64. සඳ ගමනේ අභිරහස… (විද්‍යා ප්රබන්ධයකි) අකුරු දිනය : 25 – අගෝස්තු – 2012 ස්ථානය : ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස් මහතාගේ නිවස - වොෂින්ටන් ඩී.සී. වේලාව : පෙ.ව. 6.42 විද්‍යුත් පණිවුඩයක් පැමිණි බව හඟවමින් රාජකාරී ටැබ්ලටය නඳ දුන්නේ මා ටයි ගැටය සකසමින් සිටිනා අතරතුරේදීයි… සාමාන්‍ය දිනයකදී නම් එය මා අතින් විවෘත වනුයේ උදෑසන අහර කිස නිමවීමෙන්ද අනතුරුව නාසා මූලස්ථානයේ පිහිටි උපදේශක කවුන්සිල් ගොඩනැගිල්ලේ පිහිටි මා ...
63. අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම… අකුරු දුටිමි මිය ගිය පුවත අද නුඹ..නැගුනි කඳුලක් දුකට නම් නොව…අසා මිනිසෙකු මළ පුවත අද…හඬමි සතුටින් පළමුවර මම… දුටිමි නුඹ පෙර දිනක අහඹුව … ගැහෙන දෙනෙතින් හඬන නිහඬව…යදිනයුරු දැක මරණයම නුඹ…දැනගතිමි අපි, අපිට නැති බව…අසරණව දිවි ගෙවුම කඳුලකි…මියෙමි එය මට මහත් සැපයකි…අවැසි වුව එය නුඹට හිමි නැති…දිවිය නුඹගේ දෙවිඳු හට හිමි…මරණයේ පණිවුඩය එනකන්…බිරිඳ දියණිය සමඟ සතුටින්…සිටින නුඹ දැක පුංචි තිරයෙන්…සුභ පැතුම්..! ...
62. සයිබර දිවියට ආයුද කිහිපයක්… අකුරු මේ අකුරු බ්ලොග් අඩවියේ මෙතෙක් නොලියවුණු ආකාරයේ පෝස්ට් එකක්… මම මෙතෙක් තාක්ශණය සම්බන්ඬයෙන් කිසිවක් මෙම බ්ලොග් අඩවියේ සටහන් කර නැහැ… නමුත් පසුගිය දිනක නිවසට ආව මිතුරෙකු මා පරිගණකයේ තිබූ මෘදුකාංගයක් අහම්බයකින් දැක ඒ පිළිබඳව විස්තර අසා දැනගෙන, මා හට නොසෑහෙන්න කල ස්තුතිය මේ සටහන ලියන්නට මා පෙළඹවූවා… පරිගණක තාක්ශණික අංශයේ රැකියාවල නියුතු අයට මේවා අලුත් දේ නොවූවත් සිංහල බ්ලොග් අවකාශයේ ...
61. ග්‍රෑම් හාරසීයක සතුට… අකුරු අදට වසර පාලොහකට විස්සකට පමණ පෙර දිනෙක හිමිදිරි සීතලට ගුලිවී නිදන සිඟිත්තෙකු වෙත පැමිනෙන නිදිබර ඇස් වලින් යුත් මවක් මා සිතේ සිතුවම් වේ… “පුතු… නැගින්න පැටියෝ… පහයි වෙලාව…” ඈනුමක් අරින කොලු පැංචා කෙඳිරියක් පමණක් නඟා අනෙක් පස හැරී නිදන්නට වෙයි… නමුත් ඒ සුළු මොහොතකට පමණි… නිදිසුව උරුම පරාජිතයන්ටයි… මවගේ දෙවෙනි ඉල්ලීමට අවනතව නිදිගැට කඩමින් නැඟිටින කොලු පැංචා ඇට මිදුලු හාරාගෙන ...
