[256] සුනාමියක් හෙවත් Duality ය ! ~~..... සංසාරේ අපි ..... ~~ කිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලි බොහොම වර්ණවත් . කොටින්ම උපතින්ම වර්ණවත්. ඇගේ වර්ණය කියන්නේ පිහාටු විතරක් නොවෙයි. ඇගේ ජීවිතයත් වර්ණ ගැන්විච්චි එකක්. ඇගේ හඬ... ඇගේ ගමන.. ඇගේ බැල්ම .. මේවා ඔක්කොම බාහිර දේවල්. ඒ බාහිර ඔක්කොම පැත්තකින් තියන්න. ඇගේ හිත වර්ණවත්.ඇයට පුලුවන් හිතන්න. ගොඩ දෙනෙක් නොහිතන විදියට. ඇයට පුලුවන් දකින්න, කතා කරන්න , ඒ ගැන... ඕනෙම වෙලාවක්..ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු ...
[203] මගේ රස්තියාදු (පොත්) චාරිකා 5 ~~..... සංසාරේ අපි ..... ~~ ඔන්න ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නේ පොත් ප්‍රදර්ශනෙන් ගෙදර ඔසවාගෙන ආව ලොකු පොදි දිගාරිනකල් නේද? දිගෑරියා... අම්මේ... පුසුඹ බැලුවා... කියවන්නත් ගත්තා... යාලුවො හමු වුනා.. අපූරු දවස් දෙකක් ගෙවුවා... (තුන්වෙනි පා ගමනකුත් තියේ)ඔන්න මම මල්ල දිග අරිනවා....හැම වතාවෙම වගෙ, කුඩා කාලෙ මගෙ සිත වසඟ කර ගත්තු අපූරු ලමාපොත් එකතුවට මේ වතාවෙත් කිහිපයක් එකතු කරගන්න මම අමතක කළේ නෑ.එන්න මේ පාර පැරණි ...
[258] සාංකාව සහ සමනල්ලු ~~..... සංසාරේ අපි ..... ~~ පෙම්වතෙකුට , මම මේ කිව්වේ සරල සුගම පෙම්වතෙකුට තිබෙන එක් පොඩි සිහිනයක් වෙයි. මුලදී පොඩි පොඩි සිහි කැඳවීම් වලින් පටන් ගෙන , මේ සිහිනය බරපතල සික්නස් (sickness) එකක් තරම්ම නරක් වෙන්නේ ප්‍රේමයේ මුල්ම දවස් වලටය. ඒ සික්නස් එක නම් , පෙම්වතිය ලඟ නැතිවීමෙන් හැදෙන සාංකා තත්වයය. ඩෙංගු මැලේරියා බරවා තරම්ම ශාරීරිකව බරපතල නොවුනත් මේ රෝගය මානසිකව නම් යම් බලපැමක් කරයි. ...
[277[ සන්සුන් වීමේ ආදීනව ~~..... සංසාරේ අපි ..... ~~ දිගු කලකට පසු චිත්ත සන්තානය යම් කිසි සන්සුන් බවක් පල කරන්නේ බ්ලොග් පිටුව වෙත පෙර තිබූ ආලය පෙම සහ බැඳුම යලිත් යාවත්කාලීන කරමිනි...අනාගතයට මෙන්ම අතීතයටද එබී සිටීම දීර්ඝ කාලීන බෙල්ලේ කැක්කුම් වලට හේතුවකැයි අලුත් අවුරුදුදා මම ලියා තැබුවෙමි. කොතෙක් ප්රබන්ධයන්හි යෙදූ මුත් , ලියවෙන දාර්ශනික වැකි ප්‍රායෝගිකව 'මේන්න මම කළා' යැයි කීමට ලැබෙන්නේ එහෙමත් වතාවකය.විශාල මාවතක් වැනි ජීවිතය කුඩා අතුරු ...
[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව ~~..... සංසාරේ අපි ..... ~~ ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් ...
