අනියම්... UNSAID-නොකී දෑ අපි ලී ගේට්ටු...මල නොකන....සියල්ලමහඩ නොනගාමඋරාගමු...රහස් රකිනෙමු...රෝස පාටින් යුතුතීන්ත බාල්දියටආදරෙයි කියනෙමු...වැස්සට රහසේ පෙම් කරමු...වැහි බිදි ලය තුරේ සැගව උන් බැව්කාටවත් නොකියමු...අනියම්වද පෙම් කරමු... ...
හෙට අන්තිම දවස(ගබ්සාව නීතිගත කිරීම සධාරණය ) UNSAID-නොකී දෑ අම්මාට කියුවෙමිය...රෝසපාට ගවුම් වලටසින්දු කියන කුරුල්ලන්ටකතන්දර පොත් වලටආසයි...."පුතේ නුඹ දන්නැතියනම නොදත් තාත්තා දන්නෙවත් නැතනුඹ කුසේ විත්තිය.""අපෙ මොකෝ අම්මේ,අපි ට අපි ඉදීවි හැමදාම...මම බලාගන්නම්බැරිදාකරස්සාව...(රහසින්...)මමඅම්මා දන්නෙ නැති, තාත්තා දන්නවා විනාඩි දහයකින් තාත්තා කෙනෙක් වුන""පුතේ උඹ නිසාමට මගේ රස්සාව ,තව කරන්නට බැරිය...ඉස්සර බලපු ඇස් දැන් බලන්නේ නැතිය...""මාව දැනෙනවද අම්මේ???අපි පස්සෙ කාලෙක සෙල්ලම් ගෙයක් හදමුද???""දොස්තර මාමා හෙට රිද්දනවා ඔයාටහැබැයි හෙට විතරයිඉන් පස්සේ අපි අපිව ...
බුදු සරණයි! UNSAID-නොකී දෑ මේ රාමසාන් දවසට කලින් දවසෙ හැන්දෑව.ඒ කියුවේ අගෝස්තු මාසේ අටවෙනිදා.හවස් වරුව පුරාවටම කන්තෝරුවේ තිබුනේ නිවාඩු සිරියක්.කට්ටිය ඔක්කෝම 'හොලිඩේ මූඩ්'එකේ. වැඩ නම් ඕසෙට තිබුනට හවස් ජාමේ වැඩිය වැඩක් කෙරුනේ නෑ.මම ඔරලෝසුව දිහා හොරාට බැලුවා.පොඩි කට්ට හතරේ ඉලක්කමට වෙලා බලාගෙන හිටියා.දිග කට්ට හිමීට හිමීට ඇවිදගෙන ගියා."අපෝ වෙලාව යන්නෙත් නෑනේ.."කියලා මම හිතුවා. ටිකින් ටික දිග කට්ට දොලහේ ඉලක්කම ලගට කිට්ටු උනා. "වෙලාව පහයි..."දැන් ...
ජනේලෙන් පනින්නද??? UNSAID-නොකී දෑ උස් අඩි පාවහන්සබ්දය නොඇසෙන්නජනේලෙන් ඇතුලට...කඹයජනේලයෙ කොනක ගැටලානිදි නොකඩජනේලෙන් ඇතුලටපැනගතිමි...දැන් දැන්ගාථා ඇසෙනු ඇතනිවන් අත ලගඅයඋදේම කියන...(හැබැයි කරන්නෙම පව් වැඩ...)උණු උණුවතේ ලැබෙනබෝඩිම...කියන්නට ඕනෑයතරිදු ගැනතිළිණිට;එක කොල්ලෙකුට පෙම් කරණ..."හැබෑටම ඔය කොල්ලා බෝරින් උනාම""හ්ම්ම්...මම එයාට කියල බබෙක් හදා ගන්නවා"පව් තිළිණිඉදීවිබබ්බු පෝළිමට....මීයෙකුට බයවෙලාකෑගහන...මීයොත්ආර්ථික විද්‍යාව පාඩම් කරන්නම එන...සරසවියෙ බෝඩිම...මම තාම( හරියන)කොල්ලෙක් හොයන... ...
