එවිට පිටරටවල් අපේ මිත්‍රත්වය දිනාගන්නට පිළිවෙත් හදනු ඇත අරුණි ශපීරෝ වෙතින් “ඇමෙරිකන් ජනතාවගේ ආරක්ෂාව රඳන්නේ අනිත් ජාතීන්ව යුද්ධයට කැඳවන යුක්ති සහගත හේතු නොදී සිටීමෙන් පමණක් නෙවෙයි. සටන් කැඳවන අවස්ථාවන්ට තමන් පත් නොවී සිටීමටත් වගබලා ගත යුතු වෙයි. යුද්ධය ඇතිවීමට යුක්ති සහගත මෙන් ම මවා පාන හේතු ද ඇති බව පිළිගත යුතුයි. යුද්ධයකින් යමක් ලබාගත හැකි වූ විටෙක රටවල් සාමාන්‍යයෙන් යුද්ධයට යෑම මිනිස් ස්වභාවයේ පිළිකුල් උපදවන ලක්ෂණයකි. එසේම පරම රජවරුන් රටට ...
මී මැස්සො වෙන්නලු … මේ හිතන්න පුළුවන් දරුවන්ට? අරුණි ශපීරෝ වෙතින් මිනිසා තුල ස්වභාවයෙන් ප්‍රාජකයන් (drive) හතරක් ඇතැයි මොළය ගැන පර්යේෂණ පවත්වන නූතන විද්‍යාඥයන් ඔප්පු කරති. සත්වයන් තුල ඇති ප්‍රාජකයන් දෙකට වඩා ඔබ්බකට යන අනිත් දෙක නිසා මිනිසා මුහුණ දෙන යම් තෝරා ගැනීමක් ඉදිරියේ දී සිත තුල වූ මේ ප්‍රාජකයන් හතර අතර කැළඹිල්ලක් හට ගනියි. එයින් එකක් නොව ඒ හතරම තෘප්තිමත් වන තීරණය තෝරාගැනීමට මිනිසාට ලැබි ස්වභාවික මෙහෙයුම් පද්ධතියයි මිනිස් ...
බිස්මාර්ක් හි ස්ලීප් ඉන් අරුණි ශපීරෝ වෙතින් නිදාගන්න නවතින්න හොඳම තැන “ස්ලීප් ඉන්” නිසා අපි බිස්මාර්ක් හි නිදාගන්න නැවතුනේ එතැන. හෝටලයේ ඇතුලත පින්තූර මෙහෙම. ටොස්ට් කරපු ගෙම්බා අවන්හලෙන් දෙන්නෙකුට රාත්‍රී ආහාර වේලක් ගන්න ගාණටම නිදාගන්න නවතින්න කාමරයකුත් ගන්න ඇහැකි. මේ ඊයේ නිදාගත්තු තැන. අද රෑ නිදාගන්න ලැහැස්ති වෙලා හිඳගෙන මේ ලියන තැනේ පින්තූර මේවාට වඩා සහමුලින්ම වෙනස්. ඒ නිසයි මේක දාන්න හිතුවේ. ඉතින් අද ගැන පුළුවන් ...
විශ්වාසනීය බව සහ රහස්‍ය බව එකවර රකින බිට්කොයින් අරුණි ශපීරෝ වෙතින් ගණුදෙනුකරුවන් අතර මුදල් හුවමාරුවේ දී විශ්වාසනීයත්වය සොයා බැලීම අනවශ්‍ය වූ සාධකයක් බවට පත්කරන ලද ආකාරය සරලව පැහැදිලි කරන්නට මේ සටහනෙන් උත්සාහයක් ගනිමි. එකිනෙකට වෙනස් වූ ඒත් ඇඳී පවතින සංකල්ප දෙකක් එහි දී ක්‍රියාවට නැංවේ. තමන්ට අයිති වූවක් පොදු අයිතියක ගබඩාකර තියා ගන්නේ කෙසේද යන ගැටළුව මේ බ්ලොක්චේන් තාක්ෂණය විසඳන ලද්දකි. පොදුබවේ ශෝකාන්තයෙන් ගැලවෙන්නට බිට්කොයින් නිර්මාණය කර ඇත්තේ “කැනීම” තුලින් ...
