84. අපේ නොවෙන අපේම දේවල්… අකුරු විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ...
වසරක් ගෙවුණා… පොතකුත් ගැහුවා… අකුරු මේ කෙටි සටහන මෙම බ්ලොග් අඩවියට විශේෂ කරුණක් වෙනුවෙන්… අකුරු බ්ලොග් අඩවිය පටන් ගෙන අදට හරියටම අවුරුද්දයි… සිංහල බ්ලොග් ලෝකයේ මෙය නොගිණිය හැකි තරම් කුඩා පියවරක් වුනත්, පුද්ගලිකව මාගේ බ්ලොග් දිවියේ යෝධ පියවරක්… වසරක් ගතවුණත් පෝස්ට් 50 ක් සම්පූර්ණ කරගැනීමට හැකිවුණේ නැහැ… ඒත් ඒ කෙටි සටහන් ප්‍රමාණය කියවන්නට පැමිණි ඔබ සැමට අතිශයින්ම ස්තූතියි… වසරක් පිරෙන මොහොතේ අලුත් යමක් කරන්නත් ...
50. වැරදිකරුවන් නැති අපරාධ අකුරු “කෑ… කෑ… මොකද්ද ඒ සද්දේ ගෝරියක්ද…?” අතට ගත් බත් කට මුවට රුවා ගැනීමට ප්‍රමාද වෙන තාත්තා අසන්නේ රාත්‍රී අඳුරට කන් යොමාගෙනයි… තමා හිඳගෙන සිටි පුටුවෙන් අකමැත්තෙන් නැගිටින අම්මා කලුසුදු රූපවාහිනියේ ශබ්ධය අඩු කිරීමට පියමනිද්දී ඔවුනට හොරෙන් මිදුලට පැනගන්නා මට ඕවිට දෙසින් ඇසෙන කෑගෑමක හඬ පැහැදිලිව ඇසේ… නිවස දෙසට වරක් නෙත් හෙලන මා දෙමාපියන් නැති බව සැක හැර දැනගෙන ...
110. දරු නැලැවිලි… අකුරු රන් කිරි කටගා ගත් දා පටන් දෙසවන් සනහා මා නැලවූයේ අම්මා පමණක් නොවේ… අඬන ළමයි අල්ලන්නට එන එන බිල්ලන් ගැන කියමින් මා බිය කල ආච්චි අම්මාද, අතට වෙරළුද ඉනට පලාද නෙලාගෙන අම්මා එන බව කියමින් මා රැවටූ ගමේ ආත්තම්මාද, හැන්දක් කිරි බී නින්දක් නිදියාගත් ළමයෙකු ගැන කතන්දර කී නැන්දාද, කොහේදෝ කන්දක අතරමන් වුන ෆයිව් ලිට්ල් ඩක්ස් නම් තාරාවුන් පස් දෙනෙකුට ...
44. දෙවෙනි රැල්ල | Then came the second wave අකුරු අපි බැහැලා දුවමුද..? එක පාරම මම ඇහුවා… නැහැ දැන් අඩුවෙයි… තාත්තා කිව්වේ… එළිය බලාගෙන… මටත් ඕනේ වුනේ… ජනේලෙන් එළිය බලන්න… ඒත් ඊට කලින්… මම තාත්තා දිහා බැලුවා… පොඩි වෙලාවකට… ඒත් මට තාත්තාගේ මූනෙන්… ඇස් ඉවතට ගන්න හිතුණේ නෑ… වළ ගැහුණු කම්මුල්… තාත්තා සිගරැට් බොනවා මම දැකලා නෑ… බීඩි..? නෑ ඒත් නෑ… හොරෙන් බොනවද දන්නෑ… කපපු ...
තරඟය | The Game අකුරු “ගහපන් යාළුවේ… උඹට පුලුවන්…!” තමා සමීපයෙන්ම ඉන්නා සගයා කෑගසන හඬ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාට ඇහුණේ වෙන ලෝකයකින් ඇහෙනා හඬක් වාගේයි… කෙළින් සිටවූ බෝලයට පියවර කිහිපයක් පසුපසින් තම දෙපා අතර අඩි දෙකක පමණ පරතරයක් ඇතිවනසේ පහසුවෙන් සිටගෙන සිහි ඔහු තම ශක්තිමත් පපු කුහරය පිරෙන්නටම ගැඹුරු හුස්මක් ගෙන සෙමෙන් හිස ඔසවා ඉදිරියට නෙත් යොමුකළා… තමා දෙස එක එල්ලේ බලා සිටින ...
