25. සම්මුඛපරීක්ෂණයක් ගැන කෙටියෙන් | About an interview, In brief අකුරු දවසේ පැය විසිහතර මදිවුණ කාල පරිච්ඡේදයක් අවසානයේ අස්වැසිල්ලක් ලැබුණේ පුංචි පහේ නිවාඩුවකුත් එක්කමයි... අර මොකද්ද එකාට මොකද්ද එක වගේ ඉස්පාසුවක් ලැබුණ ගමන් ඇදිලා යන්නේ සිංහල බ්ලොග්ස්පියරයට... අවසන්වරට සිංහල බ්ලොග් අවකාශයේ මගේ මැදිහත්වීම විදියට ඇති සාක්ෂිය මීට දින ගණනාවකට කලින් ටයිප් කර අතරමඟ නතර කර පරිගණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක සේව් කර ඇති කමෙන්ටුවක්... ඒ මගේ ප්‍රියතම බ්ලොග් අඩවියක් වන මගේ ලෝකය ...
77. පිසීන් මොලිටෝර් පටෙල් නම් කතන්දරකාරයා | Life of PI අකුරු ජනෙල් තිරය මෑත් කරපු හින්දා කාමරේට මම ඇතුළුවෙනකොට තිබුණාට වැඩියෙන් එළියක් වැටෙන්න ඇති… ඉන්පස්සේ කාමරේ තිබුණු එකම පුටුව සොල්දාදුවාගේ ඇඳ සමීපයට ඇදගත්ත මම හරිබරි ගැහුණේ ඔහුගේ කතාව අහන්න…ඔහු තවමත් හිටි ඉරියව්වෙන්ම සිවිලිම දිහා බලාගෙන…“මේ මැරෙන්න වැටිලා ඉන්න ආබාධිතයෙකුගෙන් මොනවද දැන් ඔච්චර දැනගන්න තියෙන්නේ..?” බර හුස්මක් පහළට හෙලපු ඔහු මා දිහා නොබලාම ඇහුවා….“හැමදෙයක්ම…! යුද්දේ ගැන හොඳම කතාව තියෙන්නේ ඔයා ගාව කියලයි ...
79. ආතල් කුඩුවීමේ සතුට… අකුරු මම මේ මොහොතකට කලින් හිටියේ ඩවුන්ලෝඩ් වෙලා අහවරවුන වීඩියෝ කිහිපයක් නරඹමින්… හරියටම කිව්වොත් Situation Critical කියන රූපවාහිනී වැඩසටහන් මාලාවේ කොටස් කිහිපයක් නරඹමින්… එහි එක් පුංචි සිදුවීමක් මගේ හිතේ කොච්චර තදින් සටහන් වුනාද කිව්වොත් ඒ ගැන අනුලෝමව ප්‍රතිලෝමව ඔය හැම විදියටම හිතලා දැන් නිදිමතත් ගිහින් තියෙන්නේ… ඊට පස්සේ තමයි මම හිතුවේ මේක බ්ලොග් එකේවත් දානවා කියලා… ලොකු දෙයක්මත් නෙමෙයි… සමහරවිට ලොකු ...
86. මම බලපු චිත්‍රපටි–Wadjda අකුරු පසුගිය දිනෙක නැරඹූ චිත්‍රපටියක් විසින් පහුරු ගාන්නට යෙදුණ මතක පොසිලයකුත්, කලකින් යාවත්කාලීන නොවුන බ්ලොග් අඩවිය තරහාකර ගැනීමට ඇති අකමැත්තත් යන සිතුවිලි දෙකම එක්ව පෝර යෙදූ සටහනක් මේ… චිත්‍රපටිය සටහනේ අග හරියට, පරිස්සමට පැටලුම් ලිහාගත් අතීත මතකය මුලින්ම… ඒ බැංගලෝරයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක කෙටි පාඨමාලාවක අවසාන සති කිහිපය… පාඨමාලා අවසාන ව්‍යාපෘතියේ එකිනෙකාගේ හඳුනාගත් දක්ෂතා මත දෙදෙනා හෝ තුන්දෙනා බැගින් ව්‍යාපෘති භාර ...
