අපේ දැක්ම කියන ජනතාවාදී පාලනයේ කුළුණු පහ ගැන අරුණි ශපීරෝ වෙතින් සමානාත්මතාවය: අසමාන ලෙස ඉපිද ඉන්නා මිනිසුන් සාධාරණ සහ යුක්ති සහගත ලෙසකින් එකිනෙකා හා සමාන කරන සැලසුමක් නිර්මාණයට දන්නා ජගතෙක් ලොව නැත. එහෙම දන්නවා යැයි කියා ගත් උත්සාහයන් වල දී එයට ලක්වූ සියල්ලන්වම දුප්පත් අසරණයන් කළ හැටි නොමඳව ඉතිහාසයෙන් දැකිය හැකියි. අනේක වතාවක් උත්සාහ කර අසාර්ථක වුව ද ලොව බහුතරය තමන් මෙතෙක් ගියේ ධනවාදී විවෘත ආර්ථික මගක යැයි තවමත් මුලාවී ...
හිංසකයෙක් නොවෙන්නට දරුවෙක් හදන්නේ කෙසේද? අරුණි ශපීරෝ වෙතින් අංගුලිමාල බුදුන් විසූ දඹදිව සිටියෙකි. මුලාවෙන් වූවන් විසින් තමන් එල්බ සිටින මුලාවෙන් ම අනුන් උසි ගන්වා උන් අතට මුගුරු දී අනුන් මරන්නට යවති. අද ලෝකයේ ද එසේ යන අංගුලිමාලලා සිටිති. අනුන් මෙසේ යැයි කියූ දෙයක්, කෙසේද යන්න තමන් විසින් විමසා නොබලා කරන්නේ ද එයා අංගුලිමාලයෙක් වෙන්නේ ද? “එව බලව …” යැයි කියාදුන් දහමක් අදහන බහුතරයක් ඉන්නා රටක මුලාවන් හිස් ...
ඔලිම්පික් රත්තරන් පදක්කමක වටිනාකම කීය ද? අරුණි ශපීරෝ වෙතින් ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තොත් එය හැම තැනම පැළඳිය යුතු යැයි ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට කවුරුත් කියන්නට අවශ්‍ය නැත. ඔවුන් එය කරන්නේ කැමැත්තෙනි, අභිමානයෙනි. බ්‍රසීලයේ ජූඩෝ ජයග්‍රාහකයා Felipe Kitadai තුන්වැනි තැන දිනාගත් නිසා ලැබුණු ලෝකඩ පදක්කම පැළැඳගෙන නාන්නට ගියේය. එය දත් අතර හිර කරගත්තේ වතුරෙන් තෙමෙනවා වළක්වා ගන්නටලු. එහෙත් එය බිමට වැටී කැඩී ඇත. බ්‍රසීලයේ ඔලිම්පික් කමිටුව අළුත් පදක්කමක් ඉල්ලා ගන්නට යැයි ...
බේගල් කියා නොව බේගල් හදා ලොව ජයගත් මරේ ලෙන්ඩර් අරුණි ශපීරෝ වෙතින් පින්තූරයේ තියෙන්නෙ බේගල්ස්. ටෝස්ට් කරලා මී පැණි ටිකක් දාගත්ත බේගල් එකයි මම කන්න කැමති විදිය. දුම් ගහලා හදපු සැමන් එක්ක කන්නයි අපේ ගෙදර ඉන්න අනිත් දෙන්නා කැමති. බේගල් කියා නොව බේගල් හදා ජීවිතය ජයගත්තේ Murray Lender නැමැත්තා ය. ඔහු බේගල් හැදුවේ කන්නට ය. කාවවත් රවටන්නට නොවේ. මරේ ලෙන්ඩර් බේගල් ගැන කතාබහ කරන්නේ හැම විටක ම. පැය දස දහසේ රීතියෙන් ...
හිමිතැන නොදැන මිනිස් ඝාතනයක් කළ ප්‍රංශ විප්ලවය අරුණි ශපීරෝ වෙතින් මැක්සිමිලියන් රොබෙස්පියෙර් ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. චාල්ස් ඩිකන්ස් ලියන දෙනුවර කතාවේ සඳහන් ජනෝඝ උන්මාදයෙන් පිරි ජැකෝබින් සමාජයේ සාමාජිකයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. ඔහුගේ අනුග්රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති. “බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” කියූ ඔහු බිත්තර බොහොමයක් කඩන්නට දායක විය. නිදහස, ...
