64. සඳ ගමනේ අභිරහස… (විද්‍යා ප්රබන්ධයකි) අකුරු දිනය : 25 – අගෝස්තු – 2012 ස්ථානය : ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස් මහතාගේ නිවස - වොෂින්ටන් ඩී.සී. වේලාව : පෙ.ව. 6.42 විද්‍යුත් පණිවුඩයක් පැමිණි බව හඟවමින් රාජකාරී ටැබ්ලටය නඳ දුන්නේ මා ටයි ගැටය සකසමින් සිටිනා අතරතුරේදීයි… සාමාන්‍ය දිනයකදී නම් එය මා අතින් විවෘත වනුයේ උදෑසන අහර කිස නිමවීමෙන්ද අනතුරුව නාසා මූලස්ථානයේ පිහිටි උපදේශක කවුන්සිල් ගොඩනැගිල්ලේ පිහිටි මා ...
43. සීතල උඳුවප් මාසය | Such a Cold December අකුරු “ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?” එයා එහෙම අහන්නේ ඔළුව පැත්තකට ඇල කරලා… එහෙම ඔළුව පැත්තකට ඇල කරලා කවුරුත් මගෙත් එක්ක මීට කලින් කතා කරලා නෑ… කතාකළා නම් කතාකෙළේ කෙළින් මගේ දිහා බලාගෙන… නැත්තම් අහක බලාගෙන… ඒත් එයා පළවෙනි දවසේ ඉඳන්ම මගේ ජීවිතේට එක්කළේ වෙනසක්… එයා ඔහොම අහන්නේ අත්දෙක තදින් බැඳගෙන… දුම් දාන කෝපි කෝප්පය ඉස්සරහා… කෝපි වල රසට වැඩිය මිනිස්සුන්ට ...
27. පුංචි පහේ අභියෝගයක්... | Challenge your left brain අකුරු මම කලින් පල කල සම්මුඛපරීක්ෂණයක් ගැන කෙටියෙන් පෝස්ටය කියවන්න ලැබුණු හිතවතෙක් ඒකේ සඳහන් වෙලා තිබුණු ගැටළු කිහිපයක් ගැන අහලා එවලා නම් දැන් සෑහෙන දවසක්... පිළිතුරක් යවාගැනීමට නොහැකි වුණ අඩුව මකන්නත් එක්කම ඒ ගැටළු වලට තවත් කිහිපයක් එකතු කරලා හැමදෙනාටම කියවන්න පුළුවන් විදියට පෝස්ට් එකක් විදියටම පල කරන්නට හිතක් පහල වුණා...මෙවැනි රසවත් ගැටළු දුටු විගස මගේ දිනපොතේ කුරුටු ගා ගැනීමේ කාලයක ...
60. අවසන් ඇමතුම… අකුරු “මචං අද මාව ඇතුලට දානවා… මොබයිල් එකක් නම් නැති වෙයි…” ලැබුන අවසන් ඇමතුම උඹෙන්… දිනෙක එනබව දැනන් හිටියත්… නොසිතීමි මෙතරම් කලින්… හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්… ඒ නිසාමයි බැරිවුනේ… උඹට දැනමුතුකමක් දෙන්නට… උනේ ඒ වෙනුවට අසන්නට… “දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?” උඹයි දැනමුතුකම් කියන්නේ… මමයි නිහඬව අසා ඉන්නේ… “මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්… ගෙදර අයවත් මතක් ...
70. Look Again අකුරු Please look at these cuties…All of them were shot multiple times and killed in the Conn. school massacre… Now please look at them again…
47. සොඳුරු සිහිනෙක පාට තවරමු | Painting the Dreams අකුරු “එන්න ඔය ඇති දැන් යන්…” අම්මා ඇයගේ යෙහෙළියගෙන් නිවසින් එළියට බහින ගමන් එසේ පවසන්නේ ගෙමිදුලේ චොපර් බයිසිකලයක් තල්ලු කරමින් සිටින මාහටයි… “ඇති… අපි යනවා…” මාගේ අලුත් යෙහෙළියට ඇයගේ බයිසිකලය බාර දෙන මා ඇයට සමුදෙන්නේ තවත් රවුමක් බයිසිකලය තල්ලු කිරීමට එති ආශාව මඬින ලද සිතින්… “අම්මේ අපිටත් බයිසිකලයක් ගන්න බැරිද..?” මා අසන්නේ ඉන් බොහෝ වේලාවකට පසු අප නිවස ආසන්නයේදී… නිවසින් ...