[276] අස්තිර ~~..... සංසාරේ අපි ..... ~~ දෙනෙතක මෙලෙක දැක පමණක එක සැණෙක පැතුමක බියක දුක සැක දෙහදක සුරැක.... සිහිනෙක මිසෙක, සසරක මතකෙක නොදැක වදනක හසක සහනෙක දැකියැක ? නොහැක2012-12-13
[231] දෙවොලක් නැති දෙවියන් ගැන... ~~..... සංසාරේ අපි ..... ~~ දෙවියන් සිටින්නේ ගස් උඩය කියා සිතූ ඉතා ලපටි වියක් මට තිබුනේය. කාලයත් සමග දෙවියන් ඉහළ අහසට ගියේය.. වයසින් මුහුකුරා යත්ම , විවිධාකාර අනංමනං වලින් යොවුන් සිත ඔද්දල් වී යන තුරුම දෙවියන් හිතේ අපූරුවට වාසය කලේය. දෙවියන් මෙන්ම දේවත්වයද සංකල්ප කියන දෙයින් එහාට නොගියේය. එහෙත් පෙර කලෙක පලාගිය දෙවියන් මීට වසර කිහිපයකට උඩදී යලිත් හෘදය අරක් ගත්තේය. මෑතකදී නන්දා මාලිනිය ...
[298] මලවුන්ගේ නොවැම්බරයේ යලිත් ලියමි.. ~~..... සංසාරේ අපි ..... ~~ 2013 වසර සීග්‍රයෙන් අවසාන වේගෙන එයි... ජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි... ඒ කිසිවක් මතක් නොවෙන්නා සේ මේ දිනවල මඳ විවේකයක් අතරින් පතර සොයා ගනිමින්, පොත් ගණනාවක් කියවමින් සිටින්නෙමි.... අතීතය යනු යලි යලිත් රීවයින්ඩ් වී වාදනය වන එක වගේ ටේප් පටියක් වැනි යයි විටෙක සිතෙයි.... එක් එක් වසරෙහි නොවැම්බරය වෙන වෙනම මතක් කරද්දී හිතට මහා අමුතු හැඟීම් ...
අබිරහස් කතාවක් ! ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතේ මහ අබිරහසක් ! නොවිසඳුන, හිතා ගන්න බැරි, හේතු නොපෙනෙන , සිද්දි දාමයක අද මේ මොහොතෙ එක් අවස්ථාවක අපි ජීවත් වෙනවා. හෙට වෙනකොට ඒ කිසි දෙයක් එතැන නෑ, තිබුන පෙර විධියෙන්. අගතියට හෝ උන්නතියට කාරණා සඟවමින් දලඹුවා සමනලයෙක් වෙලා !!We are simply a part of a Chain Reaction of this living world! ආගම්, කේන්දර, අනාවැකි, පේන , දාර්ශනිකයින් , මනෝ ...
[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise) ~~..... සංසාරේ අපි ..... ~~ නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි ...
[275] සත් වසක රැකියා අතීතාවර්ජනය ~~..... සංසාරේ අපි ..... ~~ සංසාරේ අපි මාසයක් වහලා දැම්ම ගානයි. බ්ලොග් ලිවිල්ල කෙසේ වෙතත් ලිවිල්ල නම් එපා වෙන්නෙ නැහැ. ඒත් දන්නවද, ජීවිතේ මල්ට ටිකක් දුරට රයිටර්ස් බ්ලොක් වගෙ එකකුයි ටෙක්නිකල් ගෑජට් එපා විල්ලකුයි එක පාර සිද්ද උනා වගෙ මාසයක් හිත හිත දුක් වින්දා. ජීවිතේ මල්ට තියන ලොකුම ලෙඩේ තමා ජීවිතේ වෙනස් වීගෙන යද්දි ඒකට හේතු භූත වෙච්චි කරුණු කාරනා හොයන්නෙම තම ඇතුල් හිතෙන්. ...