108. මතක සැමරුම්… අකුරු ඌ දෙමළෙකු බව මම දැන නොසිටියෙමි... බෝල මුහුණත්, පැහැපැත් පෙනුමත් ඌ දෙමළකු බව මුළු ලොවෙන්ම වසන් කලා වැන්න... ඒ මීට වසර ගනනකට පෙර මා අලුත් රැකියාවක් ලැබ අලුත් රටක අලුත් ජීවිතයක් ඇරඹූ මොහොතයි.. ආයතනයෙන් ලබාදුන් නවාතැනේ හොඳම කාමර සියල්ලම උදයේ පැමිණි කුරුල්ලන් හිමිකරගෙන තිබුණි... ඉතිරිව තිබූ එකම කාමරයේ මා සතු බඩු අඩුක් කරමින් සිටියෙමි... ඉඩ පාඩු ඇති කාමරයක් බැවින් ...
41. කුකී පැකට්ටුව | The Packet of Cookies අකුරු ගුවන් මගී පර්යන්තයේ ටයිල් බිත්තියෙන් බාගයක් විතර වසාගෙන පැතිරුණු දැවැන්ත ඩිජිටල් නාමපුවරුව දිගේ උඩට පහළට ඇස් අරගෙන ගිය තරුණිය තරමක ආයාසයකින් තමන්ගේ ගුවන් බසයට හිමි අංකය හොයා ගත්තා… ඒ දිගේ හරහට ගෙනගිය ඇගේ ඇස් නතර වුණේ අවසන් තීරුවේ රතුපැහැති ලේබලය ඉදිරියේයි… “Delayed ” ගුවන් ගමන් මගියෙක් විදියට ඇය දකින්න අකමැතිම වචනය නිවී නිවී පත්තු වෙවී තිබුණේ ඇයට ඔලොක්කුවට වාගේයි… ...
78. දාර්ශනික ප්‍රශ්න… | When we eat animals they die… අකුරු පසුගිය දිනෙක රාජකාරී ස්ථානයෙන් දීර්ඝ චාරිකාවක් යන්නට සිදුවුනා… යන එන මඟට කතාකරන්නට කෙනෙකු නොවූ නිසාම ඒ මුළු ගමනම මට ගත කරන්න වුණේ ඉයර්ෆෝන් එක කනේ රුවාගෙනයි… එහිදී මම සවන්දෙන්නට යෙදුන එක්තරා දීර්ඝ සාකච්ඡාවක ඔවුන් කතාකලේ දර්ශනය සහ දාර්ශනිකයින් ගැනයි… සංකීර්ණ වචන වලින් ගහන වුණු එහි අවසානයේ මම ලබාගත් එක් දළ අදහසක් වුණේ දාර්ශනික ගැටලු යනු, යම් ගැටලුවකදී එකිනෙකට පරස්පර විසඳුම් ...
92. ෆිෆා ලෝක කුසලානය 2014 සිත්ගත් තැන් අකුරු “Tha Greatest Show on Earth” කියන ගරු නාමයෙන් හඳුන්වන පාපන්දු ලෝක කුසලානයේ 2014 වසරේ සැණකෙළිය මීට පැය ගණනකට පෙර අවසන් වුනා… අවසන් තරඟය ගැන කෙස් පැලෙන විචාර අන්තර්ජාලේ පුරාවට පිරිලා ඉතිරිලා මොනිටර් එකෙන් කීබෝඩ් එකටත් ඉහිරිලා යන වෙලාවේ ඒ ගැන නොලියා ලෝක කුසලානයේ මම දුටු රසබර මතක ටිකක් එක පෝස්ට් එකකට එකතු කරන්න හිතුවා… අවසන් තරඟය ගැන සිංහලෙන් ලියවුනු ...
105. ගොළු ළමයා… අකුරු ගොළු ළමයෙක් කතාකරනවා මම කවදාවත් දැකලා තිවුනේ නෑ… ඒ විතරක් නෙමෙයි කවුරුහරි මට එහෙම දෙයක් ගැන කිව්වත්, මම ඒ කතාව විශ්වාස නොකර ඉන්න ලොකු ඉඩක් තිබුණා… විශේෂයෙන්ම අපේ කොම්පැණිය ඉස්සරහා “මම ගොළු ළමයෙක්මි.” කියලා අඟුරු කෑල්ලකින් ලියපු කාඩ්බෝර්ඩ් දැන්වීමක් ඇඟේ එල්ලාගෙන ඉන්න ගොළු ළමයා ගැන…ව්‍යයාකරණ ටක්කෙටම ගලපලා කවුදෝ ලියලා දුන්න බෝඩ් එක හැරෙන්න, ගැලපෙන වෙනදෙයක් ගොළු ළමයාගේ ජීවිතේ තිබුණාද ...