60. අවසන් ඇමතුම… අකුරු “මචං අද මාව ඇතුලට දානවා… මොබයිල් එකක් නම් නැති වෙයි…” ලැබුන අවසන් ඇමතුම උඹෙන්… දිනෙක එනබව දැනන් හිටියත්… නොසිතීමි මෙතරම් කලින්… හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්… ඒ නිසාමයි බැරිවුනේ… උඹට දැනමුතුකමක් දෙන්නට… උනේ ඒ වෙනුවට අසන්නට… “දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?” උඹයි දැනමුතුකම් කියන්නේ… මමයි නිහඬව අසා ඉන්නේ… “මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්… ගෙදර අයවත් මතක් ...
මියුසික් | Music අකුරු බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දින හතක් පුරාවට ආගන්තුක ගීත පෝස්ට් කරන අතරේම ආගන්තුක සංගීත ශිල්පීන් කිහිපදෙනෙක් ගැනත් පෝස්ට් කරන්න හිතුවේ පොඩි ඉල්ලීමකුත් ඉටුකරන්න එක්කයි… මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ ...
සෙනහස, නිසැකවම එය සුව කරාවි | I'm Gonna Love You Through It අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන පස්වෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy තුන්වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me හතරවෙනි පෝස්ටුව 4. ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughterල් “දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් ටිකක් ...
ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughter අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන හතරවෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy තුන් වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me මා ප්‍රියකරන කන්ට්‍රි ගීත අතරින් මේ තවත් ගීතයක්… ගම්බද ගොවිපළක රැකියාවක් සොයා යන ...
මතකයන් ඔබේ… | Remind Me අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන තෙවෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy මේ ගීතයෙන් කියවෙන්නේ කලක් ආදරයෙන් සිටි පෙම්වතුන් යුවලක් වෙන්වීමෙන් කලකට පසු නැවත හමුවූ විටෙක ඇතිවෙන දෙබසක්… සවන්දුන් පළමුවරම මගේ හදවතේ හිට්වුණ මේ ගීතයට මම ...
ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | You and Tequila make me crazy අකුරු මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන දෙවෙනි පෝස්ටුව… පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss අන්තර්ජාලයේ මේ ගීතයේ තේරුම විවිධ විදියට තේරුම් කෙරෙනවා… කෙනෙකුට එය අනියම් ප්‍රේමයකින් මිදෙන්නට නොහැකිව ලතවෙන පෙම්වතෙකුගේ වේදනාවක්… තවත් කෙනෙකුට එය මත්ද්‍රවය වලින් මිදීමට පුනරුත්ථාපනය වෙන කෙනෙකුගේ සිතෙහි නැගෙන සිතිවිල්ලක්… මේ කිනම් ආකාරයෙන් විස්තර කලත් මේ සුන්දර ගී පද වල වටිනාකමේ ...
හාදුවක්! සඳ එළියේ… | Just A Kiss අකුරු බස් රේඩියෝවෙන් මේ දින වල කෙරෙන ප්‍රමෝෂන් එක “බස් රේඩියෝ බ්ලොග් සතියට” සහයෝගය දක්වන්න අවශ්‍ය වුනත් හති ඇර ඇර බ්ලොග් ලියන මම වගේ පුඟුලෙකුට දවස් හතට පෝස්ට් හතක් කියන්නේ ලොකු අභියෝගයක්… ඒ නිසා මේකට දායක වෙන්නේ කොහොමද කියන එක ගැන හිතද්දී අවා හරිම සිම්පල් ප්ලෑන් එකක්… සිංහල බ්ලොග් අවකාශයේ සිංහල සිංදු වෙනුවෙන්ම වෙන්වුනු අඩවි කිහිපයක්ම තියෙනවා… තිස්ස අයියා, වැම්පා ඇතුලූ ...
