අමුතු සෙනසුරාදා UNSAID-නොකී දෑ අමුතු සෙනසුරාදා කවි ලියන්නට කම්මැලි හිතෙන කතන්දර භාගෙට ලියවෙන කසාදය කටුගාන්නට හිතෙන කොට්ටය හරි පුසුඹ යයි දැනෙන ඇදට ආයෙත්, තව තවත් ආදරේ කරන්නට හිතෙන...
නෙල්ලිකතන්දර - බලු ආදරේ UNSAID-නොකී දෑ සුබම සුබ උදෑසනක්...මේ සතියේ මගේ තීරුලිපිය පහල තියෙන ලින්ක් එකෙන් බලන්නකෝ. http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/10/05&id=2012/10/05/b1210052මේ දවස වල ඉතින් ටිකක් කාර්යබහුලයි.අලුත් රස්සාවනේ.වෙනදට වැඩිය කලින් ගෙදරින් එන්නත් වෙනවා.මොනවා කරන්නද නේද ඉතින්.ඒ නිසා අලුතින් ලිපි ලියන්න වෙන්නෙත් නැහැ.කොහොම වුනත් මේ කතන්දරේ කියවලා හොද නරක එහෙමත් කියලා යන්නකෝ. ...
නෙතලිගේ ලෝකය(ලියන්නට බලාපොරොත්තුවෙන නවකතාවේ පරිච්ජේදයක කොටසක්...) UNSAID-නොකී දෑ නෙතලිට ඇහැ ඇරුනා.පියාගෙන හිටියද කියලත් අමතක වුන වෙලාවක.පඩිපෙල බැහැගෙන යන්න හිත දුන්නෙ නැහැ.ඇගට හරිම කෙඩෙත්තු ගතියක් දැනුනා.ඇගට වඩා හිතට වෙන්න ඇති සමහර වෙලාවල.රාත්‍රී කාල වගේම දවල් කාලත් කෙඩෙත්තුවෙන් ගතවෙලා ගිය පහුගිය දවසවල නෙතලිට විවේකයක් ගන්න හිතුනෙ නැත්තෙම නෑ.ඒත් අම්මා....ඔව් අම්මා බලාගෙන ඉන්නවා මාසෙ අන්තිමට නෙතලි ගන්න පඩියෙන් ඇගේ පoගුව ලැබෙනකල්.ඒ සල්ලි කොටසින් අම්මට කරන්න වැඩ බොහොමයි.කොහොමටත් අම්මට වෙන ආදායමක් නෑ.කන්න ...
අලුත් ගෙදර.... UNSAID-නොකී දෑ "දැන් ඔයාට අලුත් ගෙදර මොනවගේ වෙන්නද ඕන?" "අලුත් ගෙදරක්...මගේම,අපේම ගෙදරක්....ඒ හරිම සුන්දර හීනයක් මතක් වෙනකොටත්....මම කැමතියි ලස්සන මැද මිදුලකට.මැද මිදුලට හොදට එලිය වැටෙන්න ඕන.දැල් වගේ ඉර එලිය වලක්වන කිසිම දෙයක් තියෙන්න බෑ.ඇත්ත හොරුන්ටත් එන්න පුලුවන්.ඒකට මට කමක් නෑ.හොරෙක්ට ඇවිත් ගෙනියන්න පුලුවන් රත්තරන්, සල්ලි මහගොඩක් මම මේ කියන ගෙදර නෑ. මැද මිදුලට මුහුනදාලා ඉදගන්න මට ඕන උන්චිල්ලාවන් වගේ එකක්.ඒ උන්චිල්ලාවක්ම ...
ගර්භ UNSAID-නොකී දෑ දරුවන් වදමි... උන් අහුලා කන තැන් නිදන බිම් නොදනිමි.... දිය ඇල්ලක්ව ගලා යමි... පිපාසිත මුව සනසමි... අවර්ණව හිදිමි... සුවද රස නොදන්නා පැණි බීම බොමි... දරු පෙම කාසි කරනෙමි... ...