ජීවත්වෙන හැටි මම පෙන්වමි! උපන්දිනේ අද නෙමෙයි!!!! අරුණි ශපීරෝ වෙතින් වැඩවසම් යුගයේ රජවරුන් දෙවියන් ගෙන් ලැබුණු බලයක් යැයි කියමින් තම පුරවැසියන් කොල්ල කෑහ. අහල පහල රටවල් කොල්ල කෑහ. කොල්ලා කන්නට ඈත එපිට නව මහාද්වීප සොයාගෙන ද ගියහ. අනතුරුව බුද්ධිමය විචාරයේ පිබිදීමක් ඇතිවිය. මිනිස් ශ්‍රමය අනෙකෙකුට අයිති වූවක් නොව එය වෙහෙසන්නාගේ අයිතියක් බව පිළිගැනුණි. මිනිසා ඉපිද ඇත්තේ ඒකාධිපතියෙක්, රජෙක්, රදළ පංතියේ ඉඩම් හිමියෙක් වෙනුවෙන් වෙහෙසෙන්නට නොවේ යන්න සමාජයේ බහුතරය විසින් ...
බිස්මාර්ක් හි ටෝස්ට් කරපු ගෙම්බා අවන්හල අරුණි ශපීරෝ වෙතින් “ටෝස්ට්” කිරීම “රෝස්ට්” කිරීමට වඩා වෙනස්. නම එහෙම වුනාට අවන්හලේ පින්තූරයේ ඉන්නේ ටක්සීඩෝ එකක් ඇඳගත්තු ගෙම්බෙක් මිසක් ටෝස්ට් වෙච්ච එකෙක් නම් නෙමෙයි. ගෙම්බන්ගෙ කකුල් කටගැස්මක් වශයෙන් දෙන මේ අවන්හල වැඩියෙන්ම ජනප්‍රිය බොන්න එන අය අතර. අපි ඇතුල් වෙද්දී ම ඩ්‍රැයිවර් ලැයිසන් ඉල්ලුවා දුවගෙන්. එයාගේ ඩෙලවෙයාර් ලැයිසන් එක දිහා වේටර් තැන ටිකක් බලාගෙන හිටියා. ඇයි කියලා අහද්දී කවදාවත් එයා ඩෙලවෙයාර් ...
ජේම්ස් බොන්ඩ්, සබන්, සුරුට්ටු සහ ඇස් කණ්ණාඩි සමඟ අරුණි007 අරුණි ශපීරෝ වෙතින් අරැණි007 වූයේ ඇමෙරිකා ඔන් ලයින් වලින් ගත්තු මගේ මුල්ම ඊමේල් ගිනුම. අවුරුදු විස්සකට ඉස්සර සල්ලි දීලානෙ අපි ඊමේල් ගිණුම් ලබාගත්තෙ. මම ඒක වෙනස් කළාම මගේ ලංකාවේ යාළුවෝ ගොඩක් දුක් වුනා!!!! අද බ්‍රිතාන්‍යයේ තිර දැක්වීම් පටන් ගත් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය, Skyfall, ලබන මාසේ ඇමෙරිකන් පුළුල් තිරයට එන්නෙ. චිත්‍රපටියකින් නිෂ්පාදනයක් අලෙවිකරණයට ගත් උත්සාහයේ අතීතයේ මුල් ම චිත්‍රපටි වලින් පටන් ගත්තු එකක්. ...
