84. අපේ නොවෙන අපේම දේවල්… අකුරු විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ...
83. මැහැල්ල සහ බල්ලා… අකුරු මැහැල්ල, මීට සුලු මොහොතකට පෙර අඳුරු වීදියේදී ඇයට මුණගැසුනු බල්ලා දෙස බැලුවාය… උගේ බොර පැහැ නෙත්, ඇගේ ඇතුළට ගිලීගිය දෙනෙත් හා පළමු වරට ගැටිනි… ඌ මස් කටුවට ගිජුකමෙන් නොඉවසිල්ලෙන් හති හලයි… මේ නම් නොවක් සා ගින්නෙන් පෙළෙන බල්ලෙකි, මැහැල්ලට සිතිනි… තමා සතු මස් දියවී ගිය කටුව මේ සා විශාල දඩ බල්ලෙකුගේ සාගින්න නිවන්නට ප්‍රමාණවත් වේදැයි මොහොතකට ඇය සැක කලාය… ...
82. බලාපොරොත්තුව… අකුරු හිතුමතේ ජීවිතේ, ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්... උඹ ගිය හැම සැරේකම... ගියාටත් වඩා සතුටින්... ආපහු දුවගෙන එන බව... මම දැනගෙන හිටියා... උඹ ඒ විදියටම ආවා... ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය උඹෙන් උන්ට ගන්න බැරිවුණ එකම දේත් ඒක... ජීවිතය... අන්තිමේ උන් දින බලලා හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි... නඩුවක් අහන්නැතුවම.... මේ කූරු වලින් එහාපැත්තේ... විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි... දරුණු අපරාධකාරයොත් ...
81. Now You See ME අකුරු ගැටවර වයසේදී අපි බොහෝදෙනා ආශාකරන සමහර දේ කාලයත් සමඟ අප වියපත් වෙද්දී පහව යනවා… හරියට රැප් සංගීතය, WWE රෙස්ලින් වගේ දේවල්… ඒත් සමහරදේ කෙතරම් කාලයක් ගතවුණත් අපෙන් දුරස් වෙන්නේ නෑ… එලෙස ගැටවර වියේ ඉඳන්ම තවමත් මම ආසාකරන එවැනි දේවල් අතරින් දෙකක් මේ සටහනට අදාලයි… මේ දෙක එකිනෙකට සම්බන්ධ වේයැයි හිතන්නට අපහසුයි… ඉන් එකක් නම් බැංකු මංකොල්ලයි… අනෙක මැජික්… සැබෑ ...
80. මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ… අකුරු මිනිස්සු හැමෝටම හිතන්න පුළුවන්… ඒත් හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නේ හරි ටිකයි… ඒ හිතන්න පුළුවන් ටික දෙනාට පහලින් තියෙන වීඩියෝව පිස්සුවක් වගේ පෙනුනත්, මේ ඉන්නේ සමහරවිට තමන්ගේ දරුවන්ට පිස්සුවෙන් වගේ ආදරය කරන දෙමව්පියෝ වෙන්න ඇති… විශ්වාසය රජකරන සමහර තැන්වල බුද්ධිය මැරිලා… ඒත් ආදරය පැටව් ගහනවා… ඉහලට ගත්ත හුස්ම පහලට නොගෙන තමන්ගේ ජීවිතේ ගෙවෙන ජීවිතේ අසීරුම තත්පර කීපය මේ දෙමව්පියෝ මෙතන ගෙවනවා ...
79. ආතල් කුඩුවීමේ සතුට… අකුරු මම මේ මොහොතකට කලින් හිටියේ ඩවුන්ලෝඩ් වෙලා අහවරවුන වීඩියෝ කිහිපයක් නරඹමින්… හරියටම කිව්වොත් Situation Critical කියන රූපවාහිනී වැඩසටහන් මාලාවේ කොටස් කිහිපයක් නරඹමින්… එහි එක් පුංචි සිදුවීමක් මගේ හිතේ කොච්චර තදින් සටහන් වුනාද කිව්වොත් ඒ ගැන අනුලෝමව ප්‍රතිලෝමව ඔය හැම විදියටම හිතලා දැන් නිදිමතත් ගිහින් තියෙන්නේ… ඊට පස්සේ තමයි මම හිතුවේ මේක බ්ලොග් එකේවත් දානවා කියලා… ලොකු දෙයක්මත් නෙමෙයි… සමහරවිට ලොකු ...
