සැන්ඩි ටී ෂර්ට් දැන් වෙළඳපොලේ අරුණි ශපීරෝ වෙතින් තාම මුහුද මැද්දෙයි සැන්ඩි චණ්ඩිකම් පෙන්වන්වන්නෙ. ඊයේ පටන් ගත්ත වැස්ස හෙමින් හෙමින් වැඩිවෙලා නැවතිල්ලක් නැතිව ඇද වැටෙනවා. සුළං සැරවෙලා. ඇමෙරිකාවේ අය ඕනෑම දෙයකට ටී-ෂර්ට් එකක් ගහන්න හපන්නු. ෆුට්බෝල්, බේස්බෝල්, බාස්කට්බෝල් සහ හොකී යනාදී තරඟ වල දී පිල් දෙකම දිනුම් කියලා ගහන ටී-ෂර්ට් සහ කැප් තොප්පි පෙට්ටි වලින් අවසන් තරඟයෙන් පසුව අරින්නෙ දිනපු පැත්තෙ ඒවා විතරයි. පැරදිච්ච පැත්තෙ ඒවා ගොඩාක් ...
බොබ් මාලේ නිවාඩුවට ගිය නිවසේ සිට ලියමි අරුණි ශපීරෝ වෙතින් බොබ් මාලේ සිය පවුලේ අය සමඟ නිවාඩු ගත් නිකේතනයට ඇතුල් වෙන ගේට්ටුවේ, නැඟ එන හිරු පසුබිම් කරගෙන, කිරුළු පැළඳගත් සිංහයෙක් සහ සිංහ ධෙනුවක් ඔබ එනතුරු බලා සිටියි. මේ මාලේ රිසෝට් ඇන්ඩ් ස්පා නිවාඩු නිකේතනය ඇත්තේ බහාමාස් දූපත්හි නිව් ප්‍රොවිඩන්ස් දූපතේ කේබල් බීච් නම් මුහුදුවෙරළේය. වර්තමාන අයිතිකරුවන් රීටා මාලේ වෙතින් නිවහන මිල දී ගෙන ඇත. බහාමාස් වෙත නිවාඩු ගන්නට ගිය ...
නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවන දේවල් ද? අරුණි ශපීරෝ වෙතින් “නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවන දේවල්” නමින් මනෝව්‍යාධිකත්වය ගැන පොතක් සම්පාදනය කරන්නේ රොබට් අයි. සයිමන් විසින් බව කළින් සටහනක දී ලියුවා. ද්වේෂය, පිළිකුල, අනාචාරී වූ හැදියාවන් පිරි ලෝක සමාජයේ, දත්ත පෙන්වන්නේ, නරක මිනිස්සුන්ගේ හිතේ ඇති ක්‍රියාවන් සියල්ල ගැන සිහින මවනා හොඳ මිනිස්සු නැති බව යැයි සයිමන් එහි දී පෙන්වා දෙයි. අනුන් ගැන කැක්කුමක් ඇති මිනිස්සු ලොව බහුතරයා ...
මැඩිසන් වල නේපාල කඩේ අරුණි ශපීරෝ වෙතින් මැඩිසන් වල තියෙන මේ නේපාල කඩේට සුදු අප්පුහාමියි මායි ගොඩවැදුනේ අපි විවාහ වෙච්ච අලුත. සුදු අප්පුහාමිගේ කැම්පස් යාළුවෝ බලන්න මේ පැත්තෙන් යද්දී මම මගෙත් කැම්පස් යෙහෙළියක් මැඩිසන් වල ඉන්නවා කිව්වම එයා විශ්වාස කළෙත් නැහැ. ඉඳහිටලා දිරච්ච ලණු දෙන සිරිතක් දෙන්නටම තිබ්බ. කොහොමින් හරි දෙන්නම අපේ යාළුවන් හමුවෙන්න ආපු වෙලාවේ මේ නේපාල කඩේටත් ගොඩ වැදුන. රටට ඇවිත් වැඩි කාලයක් නොගිහින් ...