68. චිත්‍රපටි පිස්සෝ සහ පිටසක්වල ජීවීන් අකුරු හදිසියෙන් තැබෙන මේ කෙටි සටහන කරුණු දෙකක් වෙනුවෙන්… එක : මා ඊයේ නැරඹූ වීඩියෝවක්, තවමත් එය ඇස නොගැටුනු කෙනෙක් වේ නම් ඔවුන් හා බෙදාගැනීමේ අරමුණින්… ඒන්ෂන්ට් ඒලියන්ස් කියන වාර්තා චිත්‍රපට සීරීස් එක බලන්න ගත්ත වෙලේ ඉඳන් මට ලොකු අවුලක් තිබුණා... පෘථිවියේ ජීවය ඇතිකරන්න පිටසක්වල ජීවීන් මූලික වුනායැයි ඔවුන් නඟන තර්කය ගැන ලොකු ආරෝවක් නැති උනත්, ලෝකය පුරා විසිරිලා ...
49. දිය පිට ඇන්දා සිතුවම්… අකුරු ටික දිනෙකින් යාවත්කාලීන නොවූ මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කෙරෙමින් තැබෙන මේ කෙටි සටහන විශේෂ කරුණක් වෙනුවෙන්… මීට වසරකට පමණ පෙර බ්ලොග් අඩවියක් නොතිබූ මා, මාගේ පළමු නිර්මාණය යොමුකලේ එකල ජනප්‍රිය බ්ලොග්කරුවෙකු වෙතටයි… එහි ගුණාත්මකභාවය නොසලකා කිසිදු පැකිළිමකින් තොරව ඔහු එය තම බ්ලොග් අඩවියේ පළකරමින් මට දුන් සහයෝගය මා ජීවත්වන තෙක් අත් නොහැරිය හැකියැයි විශ්වාස කලහැකි අපූරු විනෝදාංශයකට මේ වනවිට මා ...
ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන දෙවෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss අන්තර්ජාලයේ මේ ගීතයේ තේරුම විවිධ විදියට තේරුම් කෙරෙනවා… කෙනෙකුට එය අනියම් ප්‍රේමයකින් මිදෙන්නට නොහැකිව ලතවෙන පෙම්වතෙකුගේ වේදනාවක්… තවත් කෙනෙකුට එය මත්ද්‍රවය වලින් මිදීමට පුනරුත්ථාපනය වෙන කෙනෙකුගේ සිතෙහි නැගෙන සිතිවිල්ලක්… මේ කිනම් ආකාරයෙන් විස්තර කලත් මේ සුන්දර ගී පද වල වටිනාකමේ ...
76. ණය අකුරු අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ... "මචං මම අමීර්..." කාරණය දෙවැන්නයි... "හලෝ මචං කොහොමද...?" එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි... "මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..." ඌ ඉල්ලන්නේ ...
62. සයිබර දිවියට ආයුද කිහිපයක්… අකුරු මේ අකුරු බ්ලොග් අඩවියේ මෙතෙක් නොලියවුණු ආකාරයේ පෝස්ට් එකක්… මම මෙතෙක් තාක්ශණය සම්බන්ඬයෙන් කිසිවක් මෙම බ්ලොග් අඩවියේ සටහන් කර නැහැ… නමුත් පසුගිය දිනක නිවසට ආව මිතුරෙකු මා පරිගණකයේ තිබූ මෘදුකාංගයක් අහම්බයකින් දැක ඒ පිළිබඳව විස්තර අසා දැනගෙන, මා හට නොසෑහෙන්න කල ස්තුතිය මේ සටහන ලියන්නට මා පෙළඹවූවා… පරිගණක තාක්ශණික අංශයේ රැකියාවල නියුතු අයට මේවා අලුත් දේ නොවූවත් සිංහල බ්ලොග් අවකාශයේ ...
61. ග්‍රෑම් හාරසීයක සතුට… අකුරු අදට වසර පාලොහකට විස්සකට පමණ පෙර දිනෙක හිමිදිරි සීතලට ගුලිවී නිදන සිඟිත්තෙකු වෙත පැමිනෙන නිදිබර ඇස් වලින් යුත් මවක් මා සිතේ සිතුවම් වේ… “පුතු… නැගින්න පැටියෝ… පහයි වෙලාව…” ඈනුමක් අරින කොලු පැංචා කෙඳිරියක් පමණක් නඟා අනෙක් පස හැරී නිදන්නට වෙයි… නමුත් ඒ සුළු මොහොතකට පමණි… නිදිසුව උරුම පරාජිතයන්ටයි… මවගේ දෙවෙනි ඉල්ලීමට අවනතව නිදිගැට කඩමින් නැඟිටින කොලු පැංචා ඇට මිදුලු හාරාගෙන ...