අද කොහෙද යන්නෙ? අරුණි ශපීරෝ වෙතින් උදේ කෑම මේසයට වාඩි වෙච්ච ඥාතීන් වෙතින් ගමනේ දී දැක බලාගත යුතු තැන් බොහොමයක් ගැන විස්තර ලැබුණ. කෑම වලට වඩා පත්තර වලින් මේසෙ පිරිලා තියෙන්නෙ වයස 90 ක් පිරුණු ආච්චි අම්මා තරුණ කාලේ පුවත්පත් කලාවේදිනියක් නිසයි. ටොරනාඩෝ එකක් ඇවිත් ඔක්ලෝහෝමා පළාතක් විනාශ කරල ගිහින්. උතුරු පැත්තෙන් ගමන යන්න තෝරාගත්තු එකෙන් ටොරනාඩෝ කලාපයන් පොඩ්ඩක් මඟහැරෙනවා. ඉන්දියානා ප්‍රාන්තයේ පටන් ගෙන කොහෙන් ...
මං ලතවෙනවා නොදකින්නෙ ඇයි? අරුණි ශපීරෝ වෙතින් මේ කවි පංතිය ලියා පළ කර තිබුනේ “සුළඟ සේ ඇවිදින්” ලියන මැණික් නංගි, 2011 ජූලි 27 වෙනිදා. ඇයගේ අවසරය එදා ඉල්ලා ගත්තා මෙය මගේ සටහන් වලට එකතු කරන්න. වසරක් පිරෙන්නට පෙර එයට පිවිසෙන්නට හැකිවීම ලොකු ජයක්. “නපුරු කලට” රිදවන්න හඬවන්න මා මේ තරම් මා කළ වරද කිමදැයි නොකියන්නෙ ඇයි ඔය හිත ළඟම ගැවසෙන්න ඉඩ නැතිම නම් යන්නම යන්න ඉඩ ...
ෆ්‍රෑන්කන්ස්ටයින් කවුද? අරුණි ශපීරෝ වෙතින් 1816 ගිම්හානයේ දී මේරි ගොඩ්වින් හා ඇයගේ පෙම්වතා වූ පර්සි ශෙලි ස්විට්ස්සර්ලන්තයේ ජිනීවා විල අසල පදිංචි වී සිටි ලෝඩ් බයිරන් හමුවන්නට ගියහ. ඔවුන් ගිම්හානය එළිමහනේ ගත කරන්නට සැලසුම් කර තිබියත් කළින් වසරේ ඉන්දුනීසියාවේ ටැම්බෝරාහි වූ ගිනි කන්දක් පුපුරා යෑම හේතුවෙන් යුරෝපයේ වූ දේශගුණික වාතාවරණය ඊට හරස් විය. ඔවුන් නිවස තුලට වී වැඩි කල් ගෙව්වේ විද්‍යාව හා අද්භූත දේ ගැන ...
තණකොළ පෙත්තා සහ කූඹියාගේ අන්දරය -උත්තර භාගය අරුණි ශපීරෝ වෙතින් “රොකී” සහ “ස්ටාර් වෝර්ස්” චිත්‍රපටි වලට උත්තර භාග නොහොත් සීකුවෙල් ලෙසින් චිත්‍රපටි නිමැවුනා සේ පැරණි සම්භව්‍ය උපමා කතාවන්ට ද උත්තර භාගයන් තිබිය යුතුයි. ඉතින් මේ සුප්‍රසිද්ධ උපමා කතාවකට ලියන සීකුවෙල් එකකි. එකමත් එක කාලයක, තණකොල පෙත්තෙක් සහ කූඹියෙක් භූමි ප්‍රදේශයක වාසය කළහ. ගිම්හානය පුරා තණකොළ පෙත්තා දුව පැන යමින් සෙල්ලම් කළේ කුහුඹියා කාස්ටක අව්වේ කඩිසරව වෙහෙසෙමින් හේමන්තයට ආහාර ගොඩ ...