වොෂිංටන් ජනාධිපතිගේ නිවසට ගියෙමි අරුණි ශපීරෝ වෙතින් ජෝර්ජ් වොෂිංටන් ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා විය. ශක්තිමත් යුද හමුදාවක් හැදුවාට විදේශයන්හි යුද්ධ වලට හවුල් වූයේ නැත. රටේ භාණ්ඩාගාරය පිරෙව්වා මිස හිස් කළේ නැත. සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරයි යන්න දත් හෙතෙම එවැනි බලයක් හඹා ගියේ නැත. තනතුරේ තබා ගන්නට සියල්ලන් විසින් වෑයම් කරද්දී තනතුරෙන් ඉල්ලා අස් වූ ඔහු මගේ ලෝකයේ වීරයෙකි. පටෝමික් ගඟ අසල පිහිටි මවුන්ට් වර්නන් නිවස ...
රෝමෝද්ගම ප්‍රවෘත්තියක්!! අරුණි ශපීරෝ වෙතින් හිසේ කෙස් කෙළින් කරවන තරම් වූ තැති ගැන්වීමක් ඇති කරන ප්‍රවෘත්තියක් ගැනයි මේ සටහන. ඊයේ Nature සඟරාවේ වාර්තාව අනුව අත්පා හසුරුවන්නට නොහැකි වූ දෙදෙනෙකු වන කැතී සහ බොබ් දෙදෙනා සිතෙන් සිතුවිල්ලක් යවා අසල ඇති රොබො අතක් වෙතින් සිය කැමත්ත ඉටු කරගන්නට සමත් වී සිටිති. මෙය හැඳින්වෙන්නේ BrainGate System යනුවෙනි. ඔවුන් දෙදෙනා හදිසි ආබාධයක් (stroke) තුලින් මොළයට හානි වූ නිසා ...
පීඩිතයා කවුදැයි හඳුනා ගන්න අරුණි ශපීරෝ වෙතින් හෙළා දැකිය යුත්තේ කාව ද? පීඩකයා කවුද? පීඩිතයා කවුද? පීඩිතයා කවුදැයි මුලාවෙන් රවටන පීඩකයන්ගේ ගොදුරු බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණ ඇත්තේ නිදහස් ලෝකයේ වසන ජනතාව අත ය. ඔවුන් ඒ නිදහසෙන් ප්‍රයෝජනයක් නොගන්නේ නම් නිදහසක් නොමැති අහිංසකයන් බේරාගත හැකියාව ද අහිමි වී යයි. පීඩකයන් කවුරුන් දැයි සොයාගන්නට පාවිච්චියට ගත හැකි මොළයක් මිනිසාට ඇත. එය පාවිච්චියට ගන්නා කිහිප දෙනෙක් සිංහලෙන් ...
ඔක්තෝබරයේ දී ඔක්ස්ෆර්ඩ් ඔහායෝ වෙත එන “මචං” අරුණි ශපීරෝ වෙතින් “මචං” චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Uberto Pasolini විසිනි. ඔක්තෝබර් 2 වැනිදා සවස 4 ට ඔහායෝ ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් නගරයෙහි මයාමි විශ්ව විද්‍යාලයේ දී එය තිරගත වෙයි. ඇතුල්වීම් නොමිලේ. 2004 සැප්තැම්බර් 15 වැනිදා බීබීසී ප්රවෘත්ති වාර්තාව අනුව ජර්මනිය බලා ගිය ලංකා හෑන්ඩ්බෝල් ක්‍රීඩා කණ්ඩායම (23 දෙනෙකු) තරඟාවලිය මැද දී අතුරුදහන් වූහ. ලාංකිකයන්ව සොයාගත නොහැකි වෙද්දී මුලින් ම ජර්මානුවන් සිතුවේ මේ කණ්ඩායම අසල කැලෑවේ ...
හා හරි එහෙනම් යමු අරුණි ශපීරෝ වෙතින් “හා හරි එහෙනම් යමු” නැත්නම් OK Go නමින් වන්නේ ඇමෙරිකන් සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ ආරම්භය 1998 දී ය. ඔවුන්ගේ සංගීත විඩියෝ පටි නිර්මාණ සියල්ල ම මෙතෙක් නොවූ වෙනස් විදියකට හිතා ලොවට අලුත් යමක් ඉදිරිපත් කරන ඒවා ය. ඔවුන්ගේ නිල අඩවියේ “උවමනාව/ලැබීම -Needing/Getting” සංගීත පටිය නිර්මාණය කරන හැටි විඩියෝවක් ද වෙයි. ඊට ප්‍රතිචාරයක් දාන රසිකාවියක් ඔවුන්ගේ කෞශල්‍යය (ingenuity) කැපවීම (passion) සහ ...