අනුන්ගේ බඩු තමන්ගේ වෙළඳනාමයෙන් විකිණීම අරුණි ශපීරෝ වෙතින් මේක පටන් ගැනෙන්නෙ දැනට අවුරුදු විස්සකට විතර පෙර සිට. මෙහෙ තියන ෆුඩ්සිටි වගේ දාමකඩ වෙළඳනාමයෙන් ඇති බඩු එක්ක තමන්ගෙ කඩේ නම ගහලා තියෙන බඩුව සසඳා බලන්න කියලා අභියෝග කරන පින්තූර හැම තැනම එල්ලනවා. වෙළඳනාමයට වඩා කඩේ නම තියෙන බඩුවේ මිල අඩුයි. අරන් ගිහින් කාලා බීලා බැලුවොත් ඒ රහම තමයි. ඉතින් පාරිභෝගිකයා කැමැත්තෙන්ම කඩේ නම තියෙන බඩුව ගන්න හුරුවෙනවා. අඩු ...
පාරේ ගෙවල් යනවා දැකලා තියෙනවා ද? අරුණි ශපීරෝ වෙතින් පාරේ ගෙවල් ගෙනියන හැටි දැකලා තියෙනවා ද? කම්හලේ හදලා ඉඩමට ගෙනැවිත් දාන මේ වගේ ගෙයක කාමර දෙක තුනක්, කුස්සියක් සහ වැසිකිලියක් දෙකක් ද අඩංගු වීම සාමාන්‍යයක්. සමහර අවස්ථාවල දී ගෙයක කෑලි දෙකක් හැටියට මැදින් වෙන් කරලා වෙන වෙනම අරගෙන යන හැටිත් දකින්න පුලුවන්. “ඕවර්සයිස්” කියලා ලොකුවට පෙනෙන්න ගහපු පුවරුවක් අරගෙන කළින් සහ පස්සෙන් රථ දෙකක් යෑම ඒ මාර්ගයේ අනිත් ...
ෆොන්ටෙරා කිරිපිටි තහනම සහ විද්‍යාත්මක වාර්තාකරණය අරුණි ශපීරෝ වෙතින් ෆොන්ටෙරා යනු නවසීලන්තයේ කිරි ගොවියන් 10,600 ක් අයිතිය කියන බහුජාතික සමාගමකි. ලෝකයේ කිරි ආහාර ආනයනයේ 30% ක වගකීම දරන මෙය නවසීලන්තයේ විශාලතම කොම්පැණිය වෙන අතර නවසීලන්ත ඩොලර් බිලියන 20 ක පමණ ආදායමක් (ලාබයක් නොවේ) සොයන්නකි. නවසීලන්තයේ කිරිපිටි සහ බටර් කර්මාන්තය එරටේ commodity exports විදේශ ආදායමෙන් 25% ක් උපයන්නකි. බොරු කියා ඒ ආදායම උපයන්නට නොහැකි බව වෙන කිසිවෙකුටත් වඩා හොඳින් ...
කවුද ජෝන් ගාල්ට්? අරුණි ශපීරෝ වෙතින් “වසර දොළහක් පුරා ඔබ ඇහැව්වේ “කවුද ජෝන් ගාල්ට්?” කියා. ඉතින් මේ කතා කරන්නේ ජෝන් ගාල්ට්. මම තමයි ඔබේ පීඩිතයන් ගෙන ගිහින් ඔබේ ලෝකය විනාශ කරපු මිනිසා. ඔබට ඇහිලා තියෙනවා මේක සදාචාර අර්බූදයක් තියෙන යුගයක් කියා. මිනිසාගේ පව් නිසා ලෝකය විනාශ වෙනවා කියා. ඒත් ඔබේ ප්‍රධාන සද්ගුණය වූයේ පරිත්‍යාගයයි. හැම ව්‍යසනයක දී ම ඔබ ඉල්ලා සිටියේ වැඩි වැඩියෙන් පරිත්‍යාග කරන්නට ...
