මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope :-) ~~..... සංසාරේ අපි ..... ~~ අද මම ලියන ලිපිය කොටින්ම මහින්දාගමය ගැන.සහ කොටින්ම මහින්දාගමනය වගේමයි... හොඳේ... පටන් ගන්න කැමතියි මගෙ පිස්සු රචනා මූඩ් එකෙන්. ලියමනේ මැද්දෙදි මම කැමතියි පීලි පැනලා සීරියස් වෙන්න. කමක් නෑනේ. ඒකට මම සමාවට කරුනු දෙන්නම ලිපිය අවසානයේදි... හොඳේ... අද මට වෙච්චි දේ සහ සිනමාසාලා ඉන් Kandyමහින්දාගමනය බැලුවා. සිනමාපටය පිලිබඳ අබමල් රේණු භාගයකවත් හැඟුමක් නැතිව එහි යාමේ මූලිකම පරමාර්ථයම වූයේ මගේ මව ...
මගේ රස්තියාදු ගමන් 2 ~~..... සංසාරේ අපි ..... ~~ සතියකට විතර පස්සෙ ආයෙමත් කිසිම හේතුවක් නැතුව නුවර යන්න තියා ගත්තෙ වෙන කිසිම දේකට නොවෙයි.රස්තියාදු ගැහිල්ල නිසාමයි. (ඇයි කොල්ලොන්ට විතරද රස්තියාදුව කැප?) නේද ? :-) ගල්කිස්සට නම් අඩු ගානෙ මුහුදු වෙරළක් තිබ්බා.. මගෙ තනියම ගත වෙන මුහුදු සැන්දෑ ගැන, මම වෙරළෙ හැදුව වැලි මාලිගා ගැන ඔයාල කියවල ඇතිනේ.. ;-) නුවරට කොහෙද මූදු ? ඒත් නුවරට තියනවනෙ ඊට වඩා අපූරු තැන් ...
මගේ රස්තියාදු ගමන් 1 ~~..... සංසාරේ අපි ..... ~~ සති කීපයක්ම මලානික ලෙස ගෙවෙද්දි( එක අතකින් ඉන්ටරස්ටින් තාලෙට- හිතට හිතෙන ඕනෙම ඉබාගාත අයිඩියා එකකට එලියට එන්න ඉඩ දිදී) ගෙදෙට්ටම වෙලා කේක් එකක් වගේ ඉන්න එකට මටම තරහක් ආවා.. :-)ආයෙ බෑලුවෙ නෑ.. බෑස්ස එලියට...මෙහෙම කිව්වට පහුගිය සතියෙ කල වෑඩ නම් බෝමයි...සාරි වසන්තය කවදාවත් කරන්ඩ වෙලාවක් ඉතුරුවෙයි කියල හිතුවෙ නැති ජල්ලියක් මෙදා මම ඇල්ලුවා... සාරියක් වැඩ දැමීම.. වැඩ කිව්වට බොහොම ලදරු ...
ගෙඹි හදවත.... ~~..... සංසාරේ අපි ..... ~~ මම දෑස් හෑර බෑලුයෙමි... හෙමි හෙමින් සිරුර ජල තලයක පෑද්දෙන අයුරු මට දැනෙන්නට විය... එක් මොහොතකට මට මා උන් ඉසව්ව හඳුනා ගන්නට අපහසු විය... මේ කොහෙද ???දෑස් මත වදින හිරු එලියෙන් මොහොතක් අන්ද මන්දව උඩ බිම බලමින් මම ගෑටියට රූටා උන් නෙලුම් කොළය මෑදට වන්නට හරි බරි ගැහුනෙමි...එක් පයක් හෝ ගඟ දිය මත හෙලනු නොදුන් මුත්, සීතලෙන් ගල් වූ ...
අවසන් ලියුම ලියමි.... ~~..... සංසාරේ අපි ..... ~~ ~"~මා හැර ගිය නුඹට ..නොසිතූ ඇසිල්ලක , සියල්ල වේගයෙන් වෙනස් වන ලකුණු පෙනුනි.නොහොඳ නෝක්කඩු බැල්ම දුර්වර්ණ සහ මලානික වෙමින් , පශ්චත්තාපය කලකිරීම මුසු හැඟීමෙන් හේ නෙත් පියා ගත්තේය. මට විරහව දැනෙන්නට විය. යලිත් අහිමිකම මා වටා පණ ගසන සෙයකි....මීට ටික කලකට ඉහත මා නුඹ ගැන සිහින දුටුයෙමි. මා නුඹට පෙම් කළ හෙයින්ම සිහින සැබෑ කරනු වස් මම සැලසුම් දියත් කළෙමි. ...
