දෙනුන් දෙදෙනාගේ අන්දරය අරුණි ශපීරෝ වෙතින් දෙනුන් දෙදෙනෙක් ගැන කතන්දරයක්. කැමත්තක් තෝරාගන්න සමාජවාදය ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔබේ අසල්වැසියාට ඔබ එක දෙනක් දෙයි. කොමියුනිස්ට්වාදය ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ආණ්ඩුව දෙදෙනාම අරගෙන ඔබට කිරි ටිකක් දෙයි. ෆැසිස්ට්වාදය ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ආණ්ඩුව දෙදෙනාම අරගෙන ඔබට කිරි ටිකක් විකුණයි. නිලවාදය ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ආණ්ඩුව දෙදෙනාම අරගෙන එකෙක්ට වෙඩි තබා අනෙකාගෙන් කිරි දොවා ඒ කිරි විසිකරයි. සාම්ප්‍රදායික ...
ඕනෑම මගෝඩියක යෙදෙන්නට අවසර ලැබෙන සාපේක්ෂතාවාදය අරුණි ශපීරෝ වෙතින් ඇතැන්ස් හි දාර්ශනික පිබිදීමක් ඇති වූ සමයේ එහි ආර්ථිකය සහ සමාජය කෙසේ වී ද? ආර්ථිකය සරු වූයේ ග්‍රීක සමාබන්ධනයේ සිටි ඇතැන්ස් නගර-රාජ්‍යයට විදේශ යුද වල දී අල්ලා ගත් වස්තු සම්පත්, වහල් හා යටත් කරගත් විදෙස් යුද භටයන් ලැබුණු නිසයි. ඒ නිසා ඇතැන්ස් සමාජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සමත් වූයේ ‘කරගැට අත් ඇති මෝඩයන්’ නොව ‘ඔළුවෙන් වැඩ කරන්නට හැකි’ යැයි කියූ ...
ලෝකවාසී සියළු ශ්‍රමිකයන්ට සතුටු ධනවාදී දිනයක් වේවා! අරුණි ශපීරෝ වෙතින් ලෝකයේ කම්කරුවන්ට මැයි දිනයක් සමරන්නට අවස්ථාව 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයෙන් උදා විය. දවසේ වැඩ මුරය පැය අටකට සීමා කරන්න යැයි ඉල්ලා කරන ලද වැඩ වර්ජනයක් ඊට ප්‍රධාන විය. එහෙත් කම්කරුවාගේ දිනය සමරන්නට පවා හැකි වී තිබෙන්නේ ධනවාදය ලොව බිහි වූ නිසා යැයි බහුතරයක් ශ්‍රමිකයන් නොදනිති. වසර 250 කට පමණ ඉහතක දී මිනිසාගේ සමාජ තත්වය උප්පත්තියෙන් තීරණය වූවකි. දෑකැත්තක්, ...
අතීත අත්දැකීම් මත පදනම් වෙන අපේ විශ්වාස අරුණි ශපීරෝ වෙතින් කල්පනා ශක්තියක් ඇති ඕනෑම අයෙකුට දේශපාලන මත හා ඵෛතිහාසික සිද්ධි ගැන අදහස් තිබේ. සමහර පිරිසක් ඒවා එළිපිට කතාබහ කරති. සමහරු ඒ ගැන අදහස් නොදක්වා සිටිති. එහෙත් සියල්ලන්ටම කුමන හෝ අදහසක් ඇත. තියෙන ප්‍රතිපත්ති තව තීව්රර කළ යුතුය හෝ වෙනස් ප්‍රතිපත්ති උවමනා යැයි ආශාවක් ගොඩනැඟෙන්නේ අතීත අත්දැකීම් මත පදනම් වෙන අයෙකුගේ විශ්වාස තුලිනි. මිනිසා අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන නැති බව ...
අපි අහුවෙයි ඕවාට නොහොත් ඇදුරුතුමාගේ නයාට මා ඉතා ආදරෙයි අරුණි ශපීරෝ වෙතින් ද්වේෂයෙන් පිරුණු සමාජයක් වේගයෙන් දුවන්නේ සියල්ලන්ගේ ම පරිහාණිය කරා ය. සියල්ලන් සියල්ලන්ම මංකොල්ලා කා මහත් පිරිසක් මරණයට මුහුණ දුන්, ඊට වඩා පිරිසක් අහේනියට මුහුණ දුන්, ඊටත් වඩා පිරිසක් බියෙන් තැතිගෙන ජීවත් වූ කාල වකවාණු ලංකා ඉතිහාසයේ තිබුණ ද, ඒ ලංකා ඉතිහාසය ගැන කතා කරන්නටවත් අයෙක් අද රටේ නැත. ඉතිහාසයක් ගැන කතා නොකරන්නේ ද, එයින් පාඩමක් ඉගෙන ගන්නේ ද නැත. ...