සීතල ප්‍රබේද.... UNSAID-නොකී දෑ සිහිල් සුලගක රැදිසිත සෙමෙන් පිස යන සීතලක් පතමි....හිම පතුරක රැදිපිලිස්සෙන සීතලක් ලබමි...සීතලෙත් ප්‍රබේද ඇත....පතන සහ ලැබෙන....
අමතක... UNSAID-නොකී දෑ “මම රූo ගාලා යනවා.මෙන්න මෙහෙම ....” පොඩි එකා අත්දෙක දෙපැත්තට විහිදුවලා අන්ශක 65ක් විතර වම් පැත්තට නැමිලා කියුවා. කියුවා විතරක් නෙමෙයි ගිහිල්ලත් පෙන්නුවා. කොල්ලෙක් තව කොල්ලෙකුට මෙහෙම කියලා අහස් යාත්‍රාවක් වුනා නම් එතන තියෙන්නෙ ආඩම්බරකාර බැල්මක්.ඒත් පුන්චි උනත් කොල්ලෙක් කෙල්ලෙකුට මෙහෙම කියනකොට.ඒ කෙල්ල ඇස් උඩතියන් කටත් ඇරන් බලන් ඉන්නකොට තියෙන්න."මට පුළුවන් උනොත් ඔයාවත් එක්ක යනවා"වගේ බැල්මක්....පුන්චි කොල්ලගේ මූනේ තිබුනෙත් ...
නෙල්ලි කතන්දර "රෝස පාට කමිස"-දිණමින බද්දර මල්ල... UNSAID-නොකී දෑ මේ දිණමිණේ මේ සතියේ පලවෙන මගේ කොලම "රෝසපාට කමිස"(නෙල්ලි කතන්දර).කියවලා බලන්නකෝ.බලලා හොද නරකත් කියන්නකෝ...අනේ මන්දා ඔෆිස් එකේ නම් ඉන්න බැරිතත්වෙටම ප්‍රතිචාර තියෙනවා... :Dhttp://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F21%2Fpg14_0&pt=p&h ...
'කපුරු' UNSAID-නොකී දෑ 'ඉරිදා පොලකට ජීවිතේටම ගිහිල්ලා තිබුනෙ නෑ' කියන්නෙ,අපි හැම බඩුවක්ම ගන්නෙ සුපර් මාකට් එකෙන් කියන එකට තවත් නමක්.ඉතින් හරිනෙ.කතාව ඇත්තනෙ.රෙනලි මොකටද බොරු කියන්නෙ.රෙනලිට ඇත්ත වුනත් ඒ බව වෙන අයට කියන්නට උවමනාවක් තිබුනෙ නැහැ.ඒත් පොල් ,කහම කහ පාට කෙසෙල්ගෙඩි,හින්නාරන් ගොඩවල්,අඹ,පැපොල් ගොඩවල් ගහලා තියෙනවා පොල ලගින් යන රෙනලි දකිනවා.පහුගිය මාසෙ ඉරිදා දවසක තමයි රෙනලි ඇත්තටම පොලට ගියෙ.පොල ලගින් යනකොට රෙනලි දැක්කා ලස්සන මල් ...
ඔබ සහෝදරියක් වූවාය... UNSAID-නොකී දෑ තවමත් ඔබ පේනේ මට ඔබ,එදා වාගෙම පොලොවට උඩින් පේරගස මත හිද, පොලවෙහි පයගසා හිනැහුනා මතකය... කැරලි කෙස් ගස් අඩසද නලල වසමින් සිනහව... ඔව් එය, ලෝකයේ ලස්සනම සිනා අතුරින් එකකි... නිදිගත් නගරයක එලි අතුරින් ඔබ අසුරු සැනකින් පියාඹා යන්න ඇති... ඔව් …නුදුටුවා වුව මට එය මවාගත හැකි... මාරයා පෙරදා රැයෙහි හරිම සතුටින් සද එලිය අතරින් හිනැහුනා දුටුවෙමි... ඔහු බොහොම සතුටින්.... ඔබ ...