[232] ගෙවී ගිය දශකයේ පෞරාණික මතක.. ~~..... සංසාරේ අපි ..... ~~ ළමා වියෙන් පසුව ගෙවී ගිය තුරුණු වියේ අන් අයට හිමි වෙන වසන්තය නම් සරසවි සමයයි. ඒ සරසවි වසන්තය වැඩියක්ම සොඳුරු ලෙස උදා වන්නේ පේරා කොලු කෙල්ලන්ට බව නොරහසක්. මන මෝහනීය වටපිටාවත් , අක්කර දහස් ගණනක සරසවි උරුමයත්, ඒ උරුමය හා බැඳුනු සම්ප්‍රදායන් සහ ඉතිහාසයන් විසින් , පේරාදෙණි සරසවියට පිවිසෙන්නවුන්ව නිරායාසයෙන් ඇද දමන්නේ අපූර්ව චමත්කාරයකට කිවහොත් නිවැරදියි... එනිසාම පේරාදෙණි සරසවි මවුන් ...
[240] හෘද අභ්‍යන්තරයේ උණුසුම් දිය වැල ~~..... සංසාරේ අපි ..... ~~ සංසාරේ අපි යනු එක්තරා කොත්තුවකි. එහි නැති කිසිවක් නැත. ටැබූ සබ්ජෙක්ට්ස් වල සිට ගුරු වෘත්තියේ අපූරු සිදුවීම් තෙක්ද , කාල අවකාශයේ විවිධ විපිරියාසයන්ට ලක්වන චින්තාවලීන්ට දෙස් දෙන එක එක ජාතියේ සඳැස් නිසඳැස්ද , ගීත විවේචනද , පොත් විවේචනද යනාදී එකී මෙකී නොකී දේ මෙහි ඇත... එහෙත් සංසාරේ ලියන මට කිසිදා සිදු නොවූ දෙයක් තිබේ. එකම ගීතය ගැන දෙවරක් ලියන්නට ...
[245] ඇගේ ඝාතකයාගේ කතාව ! ~~..... සංසාරේ අපි ..... ~~ මම ඉපදුනෙ කොහෙද කවදද කාගෙ ලඟද කියල මමවත් දන්නෙ නැහැ. කොහෙහරි ෆැක්ටේරියක මුල්ලක එහෙම නැතිනම් වැඩ බිමක අම්මෙක් අප්පෙක් නැතුව මම මේ ලෝකෙ තනිවෙලා ඉන්ඩ ඇති කවුරු හරි මාව හොයාගන්නකල්. ලොකු වෙනකල් ලොකු දුක් ගොඩක් විඳගෙන මටම මගෙ ජීවිතෙ ගැටගහ ගන්ඩ උනා. අදටත් එහෙමයි. ඒත් ආයිමත් මම හිතෙන් නොහිතුවට මිනීමරුවෙක් වුනා. එහෙම උනේ කොහොමද කියල අදටත් මට ප්‍රශ්නයක්.එදා හරිම මූසල ...
[255] සුලං කපොල්ලේ සිට ඇය..! ~~..... සංසාරේ අපි ..... ~~ "උඹ නම් මහ වසංගතයක්!, ""මොකක්?""ගැලවිල්ලක් නැහැ. කතා නොකර ඉන්න හැම වෙලාවෙම හිතෙන්නෙම කතා කරන්ඩ. කතා කරන හැම වෙලාවෙම හිතෙන්නෙ අම්මේ මට ගැලවිල්ලක් නැද්ද කියලා""ඇයි මම මක් කලාටද?" "මහ තුවක්කුවක්. කොටින්ම හෙන වදයක්" "ඉතින් තියනවකෝ ෆෝන් එක. මට වද දෙන්නේ මොකද කෝල් කර කර? ""මට ඕනෙ නිසා.. " "ඔයාට මාව ඕනෙ නැහැ.. මම යනවා.. ආයිත් එන්න එපා පැත්ත පලාතෙ" " එහෙම ...