78. දාර්ශනික ප්‍රශ්න… | When we eat animals they die… අකුරු පසුගිය දිනෙක රාජකාරී ස්ථානයෙන් දීර්ඝ චාරිකාවක් යන්නට සිදුවුනා… යන එන මඟට කතාකරන්නට කෙනෙකු නොවූ නිසාම ඒ මුළු ගමනම මට ගත කරන්න වුණේ ඉයර්ෆෝන් එක කනේ රුවාගෙනයි… එහිදී මම සවන්දෙන්නට යෙදුන එක්තරා දීර්ඝ සාකච්ඡාවක ඔවුන් කතාකලේ දර්ශනය සහ දාර්ශනිකයින් ගැනයි… සංකීර්ණ වචන වලින් ගහන වුණු එහි අවසානයේ මම ලබාගත් එක් දළ අදහසක් වුණේ දාර්ශනික ගැටලු යනු, යම් ගැටලුවකදී එකිනෙකට පරස්පර විසඳුම් ...
77. පිසීන් මොලිටෝර් පටෙල් නම් කතන්දරකාරයා | Life of PI අකුරු ජනෙල් තිරය මෑත් කරපු හින්දා කාමරේට මම ඇතුළුවෙනකොට තිබුණාට වැඩියෙන් එළියක් වැටෙන්න ඇති… ඉන්පස්සේ කාමරේ තිබුණු එකම පුටුව සොල්දාදුවාගේ ඇඳ සමීපයට ඇදගත්ත මම හරිබරි ගැහුණේ ඔහුගේ කතාව අහන්න…ඔහු තවමත් හිටි ඉරියව්වෙන්ම සිවිලිම දිහා බලාගෙන…“මේ මැරෙන්න වැටිලා ඉන්න ආබාධිතයෙකුගෙන් මොනවද දැන් ඔච්චර දැනගන්න තියෙන්නේ..?” බර හුස්මක් පහළට හෙලපු ඔහු මා දිහා නොබලාම ඇහුවා….“හැමදෙයක්ම…! යුද්දේ ගැන හොඳම කතාව තියෙන්නේ ඔයා ගාව කියලයි ...
76. ණය අකුරු අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ... "මචං මම අමීර්..." කාරණය දෙවැන්නයි... "හලෝ මචං කොහොමද...?" එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි... "මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..." ඌ ඉල්ලන්නේ ...
75. ලේ... හුඟක් ලේ... අකුරු ලේ... හුඟක් ලේ... සේදෙයි වතුර පහරකින්... සබන් පෙණ අහුරකින්... ජාතියක් ආගමක් තිබූ... රකින්නට...දිවි හිමියෙන් තිබූ ඉතිහාසයක් ... කකියමින් ගතපුරා... මොහොතකට පෙර දිවූ... ලේ... හුඟක් ලේ... සේදෙයි වතුර පහරකින්... සබන් පෙණ අහුරකින්... තවකෙකුගෙ සුරතකින්... ජාතියක් ආගමක් ඇති... රකින්නට...දිවි හිමියෙන් ඌටත් ඉතිහාසයක්... ලේ... හුඟක් ලේ... හඬක් නොනඟා ගලයි... රොඩු වැලිද හා මුසුව... කුණු කාණුවට සෙමින්... අමතකව යන මතකයක්... පමණක්ම ඉතිරිකර... සලකුණක් ...
74. අපිට පිස්සු ඕයි !!! අකුරු මේල් එක ආවේ එකපාරම...අයියේ "අපිට පිස්සු ඕයි" කියලා...චේන් පොස්ට් දානවා ලියපන් කියලා...මන් ඇහුවා සිරාවටම තොපිට පිස්සුද කියලා ඕයි...මට බෑ මගේ බ්ලොග් එක කැත වෙනවා..මිනිස්සු හිතයි මට පිස්සු කියලා ඕයි...මල පැනලා මූ කිව්වනේ...මම දන්නවා තමුසෙගෙ අවුල මොකද්ද කියලා ඕයි...කියපන් බලන්න මොකද්ද අවුල ඇහුවම...මූ කියනවා... තමුසේ හැමවෙලේම හෙන සීරියස් කියලා ඕයි...මට කොච්චර හිනා ගියාද කිව්වොත්...තව පොඩ්ඩෙන් මම පිටේ නැගලා හිටිය...කස්තුරි මුවාගෙන් බිමට ...
73. අමාවකට පසු... අකුරු මෝටර් රථයෙන් බැසගත් අප්පා තම බඳ පටිය සකසමින් ළමා නිවාසය දෙසට ඇවිද යන අයුරු බාලචන්ද්‍රන් නිහඬව බලා සිටියේය… අප්පා පසුපසින් ඇදෙන ආරක්ෂක නිලධාරින් අත ඇති බෑග් මළුවල ඇත්තේ ටොෆි චොක්ලට් සහ ඇඳුම් පැළඳුම් බව බාලචන්ද්‍රන් දනී… තවත් සුළු මොහොතකින් වක්කඩ කැඩුවාක් සේ කෑගසමින් අප්පා දෙසට දිව එන ළමුන් රංචුව ඔහු වටකරගනු ඇත… ඉන්පසුව සතුටින් කෑමොරදෙමින් තෑගි බෙදාගැනීමට ඔවුහු ...