[318] රෝද තුනේ දේව කතන්දර ~~..... සංසාරේ අපි ..... ~~ කොළඹ හෝ වේවා නුවර හෝ වේවා , ගමනාගමනය කියන්නේ ලංකාවේ අංක බින්දුවටම බැහැපු අකාර්යක්ෂම සේවයක්. ඉතින් ඇති නැති හැම දෙනාටම තමන්ගේ කෙටි ගමන් බිමන් වලට ටැක්සි පිහිට පතන්නම වෙනවා . දශක දෙකහමාරක විතර ඉදල අපේ ගමන් බිමන් වලට ලගම හිටිය සගය තමා ත්‍රි රෝද රථය.ත්‍රි විල් - එහෙම නැතිනම් , රෝද තුනක් මතක් වෙද්දිම සමහරුන්ගෙ මුහුණු ඇඹුල් වෙනව. ත්‍රි විල් ...
[257] මල් ! ~~..... සංසාරේ අපි ..... ~~ මේ පහළ තියන වීඩියෝව මම නැරඹුවේ මීට හරියටම අවුරුදු 10කට කලින්. ජීවිතේ මොන තරම් ඇදිලා ගිහින්ද? එදා ඒ ඇස්මද අද මේ ආයිමත් ඒ වීඩියෝවම නරඹන්නේ?? දෙවියනේ.. මම අවුරුදු 10කට කලින් ඉඳගෙන හිටි ඒ හාන්සි පුටුවේ ඉඳලම මේගීතය අහමින් එක මොහොතකට නැගිටලා කණ්නාඩිය ගාවට ගියේ අවුරුදු 10කට කලින් හිටි කෙල්ලම අදත් ජීවතුන් අතරද කියලා දෑහින් දැකගන්න. මට දැනෙනවා මොකක්ද අතීත සුවඳක්.. ...
[233] එම්බා වැලන්ටයින් ! ~~..... සංසාරේ අපි ..... ~~ වැලන්ටයින් සහ මා එකිනෙකා අඳුනා ගත්තේ , මගේ අති පණ්ඩිත මුල් යොවුන් වියේදීය. ඒ මීට දශකයකට එපිටය . එදා පටන් වැලන්ටයින් එක එක වේශයෙන් ආවේය , ගියේය. එක එක කාලයන්හිදී , වැලන්ටයින්ව මට එක එක විදියට පෙනෙන්නට ගත්තේය. විටෙක අහිංසකවද , විටෙක විසුළු මුහුණෙන්ද , විටෙක රෞද්‍ර වේශයෙන්ද , විටෙක අතිශය ශෘංගාරාත්මක මුහුණකින්ද වැලන්ටයින් මගේ ඉස්සරහා පහළ වූයේය. ඉටෙක ...
[249] ආදරනීය ගැහැණුකම ! ~~..... සංසාරේ අපි ..... ~~ ගීයක් සර්ව සම්පූර්ණ වීම උදෙසා පද, තාල , හඬ යන තුන් අතින්ම සරුසාර වීම අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. මීට දශකයක මෙහා කාලයේදී නම් ඊට සොයනු හැකිවූ උදාහරණ අල්පමය. අද ඇසෙන බොහෝ ගීත වලට හිමි දෑ අතර ලොකුම දෑවැද්ද නම් බහුවිධ තාලයන්ය. ඉලෙක්ට්‍රොනික සද්ද අච්චාරුවක් එක මත එක පාත් වෙන වත්මන් ගී අතර මනසට සුව දෙන , සිත නිවන සුගායනීය හඬක් මතුවන්නේ ...
[279] නිදි නැති රාත්‍රීන් ~~..... සංසාරේ අපි ..... ~~ නින්ද නොයාම මල වදයකි. විටෙක හිතෙන්නේ එය ලෙඩක් යයි කියාය. එසේ සිතීමේ අතුරු ඵලය නම් , සිත විසින් බෙහෙත් ඉල්ලීමයි. බෙහෙත් බිව්වොත් එය තවත් ලෙඩකි. එතනින් එහාට බෙහෙතින් මිස නින්ද එන්නේ නැත. ඒ නිස්කාරනේ තිබූ නින්ද නැති කරගන්නා මගකි. සිත නොසන්සුන් වූ විට දෙකට දෙවාරනේ නොහිතූ විටෙක නින්ද ලඟා වීමත්, සිත සන්සුන් වූවිට නින්ද පලායාමත් එක්තරා අයුරකින් විද්‍යාවට පටහැණිය. මාසම්බන්ධයෙන් ...