මගුල්... UNSAID-නොකී දෑ වෙදැගිල්ලඅමතකව මා දමා ගියදවසක්...ඉස්සර ආදරය කලදැන්උකස් කරනට බැරුව ලතැවෙනහිත...සමහර කැද ජාතිබොන්නටත්,විසිකරන්නටත්, බැරි...
මම චිත්රයක...ද්විමාණව... UNSAID-නොකී දෑ (ඔහු මට මා දකින්නට සැලැස්වීය. එවිට මට වයස දාසයකි.ම නොදුටු මා ඔහු දැක තිබින.අද ඔහු ඔත්පලය.වයසය.මා ඔහු දකින්නට යා යුතුය.) මම චිත්රයක ඉමි...හිස පර්දාවකින් වසාගත්ගැහැණු ළමයෙකුව...පූස් පැටවෙක් අතින් ගෙන...කැන්වසයක හිදිමිසම්පූර්ණයෙන් ද්විමාණව... මුස්ලිම් නොවූ කෙල්ලකපර්දාවකින් හිස්වසන්නේ ඇයිදැයිනොඇසුවෙමි....මම සීමා බිද යන්න කැමතිබැව්ඔහු දනිත...නමුදු එසේ නොයන බැව්ද දන්නේඔහු පින්සලෙන් මා හිස මතට පර්දාවක් ලැබින...චිත්රයසුරැකිවසේප්පුවකයතුරු ලා ඇත....ඉතින් මම චිත්රයේ ඉමි...සීමා බිදනොයමි.. ...
රෝස තොල්... UNSAID-නොකී දෑ තාරෝ;දග නොකරන්න...සියුමැලිවවියලි බිම මතවස්සානයේ පලමු වැහි බිදුඉසින්න...එන්න…රෝසතොල් සිපගන්න...තෙත්දෙතොල් අතරින්දැනෙනඋණුසුමවිදගන්න...තාරෝ;දෑසනාරින්න…වැසුනුඇස් පියන් තුලසිතින්ඈ සිප ගන්න...අතරතුර,හැබැහින්දැනෙනඋනුසුම විදගන්න...තාරෝ;එන්න…රෝසපැහැතාරපැහැයෙන් වසාවස්සානයේපළමුවැස්සෙන්තෙමෙන්න...රාගය තනුව කොටප්රේමයේ පදවැලගලපන්න... ...
ප්‍රේමය දැකීම UNSAID-නොකී දෑ ඇය:- මම කවියක් වෙලා සිත අසගැයෙන්නම්..තනුවක් වෙලා සවනතවැයෙන්නම්...සයුරක් වෙලා ඔබ අසහඩන්නම්...අදුනක් වෙලා ඔබ නෙතසරසවන්නම්... ඔහු:-මම නුඹේ බත සරි කරන්නම්ඇදුම් කැඩුමුත් ගෙනෙන්නම්දරුවන්ට මුදල් රැස් කරන්නම්ඔබට රැකවරනය දෙන්නම්ඉතින්තවත් කවි නොගයනු මැනවි....කවියකට වත්තනුවකට වත්සාගරයටත්නෙතදුනකටත්අපේ ප්‍රේමය අසම වෙත්ප්රේමය වනාහී කවියක් ලෙස දකින්නේ ගැහැණුය.පිරිමි ප්‍රේමයේත් යතාර්ථය දකිත්.ඔවුහු යතාර්ථයම හඹායත්.ගැහැනු තව තවත් මායාවටම නැඹුරුවෙත්.... ...
ලස්සන මනමාලි UNSAID-නොකී දෑ දිණමින නෙල්ලිකතන්දර ලින්කුව :-http://www.dinamina.lk/epaper/art.asp?id=2013%2F09%2F10%2Fpg23_0&pt=p&hඉරිදා පත්තරේ මංගල යෝජනා තීරුව කියවන එක මගේ සති අන්ත පුරුද්දක්.පුරුද්දකටත් වැඩිය විනෝදාංශයක් කියුවත් හරි. වැඩියෙන්ම "මනාලයෝ" තීරුව කියවන්න හුරුවෙලා ඉන්නේ "මනාලියෝ" තීරුව මට අදාල නැති හින්දා වෙන්න ඇති කියලා හිතෙනවා. ඉස්කෝලේ යන කාලේ,කැම්පස් යන කාලේ,මට මනමාලයෝ හොයපු කාලේ වගේම මටම කියලා සැමියෙක් ඉන්න අදකාලෙත් මම "මනාලයෝ" තීරුව කියවනවා. පොඩි කාලේ ඉදලම තිබුන විනෝදාංශයෙන් මම සෑහෙන්න ...