ඇමෙරිකන් පෙර සිරිතක් උත්සවාකාරයෙන් මෙසේ සමරන ලදි අරුණි ශපීරෝ වෙතින් ඇමෙරිකන් ජනතාව පසුගිය සතියේ දී පෙර සිරිතක් සැමරූහ. ඒ දෙවියන්ට ස්තූති පුද කිරීමේ දිනයයි. 1620 දී Mayflower නැමති නෞකාවෙන් ඇමෙරිකාවට ගොඩ බැසි pilgrims නැමති යුරෝපීයයන් කොට්ඨාශයක් මැසචූසෙට්ස් ප්‍රාන්තයේ ප්ලිමත් නම් උපනිවේෂයක් පිහිටුවා ගත්හ. හේමන්තයට මුහුණ දුන් උපනිවේෂයේ වාසීන් අතරින් බාගයක් මිය ගියහ. කොලනියේ හෙවත් උපනිවේෂයේ ආණ්ඩුකාරයා වූ විලියම් බ්‍රැඩ්ෆෝර්ඩ් ලියන History of the Plymouth Plantation නොහොත් ‘ප්ලිමත් වතුයායේ ඉතිහාසය’ ...
ස්තූති පුද කිරීමේ දිනයට හත්දහස් පන්සියයක් කෑම පෙට්ටි අරුණි ශපීරෝ වෙතින් අස්වනු නෙළා ගත් ගොවියන් වාර්ෂිකව දෙවියන්ට ස්තූතිය පුද කිරීම සඳහා පටන් ගත් Thanksgiving Day උත්සවය මෙම බ්‍රහස්පතින්දාත් පැවැත්වේ. රෝස් කරන ලද කළුකුමෙක් කෑම බහුතරයකගේ සිරිතයි. ඒ සමඟින් ග්‍රේවි (පාන්පිටි සහ කළුකුමා රෝස්ට් කරද්දී බේරෙන යුෂ වලින් හදන ලද ඝන දියරය), පාන් කැබලි වලින් හදන ඩ්‍රෙසින්, තිරිඟු, බතල, බෝංචි, ක්රැන්බෙරි සෝස් යනාදිය එදින සිරිත් පරිදි අනුභව කරන අනිකුත් ආහාර වෙති. ...
සරල ජීවිත ගෙවන වාසනාවන්ත මිනිස්සු අරුණි ශපීරෝ වෙතින් කාර්මික විප්ලවය ඇරඹෙන්නට පෙර ලෝකයේ පැවතියේ ඉතා රමණීය වූ ග්‍රාම්‍ය ජීවිත ගෙවා දැමූ සුන්දර කාලයක් බව ලොව බහුතර අධ්‍යාපන කෘති වලින් සහ ඉතිහාසය ගැන සටහන් තැබූ ජනප්‍රිය රචකයන් වෙතින් ලැබෙන දැක්මයි. “ගැමි ජීවිතය කොතරම් සුන්දර ද?” යැයි ලියන කියන අය අදත් එමට වෙති. ගැමි ජීවිත ගෙවන අය ගැන කියද්දී ඒ අය “සරල ජීවිත ගෙවන හරි වාසනාවන්ත මිනිස්සු” හෝ “අහිංසක ...
ඇමෙරිකන් අයිඩල් හි තිබි වෙළඳනාම සාර්ථකත්වය අරුණි ශපීරෝ වෙතින් ඇමෙරිකන් රූපවාහිනී ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වැඩසටහන් අතරට එකතු වෙන ‘ඇමෙරිකන් අයිඩල්’ මෙහෙට ගේන්නේ බ්‍රිතාන්‍යයෙන්. ‘පොප් අයිඩල්’ රසිකාවියක් වූ රූපට් මර්ඩොක්ගෙ දුව තමයි මෙහි අවදානම ගන්න කියා පියාට බලකරලා තියෙන්නෙ. බ්‍රිතාන්‍යයේ ‘පොප් අයිඩල්’ හදලා තියෙන්නෙ එය හදපු කෙනා ඔස්ට්‍රේලියාවේ දී ‘පොප්ස්ටාර්ස්’ දැකල. ‘පොප්ස්ටාර්ස්’ මුලින් ම පෙන්වා ඇත්තේ නවසීලන්තයේ. ‘ඇමෙරිකන් අයිඩල්’ සඳහා ඇමරිකාවේ ක්ෂණික සාර්ථකත්වය ලැබෙන්නෙ එය ඇමෙරිකන් සුවිශේෂීත්වය ග
හැඟීම් වලට ඉඩ දී මහා අවුලක හිර වී සිටිනා යුරෝපීයයන් … හෙට ලංකාව ඊට වඩා දරුණු වෙයි ද? අරුණි ශපීරෝ වෙතින් මේ දිනවල සිංහලෙන් කියවන්නාට වැඩිපුර අහන්නට ඇත්තේ හැඟීම් වලට ප්‍රමුඛත්වය දුන් කරුණු කාරණා ය. බුද්ධිමත් දර්ශනය බුද්ධාගමෙන් පලා ගොසිනි. බුද්ධිමත් විචාරය සමාජයෙන් පළා ගොසිනි. ලංකාවේ පැතිර ඇති බුද්ධාගම හින්දු ආගමෙන් වෙනසක් නැති කළ, රටේ පාලකයන් හා අනුගාමිකයන් හැඟීම් වලින් උසි ගැන් වී මිථ්‍යා දෘශ්ටික වූ වන්දනා මාන කරති. ලංකාවේ සෙසු ආගම් වලට මේ අවුල නැත. ඔවුන් තමන් පිළිපදින දෙවියන් ...