[265] මගෙ හිත ගත් පොතක් 5 - අමුතු ඉලන්දාරියා ~~..... සංසාරේ අපි ..... ~~ අද මම කියන පොත යම් විවාදයට තුඩු දුන් පොතක්.. කොටින්ම මේ මාතෘකාවත් එක්තරා ටැබූ සබ්ජෙක්ට් එකක්.. මම දන්නෙ නෑ මේ ලන්කාවෙ ටැබූ සබ්ජෙක්ට් ටැබූ පිලිවෙතින්ම ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා ටැබූ සබ්ජෙක්ට්ස් පිලිබඳ මගේ මතවාදය වෙනස් එකක්.. මේක ලිවව කියලා මම බ්ලොග් සින්ඩිකේටර වලින් ඉවත් වුනත් ඉතින් මොනව කරන්නද? ශ්‍යාම් සෙල්වදුරෙයි කියන්නෙ සුවිශේෂී ශ්‍රී ලාංකික ලේඛකයෙක් .. ඔහු සුවිශේෂී වීමෙහි ...
මා ඇසූ අවාසනාවන්තම සත්‍ය කතාව - ජෝඩි බ්‍රවුන් ~~..... සංසාරේ අපි ..... ~~ ඈ ජෝඩි බ්‍රවුන්. කොටින්ම ජෝඩිට අනෙක් අය කිව්වෙ 'යක් පැටියා' කියලා. ඈ බඩු පොළොවේ ගසන , යටිගිරියෙන් බෙරිහන් දෙන උමතු කෙල්ලක්..හිතෙන් මවා ගත් චරිත වලට වරින් වර ආරෝපණය වෙන , යක්ෂාවේශයෙන් නොසරුප් වදන් කියන , වචනයේ අර්ථයෙන්ම පුංචි යක් පැටියෙක්..ඇගේ කැපකරු මව - එක් මවක් නොවෙයි මවුවරු ගණනාවක්- ඇගේ මේ අසාමාන්‍ය හැසිරීමෙන් පත් වන්නේ එසේ මෙසේ අපහසුතාවයකට නොවෙයි. ඒ නිසාම ...
'අලෝකයෙන්' ලෝකය උමතු කළ පිස්සු විද්‍යාඥයා... ~~..... සංසාරේ අපි ..... ~~ ඒ 1847 පෙබරවාරි එකොළොස් වෙනිදා... අමෙරිකාවේ ඕහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවරට ඒ විශේෂ දිනයක් වූයේ නෑ... ඒත් කාලෙකට පසුව, මේ අද දක්වාත් , කතා බහ කරන්නට සිද්ද වෙන අපූරු සිඟිත්තෙක් එදා එහිදී මෙලොව එලිය දුටු බව නම් කියන්නටම ඕනෙ. මේ එතැනයි...~....~කොලුවාට පාසල එපා වූයේ පාසල් දිවිය අරඹා මාස තුනක් ගත වෙන්නටත් මත්තෙන්... උගැන්වූ ගුරුවරිය , ඔහුට පාසල යනු අපායක් බව හඳුන්වා ...
'සැබෑ දවස' ~~..... සංසාරේ අපි ..... ~~ කියන්නට උදාන ගීයක් නැතිඒත් උදාරම් බැල්මක් ඇති....දාහක් එකක් සෝ තැවුල් අස්සෙන්හිනහව, සන්තෝසය වෑගිරෙති..දුර විත් පා රිදෙද්දී ජවය පාමින්කඩිනම්ව, තියා යන , බර අඩි..ෆැන්ටසි හීන රෑඟුම් පිටපතකකුමාරිකාවට ඇඳ, හැඩ බලන හැටි...අඳුර කැටි ගැහුන කලුවර මැද්දෙන්උදේ සැඩ අවු රැල්ල බිම වැතිරෙති.....හිස රිදෙන , සැඩ ඉරෙක 'සැබෑ දහවල''නිදා දුටු සිහින' උදුරාගෙන ගිය හැටි !~දිල්ශාරා වීරසිංහ~ ...