ලුවිස් සහ ක්ලාක් ගිය ඵෛතිහාසික ගවේෂණ චාරිකාව අරුණි ශපීරෝ වෙතින් ඇමෙරිකාවේ දිග පළල කොතරම් දැයි නොදත් සමයක ප්‍රංශය අයිතිවාසිකම් කියූ මිසිසිපි ගඟෙන් එහා පැත්ත ලුයිසියානා යැයි සැලකුණි. එවක දී කැලිෆෝර්නියා පැත්ත අයිති වූයේ ස්පාඤ්ඤයට. 1803 දී ලුයිසියෑනා සේල් එකෙන් අක්කරයක් සත තුනකට බැගින් වර්ග අක්කර 828,000 ක් අයිති කරගන්නට ඇමෙරිකාවට හැකිවිය. මිල දී ගත්තාට පසුව ජනාධිපති තෝමස් ජෙෆර්සන් යුද හමුදා ස්වේච්ඡා සේවයේ කැප්ටන් මෙරිවෙදර් ලුවිස් සහ ඔහුගේ හිත මිත්‍ර ...
මේ දවස්වල ඊස්මීස් නැතිව ඉන්නෙ අරුණි ශපීරෝ වෙතින් ඒ නිසා හැටගැරෑනි වලට කාලය නාස්ති කරන්න අකමැතියි. ඊස්මීස් නැතිව (මොහොතක් විවේක නැතිව) කියන සත්කෝරලේ ජනවහර සහ හැටගැරෑනි (වැදගැම්මකට නැති කතා) කියන සතර කෝරලේ ජනවහර එකතු කරගත්තෙ ජන වහරින් බිඳක් අඩවියෙන්. දෙන්නා පොඩ්ඩක් කතා කරන්නකො අපිටත් සිංහල අහන්න යැයි ඉල්ලීමක් ළඟක දී ලැබුණ. ඒත් එතැන හිටපු සිංහල දන්න අනිත් එක්කෙනා ඊට අදිමදි බවක් පෙන්නුව. “මේ දවස්වල ඊස්මීස් නැතිව ඉන්නෙ ...
වීදුරු සිවිලිම කඩා දමා ඉහළට නැඟ්ග ජැකී රොබින්සන් අරුණි ශපීරෝ වෙතින් සුළු ජාතිකයන්ට සහ කාන්තාවන්ට සුදුසුකම් හෝ කුසලතා කොතරම් තිබුණ ද, සමාගම් තනතුරු වල ඉහළට යා නොහැකි, නොපෙනෙන එහෙත් කඩා බිඳ දැමිය නොහැකි වූව නම් ‘වීදුරු සිවිලිම’ යැයි හැඳින්වීමක් ඇත්තේ අර්ථ ශාස්ත්රඥයේ ය. දීලා තියෙන දෙයක් ආපහු අරගෙන තමන් තීරණය කරන පිරිසකට පමණක් දෙන්න පුළුවන් ද යන්න නොසලකා විධායක ඕඩර් 10925 න් “වීදුරු සිවිලිම” ඉවත් කරන්නට රෙගුලාසියක් ඇමෙරිකාවේ ස්ථාපිත කළහ. ...
එපිකියුර් කැෆේ අරුණි ශපීරෝ වෙතින් එපිකියුරස් (ක්‍රි. පූ. 341-270) නම් පුරාතන ග්‍රීසියේ දාර්ශනිකයා එපිකියුරියන්වාදයේ නිර්මාතෘවරයා වෙයි. ඔහුට අනුව ජීවිතයේ අරමුණ සතුටින් සිටීමයි. අනෙක් ග්‍රීක දාර්ශනිකයන් සේ ම ඔහු ද අනුන්ට ජීවත්වෙන හැටි කෙසේදැයි නිර්දේශයන් ඉදිරිපත් කළ අයෙකි!!!!! අද කවුරුන් හෝ ඉස්මුරුත්තේ යනකම් කෑවේ, සල්ලාල ලෙසින් හැසිරුණේ, එහෙමත් නැත්නම් සුරා මතෙන් නැටුවේ එපිකියුරියන්වාදය නිසා යැයි කිව්වොත් එය එපිකියුරස්ගේ වරදක් නොවේ. එය ඔහුගේ දර්ශනය වැරදියට පරිවර්තනය ...
ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවට ගිය පොළොන්නරුවෙ කොල්ලා අරුණි ශපීරෝ වෙතින් වසර විසි තිස් ගණනකට ඉහතක දී හඳුනාගන්නට ලැබුණු මිතුරෙක් පසුගිය දා යළි හමුවෙන්නට අවස්ථාවක් පෑදුණි. ඒ වර්ජීනියාවේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ දී ය. අපි මුලින් ම මුණ ගැසුනේ ලෝක විශ්ව විද්‍යාල සේවයේ නිලතල දැරූ අය හැටියටය. මා ඉගෙන ගත්තේ කැළණියේ. ඔහු ඉගෙන ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර. අපි මුණ ගැසෙන්නට ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ දී. පැට්රික් මෙන්ඩිස් උසස් පෙළ කාලයේ දී ...
කහ පීත්ත පටියේ වගතුග අරුණි ශපීරෝ වෙතින් කහ පීත්ත පටියක් කාලයක් යනකම් මගේ අඩවියේ පැත්තක දිස්වේවි. ඒ මල්ලි යුද්ධෙට ගිහින් එනකම් බලා ඉන්නවා කියන්නයි. සාමාන්‍යයෙන් එය ඇඟේ පළඳිනවා නැත්නම් ගහක් වටා බැඳෙනවා. අහල පහල ඉන්න කැනඩා පාත්තයෝ ටිකක් විතරයි දකින්නෙ ගහක බැන්ඳොත්. “ඇය කහ පීත්ත පටියක් බැඳ සිටියා” යන සිංදුව/කවිය ශතක හතරක කාලයක් පස්සට දිවෙන්නක්. එහි පිළිබිඹු වෙන්නේ කාන්තාවගේ ඉරණම තීරණය කෙරෙන යම් අවස්ථාවක දී ඇය ...
කාසන් මන්දිරය අරුණි ශපීරෝ වෙතින් කැලිෆෝර්නියාවේ යුරේකා නගරයේ පිහිටන මෙම නිවහන දැකලා හුරු පුරුදු යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැලොවීන් කාලයට තමයි බහුල ලෙසින් එය නිරෑපනය වෙන්නෙ. වැඩියෙන් ම දකින්නෙ කාටූන් නිර්මාණ වලින්. හොල්මන් සැරිසරන තැන් එහෙමත් මේ අනුසාරයෙන් දක්වද්දී ඒවා අබලන් විදියට යොදා ගත්තට සත්‍යය නිවහන මෙහි පෙනෙන අන්දමට ඉතා හොඳින් නඩත්තු කරන්නක්. ඉන්ගොමාර් සමාජය විසින් නිවහන මිල දී ගෙන තියෙන්නේ මෙහි උරුමක්කාරයන්ට එය ...
සත්ව පැටියන්ට කෝටු පහර දීම හිංසනයකි අරුණි ශපීරෝ වෙතින් පුනරුදය -යුරෝපයේ 14 සිට 16 වැනි සියවස දක්වා, ගවේෂණ යුගය -යුරෝපයේ 15 සිට 17 වැනි සියවස දක්වා, විචාර බුද්ධිමය යුගය -යුරෝපයේ 18 වැනි සියවස, කාර්මික විප්ලවය -යුරෝපය, ඇමෙරිකා එක්සත් ජනපදය 18 සිට 19 වැනි සියවස දක්වා, අජටාකාශ යුගය (1957 දී පටන් ගැනීම) ලොව සමහර ජාතීන්ට මෙන්ම ලාංකිකයනට ද මඟ හැරිණ. අනතුරුව ලෝකය පිවිසුන තොරතුරු යුගයට (1971 දී වර්තමානය දක්වා) ...