ඇමෙරිකාවේ දුම්රිය මාර්ග සහ ස්ටේෂන් මුලින්ම හැදුවේ ආණ්ඩුවක් නෙමෙයි අරුණි ශපීරෝ වෙතින් 1825 දී නීතිඥයෙක්, ඉංජිනේරුවෙක් සහ නවොත්පාදකයෙක් වූ ජෝන් ස්ටීවන්ස් නිව් ජර්සි ප්‍රාන්තයේ හොබොකන් හි විසූ ඔහුගේ ගිම්හාන නිවහන පිහිටි වතුයායේ රේල් පාරක් හදා දුම්රිය එන්ජිමක් අත්හදා බැලීය. 1827 දී බල්ටිමෝර් සහ ඔහායෝ රේල් කොම්පැණිය පිහිටුවන ලදි. දුම්රිය ප්‍රවාහනයට අනාගතයක් ඇතැයි කියා එහි ආයෝජනය කරන්නට අවදානමක් ගත් අය වෙතින් තවත් රේල් කොම්පැණි බිහිවිය. එතෙක් ඇල දිය මාර්ග කපා ඒවායෙන් සිද්ධ ...
ආපදා කළමනාකරණ කෙන්ද්‍රය සහ හෙන්රි නම් වූ ජංගම කුස්සිය අරුණි ශපීරෝ වෙතින් මුලින් ම එකතු වෙලා එකිනෙකාගේ ජීවිත බේරාගත්ත අයගේ ඉවසීම දැන් අඩුවෙලා ගිහින්. අවුලක් ඇති කරන ‘සිද්ධිය’ ඉදිරියේ සියල්ල හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරගන්නේ කෙසේදැයි පෙන්වන න්‍යාය, හදිසි අවස්ථාවල දී ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි උපාධි වලටත් හදාරන අය ඉන්නවා. මෙහෙ පුද්ගලික ව්‍යාපාරයන්හි ඒ වගකීම පැවරෙන කණ්ඩායමක් දකින්නට ලැබීම සාමාන්‍යයක්. ඔවුනට ‘සිද්ධියක’ දී පැවරෙන කාර්ය භාරය කළින් ලැබෙන පුහුණු හා පෙරහුරු ...
එක ලෝක පාසැලක්: අධ්‍යාපනය ගැන නැවත සිතා බැලීමක් අරුණි ශපීරෝ වෙතින් දැනුම සොයා යන අයට පුරාතනයේ ලැබුනේ උපන්නේ කොතැනක ද අනුව අධ්‍යාපනයට අවස්ථාවක් හිමි අහිමි වීමයි. මානුෂික අයිතිවාසිකම් මොනවා දැයි කතාබහත් සමඟින් අධ්‍යාපනයට අයිතිය මිනිස් සනුහරේ සෑම සාමාජිකයෙකුටම ඇතිබව ලොව බහුතරයක් පිළිගත්හ. අධ්‍යාපනය අහිමි කරන සාම්ප්‍රදායික නීති රීතින් ශිෂ්ඨාචාර ලෝකයේ ආලෝපනය විය. අද වේදාන්ත ධර්මයන් කියවන්නට බ්‍රාහ්මණ කුලයේ උපදින්නට අවශ්‍ය නොවේ. හරක් මස් කන පරසුද්දාටත් එය හදාරන්නට හැකිය. සාම්ප්‍රදායික අහිමිය ...
වියට්නාම් වලින් ඇමෙරිකාවට සපයන ඩ්‍රැගන් ෆෲට් රස බැලුවෙමි අරුණි ශපීරෝ වෙතින් ඩ්‍රැගන් ෆෲට් Hylocereus undatus දැන් ලංකාවේ ද වවන බව දැනගන්නට ලැබුණ. මෙහෙ කඩයක දී විකුණන්න දාලා තියෙනවා දැක්කම එහි රහ මොන වගේ ද බලන්න හිතුණ. ගෙඩියක මිල $7.49 ක්. ඇතුලේ තියන මදය තමයි කන්න ගන්න කොටස. කැලරි අඩු පලතුරක්. ඇන්ටිඔක්සිඩන්ට් යනාදියෙන් ගුණාත්මක බවින් පිරුණක් යැයි ද සටහන් වෙන්නක්. කිවි පළතුරේ හා සමාන ඉතා කුඩා ඇට ඇතුලේ දකින්නට ලැබෙනවා. ඒවා ...