මතකයන් ඔබේ… | Remind Me අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන තෙවෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy මේ ගීතයෙන් කියවෙන්නේ කලක් ආදරයෙන් සිටි පෙම්වතුන් යුවලක් වෙන්වීමෙන් කලකට පසු නැවත හමුවූ විටෙක ඇතිවෙන දෙබසක්… සවන්දුන් පළමුවරම මගේ හදවතේ හිට්වුණ මේ ගීතයට මම ...
24. සිංහල බ්ලොග් අවකාශය සහ මැතිව් ඉන්මන් අකුරු බ්ලොග්කරනයට මම තවමත් නවකයෙක්... නමුත් බ්ලොග් කියවීමට මා ඇබ්බැහි වූයේ නම් මීට වසර ගණනාවකට ඉහතදීයි... එදාත්, අදත් තිබූ එකම වෙනස වූයේ සිංහල බ්ලොග් අවකාශය නම් දෙයක් නොදැන සිටීමත්, කියවීමට ඇති ආශාව නිසාම සමහරවිට වරද්ද වරද්දා හෝ ඉංග්‍රීසි බ්ලොග් කියවීමත් පමණයි... මා එසේ කියවන්නට පුරුදු වූ දුසිම් ගණනක් බ්ලොග් අතරේ සමහරක් බ්ලොග්කරුවන් තම ස්ථිර රැකියාව අතහැර දමා පූර්ණකාලීනව බ්ලොග්කරනයට යොමුවෙන අයුරු ...
88.Drinking Alone අකුරු විතක් පිරුණු සුරාවයි…ඝනදුරු හුදකලාවයි…නුඹ කටහඩ තවම රැඳුනු…යාරා ගඟ ගලා යයි…නුඹ නැතිවුන සොව අසමින්…ඉඳහිට මගෙ හිත හදමින්…අද එළිවෙනතුරු බොන්නේ…සඳයි මමයි හෙවනැල්ලයි…සඳ ටිකිලා බොන්නෙ නැතිලු…හෙවනැල්ලට මූඩ් නැතිලු…යාරා ගඟ කිඳුරියකට…ආයේ නොබොන බව කීවලු…අඩුවක් නැති සුසුම් වලට…වැඩියක් නෑ බෝතලයක්…නුඹ ගියදා කුමට තවත්…“වැඩිය නොබොන” පොරොන්දුවත්…ගඟ සපයයි සංගීතය…සඳ ගයනා දුක් ගීයට…ලෝකය නම් රඟ මඬළක…බමන මතින් නටමි මමත්…මම නටනා තාලයටම…හෙවනැල්ලේ නටන් උඹත්…Inspired by : Drinking Alone under ...
82. බලාපොරොත්තුව… අකුරු හිතුමතේ ජීවිතේ, ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්... උඹ ගිය හැම සැරේකම... ගියාටත් වඩා සතුටින්... ආපහු දුවගෙන එන බව... මම දැනගෙන හිටියා... උඹ ඒ විදියටම ආවා... ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය උඹෙන් උන්ට ගන්න බැරිවුණ එකම දේත් ඒක... ජීවිතය... අන්තිමේ උන් දින බලලා හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි... නඩුවක් අහන්නැතුවම.... මේ කූරු වලින් එහාපැත්තේ... විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි... දරුණු අපරාධකාරයොත් ...
83. මැහැල්ල සහ බල්ලා… අකුරු මැහැල්ල, මීට සුලු මොහොතකට පෙර අඳුරු වීදියේදී ඇයට මුණගැසුනු බල්ලා දෙස බැලුවාය… උගේ බොර පැහැ නෙත්, ඇගේ ඇතුළට ගිලීගිය දෙනෙත් හා පළමු වරට ගැටිනි… ඌ මස් කටුවට ගිජුකමෙන් නොඉවසිල්ලෙන් හති හලයි… මේ නම් නොවක් සා ගින්නෙන් පෙළෙන බල්ලෙකි, මැහැල්ලට සිතිනි… තමා සතු මස් දියවී ගිය කටුව මේ සා විශාල දඩ බල්ලෙකුගේ සාගින්න නිවන්නට ප්‍රමාණවත් වේදැයි මොහොතකට ඇය සැක කලාය… ...
80. මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ… අකුරු මිනිස්සු හැමෝටම හිතන්න පුළුවන්… ඒත් හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නේ හරි ටිකයි… ඒ හිතන්න පුළුවන් ටික දෙනාට පහලින් තියෙන වීඩියෝව පිස්සුවක් වගේ පෙනුනත්, මේ ඉන්නේ සමහරවිට තමන්ගේ දරුවන්ට පිස්සුවෙන් වගේ ආදරය කරන දෙමව්පියෝ වෙන්න ඇති… විශ්වාසය රජකරන සමහර තැන්වල බුද්ධිය මැරිලා… ඒත් ආදරය පැටව් ගහනවා… ඉහලට ගත්ත හුස්ම පහලට නොගෙන තමන්ගේ ජීවිතේ ගෙවෙන ජීවිතේ අසීරුම තත්පර කීපය මේ දෙමව්පියෝ මෙතන ගෙවනවා ...
72. හුදකලාව | Loneliness අකුරු සිතක පෙති එක එක මිලින වී ගිලිහුණු බව යලිත් නොපිපෙන බව කියන්නට කෙනෙකුත් නැති මතක අහුරක රුව රේණු මැද උපදින බව සිනහ අමතක බව අසන්නට කෙනෙකුත් නැති හෙටක එක හීනෙක සුවඳක් ව පැටලෙන බව කඳුළු අතුරන බව දකින්නට කෙනෙකුත් නැති ~මලිති විජේසේකර ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න ...
71. Some Must Watch අකුරු 2012 වසරේ තිරගත වුනු චිත්‍රපටි අතරින් මට තවමත් බලන්නට නොහැකිවුනු නමුත් නැරඹිය යුතු චිත්‍රපටි ලෙස watch list එකට එකතු කරගත් චිත්‍රපටි... Compiled by චිත්‍රපටි පිස්සෝ Google Group Join Us at : https://groups.google.com/d/forum/chithrapatipisso ...
90. හඳුනාගත්තෙකු හඳුනාගැනීම… අකුරු මේ කතාව මම කියන්න පටන්ගන්නේ අහස සූරාගෙන යායට එසවුනු ගොඩනැඟිලි ඇති දියුණු නගරයක, එක්තර සාප්පු සංකීර්ණයක් ඇතුළේ වෙන හුදකලා සිදුවීමකින්… අනාගතයේදී ජනප්‍රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, ප්‍රසන්න පෙනුමක් ඇති මැදිවියට ආසන්න වයසක මනුස්සයෙක් වුනු තියඩෝර් අපේ කතානායකයා… තමන් යන්නට ගිය ගමනත් මඳකට පමාකරලා ඔහු මේ බලාගෙන ඉන්නේ තමාට ඉදිරියෙන් ඇති, සෙමින් වෙනස්වෙන ඩිජිටල් වෙළඳ පුවරුවක් ...
65. සඳ ගමනේ අභිරහස–අවසන් කොටස (විද්‍යා ප්රබන්ධයකි) අකුරු මෙතෙක් කතාව… නාසාහි උපදේශක කවුන්සලයේ ප්‍රධානියා වන ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස් මහතා පසුගිය සෙනසුරාදා දිනයේ හිමිදිරියේම සූදානම් වෙමින් සිටියේ තම ලබැඳි මිතුරා නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතාගේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධ කාරණාවක් සඳහා පිටත්ව යෑමේ අදහසින්… මේ අතරේ නිතිඥ සමාගමකින් ඔහුට ලැබෙන විද්‍යුත් පණිවුඩයකින් කියවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් ඔහුගේ මරණයෙන් පසු ස්ක්වයිරස් මහතාට ලබාදිය යුතුයැයි පවසමින් ඔවුන් වෙත ලිපියක් බාරදී ඇති බවයි… ...
38. සරුංගල් විද්‍යඥයා | The Kite Master අකුරු වෙනස් විදියට හිතන මිනිස්සු හින්දයි ලෝකේ අලුත් වෙන්නේ කියලා කිව්වට මොකද වෙනස් විදියට හිතන්න ගිහින් හැමදේම අවුල් කරපු මිනිස්සුත් ඉන්නවා… සරුංගල් විද්‍යාඥයා එකෙම කෙනෙක්… සරුංගල් විද්‍යාඥයාගේ විනෝදාංශය වුනේ සරුංගල් හදන එක… අනිත් මිනිස්සු වගේම කොටු, ත්‍රිකෝණ සරුංගල් වලින් පටන්ගත්ත මෙයා අන්තිමට සමනල්ලු, කුරුල්ලෝ, මාළු වගේ අමුතු අමුතු සරුංගල් හදන්න පටන් ගත්තා… සරුංගල් විද්‍යාඥයා අනිත් අයට වැඩිය කොච්චර වෙනස් විදියට ...