එළියේ කාලගුණය භයානකයි, විපක්ෂයේ මුග්ධ බව ද භයානකයි!!!! අරුණි ශපීරෝ වෙතින් ඊසාන දිග කුණාටුවක් නිසා ඇද හැලෙනා සීතල වැස්සෙන් සැන්ඩි වලින් බැට කෑ අය තවත් ටිකක් පීඩා විඳිති. ඇමෙරිකාවේ විශාලත්වය නොදන්නා අයට සැන්ඩි කුණාටුවෙන් පීඩා විඳින අය මුළු මහාද්වීප යුරෝපය තරම් ඉඩකඩක පැතිර ඉන්නා අය බව ද වටහා ගැනීම අපහසුය. රිපබ්ලිකන් පක්ෂය යන මඟ වැරදි බව රොන් පෝල් කියන්නට පටන් ගත්තේ දැන් සෑහෙන කාලයක සිට. එහෙත් රිපබ්ලිකන් පක්ෂය ඔහුට සවන් ...
කාර්මික විප්ලවය යන වහර බිහිවූයේ කොයි රටේ ද? අරුණි ශපීරෝ වෙතින් කාර්මික විප්ලවය ගැන අසා නැති කෙනෙක් ඉන්නවා ද? එහෙත් කාර්මික විප්ලවය යන වහර පටන්ගත් හැටි දන්නා කී දෙනෙක් ඉන්නවා ද? Anne Bezanson ලියූ The Early Use of the Term ‘Industrial Revolution’ පළ වූයේ 1922 දී ය. අද එම ලිපිය JStor වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වී කැමති අයෙකුට කියැවිය හැකියි. තමන් වෙත පිරිනැමෙන තොරතුරු වල සත්‍යයතාවය හා නිවැරදිතාවය සොයන වගකීම ...
මිනිසා කුමන ආකාරයෙන් හැසිරෙන්නේ ද? අරුණි ශපීරෝ වෙතින් අහිංසක මිනිස් ජීවිත 77 ක් ඝාතනයක් කළ නොර්වේ හි Anders Behring Breivik ගේ මානසික තත්වය තක්සේරු කිරීමට මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් වූහ. මිනිසා තුල ඇති තමා ගැන විමසන කුතුහලයත්, ලෝකය අවබෝධයට ඇති කුතුහලයත් නම් වූ ස්වභාවික මිනිස් ප්‍රාජකය නිසා මෙසේ මිනිසුන් අතරින් එකෙක් අහිංසක මිනිස් ජීවිත නසා දමන්නට කටයුතු කළේ මන්දැයි සොයා ගැනීමේ කුතුහලය තම වර්ගයාගේ පැවැත්මට හා ආරක්ෂාවට අවශ්‍ය වූ ...
වල්ලා පට්ටා ලොතරැයි සහ පුද්ගලික අයිතිය අරුණි ශපීරෝ වෙතින් ලොතරැයියකින් දිනාගන්නා මහත් ධනයක් රිසියෙන් නිතර ලොතරැයි මිල දී ගන්නා අය අප අතර සිටිති. පහසුවෙන් මුදල් සම්භාරයක් හොයාගන්නට හැකි යැයි අපේක්ෂාවෙන් ලංකාවේ වල්ලා පට්ටා ගස් කපන්නට හොයන අයත් ඒ හා සමාන වෙති. වෙළඳපොල දැඩි ඉල්ලුමක් ඇත්තේ අගරු = අගාර්වුඩ් (Agarwood) වලට ය. මෙය පුස් වර්ගයක් බෝවීම නිසා Aquilaria සහ Gyrinops යන වර්ගවල ගස් මැද්දේ හැදෙන්නකි. ලංකාවේ වල්ලා පට්ටා ගස් ...
අනුන්ගේ මතයට ගරු කළ යුතුද? අරුණි ශපීරෝ වෙතින් මතය (opinion) පෞද්ගලික වූවකි. “මේ මගේ මතය,” යැයි කියද්දී එයට අයිතියක් කියන අයෙක් සැමවිටම සිටියි. මතයක් හදාගැනීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණි. පොදු මතය යැයි කියන්න ද, තම තමන්ගේ කරගැනීම සිද්ධ වෙන්නේ ඒ ඒ ඒකීය පුද්ගලයා විසිනි. ඒ ඒ අයෙක් ඒ ඒ මතය තම තමන්ගේ කර නොගත්තේ නම් පොදු මත ඇති නොවේ. පෞද්ගලික වූ මතයට අනෙක් සියල්ලන් ගරු කළ යුතුය ...