52. සිතුවිලි අතරේ රඟන්නී | Dancin' Away With My Heart අකුරු ගතවෙමින් තිබුණේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සමුගැනීමේ සාදයේ අවසන් හෝරා කිහිපය… පමණට වඩා මත්වුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා සිටියේ බමන මතින් නටමින්… සමහරු තව තවත් තම මධු බඳුන් මධුවිතෙන් පුරවා ගනිමින්… හරියට හැමදෙනාම මේ ශෝකී සමුගැනීම පියවි සිහියෙන් කරන්නට බිය වූවා වැනියි… අඩ අදුරේ පැතිරුණු මීදුමක් වැනි සුදුමැලි ආලෝකය තුළ සැඟවුණු පිරිස අතරේ මා නෙත් දිව ගියේ ඇය සොයනා අටියෙන්… ඇය ...
51. හීන කතන්දර… අකුරු ඒක පැතලි කලු ගල් වගේ ජාතියක් පොළවට අල්ලපු පටු පාරක්… පොළවේ තෙතමනයක් නැතිවුනත් ගල් වල සීතලට මගේ නිරුවත් යටිපතුල් හිරිවැටීගෙන ගියා… දෙපැත්තෙන් ගානට කපපු මල් වැට… මීදුමක් වගේ දෙයකින් බොඳවුණු වටාපිටාව හින්දා අඩිගානකට වඩා ඉදිරියට පැහැදිලිව යමක් පෙණුනේ නම් නැහැ… මම මේ ඉන්නේ කොහෙද කියලා දැනගතයුතුව තිබුණත් ඊට වැඩිය මට උවමනා වුනේ ඔහේ ඉදිරියට ඇවිදගෙන යන්න… හදිසියෙම මගේ ගමන නතර ...
50. වැරදිකරුවන් නැති අපරාධ අකුරු “කෑ… කෑ… මොකද්ද ඒ සද්දේ ගෝරියක්ද…?” අතට ගත් බත් කට මුවට රුවා ගැනීමට ප්‍රමාද වෙන තාත්තා අසන්නේ රාත්‍රී අඳුරට කන් යොමාගෙනයි… තමා හිඳගෙන සිටි පුටුවෙන් අකමැත්තෙන් නැගිටින අම්මා කලුසුදු රූපවාහිනියේ ශබ්ධය අඩු කිරීමට පියමනිද්දී ඔවුනට හොරෙන් මිදුලට පැනගන්නා මට ඕවිට දෙසින් ඇසෙන කෑගෑමක හඬ පැහැදිලිව ඇසේ… නිවස දෙසට වරක් නෙත් හෙලන මා දෙමාපියන් නැති බව සැක හැර දැනගෙන ...
49. දිය පිට ඇන්දා සිතුවම්… අකුරු ටික දිනෙකින් යාවත්කාලීන නොවූ මේ බ්ලොග් අඩවිය යාවත්කාලීන කෙරෙමින් තැබෙන මේ කෙටි සටහන විශේෂ කරුණක් වෙනුවෙන්… මීට වසරකට පමණ පෙර බ්ලොග් අඩවියක් නොතිබූ මා, මාගේ පළමු නිර්මාණය යොමුකලේ එකල ජනප්‍රිය බ්ලොග්කරුවෙකු වෙතටයි… එහි ගුණාත්මකභාවය නොසලකා කිසිදු පැකිළිමකින් තොරව ඔහු එය තම බ්ලොග් අඩවියේ පළකරමින් මට දුන් සහයෝගය මා ජීවත්වන තෙක් අත් නොහැරිය හැකියැයි විශ්වාස කලහැකි අපූරු විනෝදාංශයකට මේ වනවිට මා ...
48. කූඩුවේ රිළව් | Caged Apes අකුරු කූඩුවෙම ඉපදිලා... කුඩුවෙම මැරිල යන... රිළව් වාගෙලු අපිත්... මුත්තා අපෙ කියන්නේ... තියෙනවලු මහා ලොකු... ලෝකයක් විසාලෙට... දැල් හතරට පිටින්... විහිදෙනා හුඟක් දුර.. කියවන්නෙ ඔය ඉතින්... කැලෑ දිය ඇලි ගැනත්... අඹ කෙසෙල් හැර තවත්... පළතුරුත් මොනවදෝ... කවුළුවෙන් නොවැටෙනා... ගස් පඳුරු වල හැදෙන... වයසයිනේ උන්දෑට... දෙඩවිල්ල හිතලු ගැන... පොරි ද මේ... තව නැද්ද..? ...