මනුසත් සිදුහත්….. UNSAID-නොකී දෑ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම….. ලිබර්ටිසිනමා ශාලාව අදුරින් පිරිලා.සම්පූර්ණයෙන්ම වගේ පිරුනු ශාලාවේ හැමඅසුනක්ම බොහොම නිශ්ශබ්දව.සිනමා තිරය සුවිසල්ව දිස්වෙනවා.ලස්සන කුමාරිකාවක් මල් අතුරවපු යහනක සිනාමුවින් සයනය කරනවා. පුංචි ඇත් පැටියෙක් සුදු නෙළුමක් හොඩින් ගෙනැවිත් කුමාරිය දෑතට පත් කරනවා.කුමාරිය සිහිනයෙන් පිඹිදෙනවා. ඒ මහාමායා දේවියයි... "ප්රජාපතීමම සිහිනයක් දුටුවා."ඇය කියනවා.... සිහින කියවන්නන් මාලිගාවට කැදවෙනවා..සිහිනයේ අරුතනක්ෂ්ත්රකරුවන් මහරජුට පවසනවා. "ශාක්‍යවංශයේ රජකමට සුදුසු සුපින්වත් කුමරෙක්"...රජුගේ සිත සතුටින
දන්න කෙනෙකුට ලියුමක්... UNSAID-නොකී දෑ ආදරණීය තරහ,පැමිණෙනනොදැනනොකියාමනොදන්වාම....ඇවිත් යන්නෙත් එහෙමමය...ගියාම දුකයසිදුවූ දේ ගැන...ගිය දේ ගත් නොහැක...යනවිටපසුතැවිලි ඉතුරු කර යන....නොකියා එන්න,නොකියා යන්න...වෙනස් නොකරමපුරුදු...ඉතුරු නොකරන්නපසුතැවිලි...ඔබව (නො ) පතන,මම ...
සිදුහත් උපත UNSAID-නොකී දෑ නෙලුම් මල් හතක් හරියටම ගනන් කොට එකක් පසුපස එකක් ඇද ඇත... ඈතින්ම ඇති මල් ඉතාමත් පොඩියට දුරින් ඇති බව පේන්නට... කුරුලු සමනල් පියාඹන.... සල්ගසක් නොසදිසි සල්ගස සල්මල් බිමහෙලන... සිදුහත් පුන්චි කහ සිවුරු පට සුලගේ ලෙලෙන්නට හැර තමන් ලෝකයට අග බව කියන... මල් දෙකක් අතරින් සිදුහත් උපත කතාවේ නැති දිය ඇල්ලක් ගලන... ( හැම චිත්රෙටම දිය ඇල්ලක් තියෙන පොඩිකාලෙ ) ...
ප්‍රේමයේ ආගිය කතා UNSAID-නොකී දෑ හුග කාලෙකින් හමුවඅහඹුව...අපට අපහැදිනිය නොහැකි ලෙසවෙස් මුහුනු පැලදඇවිද යමු...බොරළු ඇනෙනා මාවත...හිස් පයින්...බොරළු කැටඉසියුමැලිපාදහිල් නොකරන...රිදෙනවා පමණක්යකොහොමටත්දෑසට උනනා කදුළු මට නොපෙනේය...ඉස්සරම වාගේහිත නොරිදේය...කියා ගන්නට බියෙන් නොකියුවකියන්නට හිතේ තිබුබොහෝ දේදැන් කියන්නටකාලයය...ආදරයවසා පැලදුවවෙස් මුහුනු...නොලිහාතවමත්,ආදරය කරන බව,නොපෙන්වා... ආගිය කතාබහ කතා කරනට කාලයය... ...
කන්තෝරු රස්සාව (නෙල්ලි කතන්දර ) UNSAID-නොකී දෑ හොදම යාලුවෙක් කියලා කියන්නේ ළගින්ම ඉන්න කෙනෙකුට.දුක සැප එක පිගානේ බදාගෙන එකට කන්න කැමති කෙනෙකුට.එහෙම අය හුගක් නෑ.ඉන්නේ බොහොම ටිකයි.නිශානි ඒ අතරින් එක්කෙනෙක්.පුංචි කාලෙ ඉදලම මාත් එක්ක එකට හැදුනු වැඩුනු නිශානි රස්සාවට ගිහින් දැන් අවුරුදු දෙකක් විතර.ගමෙන් වෙන්වෙලා කොළඹ රස්සාව කරන එක කොහොමත් එයාගෙ හිතට ගෙනාවෙ සතුටක් නෙමෙයි.දුකක්.එයාගෙ ජීවිතේ මෙ දවස්වල තනි කලු පාටින් පාට වෙලා.කන්තෝරුවේ මානසික පීඩනය දරාගන්න ...
මායාකාරයෙක් UNSAID-නොකී දෑ මායාකාරයෙක්මායා යෂ්ඨියක්අතින් ගෙන,මායාවක වෙලා මම....අකමැතිවනොකැමතිවකැමති නැතිවමමායාවෙහිවෙලී ඉමි....මායාකරුටපෙම් කරමි....