දේශද්‍රෝහියෙකුගේ මරණය | The Death of a Traitor අකුරු බස් නැවතුම යැයි කවුරුත් හිතේ සෝදිසියට සලකුණු කරගෙන හිටි ලුණු මිදෙල්ල ගහත් ගරාවැටුණු ජයේ මුදලාලිගේ කඩපිලත් අතර හරියෙදි පාපුවරුව
46. මගේ පොරොන්දුව | This I Promise අකුරු සැපට හැදෙන කිරි ටොයියන්… පුංචි සීතලක් දැණුනත්… හතර හන්දි පණ නැති වී… ඇම්බියුලන්ස් ඇදන් යද්දී… ඇස් බොඳවෙන මීදුමටත්… බොයිල් කරන ගින්දරටත්… ගහන පරක්කුව විතරයි… යං එහෙනම් මං එන්නම්… ෂෙඩියුල් දුරවල් පැනලා… දින වකවානුත් මැකිලා… තවත් ඉතින් බැහැ කියලා… නැත කිසිදින මගඇරලා… කණ කැස්බෑ වියසිදුරෙන්… අහස දකින දින එනකල්… හරකා වගේ උඹ අදිනවා… නැත දුක් ගැනවිලි කිසිවක්… එහා පැත්තේ ...
85. කෝම්පිට්ටු අකුරු “කෝම්පිට්ටු ඉදීයන් කෝම්පිට්ටු ඉදීයන් රෑට බතට අපට කන්න කෝම්පිට්ටු ඉදීයන්” පොල්කට්ටට තව එකකින්... තුනක් තට්ටු කරපු සැණින්... ඉදුනා බත් අපූරුවට... ඊයේ වගේ මතකයි මට... කුස්සියේ හැලිවලං වලට... මොන කෙංගෙඩියක් වෙලාද... කෝම්පිට්ටු වගේ නොවෙයි... රෑට බතට ඔහුට කන්න... වැලිබත් නොඉදෙනා හැඩයි... පොල්කටු අං දෙක දමාපු ... පොල්පිති හරකෙක් පදින්න... වලංකටුව හරි කොටුවට... විසිකරලා උජාරුවට... තනි අන්ඩෙන් පෙර වාගේ... බට්ටා පනින්නට ...
67. ජීවිතේ ගැටගහන මන්තර… අකුරු එක අතකින් ජීවිතය කියන්නේ ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන…. ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ...
40. අවුරුදු දාහක් වයසැති හොල්මන | Thousand Year Old Ghost අකුරු ඔන්න එම මනුස්සයෙක් තමන්ගේ වයිෆ්ව එක්කගෙන ගියා ගොල්ෆ් ගහන හැටි කියලා දෙන්න… පුරුදුනැති කමට වයිපරේ ගහපු පාර මිස් ෆයර් වෙලා බෝලේ ඒ ළග තිවුණ ගෙදරක ජනේලේ වීදුරුවත් බිඳගෙන ඇතුළට ගියා… දැන් ඉතින් මොකද කරන්නේ… මනුස්සයා ඉතින් කේන්තියටත් එක්ක වයිෆ්ට ටිකක් බැනලා එහෙම, දෙන්නත් එක්ක කතාවුණා ඒ ගෙදරට ගිහින් කතාකරලා බෝලේ ඉල්ලගන්න… හොරෙන්ම මගෑරලා යන එකත් හොඳ නෑනේ… දැන් ...
37. මියගිය පෙම්යුවල | The dead lovers අකුරු එකමත් එක වෙලාවකදි... තරමක් දුර කැලෑවකදි... කවුරුත් නැති ඇසිල්ලකදි... සිදුවුණු මෙය ලොවට හොරෙන්… කියනෙම් සිදුවූ සැටියෙන්… විමසා ඔබගේ නුවණින්… සටහන් කර යන්න ඉතින්… පෙම්යුවළක් එකට මියෙන… මෙය දුක්බර කතාවක්ද…? නැතොත් සතුටු නිමාවක්ද… සුරංගනා කතාවක්ද..? ආදරයේ අකුරු හතර... ගුලි කරලා එකට තබා… කිටි කිටියේ මිරිකාලා… වෑස්සෙනා අමෘත බිඳ… මල් කෙමියක තවරාලා… පොහොට්ටුවක සඟවාලා… ගල් උමගක ඇතුළු කොනක… වැහිදිය පිරි විල් ...
42. ජීවිතය සුන්දරයි | Life is Beautiful අකුරු “මේ අපේ කවුන්සලර්… නිල්මි…” මාව අයතනය පුරා රැගන යන අතරේ, අප පසුකර කඩි කුලප්පුවෙන් මෙන් දිවගිය සුන්දර යුවතියක් නැවතූ කළමණාකාරතුමා ඇයව මට අඳුන්වල දුන්නා… ඇය මවාගත් ලෙන්ගතු කමකින් මාගේ සුරත අල්ලා ගත්තේත්, කිහිප වරක් සෙළවූයේත්, නැවත අත හැරියේත්… “වෙල්කම් ඔන් බෝර්ඩ්…” යැයි පැවසූයේත් යන මේ සියල්ල එක විට සිදුකළේ තත්පරයකටත් වඩා අඩු කාලයකින් වාගෙයි මට දැණුනේ… “ස්තූතියි… හමුවීම සතුටක්…” මා ...