“මම” නැත්නම් ජීවිතය නීරස වේවි! අරුණි ශපීරෝ වෙතින් ස්වභාවයෙන් ජනිත වූ සිය පැවැත්ම ආරක්ෂා කරගන්නා විජට්ටුවක් මිනිසාට ඇත. එනම් ස්ව-කේන්ද්‍රීය (self-centered) වූ සිතුවිලි වලින් බැහැර වීමට මිනිස් සිතකට නොහැකියාවයි. පරාර්ථකාමය යනු වඩන්නට ඕනෑ මහඟු හැදියාවක් යැයි දොඩනා පුද්ගලයාගේ අවංක වූ හිත, එයාට වංක ලෙසින් හිතන්නට ඉඩ දී පැත්තකට වී ඉන්නේ නැත. තමන්ට මතක් වෙන හැම අයෙක්වම තමන් හා සංසන්දය කරන තම හිත, එසේ කරන්නේ හිතට නිවහනක් වූවාගේ ...
ෆෙඩරලිස්ට් රචනා අංක 19: වර්තමාන සමාබන්ධන -ජර්මන්, පෝලන්ත, ස්විස් අරුණි ශපීරෝ වෙතින් ජේම්ස් මැඩිසන් විසින් 1787 දෙසැම්බර් 8 වැනිදා ලියන 19 වැනි ෆෙඩරලිස්ට් රචනාව මෙසේය. අනෙක් රටවල් වල පවතින ආණ්ඩු ක්‍රම ගැන ඇමෙරිකන් ආදිපිතෘවරුන් සොයා බැලුවේ ඊට වඩා සුදුසු වූවක් තමනට හදාගන්නට ය. “පුරාතන සමාබන්ධන උදාහරණ මගේ පසුගිය රචනාවෙන් දැක්වුවත් මේ විෂයය ගැන ගත යුතු උපදෙස් එතැනින් නිම නොවේ. ඒ හා සමාන සිද්ධාන්ත මත පදනම් වූ දැනට පවතින ආයතන අපේ සැලකිල්ලට ...
සිහිය නැති මිනිස්සු සිහසුන් වල තියන්නේ කවුද? අරුණි ශපීරෝ වෙතින් සිහිය නැති අනිත් මිනිස්සු ඔක්කොම එකතු වෙලා. පරමාර්ථ උතුම් වූවාට ඒවා සාක්ෂාත් වන්නේ එකම එක ක්‍රමයකින් බව නොදන්නේ සිහිය පාවිච්චියට නොගන්නා අයයි. ඒක හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය නොකර ගාථා ගිරව් වගේ කට පාඩමින් කීමෙන්, මල් පුජාවෙන්, පොල් ගැසීමෙන් නිවන් දකින්න හදන අයගේ ‘සිහිය’ වගේ!!!!! ආණ්ඩුවේ ඉන්න නායකයන්, විරුද්ධ පැත්තෙ ඉන්න නායකයන් දෙගොල්ලම ජනතාව රවටනවා ද? ජනතාව එයාලව රවටනවා ...
ඔවුන් ආවේ මා වෙනුවෙන් නොවේ අරුණි ශපීරෝ වෙතින් ඔවුන් ආවේ මා වෙනුවෙන් නොවේ පළමුවෙන්ම මම විවාහයෙන් ඈත් වුනෙමි උත්සාහයක් ගන්නට තරම් වටිනාකමක් එහි නැතැයි කියා අනතුරුව රස්සාව හැර දැමුවෙමි නිෂ්පාදනය කරනවාට වඩා දෙන දෙයක් ගැනීම පහසු නිසා අනතුරුව චන්දය ප්‍රකාශ නොකළෙමි මන්ද ඔවුන් හැම දෙයක්ම බලාගනියි කියා සිතු නිසා අනතුරුව මා අයිතීන් අත් හැරියෙමි බැටළුවන්ට අයිතීන් අවශ්‍ය නැති නිසා අනතුරුව මගේ අභිලාෂය මැකී යන්නට ඉඩ දුන්නෙමි කවුරුන් ...
යහපත් තෝරාගැනීම් කළ මිනිස්සු අරුණි ශපීරෝ වෙතින් එදිනෙදා ජීවිතයේ දී යහපත් තෝරාගැනීම් කරන මිනිස්සු ගැන ලෝක මාධ්ය්යෙන් වැඩිය ඇහෙන්නෙ නැහැ. අපිට වැඩියෙන් ඇහෙන්නෙ නෝර්වේ වල Anders Behring Breivik ගැන, ප්‍රංශයේ Mohamed Merah ගැන නැත්නම් කැලිෆෝර්නියාවේ One Goh ගැන. පත්තරයක්, රූපවාහිනි ප්රවෘත්ති වැඩසටහනක්, ප්රවෘත්ති සපයන වෙබ් පිටුවක් අරන් බලන්න. වැඩියෙන් තියෙන්නෙ ධනාත්මක තොරතුරු ද නැත්නම් ඍනාත්මක තොරතුරු දැයි විමසන්න. මිනිසාගේ පැවැත්ම ආරක්ෂා කරගන්න ඍනාත්මක දෙයක් ගැන ඇහිච්ච ...
