බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා !!! ~~..... සංසාරේ අපි ..... ~~ ඔහු ගැන....1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු ! ඒ කාලේ හරිම ලාබයි අදට වඩා..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් ...
[205] ඩේවිඩ් අන්කල් සහ (ආපසු බස්) රස්තියාදුව 7 ~~..... සංසාරේ අපි ..... ~~ දවස් ගානක් නැවතිලා හිටිය යාලුවගෙ ගෙදරින් මිදිලා පිටත් වෙලා ගෙදර යන්න වෙලාව හරි ( මේ සිද්දිය සිදු වුනේ ගිය සතියෙ සිකුරාද හෙවත් 23 වෙනිදා උදේ) පොත් ටික ! දෙයියනේ පොත් ඔක්කොම නම් ගෙනියන්න තවලමක් වත් හයර් කරන්නට වෙනවා. හිත හදාගෙන මගෙ නවකතා ටික ( ටික කිව්වට 31ක්) බැක්පැක් එකට පැටෙව්වා. හානේ චුට්ටක්වත් බර නෑ. ! කිලෝ 15ක පුලුන් ගෝනියක් වගේ ...
[343] BCS මතක සහ මම ~~..... සංසාරේ අපි ..... ~~ මම BCS කරන්නේ 2003 අවුරුද්දේ සිටය . මම BCS කලේ ඇයි යන්න ඇතැම් විට කවුරුත් දන්නා නොදන්නා රහස් කිහිපයක සංකලනයක් යයි කිව හැකිය. කෙසේ වුවද මම BCS කලෙමි.ඒ හා බැඳුනු අතුරු කතා නම් ගොඩක් තිබේ. මේ වන විට මා , අතීතය සමග සාමයෙන් ජිවත් නොවුවා නම් , ඒ තරම් අප්‍රසන්න යුගයක් සහ රැවටීමට ලක්වූ යුගයක් තවත් නොවූ බව මා කියන්නට ...
[345] දාහක් කතා අහගත්තු දාහේ නෝට්ටුව .. ~~..... සංසාරේ අපි ..... ~~ පළමු දාස් කතාව - 2017 මාර්තු 4 ඉරිදා – හවස 3 ට විතර ….ඉරිදා දවසක්. මට කාර්ය බහුල , ඔහු නුවර මම පන්ති කරන තුරු කල් මරන දවසක් ! දෙන්නම පරක්කු වෙලා , රන්මල් එකට ගියෙ යක්කු දාහක් කන්න බඩගින්නෙ.සුහද හිනාවක් .. බඩගින්නෙන් චුට්ටක් අඩු උනා.“අන්කල් බත් තියනවද ?” “තිබ්බේ නැතත් , අපි කන එකෙන් ටිකක් හරි දෙන්නම්කො , ඉදගන්න" ...
[207] අයිස්ක්‍රීම් පිලිකන්නේ සිට .. ~~..... සංසාරේ අපි ..... ~~ මම හිඳගෙන සිටියෙමි. විවිධ පාටැති හැඩැති රසැති අයිස්ක්‍රීම් රාක්ක වලින් අත් වලටත්, අත් වලින් කුස් වලටත්, අතින් අත යන පොශ් පඩිපෙල යට , කාටත් තේරෙන බසින් කිව්වොත් අගුපිලක හිඳගෙන සිටිමි.(ඔය උඩහින් පේන්නේ ඒ අගුපිලය, එවෙලේ එය ජනාකීර්ණය) මා සිටින්නේත් හිස් අතින් නොවේ. රුපියල් හෑටපහේ මා ප්‍රිය කෝනෙට්ටෝ අයිස්ක්‍රීම එකක් ලෑටි ගාමින් මමත් ඒ අගුවෙහි ...
[344] KCC අවන්හල සහ හැඩතල නැති ජීවිත මතක ~~..... සංසාරේ අපි ..... ~~ මීට දශකයකට හෝ ඉහත , මහනුවර හරි මැදට කුඩා මාලිගා පොඩිත්තක් පතිත වුනේ අහම්බෙන් . කඩ සාප්පු පේළි කිහිපයකින් සමන්විත සොච්චම් ටවුමක් හැරුණු විට , නුවරුන්ට එතරම් සුඛෝපභෝගී වත්කමක් එතෙක් නම් තිබුනේ නැහැ . ඒ තමයි Kandy City Center එක.මතකද , මීට වසර හතකට පෙර, එනම් 2011 දෙසැම්බරයේ දවසක , ඉදිරියෙහි එන අනාගතය පිලිබඳ කිසිම නිනව්වක් (හෝ ඒ පිලිබඳ කිසිදු ...