45. ඇබ්බැහිවීම | Addiction අකුරු ඇබ්බැහිවීම…! එය පිළිකාවක් තරමටම රුදුරුයි… මත් වතුරට… දුම් වැටියට… හෝ අසම්මත ප්‍රේමයකට කියා එහි අල්ප මාත්‍රයකවත් වෙනසක් නැහැ… හදවතේ ගැඹුරුම කොනකට කතා කරන මේ මන බන්දනීය පදමාලාවෙන් දෙන පණිවිඩය අඩුවක් නැතිව තේරුම් ගත හැක්කේ ඒ ඇබ්බැහියෙන් මිඳිමට සටන් කල අයෙකුටම පමණක් බව නිසැකයි… තවත් කියන්නට දෙයක් ඉතිරි කර නැහැ… කෙනී චෙස්නීට ගයන්නට ඉඩ දෙන්නම්… you and Tequila make me crazy ...
87. ගුවන් ගමනේ අභිරහස අකුරු Date : 08th March 2014 | Time : 01:25 Local time | Place : 35000ft above Gulf of Thailand කපිතාන් අහ්මඩ් ෂා තවත් වරක් තම රේඩාර් තිරය දෙස බැලීය… තිරය හරි මැදින් දෙකට බෙදමින් දම්පැහැති සරල රේඛාවකින් බෙයිජින් බලා දිවෙන ගුවන් මාර්ගය දිස්වෙයි… රෝල්ස් රොයිස් එන්ජින් දෙකකින් සන්නද්ධ MH370 දරණ බෝයින් 777 යානය දශමයකුදු තම ගමන් පථය වෙනස් නොකර අඳුර ...
හාදුවක්! සඳ එළියේ… | Just A Kiss අකුරු බස් රේඩියෝවෙන් මේ දින වල කෙරෙන ප්‍රමෝෂන් එක “බස් රේඩියෝ බ්ලොග් සතියට” සහයෝගය දක්වන්න අවශ්‍ය වුනත් හති ඇර ඇර බ්ලොග් ලියන මම වගේ පුඟුලෙකුට දවස් හතට පෝස්ට් හතක් කියන්නේ ලොකු අභියෝගයක්… ඒ නිසා මේකට දායක වෙන්නේ කොහොමද කියන එක ගැන හිතද්දී අවා හරිම සිම්පල් ප්ලෑන් එකක්… සිංහල බ්ලොග් අවකාශයේ සිංහල සිංදු වෙනුවෙන්ම වෙන්වුනු අඩවි කිහිපයක්ම තියෙනවා… තිස්ස අයියා, වැම්පා ඇතුලූ ...
33. චරිත පහක් | fi_V_e (අවසන් කොටස) අකුරු මෙතෙක් කතාව I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙන්නේ දුටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න] II. දිගින් දිගටම අසාර්ථක වන වීසා ...
32. චරිත පහක් | fi_V_e (III කොටස) අකුරු මෙතෙක් කතාව I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙන්නේ දුටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න] II. දිගින් දිගටම අසාර්ථක ...
31. චරිත පහක් | fi_V_e (II කොටස) අකුරු මෙතෙක් කතාව ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැඳෙන්නේ දුටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න] අද එතැන් සිට ජීවිතය ...
29. බිඳුණු පෙම | Geek Love අකුරු දිනක උයනෙක හුදෙකලාවක...බිඳෙන තුරුගොමු සිලි සිලිය මැද...සිත් පිරූ එක් සොඳුරු...රහසක්...කොඳුරමින්...ඇරඹි මා සොඳුරුතම සිහිනේ...දඟකාර තෙලිතුඩින් ඔබගේ...නේක පැහැයෙන්…පාට තවරා... හිමි හිමින්...ආදරේ මිහිරිතම පාඩම...කියා දී ඉඩ ලද ඇසිල්ලක...රිදුනු දෙතොලින්…නුරා කෙඳිරිලි...සුසුමකින්...කඳුළු එනතුරු සිනාසුණු අපි...කඳුළු ඉතිරිව සිනා වියැකුණු...ගෙවුනු විඳවපු…දවස් එළඹුණු...අරුමෙකින්...හඬා නොහඬා හවස් වරුවක...හිර කරපු නුඹෙ කඳුළු අතරට...මුදා හල මා හිතේ… වේගය...වියරුවෙන්...දරාගත හැකි නොහැකි ගානට...නැගුණු විෂකටු වචන වෙනුවට