47. සොඳුරු සිහිනෙක පාට තවරමු | Painting the Dreams අකුරු “එන්න ඔය ඇති දැන් යන්…” අම්මා ඇයගේ යෙහෙළියගෙන් නිවසින් එළියට බහින ගමන් එසේ පවසන්නේ ගෙමිදුලේ චොපර් බයිසිකලයක් තල්ලු කරමින් සිටින මාහටයි… “ඇති… අපි යනවා…” මාගේ අලුත් යෙහෙළියට ඇයගේ බයිසිකලය බාර දෙන මා ඇයට සමුදෙන්නේ තවත් රවුමක් බයිසිකලය තල්ලු කිරීමට එති ආශාව මඬින ලද සිතින්… “අම්මේ අපිටත් බයිසිකලයක් ගන්න බැරිද..?” මා අසන්නේ ඉන් බොහෝ වේලාවකට පසු අප නිවස ආසන්නයේදී… නිවසින් ...
46. මගේ පොරොන්දුව | This I Promise අකුරු සැපට හැදෙන කිරි ටොයියන්… පුංචි සීතලක් දැණුනත්… හතර හන්දි පණ නැති වී… ඇම්බියුලන්ස් ඇදන් යද්දී… ඇස් බොඳවෙන මීදුමටත්… බොයිල් කරන ගින්දරටත්… ගහන පරක්කුව විතරයි… යං එහෙනම් මං එන්නම්… ෂෙඩියුල් දුරවල් පැනලා… දින වකවානුත් මැකිලා… තවත් ඉතින් බැහැ කියලා… නැත කිසිදින මගඇරලා… කණ කැස්බෑ වියසිදුරෙන්… අහස දකින දින එනකල්… හරකා වගේ උඹ අදිනවා… නැත දුක් ගැනවිලි කිසිවක්… එහා පැත්තේ ...
45. ඇබ්බැහිවීම | Addiction අකුරු ඇබ්බැහිවීම…! එය පිළිකාවක් තරමටම රුදුරුයි… මත් වතුරට… දුම් වැටියට… හෝ අසම්මත ප්‍රේමයකට කියා එහි අල්ප මාත්‍රයකවත් වෙනසක් නැහැ… හදවතේ ගැඹුරුම කොනකට කතා කරන මේ මන බන්දනීය පදමාලාවෙන් දෙන පණිවිඩය අඩුවක් නැතිව තේරුම් ගත හැක්කේ ඒ ඇබ්බැහියෙන් මිඳිමට සටන් කල අයෙකුටම පමණක් බව නිසැකයි… තවත් කියන්නට දෙයක් ඉතිරි කර නැහැ… කෙනී චෙස්නීට ගයන්නට ඉඩ දෙන්නම්… you and Tequila make me crazy ...
වසරක් ගෙවුණා… පොතකුත් ගැහුවා… අකුරු මේ කෙටි සටහන මෙම බ්ලොග් අඩවියට විශේෂ කරුණක් වෙනුවෙන්… අකුරු බ්ලොග් අඩවිය පටන් ගෙන අදට හරියටම අවුරුද්දයි… සිංහල බ්ලොග් ලෝකයේ මෙය නොගිණිය හැකි තරම් කුඩා පියවරක් වුනත්, පුද්ගලිකව මාගේ බ්ලොග් දිවියේ යෝධ පියවරක්… වසරක් ගතවුණත් පෝස්ට් 50 ක් සම්පූර්ණ කරගැනීමට හැකිවුණේ නැහැ… ඒත් ඒ කෙටි සටහන් ප්‍රමාණය කියවන්නට පැමිණි ඔබ සැමට අතිශයින්ම ස්තූතියි… වසරක් පිරෙන මොහොතේ අලුත් යමක් කරන්නත් ...