට සිංහල කෙල්ලො බන්ඳලා දීලා සිංහල ජාතිය වඳ කිරීමලු. ඉතින් ඇල්කෙමියා රසායන විද්‍යාවෙන් මැලික් අම්ල ඇති ටොපි ගැන තතු දක්වන විදියට ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම ඔප්පු කරන්න ...
සැන්ඩි පිළිගන්නට අපි දෙන්නා ලැහැස්තියි අරුණි ශපීරෝ වෙතින් සැන්ඩි සැර බාල වෙලාලු. ඒත් නෝර්ත් කැරලයිනා වලින් උඩට එද්දී උණුසුම් මුහුද නිසා ආයෙත් සැර වැඩිවෙන්නත් පුළුවන්ලු. සැන්ඩි අපිට විහිළු කරනවා, ඉතින් අපිත් ගිය පාර වගේ හෝටලේකට නොගිහින් මෙදා සැරේ ගෙදරම ඉඳගෙන සැන්ඩිට විහිළු කරන්න හිතුව. බටහිර පැත්තෙන් එන හේමන්ත සුළඟක් නිසා හිම වැටෙන්න තියන ඉඩත්, සඳුදා පසළොස්වක පෝය දවසක් නිසා නැගෙනහිර මූදේ කැළඹීම වැඩිවෙලා අපණ්ණ කුණාටුවක් (perfect storm) ...
ෆෙඩරලිස්ට් රචනා අංක 18: පුරාණ ග්‍රීක සමාබන්ධන විනාශයට පත් වූයේ ඇයි? අරුණි ශපීරෝ වෙතින් පවතින එකතුවෙන් එක්සත් ආණ්ඩුවක් පවත්වා ගෙන යෑම ප්‍රමාණවත් නැතැයි ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් විසින් 15, 16 හා 17 වැනි ෆෙඩරලිස්ට් රචනාවන් ලිවීය. එම විෂයයම තවත් විභාග කරන ජේම්ස් මැඩිසන් ලියන මෙම අංක 18 රචනාව ප්‍රකාශිත වෙන්නේ 1787 දෙසැම්බර් 7 වැනි දා ය. **** “පුරාතන සමාබන්ධන (confederacy) අතර වැදගත්ම ලෙසින් සැලකෙන්නේ ග්‍රීක ජනරජයන් යටතේ වූ ඇම්ෆිටියනික් (Amphityonic) ෆෙඩරල් කවුන්සිලයයි. ඵෛතිහාසික වාර්තා වලින් ...
හේවන්, ඇප් එකෙන් සැන්ටා අල්ලන්න පුළුවන් වෙයි ද? අරුණි ශපීරෝ වෙතින් ආරක්ෂිත තැනක් කියන අදහස ලැබෙන හේවන් නමින් ඇප් එකක් එළියට දාන්න ලෑස්ති කරල තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි එඩ්වඩ් ස්නෝඩන්. මේකත් තවත් open source විදියට ඕනෑම කෙනෙකුට සොයා බලන්න, දියුණුවට සහභාගී වෙන්න, තමන්ගෙ උවමනාව අනුව හැඩගසා ගන්න හැකි පරිදි හදන්න තමයි ස්නෝඩන්ගෙ වෑයම. සෙල්ෆෝන් එකකින් ක්‍රියාකරන මේ අසලට අයෙක් ආවොත් වහාම දැනුම් දෙනව. අනවසර තැනකට එන පුද්ගලයා හෝ පවතින වාතාවරණයේ ...
අලුගෝසුවා -මොරීස් ඔග්ඩන් (1902-1971) අරුණි ශපීරෝ වෙතින් අපේ ගමට අලුගෝසුවා ආවේය රත්තරන්, ලේ හා ගිනිදැල් පුසුඹින් ඔහු ගඩොල් ගොඩනැඟිලි අතරින් අප්‍රගල්භ ලෙසින් එහා මෙහා ගියේය උසාවිය අසලින් එල්ලුම් ගහ ඉදිකළේය මැස්ස වූයේ උසාවියේ පසෙකය එහි පළල, උසාවි දොරේ පළල හා සමාන විය රාමුව, උසාවියේ දොරට, සමහර විට ඊටත් වඩා උසාවි දොරේ උලුවස්ස තරම් උස් විය අපිට ඉස්පාසු ඇති විටෙක අපි හිතුවෙමු කවුද ඒ අපරාධකාරයා මොකක් ද ...
හොරකම් නොකරනු: ආණ්ඩුව දැඩි ලෙසින්ම අකමැතියි තරඟයට අරුණි ශපීරෝ වෙතින් 1776 දී බිහිවුන ඇමෙරිකා එක්සත් ජනපදය එවක ලෝකයේ සරු පස් තිබි, උගත් පුහුණු ශ්‍රමිකයන් සිටි, යුද්ධ නොමැති වූ රටවල් අභිබවා සශ්‍රීකත්වය ලැබුවේ එහි පුද්ගල දේපල අයිතියට ඉතා ඉහළ ස්ථානයක් හිමි වූ නිසාය. ඒ ඒ ප්‍රාන්ත පාලනය ස්වාධීන ලෙසින් සිද්ධ විය. එක ප්‍රාන්තයක ආර්ථික, දේශපාලන, සංස්කෘතික හෝ ආගමික වාතාවරණයට අකමැති නම් තවත් ප්‍රාන්තයක පදිංචියට යනු හැකි විය. එයට ආණ්ඩුව විසින් ...