[261] මගේ හිත ගත් පොතක් 1- සාරභූමි ~~..... සංසාරේ අපි ..... ~~ අද ඉඳලා පොඩි පහේ කෙටි ලියමන් කිහිපයක් ලියාගෙන යන්න මට හිතුනා. බරසාර එව්වා පැත්තක තියලා , මගෙ හිත ගත්තු පොත් ගැන දවස ගානෙ ලියාගෙන යන්න මට හිතුනේ , බීට්ල් (අකුරු බ්ලොග් එක ලියන) යාලුවා ලිව්ව පෝස්ට් එකක් දැකලා. මම කැමති හැම පොතටම ඔබ කැමති වෙන එකක් නැති වෙයි. ඒත් හොඳ පොතක දෙකක වගතුග බොහොම වටින පිරිසකුත් ඇති. හේතුව තමයි ලඟ ...
[264] මගෙ හිත ගත් පොතක් 4 - උභයජීව ~~..... සංසාරේ අපි ..... ~~ ඉක්තියැන්දර් කියන්නේ අමුතුම ජීවියෙක්... එයා උපදින්නෙ සල්වාතර්ගෙ අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් වශයෙන් .. සල්වාතර් කියන අමුතු විද්‍යාඥයෙක්... වතුර යටදී වරල් වලිනුත් , ගොඩබිමදී පෙනහලු වලිනු හුස්ම ගන්න ඉක්තියෑන්දර් කියන්නෙ, ඒත් ලේමස් වලින් හෑදිච්චි ජීවියෙක්.... ඉතින් ඉක්තියෑන්දර්ට එක දවසක්දී මේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා... ඒත් ඒ වෙනසත් එක්කම මිනිස්සුන්ගේ ඈස් ගෑටෙන මේ අපූරු සත්වයා පිලිබඳ ඈතමුන්ට ඈති වන්නෙ බියක්.. ඈතමුන්ට කෑදර සිතක්... ...
[229] ජීවිතේ මල්ට මොකද වුනේ ?? ~~..... සංසාරේ අපි ..... ~~ පහුගිය දවස් ටිකේ සංසාරේ අපි බ්ලොග් එක නිකම් වැහීගෙන වැහීගෙන ගියා වගෙ එකක් උනාද කොහෙදෝ.. අනේ මන්දා එහෙම උනා. ඒකට හේතුව මම අලුතෙන් ඇරඹුව මගේ ආදරනීය ටීච බ්ලොග් එකය කියලා කියන්නත් අමාරුයි. මොකද ඒකෙ පලවෙන්නෙ මගෙ ලිපි නොවෙන නිසා. ඒ වෙනුවට , අනෙක් අය ලියා එවන ලිපි නිසා. ඒ නිසාම ජීවිතේ මල්ට මොකද උනේ කියලා හැබෑ මත විමසුමක් කරන්නට දිල්ශාරාට ...
[225] අසම්මතයෙන් ඔබ්බට පියාඹන මොණර කිරිල්ලී ~~..... සංසාරේ අපි ..... ~~ දුහුවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන් ලෙන්ගතු ඇසුරේරහස් බැලුම් දෙන සැන්දෑවේනන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුලේනිමේශයක් කොඳුරාවී රහසින්ආගිය උන්හිටි තැන් සඟවාගිනි කඳු සිරසේ මලපුඩු අතරේකැදලි සදාවී මොණර කිරිල්ලීරැයකින් රැයකට කුස පිරෙනාසඳ සෙවනැල්ලේසිත ඇති කය නැති මිටියාවත ඉවුරේවහස් බැලුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙනපියඹා යාවී මොණර කිරිල්ලීසැඩ සුලඟේමුල් ඉදිරී යන ගස මුදුනේනූපන් දවසේරන්කිරි කඳුලේසිහින දකීවී මොණර කිරිල්ලී....දුහුවිලි ...
[228] කාලෙකට පස්සේ.. ආයෙමත් සංසාරේ අපි... ! ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතය එක් එක් කාල පරාස ඇතුලේ විවිධ දිශාවන් ඔස්සේ ගමන් කරනවා. හරියට ගඟක් වගෙ. විටෙක ගල් පර උඩින්. විටෙක නිසංසලේ.. විටෙක අඳුරු තුරු ගොමු අස්සෙන් . විටෙක අවු රැසෙන් නෑවෙන ඉසවු වලින්.. ඒක තමයි ජීවිතේ කියන්නෙ. අසම්මතයෙනුත් ඔබ්බට යන කතා බහේදි මොණර කිරිල්ලි ගැන ලිව්වට පස්සෙ ලියුව ලිප්ය වරින් වර ඇන හිටියා. ඒත් එක්කම ඔලුවට ආව අලුත් අදහසක් නිසා මම ...