කාලීන පුවත් සහ චිලේ රටේ කරන්ට්ස් අරුණි ශපීරෝ වෙතින් කාලීන පුවත් රජයේ නිර්දේශය යටතේ හැදැරීම පාසැල් අධ්‍යාපනයට “සමාජ අධ්‍යයනය” නමින් රිංගා ගත්තේ මම සාමාන්‍ය පෙළ පංතියේ ඉගෙන ගනිද්දී ය. අද කාලීන පුවත් කාගේවත් නිර්දේශයක් ලැබෙන තෙක් බලා නොසිට, උස් පහත් බේදයක් නොමැතිව, දේශ සීමාන්තරයක් නොමැතිව ලෝක ජනතාව අතර ක්ෂණයෙන් පැතිරේ. කාලාන්තරයක් තිස්සේ ප්‍රවීණ කරගත් හුරුවෙන් ගැලවී කාලීන පුවත් කතාබහට ඉඩක් ලැබෙන්නේ ලොව ඉතා මෑතකය. වෙළඳාම ගෝලීය වූයේ මෑතක ...
මේ ලෙවියතන් රාක්ෂයා අවදි කළ සමයක් ද? අරුණි ශපීරෝ වෙතින් බ්‍රිතාන්‍ය ජාතික තෝමස් හොබ්ස් ලියූ The Leviathan (1660) කෘතියෙන් ඔහු විසල් රාජ්‍යයක් යුක්ති සහගත කරන දාර්ශනික පසුබමික් ගොඩනැඟුවේ ප්ලේටෝ ඉදිරිපත් කළාට වඩා ඉතා වෙනස් තර්කයක් ගෙනැවිත්. සත්‍ය ලෝකයේ පවතින්නේ චලනයට (motion) හසු වී ඇති භෞතික සිරුර යැයි කියද්දී හොබ්ස් සිතුවිලි යනු මොළයේ ක්‍රියාකාරකම් අතර ඇති හොල්මන් (phantasms) වගේ දෙයක් හැටියට සැලකුවා. සිතේ සිතුවිලි නිසා භෞතික පද්ධතියට වැඩි දෙයක් සිද්ධ ...
චීනයේ බුබ්බුල-පුපුරායෑම් ආර්ථිකයේ දත්ත පිටුපස ඇති යථාර්ථය අරුණි ශපීරෝ වෙතින් ඇමෙරිකාවට වඩා වැඩියෙන් නිෂ්පාදනයට චීනයේ ආර්ථිකය සමත් වී ඇතැයි GDP සහ PPP දත්ත වලින් පෙන්වන IMF වාර්තාවක් පසුගිය වසරේ ලෝකය අන්දුන් කුන්දුන් කරවන්නට සමත් වුණි. චීන ජනතාව වැඩියෙන් භාණ්ඩ නිර්මාණය කරන්නටත්, ඒවා වැඩියෙන් මිල දී ගැනීමේ හැකියාවෙන් ද යුතු යැයි එනම් සමෘද්ධියේ සම්භව්‍ය ලක්ෂණයක් වශයෙන් පෙන්නුම් කරන ලදි. ඒ සමගාමීව 2014 ඔක්තෝබර් සිට ෂැන්හයි කොටස් වෙළඳපොලේ කොටස් එකතුව අගයෙන් ...
ප්ලේසිබෝ ආටෝපය සහ නෝසිබෝ ප්‍රතිඵලය අරුණි ශපීරෝ වෙතින් පින්තූරය: ගූගල් ඉමේජස් මහජන උද්ඝෝෂණයක් තිබිය දී විදේශීය හතුරෙක් මවා පා කරන කළබැගෑනියකින් රටේ අර්බූදය යටපත් කරගැනීම දේශපාලන බල අරගලයේ යෙදෙනා අය කරන කූටෝපායකි. රෝගාතුර වූ අයෙකුට යම් ඖෂධයක් නියම වූ විට, එය කිසිත් ඖෂධයක් නොවුන ද, තමනට එයින් පිහිටක් ලැබෙනවා යැයි විශ්වාස කරන හුරුව නිසා සහ පිටතින් අහිතකර දෙයක් ශරීරගත නොවීමෙන්, රෝගියාගේ තත්වය බොහෝවිට යහපත් අතට හැරේ. එහෙත් එය ...