[208] අවිනීත ඇත්ත කතාවක් ~~..... සංසාරේ අපි ..... ~~ එදා සතියෙ දවසක්. තමුන්ගෙ රාජ්‍ය නොවන ආයතන කාර්යාලයේ ප්‍රධානියාගෙ ඔපීසියෙ සිට ෆයිල් ගොඩක් ඔසවගෙන තමන්ගෙ මේසයට දුවන ගමන් සිටි කුමුදුනීගෙ ජංගම දුරකතනය නාද වෙන්නට වුනා.නොදන්න නොම්මරයක්! සාමාන්‍යයෙන් නොදන්න අංක මග හරින නිසා කුමුදු එය නොසලකා හරිමින් ෆයිල් ගොඩ මේසය මත තබා හුස්මක් ගත්තා. විනාඩි කිහිපයක්.. ආයෙමත් දුරකතනය නාද වෙනවා. යලිත් එම නොම්මරයෙන්ම. ඈ දුරකතනය දිහා ...
[204] මගේ (අවුරුද්දෙ අන්තිම පොත්) රස්තියාදුව 6 ~~..... සංසාරේ අපි ..... ~~ පොත් එකතු කරනවා විතරක් නෙමෙයි, ඇඳේ ගෙම්බෙක් පොලේ ගැහුව වගෙ දපාගෙන ඒවා කියවන එක තරම් කාලය සහ ධනය නිස්ලෝභීව වැය කරන වෙන විනෝදාංශයක් මට නැතිම තරම්. ඇයි රස්තියාදුව? ඒක හැබැයි අංක දෙක. :-) ඉතින් ගිය අවුරුද්ද ඉඳල සතෙන් සතේ එකතු කරල රැස් කල පොත් ප්‍රතිපාදන වල අන්තිම රුපියල් කීපය අරගෙන බ්රහස්පතින්දාවේ හවස ආයිමත් BMICH එකට සේන්දු වුනේ 2011 අන්තිම පොත් ...
[272] අකර්මන්‍ය වූ 'කර්ම' ගැන ~~..... සංසාරේ අපි ..... ~~ කෙටියෙන්ම කිවහොත් ... 'කර්ම' නැරඹුවෙමි... හිතූ දෙයම යලි යලිත් පසක් කොට කර්ම පිලිබඳව 'සංඛාරා' කෙරෙහි අකර්මන්‍ය වූ මනසින්ම අද මම ලියන්නෙමි. ප්‍රසන්න ජයකොඩි විෂයෙහි ජයසේන ජයකොඩිගේ සෙවනැලි සෙවීමද එක් වරදක් විය යුතුය. එහෙත් අද හවස රීගල් සිනමා හලට මා ගොඩ වැදුනේ ප්‍රසන්නගේ පැටිකිරියත් සිංහල චිත්‍රපට පෙන්වන දුර්වලකම් කෙරෙහි අපුලත් විදෙස් චිත්‍රපට මවා තිබූ විස්මයානුකූල ආහ්ලාදයත් යන මේ තුනම හදවත තුල ...
[259] හිංසාව වපුරන්නන්ට සෙනෙහසින් ~~..... සංසාරේ අපි ..... ~~ සත්තු මරන එක පව්ය. සත්තුන්ට උපරිම ආයු කාලයම ජීවත් වෙන්න තියනවා නම් ඒක හොඳය. ඒ වගේම එක සතෙක් තව සතෙකු සිය කුසගින්න නිවා ගන්නට යොදා නොගන්නවා නම් තවත් හොඳය. එතකොට මේ ලෝකය ලේ හැලීම් නැති සුන්දර තැනක් වෙන බවත් ඇත්තකි. ගල ගහන්නා වගේ , වෙඩි තියන්නා වාගේ මෙහෙම ලියමනක් අරඹන එක කොච්චර කැතද? ආඩාතාඩේ පටන් ගෙන , එහෙන මෙහෙන් ඉඟියක් ...
[296] ආදරවන්ත රුපියල් හාරසියය අනූ නමයක් ගැන.. ~~..... සංසාරේ අපි ..... ~~ එදා සිකුරාදාවක්. ඓතිහාසික සිකුරාදාවක්. බොහෝ දිගු කලකට පසුව මම සාප්පු වන්දනාවකට සැදී පැහැදී එලියට බැස්සෙමි. හිතවතෙකු වෙනුවෙන් කල් මරන්නට තවත් විනාඩි කිහිපයක් සිදුව තිබෙයි. ජනාකීර්ණ නොවන වෙලාවක සිකුරාදා දහවලක සාප්පු වල සෙනග නොමැති හෙයින් ඉතා කැමැත්තෙන් මම 'බාටා' පාවහන් හලකට ගොඩ වැදුනෙමි. නොකල්පනාවෙන් යුතුව එහෙටත් මෙහෙටත් වැනෙමින් ඔරලෝසුවේ කටු ගමන් කරන වේගය බලමින් සාප්පු සේවකයන් මා හඹා විත් මට අනවැසි ...