72. හුදකලාව | Loneliness අකුරු සිතක පෙති එක එක මිලින වී ගිලිහුණු බව යලිත් නොපිපෙන බව කියන්නට කෙනෙකුත් නැති මතක අහුරක රුව රේණු මැද උපදින බව සිනහ අමතක බව අසන්නට කෙනෙකුත් නැති හෙටක එක හීනෙක සුවඳක් ව පැටලෙන බව කඳුළු අතුරන බව දකින්නට කෙනෙකුත් නැති ~මලිති විජේසේකර ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න ...
71. Some Must Watch අකුරු 2012 වසරේ තිරගත වුනු චිත්‍රපටි අතරින් මට තවමත් බලන්නට නොහැකිවුනු නමුත් නැරඹිය යුතු චිත්‍රපටි ලෙස watch list එකට එකතු කරගත් චිත්‍රපටි... Compiled by චිත්‍රපටි පිස්සෝ Google Group Join Us at : https://groups.google.com/d/forum/chithrapatipisso ...
70. Look Again අකුරු Please look at these cuties…All of them were shot multiple times and killed in the Conn. school massacre… Now please look at them again…
69. නික්මයෑම… අකුරු “Here… keep the change…” “Thank you sir…” ජැක්කා විසින් දිඟු කල රුපියල් සියය ගෝපාල් ලබාගන්නේ තුති පුදමිනි… “So then Gopal..! අපි ණයත් නෑ… බයත් නෑ… OK..?” ජැක්කා බර කරමින් පවසද්දී එහි අරුත වටහාගත නොහී ගෝපාල් අසරණ ලෙස සිනාසෙයි… “Say it… Say it…” '”මුකද්ද..?” ජැක්කා වද කරද්දී අහිංසක ගෝපාල් තමන් පසුගිය කාලය පුරාවට අපගෙන් ඉගෙනගත් සිංහල ස්වල්පයෙන් තම ජාමේ ...
68. චිත්‍රපටි පිස්සෝ සහ පිටසක්වල ජීවීන් අකුරු හදිසියෙන් තැබෙන මේ කෙටි සටහන කරුණු දෙකක් වෙනුවෙන්… එක : මා ඊයේ නැරඹූ වීඩියෝවක්, තවමත් එය ඇස නොගැටුනු කෙනෙක් වේ නම් ඔවුන් හා බෙදාගැනීමේ අරමුණින්… ඒන්ෂන්ට් ඒලියන්ස් කියන වාර්තා චිත්‍රපට සීරීස් එක බලන්න ගත්ත වෙලේ ඉඳන් මට ලොකු අවුලක් තිබුණා... පෘථිවියේ ජීවය ඇතිකරන්න පිටසක්වල ජීවීන් මූලික වුනායැයි ඔවුන් නඟන තර්කය ගැන ලොකු ආරෝවක් නැති උනත්, ලෝකය පුරා විසිරිලා ...
67. ජීවිතේ ගැටගහන මන්තර… අකුරු එක අතකින් ජීවිතය කියන්නේ ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන…. ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ...
66. නැවත හමුවෙනතුරු… අකුරු බොත්තම් සියල්ල පියවූ ඝනකම් කබායත්, පුපුරු නඟමින් ඇවිලෙන ගිණිමැලයත් අයිස් මිදෙන ශීත සෘතු ගනනාවක් පිටත ගතකර අත්දැකීම් ඇති ඔහුවැනි පළපුරුදු ට්‍රක් රථ රියදුරෙකුට සීතල රැයක් පහන් කරගැනීමට ඉහටත් උඩින්… වෙනදා මෙන් ඒ සියල්ල ඇතත් ඇටමිදුලු හාරාගෙන යන මේ ආගන්තුක සීතල ගතටත් වැඩියෙන් ඔහුට දැනෙන්නට වූයේ සිතටයි… තවත් පියවර කිහිපයක් ගිනිමැලයට ලංවූ ඔහු තම අත්ලවල් එකිනෙක අතුල්ලා ගත්තේ හිස් අහසට සාපකරමින්… ...
65. සඳ ගමනේ අභිරහස–අවසන් කොටස (විද්‍යා ප්රබන්ධයකි) අකුරු මෙතෙක් කතාව… නාසාහි උපදේශක කවුන්සලයේ ප්‍රධානියා වන ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස් මහතා පසුගිය සෙනසුරාදා දිනයේ හිමිදිරියේම සූදානම් වෙමින් සිටියේ තම ලබැඳි මිතුරා නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතාගේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධ කාරණාවක් සඳහා පිටත්ව යෑමේ අදහසින්… මේ අතරේ නිතිඥ සමාගමකින් ඔහුට ලැබෙන විද්‍යුත් පණිවුඩයකින් කියවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් ඔහුගේ මරණයෙන් පසු ස්ක්වයිරස් මහතාට ලබාදිය යුතුයැයි පවසමින් ඔවුන් වෙත ලිපියක් බාරදී ඇති බවයි… ...