මුදල් මැව්වේ කවුද? අරුණි ශපීරෝ වෙතින් මුදල් යනු ඕපපාතිකව බිහි වූ ක්‍රමයක් (spontaneous order) යැයි ෆ්රෙඩ්රික් හයෙක් පෙන්වා දුනි. ඔහු අර්ථ ශාස්ත්‍රය සඳහා 1974 දී නොබෙල් සමත්‍යාග ලාභියෙක් විය. පොදු ජනතාවගේ සුව සෙත සලසන්නට යැයි කියා ඉදිරිපත් වන බලතණ්හාධිකයන් තමනට චන්දය දෙනවිට පමණක් පොදු ජනතාව නිවැරදි තීරණ ගන්නට දක්ෂයන් යයි කියති. දක්ෂ ලෙස තීරණ ගන්නට සමත් පොදු ජනතාවගේ චන්දය ලබා අයෙක්/පිරිසක් බලය අල්ලා ගත් වහාම ...
අපූරු තරඟය, රස්සා නිර්මාණය සහ ධන සම්පත් නිර්මාණය අරුණි ශපීරෝ වෙතින් මැලේසියාවේ ග්‍රාන්ඩ් ප්‍රී තරඟය දිනූ ලුවිස් හැමිල්ටන්ට ජයවේවා! මැලේසියන් ග්‍රාන්ඩ් ප්‍රී තරඟයේ එක්තරා අවස්ථාවක දී රේස් කාර් එකක වේගය අඩු වීමට හේතු වූ යම් අඩුපාඩුවක් ගැන නිවේදකයන් කතාබහ කළහ. කැමරාවට හසුවූයේ තරඟ භූමියේ ඇතුල් කුටියක සිට එය නරඹන ඩේවිඩ් කම්බබැච්. අගනා විස්තරයක් හැමදාම සපයන රේස් නිවේදකයන් වාහනයේ වේගය අඩු වීමට හේතුව සමහර විට ෂර්ලොක් හෝම්ස්ට නම් පහසුවෙන් අවබෝධ කරත ...
නික්සන් ගෙදර යැව්වේ ජෝන් ලෙනන් ද? අරුණි ශපීරෝ වෙතින් ජෝන් ලෙනන් ගේ මැද නම වින්ස්ටන් ය. දෙවැනි ලෝක යුද්ධය මැද (1940) දී ඉපදෙන ඔහුට බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් නිසා ඒ මැද නම වැටුනේලු. අගමැතිවරයෙකුගේ නමක් ලැබුනාට ඔහුට මව්පිය සෙනෙහස ලැබුනේ නැත. ළමා කාලය හා ගැටවිර විය ඔහු දඩබ්බර ලෙසින් ගෙවා දමන්නේ තමනට නැති අනුන්ට ඇති දෙමව්පිය දූ දරු සබඳතාවයන් ගැන වූ ද්වේශයකින් යැයි ඔහු ම කියා ඇත. දඩබ්බර ...
යුක්රේනයක්, වෙනෙසියුලාවක් වෙන්නට පෙර අරුණි ශපීරෝ වෙතින් නැත්නම් ලංකාවේ නැවතත් භීෂණ සමයක් ඇති වෙන්නට පෙර පුරවැසියන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටිති. පීඩනයක් දැනෙද්දී මේ පුරවැසියන්ගේ විශ්වාසය තම අයිතීන් උදෙසා හඬ නඟන්නට නායකයෙක් පෙරට ආ යුතු බවයි. මෙයා එවැනි නායකයෙක් යැයි පීඩනයට එරෙහි උද්ඝෝෂකරුවන් ටික දෙනෙක් කියද්දී ජීවිතය ආරක්ෂා වනුයේ කල්ලියට එකතු වීමෙන් පමණකි යන වර්ධනය නොවූ ගෝත්‍රික ස්වභාවය ඉස්මතු වී පීඩනය දකින පුරවැසියා පීඩනයට ...
නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අරුණි ශපීරෝ වෙතින් පැහැදිලි කරන ලද සත්‍යයන් මහත් රාශියක් ලෝකයේ තියෙනවා. ඒත් ඒවා වටහා ගන්නට හා පිළිපදින්නට උත්සාහයක් ගන්නා අය ලොව ඉන්නේ අල්පයකි. “ඕනෑම කෙනෙකුට වෑයම අත්හැරිය හැකියි. එය ලෝකයේ ඉතාමත් පහසුවෙන් කළ හැකි වූවයි. ඒත් ඔබ වටා සිටිනා සියළුම අය විසින් ඔබ උත්සාහය අත්හැර දමන්නේ මන්දැයි ඔවුන්ට වැටහෙනවා යැයි කියද්දී, උත්සාහය අත් නොහැර සිටින්නේ නම්, එයයි සත්‍ය ශක්තිය.” -කියුවේ කවුදැයි සටහන් ...
කොම්ප්‍රොමයිස් නම් කුමක් ද? එය බාරගැනීම සහ ප්රතික්ෂේපය කෙසේද? උදිතට පිළිතුරක් අරුණි ශපීරෝ වෙතින් කොම්ප්‍රොමයිස් යන්නට සිංහල වචනයක් නැත. සමහර විට ඒ නිසා සිංහලයන් කොම්ප්‍රොමයිස් යනු කුමක් දැයි කියාත්, එය බාරගැනීම සහ ප්රතික්ෂේපය සිද්ධ කරන්නේ කෙසේදැයි කියාද නොදන්නවා විය හැකිය!!!!! යම් දැයකට දෙපැත්තකට හිමිකම් කියත හැකි අවස්ථාවක් ඉදිරියේ ඇතිවන පිළිගැටුම (conflict) අන්‍යෝන්‍ය ලෙසින් එකඟ වී ඉඩදීම මඟින් පිළිගැටුම සමගියෙන් බේරා ගැනීම යනු කොම්ප්‍රොමයිස් එකකි. එවැනි අවස්ථාවක දී දෙපැත්තටම වලංගු වූ යම් හිමිකම් ඇත. ...
විද්‍යාත්මක පර්යේෂණ ගැන වූ ප්රවෘත්ති වාර්තා කියවන හැටි අරුණි ශපීරෝ වෙතින් මම අතීතයක කැළණිය කැම්පස් හි සමාජ අධ්‍යයන පීඨයේ ඉගෙනුම ලබද්දී මට වෙනත් විෂයයන් අධ්‍යයනය කළ යහළු යෙහෙළියන් බොහොමයක් සිටියහ. ඔවුන් හා ගැවසෙද්දී වරෙක ඉඳහිට අයෙක් දෙන්නෙක් මගේ නෝට් පොතක නම කියවා විමතියට පත් වී පොත හැර බලයි. කැම්පස් ගියත් මා සටහන් ලියා ගත්තේ හාෆ් ෂීට් වල නොව ඇක්සයිස් පොත්වලයි. මොකක් ද හලෝ මේ පාරභෞතික විද්‍යාව (metaphysics) කියන්නෙ? භෞතික විද්‍යාව ...
සුබ උපන් දිනයක් වේවා මගේ දයාබර ඇමෙරිකාවට! අරුණි ශපීරෝ වෙතින් වසර 237 ක නිදහසක් සමරන දිනය අදයි. “ඕනෑම ප්‍රාන්තයක පවතින සමාජයක් ආශීර්වාදයකි. එහෙත් ආණ්ඩුව, එහි හොඳම ස්වරූපයෙන් සිටිය දී ද, එය අත්‍යාවශ්‍ය වූ දුෂ්ටත්වයකි. එහි නරකම ස්වරෑපය ගත්විට එය දරාගත නොහැකි වධකයෙකි; එහි දී අප විඳින පීඩාව නැත්නම් ආණ්ඩුව නිසා ලැබෙන දොම්නස යනු ආණ්ඩුවක් නොමැති රටකින් අයෙක් බලාපොරොත්තු වෙන්නකි. අපි මුහුණ දෙන සිත් පීඩාව තවත් දැඩි වෙන්නේ එය ගෙන්වා ...