රෝමයේ දී රෝමානුවන් කරන දේවල් කරන්න අරුණි ශපීරෝ වෙතින් මේ කියමන රෝමයට කිසිදාක ගිය නැති අයත් අසා ඇත්තකි. මොනවා ද හැබෑටම රෝමානුවන් කරන දේවල්? මේ කියමනේ මූලාරම්භය ක්‍රි. ව. 387 දී ය. සෙන්ට් ඔගස්ටීන් රෝමයේ සිට මිලානයට යයි. එහි දී පල්ලිය ඉරිදා උපෝෂිතයේ (fasting) යෙදෙන බව හේ දකියි. තමා කුමක් කළ යුතු දැයි ඇසූ විට මිලානයේ බිෂොප්වරයා වන සෙන්ට් ඇම්බ්‍රෝස් ඔහුට කියන්නේ “මම රෝමයේ සිටිය දී මම උපෝෂිතයේ ...
ලෝක පුරුෂයන්ගේ ශුක්‍රාණු ගණනය පහළ යෑමට හේතුව කුමක් ද? අරුණි ශපීරෝ වෙතින් ප්‍රංශයේ පුරුෂයන්ගේ ශුක්‍රාණු ගණනය පසුගිය වසර 16 දී මිලියන 74 සිට මිලියන 50 දක්වා පහළ ගිහින් තිබේ යැයි ප්රවෘත්තියකි. ලෝකය පුරා ම දකින්නට ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණු ගණනය පහළ යන ප්රවණාතවයක් යැයි පින්තුරයට අමුණන සබැඳිය ඇති එම වාර්තාවේ සඳහන් වෙයි. පුරුෂයාගේ සිතට ධෛර්ය, විශ්වාසය, ආඩම්බරය සහ උදාරත්වය ගෙනෙන තම පවුල රකින හැකියාව ඔහු වෙතින් ඉවත් කර ආණ්ඩුව බාර ගනිද්දී මේ ...
ඕලන්ද සංග්‍රහය හෙවත් යුරෝපීය කාන්තාවගේ අනා ගැනිල්ල අරුණි ශපීරෝ වෙතින් යුරෝපීය කාන්තාවට සමාජයේ සමතැන ලැබුනේ ප්‍රංශ විප්ලවයත් සමඟ. අනතුරුව එතෙක් පිරිමින්ට පමණක් වැඩි ඉඩකඩකින් වූ ක්ෂේත්රයන්හි දොරවල් පහසුවෙන් විවෘත වී ඇය ඔවුන් හා තරඟ කරන්නට පිවිසියාය. කාන්තාවන් චන්ද අයිතිය ලැබී දේශපාලනයේ බලපෑම් ඇති කළහ. කාන්තාවන්ට චන්ද වරම දෙමින් අනිත් යුරෝපීය රටවල් වලට ස්විට්ස්සර්ලන්තය සම්පූර්ණයෙන් එකතු වූයේ 1990 තරම් මෑත කාලයක දී. යුරෝපීය පාර්ලිමේන්තුව සලාක ක්‍රමයක් හඳුන්වා දීම මඟින් දේශපාලන ...
මාරක අවිය නොහොත් උගෝ චාවේස්ගේ විජට්ටුව අරුණි ශපීරෝ වෙතින් මම ලංකාවේ ඥාතිවරියක් ඇමතුවෙමි. කාගේ ද මන්දා අඬු බිඳපු කතාවක වාර්තාවක් බලමින් සිටි ඇය දුරකතනයට පිවිසියේ රසවත් ටෙලිනාට්‍ය ජවනිකාවක් අසමින් සිටිය දී මා බාධා කළා වැනි නුරුස්සුම් ගතියකිනි. කිසිදා විශ්ව විද්‍යාලයකට නොගිය ඇයට උසස් අධ්‍යාපනයට මුදල් අඩුවීම සිත කරදරයට පත් කරන්නකි. ඇය තමන් ධනවාදී යැයි කියන්නියකි. කොළ පාටට හැමදාම චන්දය දෙන්නියකි. හිසට වහළක් හා සුළු විශ්‍රාම පඩියක් ඇත. “බලන්නකෝ ...
එය හොඳම කාලය විය, එය නරකම කාලය විය අරුණි ශපීරෝ වෙතින් “එය හොඳම කාලය විය, එය නරකම කාලය විය, එය ප්‍රඥාවේ සමය විය, එය අඥාන සමය විය, එය විශ්වාසයේ වැදගත් කාලපරිච්ඡේදය විය, එය කිසිවක් විශ්වාස කළ නොහැකි වූ සමය විය, එය ආලෝකයේ ඍතුව විය, එය අඳුරේ ඍතුව විය, එය බලාපොරොත්තුවේ වසන්තය විය, එය නෂ්ටාපේක්ෂාවේ හේමන්තය විය, අප ඉදිරියේ සියල්ල පැවතින, අප ඉදිරියේ කිසිවක් නොපැවතිණ, අපි සියල්ලන්ම ඍජුවම දිව්‍යලෝකයට යන අය ...