අයේශා... UNSAID-නොකී දෑ එක අයෙක් හමුවූ විටමට මාව මුණ ගැසුනු සේ දැනෙන...සුළු සුළු වෙනස් කම් සහිතජේදන කුලකය විශාලිතකොහොමටත්අපි අපි වගේ අය...අප සතුව රහස් ඇත ඔබ දෙපල දන්නෙ නැත... අපි සිනාසී ඇත්තෙමුය හඩා ඇත්තෙමුය... කොණඩය කපමින්ද වවමින්ද... පා මුදු දමමින්ද ගලවමින්ද.... ජීවිතේ සෘතු පසුකර ඇත්තෙමුය.... ඔබ නොදන්නා රහස් අප සතුව තවම ඇත... ...
කැරලි කැරලි කෙස්.... UNSAID-නොකී දෑ කෙස් කලුපාටයි.ඉදලා හිටලා සුදුපාටත් නැතුව නෙමෙයි.සුදුපාට කලුපාටින් වහගන්න නෙතලි දන්නවා. කලුයි සුදුයි නැතුව දුඹුරුපාට තිබුනා නම් නෙතලි කැමතියි.මරියාට පිරිමි ළමයි කැමති කෙස් දුඹුරු නිසා කියලමයි නෙතලි හිතුවෙ.නෙතලිගෙ හිත කියුවෙ.ඒත් දුඹුරුපාට හමට දුඹුරුපාට කොණ්ඩෙ ගැලපෙන්නෙ නැතුව ඇති.දෙවියන්වහන්සේ මෙච්චර ලස්සනට ඇදලා තියෙන චිත්‍රෙ සුදුපාට ගෑනුන්නට දුඹුරුපාට කෙස් සහ දුඹුරුපාට ගැහැනුන්ට සුදුපාට කෙස් දීම විතරක් වරදින්න බැහැ. නෙතලි නිතර දකින හීනයක් තිබුනා.ඒ හීනවල ...
සමන්පිච්ච මල් ගදක්... UNSAID-නොකී දෑ සමන්පිච්ච මල් ගදක් දැනුනාමනාසය හකුලවනහිතකීරි ගස්සනමුහුණ වෙන පැත්තකට හරවන....ගල් හිතක්;ලැබුනේ කොහොමදැයි හිතෙන...හැරෙන්නට වෙන අතක් බලන්නට වෙන දෙසක් නැතිහතර පැත්තෙන්ම හිර වුන...මල් ගද මූණටම එන...දහඩියත්ලාබ විලවුනුත්....වෙන වෙනම ගත්තාමපුසුඹය... ...
ලිoගිකත්වය ... UNSAID-නොකී දෑ මතක තියාගන්න.මම ලියන්නෙ මට හිතෙන දේ.ඒ ඔයාලට හිතෙන දේ නොවෙන්න පුළුවන්.අපිට ලිoගිකත්වය කියුවම ඇති වෙන්නෙ මොනවගේ හැගීමක්ද?ඇත්තම කියනවා නම් අපි හුගක් දෙනෙකුගේ හිතට එන්නෙ කතා නොකල යුතු දෙයක් කියලා.ඇත්තටම එහෙමද?අවoකව හිතන්න ඇත්තම කතාව ඒකද?...ඔව් අපේ රට තුල එහෙමයි.මම කැමතියි උදාහරණ ඔස්සේ කතා කරන්න.අපි පුන්චි උදාහරණ කීපයක් ගමු.අපි නිවසක් තුල සැමියා හා බිරිද අතර හුවමාරුවන හාදුවකදි වුනත් බලනවා ජනේලෙ ඇරලද ...