[278] සර්පයෙකුගේ දියණිය ඔස්සේ..... ~~..... සංසාරේ අපි ..... ~~ සර්පයකු කෑවාක් සේම තිගැස්මක් ඇති කරන්නට ඉතා කුඩා වැකියක් ඊයේ සමත් වූයේය. ජීවිතය තිගැස්විය හැකි නිර්මාණයකදී මට එහි පැටිකිරියෙන් පලක් නැත. ඇත්තටම කියනවා නම් මේ පොත තවම මා නොකියවූ එකකි. එහෙත් මෙවර මාසාවසාන පඩි පැක්ට්ටුවේ පොත් කෝටාව ඇරෙන තුරු මෙය නොලියා සිටීමට සිත නොදෙයි... "වැස්සකට ගෙදරට ගොඩ වෙනවා වගේ සැරෙන් සැරේ ජීවිතේට ගොඩ වෙන අයට ගොඩක් ආදරේ කරන්න එපා පුතේ.. ...
[213] තිත්ත මිදි හා පසුගිය මාස 3 ගෑන... ~~..... සංසාරේ අපි ..... ~~ වසර එකොලහක ඉතා දිගු නැවතීමෙන් තොර වෙහෙසකාරී ධාවන මාර්ගයෙන් මීට තෙමසකට ඉහත ලොකු වංගුවක් ගෙන පිට පැන්නා මතකය. අධිවේගී පථයෙන් පිට පැනීම හිතූ තරමට ලෙහෙසි වූයේ නැත. එය මහා මානසික ගැටුමක් විය. මම සිතා බැලුයෙමි.කල් මැරුයෙමි...මට මේ තීරණය ගන්නට හිතේ හයිය ඇතිදැයි කිරා මනිමින් බැලුයේ වරක් දෙවරක් නොවේ.ඉගෙනුම් කටයුත්තකට හැරුනු විට , කිසිවෙකුත් අත නොපෑ, වසර 6ක් ගොඩ නැගූ අතිශය ...
[200] උදව්වක් ... ඇත්ත කතාවක් සහ අකරතැබ්බයක් ! ~~..... සංසාරේ අපි ..... ~~ තරිණියි ශාන්තයි ආයෙමත් කුලී ගෙවල් හොයා යන්නට වුනා.. ඉරිද පත්තරේ.. ඉන්ටනෙට් එකේ, අඳුනන්නන්ගේ පණිවුඩ... ඔය හැම විදියටම.. ශාන්තට වඩා තරිණිට මේක බරක්.. ලබන මාසෙන් පස්සෙ ?? ආයෙමත් බඩු ඇදිල්ල.. ආයෙමත් අස් කෙරිල්ල.. ශාන්ත හිටියට , බඩු ඉස්සිල්ල , තැබිල්ල ඇරුනම ඉතුරු කොටසට එයා දායක වෙන්නෙ නෑ. ඒ ටික තනියම කරන්න එපැයි. ඊට කලින් වාසයට සුදුසු ගෙයක් හොයන්නත් එපැයි.. !!!! රස්සාව, ...
[212] සිත්තර රස්තියාදුව 9 - යටත් විජිතයට එබී බැලුවෙමි ~~..... සංසාරේ අපි ..... ~~ අද නුවර ටවුමට යැවුනෙ අහම්බෙන්. පොත් සත්කාර්යයෙ තවත් අදියරකට පොත් ගන්න ලෑබුනා. ඉතින් පන්දහසක පොත් මල්ලත් කරින් අරන් එද්දි , රස්තියාදුවක් යන්න තරම් වටින දෙයක් මේන්න ඇස් ඉස්සරහා!!!! ආයෙ කිසි කලෙකත් බලන්න වෙන්නෙ නැති දෙයක්. මෙතෙක් එතෙක් කල් කිසිම තැනක ප්‍රදර්ශනය නොවෙච්චි දෙයක්. මෙතෙක් කල් මහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ බුක්තියට සවි වෙච්චි එක්දාස් අටසිය කාලෙ පින්තූරු එකතුවක්!!!! නොබලා කොහොමද දෙයියනේ... දෙසින් ...