ඉතින් දැන් අපි නිදහසට උත්සාහයක් ගනිමු අරුණි ශපීරෝ වෙතින් “මෙය කිව යුතුය: “ශ්‍රේෂ්ඨ” මිනිසුන් ලොව පමණට වඩා සිටිති. නීති සම්පාදකයන්, සංවිධායකයන්, හොඳ හිතැති අතථ්‍ය යථාරූපී නොවූ දානපතියන්, ජනතා නායකයන්, ජාතියේ පියවරුන්, මෙහෙම මෙහෙම කියාගත්තා අය. අවශ්‍ය පමණට වඩා වැඩි පිරිසක් තමන්ව මිනිස් සංහතියට වඩා ඉහළින් තබා ගනිති. ඔවුන් ඒ සඳහා කරන සංවිධානය, තමන්ගේ හා වෑයමේ ලොකුකම් කියා පෑම, අනුන් පාලනය යනාදිය තම වෘත්තිය කරගනිති. ඉතින් අයෙක් කියනු ඇත: ...
එකම පරම යහපත නම් සම්භෝගය වේ ද? අරුණි ශපීරෝ වෙතින් ක්‍රි. පූ. 341-270 දක්වා වාසය කළ එපිකියුරස් යනු එකම පරම යහපත නම් සම්භෝගය (pleasure) වේ යැයි ද එකම පරම දුෂ්ටත්වය නම් වේදනාව (pain) වේ යැයි ද කියන දර්ශනයක් ලොවට දායාද කරන ලද්දෙකි. දුක්ඛ සත්‍යය බෞද්ධයාට අමුතු වහරක් නොවේ. නමුත් දුකෙන් ගැලවීම ගැන වූ දහමක් තමන් අදහනවා යැයි කියන බෞද්ධයා කිසිවෙක් හෝ සම්භෝගය නොහොත් සතුට සොයා යෑම යහපත් යැයි කියන ...
ශිෂ්ඨාචාර වීමට නම් තමා කැමති පරිදි ඉතිරි කරන්නට ඉඩක් ලැබිය යුතුයි අරුණි ශපීරෝ වෙතින් ඉතිරි කිරීම යනු අනාගත දිනයක පරිභෝජනය වැඩිපුර ප්‍රමාණයෙන් හෝ දියුණුවෙන් යුතු තත්වයකින් කරගන්නා අරමුණින්, මේ දැන් පරිභෝජනයට ගැනීමෙන් වැළකෙන ඕනෑම ක්රමයකි. මූල්‍ය එකතුවක් (capital accumulation) හැදෙන්නේ ඉතිරි කිරීම් වලිනි. ඉතිරි නොකරන කල දැනට තිබෙන මූල්‍ය එකතුව අඩු වී යයි. මිනිස් ක්‍රියාවක් එක්කෝ තවත් ඉතිරි කිරීම් කරනු සඳහා තම දක්ෂතාවය වැඩි දියුණු කරගන්නට තෝරා ගන්නකි, නැත්නම් තම ආදායමට වඩා පරිභෝජනය ...
මුලාවන්ට හසුනොවී බාධා අභියෝග ජයගත හැකි 2014 ක් වේවා! අරුණි ශපීරෝ වෙතින් 1917 දෙසැම්බර් 28 වැනිදා ඇමෙරිකන් පුවත්පත් කලාවේදියෙක් වූ හෙන්රි ලුවිස් මෙන්කන් නැමැත්තා නිව් යෝර්ක් ඉව්නින් මේල් නම් පත්‍රයට “නොසලකා හැරෙන සංවත්සරයක්” නමින් ලිපියක් ලියුවේය. ලෙඩ රෝග බෝවේ යැයි කියා මිනිසුන් නාන බේසම පාවිච්චි නොකර සිටිය දී 13 වැනි ජනාධිපතිවරයා වූ මිලාඩ් ෆිල්මොර් විසින් එය 1850 දී වයිට් හවුස් හි සවි කරගැනීමත් සමඟ ජනප්‍රිය වූවා යැයි ඇමෙරිකාවේ නාන බේසමේ ඉතිහාසය ...