69. නික්මයෑම… අකුරු “Here… keep the change…” “Thank you sir…” ජැක්කා විසින් දිඟු කල රුපියල් සියය ගෝපාල් ලබාගන්නේ තුති පුදමිනි… “So then Gopal..! අපි ණයත් නෑ… බයත් නෑ… OK..?” ජැක්කා බර කරමින් පවසද්දී එහි අරුත වටහාගත නොහී ගෝපාල් අසරණ ලෙස සිනාසෙයි… “Say it… Say it…” '”මුකද්ද..?” ජැක්කා වද කරද්දී අහිංසක ගෝපාල් තමන් පසුගිය කාලය පුරාවට අපගෙන් ඉගෙනගත් සිංහල ස්වල්පයෙන් තම ජාමේ ...
52. සිතුවිලි අතරේ රඟන්නී | Dancin' Away With My Heart අකුරු ගතවෙමින් තිබුණේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සමුගැනීමේ සාදයේ අවසන් හෝරා කිහිපය… පමණට වඩා මත්වුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා සිටියේ බමන මතින් නටමින්… සමහරු තව තවත් තම මධු බඳුන් මධුවිතෙන් පුරවා ගනිමින්… හරියට හැමදෙනාම මේ ශෝකී සමුගැනීම පියවි සිහියෙන් කරන්නට බිය වූවා වැනියි… අඩ අදුරේ පැතිරුණු මීදුමක් වැනි සුදුමැලි ආලෝකය තුළ සැඟවුණු පිරිස අතරේ මා නෙත් දිව ගියේ ඇය සොයනා අටියෙන්… ඇය ...
48. කූඩුවේ රිළව් | Caged Apes අකුරු කූඩුවෙම ඉපදිලා... කුඩුවෙම මැරිල යන... රිළව් වාගෙලු අපිත්... මුත්තා අපෙ කියන්නේ... තියෙනවලු මහා ලොකු... ලෝකයක් විසාලෙට... දැල් හතරට පිටින්... විහිදෙනා හුඟක් දුර.. කියවන්නෙ ඔය ඉතින්... කැලෑ දිය ඇලි ගැනත්... අඹ කෙසෙල් හැර තවත්... පළතුරුත් මොනවදෝ... කවුළුවෙන් නොවැටෙනා... ගස් පඳුරු වල හැදෙන... වයසයිනේ උන්දෑට... දෙඩවිල්ල හිතලු ගැන... පොරි ද මේ... තව නැද්ද..? ...
51. හීන කතන්දර… අකුරු ඒක පැතලි කලු ගල් වගේ ජාතියක් පොළවට අල්ලපු පටු පාරක්… පොළවේ තෙතමනයක් නැතිවුනත් ගල් වල සීතලට මගේ නිරුවත් යටිපතුල් හිරිවැටීගෙන ගියා… දෙපැත්තෙන් ගානට කපපු මල් වැට… මීදුමක් වගේ දෙයකින් බොඳවුණු වටාපිටාව හින්දා අඩිගානකට වඩා ඉදිරියට පැහැදිලිව යමක් පෙණුනේ නම් නැහැ… මම මේ ඉන්නේ කොහෙද කියලා දැනගතයුතුව තිබුණත් ඊට වැඩිය මට උවමනා වුනේ ඔහේ ඉදිරියට ඇවිදගෙන යන්න… හදිසියෙම මගේ ගමන නතර ...
සෙනහස, නිසැකවම එය සුව කරාවි | I'm Gonna Love You Through It අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන පස්වෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy තුන්වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me හතරවෙනි පෝස්ටුව 4. ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughterල් “දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් ටිකක් ...
34. කමෙන්ට් අහුරක්… | Selected set of Comments අකුරු අන්තිමට බීට්ල් ලියන අකුරු අඩවියේ කුරුටු ගාලා සෑහෙන ද
73. අමාවකට පසු... අකුරු මෝටර් රථයෙන් බැසගත් අප්පා තම බඳ පටිය සකසමින් ළමා නිවාසය දෙසට ඇවිද යන අයුරු බාලචන්ද්‍රන් නිහඬව බලා සිටියේය… අප්පා පසුපසින් ඇදෙන ආරක්ෂක නිලධාරින් අත ඇති බෑග් මළුවල ඇත්තේ ටොෆි චොක්ලට් සහ ඇඳුම් පැළඳුම් බව බාලචන්ද්‍රන් දනී… තවත් සුළු මොහොතකින් වක්කඩ කැඩුවාක් සේ කෑගසමින් අප්පා දෙසට දිව එන ළමුන් රංචුව ඔහු වටකරගනු ඇත… ඉන්පසුව සතුටින් කෑමොරදෙමින් තෑගි බෙදාගැනීමට ඔවුහු ...