[210] ඒ මම ද?.....මම නොවන මම ද?..මම ද නොදන්නෙමි... ~~..... සංසාරේ අපි ..... ~~ නිහඬ තාව රජ වෙයි.දෑස් ගණනාවක් මා වටා ගොනු වෙන'යුරු, කවාකාර මත්ස්‍ය දෑසකින් නරඹමින් සිටින්නේ කවුද? එක් දෑසක් අනෙකෙන් වෙනස්ය. එකෙක කාන්තියකි, අනෙකක නිදිමතකි. තවෙකක කුතුහලයකි. තවෙකක මේ මුකුත්ම නැති සෙයකි. මේ දෙනෙත් මග හරිමින් , දෑස් එහෙ මෙහෙ යන්නේ , ඉහළ පහළ යන්නේ කිසිදු ඒකීය රිද්මයක් නොපෙන්වමිනි.මම හුස්මක් ගනිමි. ඉ..හ..ළ..ට..!ජීවිතය, ආදරය, අතීතය , අනාගතය යනාදී දහසකුත් එකක් චිත්ත පරම්පරාවන් , ...
විල්මා..!!..පෝලියෝ දෛවයට පිටුපෑ විස්මිත දෙපා ! ~~..... සංසාරේ අපි ..... ~~ දෙවියනේ ඈ පෝලියෝ රෝගියෙක් !!!! ඒ විතරක් නොවෙයි ලෙඩ වාට්ටුවක්! දිලිඳු රැඩොල්ෆ් පවුලට නිකනුත් තිබෙන මහා ජීවන බර මදිවාට අහෝ, නොමේරූ දරු උපතක් .. 1940 ජූනි 23 වෙනිදින රැඩොල්ෆ් පවුලට ආ මේ සිඟිත්තිය උපතින්ම අරන් ආවෙ ලෙඩ දුක් එකක් දෙකක් නොවෙයි. දරුවන් විසි දෙදෙනෙකුගේ මහා බරපතල පවුලට එක් වූ විසි වැන්නී ඇයයි. පුංචි කාලෙ සිටම නොනවතින ලෙඩ ගොන්නකට ...
[251] ජීවත් වෙන එකත් ලොකු දෙයක් ! ~~..... සංසාරේ අපි ..... ~~ කාලය යන්නෙ හරිම හෙමින්... ජීවිතේ එක තැන නතර වෙලා වගේ... ඒත් බියක් නැහැ. අහිමිකම ගැනවත් , සැකයක්වත් , දුකක්වත් ... ඒ මොනම දෙයක්වත් නැහැ. මගේ ආත්මයම මා විසින් ස්පර්ෂ කරන්නා වගෙ මට දැනෙනව. මගෙ හිත මාව දුබල කල කාලෙ ඉගිලිලා ගිහින්... ඒ වෙනුවට මගෙ කකුල් දෙකට හිතේ හයිය ගලාගෙන ඇවිත් නහර දිගේ අමුතු ජවයක් දුවනව ! .. කිසිම දෙයක් නොදැන ...
[211] මේ ජූඩි - කඳුලු දෝණිය ගැන... ~~..... සංසාරේ අපි ..... ~~ ඈ ජූඩි. උපතේ සිටන්ම ඈ පටන් ගත්තේ ඛේදවාචකයක්. උපන් දියණිය කෙරේ කිසිදු සෙනෙහසක් නොදැක්වූ මුත් , ජූඩිගේ දෙමාපියන්ට ජූඩි බෙදාගතයුතු "ආභරණයක්".බේබදු අනියම් සැමියකු සොයා යන මවටත්, ගුප්ත දර්ශනය විකුණමින් අනියම් බිරිය හා වසන පියාටත් ජූඩි 'දරුවක් සිටීම' යන පූර්ණත්වය පවුලකින් නොගිලිහෙනු උදෙසා අතකොලුවක් වූවා. ජූඩිගේ තිබූ මේ එකම වටිනාකම වෙනුවෙන් නිර්දය ලෙස මවත් පියාත් ජූඩි අතින් අත යවමින් පන්දු ගැසුවේ ...
[235] සිය දිවි නසා ගැනීම වනාහී... ~~..... සංසාරේ අපි ..... ~~ සිය දිවි නසා ගැනීම මහ කැත වැඩකි. එහෙම හිතීම ඊටත් වඩා කැතය. කොච්චර කැත වුනත් එහෙම හිතෙන්නේ වෙරෝනිකාට නම් නිකම්මය. නිකම්ම නිකම් ජීවිතෙන් වෙහෙස වීම නිසා වෙරෝනිකාට ඒ වගේ උනාට , බෙන් තෝමස්ට නම් එහෙම හිතෙන්නේ නිකම්ම නිකම්ම නොවේ. බෙන්ගේ ජීවිතය එක්තරා තැනකදී වෙනස් වෙයි. කොටින්ම බෙන්ට එතැන්දී ජීවිතය තිත්ත වෙයි. නැත. මම වැරදියි. බෙන්ට එතැන්දී ජීවිතයේ අරුත වැටහෙයි. බෙන්ට ...