[230] අසම්මත , එකම 'ලේ' කතාව ! ~~..... සංසාරේ අපි ..... ~~ වසර කිහිපයකට පෙරාතුව මුතු ඇටෙයක පදාසයක් ගිනිගත්තේය. ඒ මහ ගින්දරට හසුවී හළු වූ බොහෝ සුන්බුන් අතර පාලු සුසානයක් මට පෙනෙයි. මා හිඳින ඉසව් මෙන් දුර කඳු මුදුන් මිහිදුමෙන් එදා මෙන් අදත් ගැවසුනේය... මුතු ඇටයේ දිස්නය සොරාගත් ඒ සුසාන පදාසය පහුරු ගසමින් , දුබල කෙඳිරියක් ඇසෙයි. සිහ දෙනුන් දෙදෙනෙකු යැයි පෙනෙන මුත් , ලංව බැලූ විට ඒ කොටි දෙනක සහ සිහ ...
[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි.. ~~..... සංසාරේ අපි ..... ~~ ආදරය ගැන මා ලියූ අටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දුටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ...
[291] අහිකුණ්ඨික හීන කතන්දර ~~..... සංසාරේ අපි ..... ~~ 'අපි නිකං අහිකුණ්ඨිකයෝ වගේ නේ?' එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී..'ඇයි?' උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි. ' ඇයි අනේ... ඔයා චුට්ටක් අවුරුද්දක් හමාරක් පිරෙද්දි ඉන්න තැන් මාරු කරනවා. මම රස්සා මාරු කරනවා... දෙන්නා තරඟෙට මාරු කරනවා... හහ් හා හා' ඇය මුකුත්ම ගානක් නැතිවා වාගේ ඔහේ කියාගෙන ගියා... හිතට තව ...
[202] මගේ රස්තියාදු චාරිකා 4 ~~..... සංසාරේ අපි ..... ~~ හතර වෙනි රස්තියාදුව ආවෙ වෙන කොහෙවත් නොවෙයි. කොලඹ... ඒ මොකෝ ? ඇයි දෙයියනෙ පොත් ප්‍රදර්ශනේ ... !!!! වෙන මොනවද? රස්සාවක් කරන්න ගත්තු 2006 අවුරුද්දෙ සිටම අද වෙනතුරුම හෑම අවුරුද්දෙම ඔය වන්දනාව කරන එක අතෑරුනෙ නෑ. රස්තියාදුවක් නෙමෙයිනෙ. මේක නිකම්ම නිකම් බස් ගමනක්නෙ. ඔයාල කියාවි. අපොයි නෑ. මොන පිස්සුද ? කියවලම බලන්නකො. එක පින්තූරයක් නෑ අද. හේතුව තමයි තනි අතින් රිලවෙක් ...
[297] සැප්තැම්බරයේ ආ වසන්තය! ~~..... සංසාරේ අපි ..... ~~ මෙවර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි. කලක් තිස්සේ ආශාවෙන් සොයමින් සිටි 'පින් ලමයා' , ' දිරි දැරියෝ', 'මල් සමනලියෝ' පොත් තුන විසිදුනු පොත් හලේ දුටු විගස ඉවක් බවක් නැතිව කඩාගෙන ගොස් ඩැහැ ගත්තා මතකය... ගෙදර ගෙනා විගස ඒ වේගයෙන්ම අවුරුදු ගානක් තිස්සේ ඒ පොත් තුන කියවීමට තිබූ නොතිත් ...
[270] පරණ පොත් මතක ~~..... සංසාරේ අපි ..... ~~ කලකට පසු අද මගේ නිවාඩු දවස සැබෑ නිවාඩුවක් ලෙසින්ම ගෙදර සිටියෙමි. මගේ වාසනාවට මා ඇහැරී පෑය භාගයෙන් ලයිට් ගියේය. කොම්පියුටර ෆෝන් එකී මෙකී නොකී සියල්ලන්ගේ බැටරි බැස ගොස්ය... මම නිරුත්තර වූයෙමි... අන්න ඒ වෙලාවේදී මට හැමදාම මා ඉඳගෙන ඉන්නා තැනින් ඔබ්බෙහි දුකින් බලා සිටි මගේ පොත් රාක්කය ඇස ගැසුනේය... දුහුවිලි , මකුළුදැල් වලින් ආඪ්‍ය වී මා වෙත ඔරවා ඇදවී ඇඹරී ...