..සතුට රැදි බත් ඇට.... UNSAID-නොකී දෑ “අපෝ...මෙයාගෙ මහත්තයා පව්…” “මොකෝ බැන්දා කියලා ගෙදර උයපු බත් එකක්වත් කන්න ලැබෙන එකක්යැ...හැමදාම කඩෙන්….” “අනිත් දේවලුත් පිටින්ම කරගන්න පටන් ගත්තොත් තමයි වැඩේ...” මේ සියල්ලම විහිලුය.නැත්නම් ඔවුන් කියන්නේ එහෙමය.හිත නරක් කර ගත්තොත් කියන්නේ "අපෝ විහිලුවක්වත් තේරෙන්නේ නෑ"කියලාය. කන්තෝරුවේ අය එහෙමය.විහිලුවෙන් තහලුවෙන් කියන්නට උවමනා දෙය කෙසේ හෝ කියාගනියි. කතන්දර වලට හිත රිදෙන බව ඇත්තය.නමුත් මම හිත නොරිදා ගෙන ඉන්නට උත්සාහ දරමි. ...
දිවි සිය... UNSAID-නොකී දෑ නසන්නටවුවමනාය...බයය...හිතසැලෙන හඩසවනතවැකෙත...අතීතයඅනාගතයටනොගෙනසිද බිදලිය යුතුය...මටනසාලිය යුතුයදිවිසිය...ඒත් තව හිත බයය...
සාය සහ කලිසම්... UNSAID-නොකී දෑ සන්වේදීදිග සායවලකටු පැටලෙති පැටලි පැටලී එතිනොගැලවෙති....කලිසම්බොහොම සුරුවම්ය...කටු බයයඇමිනෙන්න...
Cultural Conflicts..... UNSAID-නොකී දෑ රුහිරු කිරිමාස නමයක නවාතැන්අම්මාය...ඒ,ජීව විද්‍යාවය...වාසගමතාත්තාය...ඒ,සම්ප්‍රධායය...."ඉතින් තාත්තගෙලේ නොවැ..."ඒ,ආත්තම්මාගේ,තර්කය...මේ මගේ සිතුවිලිය... ...
Funeral.... UNSAID-නොකී දෑ අක්කේ,ඔතන ඇස් පියාගෙන ඉන්නෙ...ඔය පෙට්ටියේ ඉඩ ඇත්ද නිදියන්න...නැගිටින්න අපි ගිහින්ඇද උඩින් නිදා ගමු...පුන්චි පුතු මගෙ අතේ...නුඹ දිහා බලනවා...අම්මා අර නිදි මොකද ඇස් වලින් අහනවා...අක්කේඑකම එක වරක් වත්ඇස් ඇරබලාආයේ නිදි යන්න...ඔය තරම් නිදියන්න ඕනෙ නම්... ...
ඇයටත් වෙන විදියකට! UNSAID-නොකී දෑ මිදුලේ ගහක අත්තකඅර පැද්දෙන අපූරුව...සාදයට ගිය ඇය වාගේම...ඇයත් මේවන විට,තවෙකෙකු අතින් ගෙන....පැද්දෙමින් හිදිනු ඇත...බකට් එක අතරින්,විනිවිධ පෙනෙයි ගිනි සිළු...ඇයත් ඇති...මේ වාගේම...මා බකට් දෙස බලාගෙන විදිනු වැනිවූ ප්‍රීතියක්...තවෙකෙකු විදිනු ඇත...ඇයදෙස බලාගෙන...මට නිරාමිස වෙසක්...ඇයට???? ...
පැණි වලලු.... UNSAID-නොකී දෑ පැණි වලලු බුදින්නට,පැණිවලලු උයන්නට දැනගත යුතුම නැත...ආදරය ලබන්නට,ආදරය කරන්නට දැනගත යුතුම නැත...සැමියෙකුගෙ ආදරය ලබන්නට,පොතක අත්සන් කලයුතුම නැත...නිවසක් තනන්නට,ගෙදරක් තිබිය යුතුම නැත...නැන්දම්මාකෙනෙක් වන්නටදරුවෙක් දීගතල දිය යුතුම නැත...පොඩි දරුවකුට සෙනෙහෙ වන්නට,අම්මා කෙනෙක් විය යුතුම නැත.... ...
Tonight.... UNSAID-නොකී දෑ නිදි වරන්නට නිමිත්තක්...මධුවිතක් නැති,මත්බවක්....ගිනි උදුන ලග,සීතලක්...හැමදාම සිනාසෙන මුව අගින්,නුපුරුදුවු සිනාවක්..
වරම්...... UNSAID-නොකී දෑ හත්පෙති මල හත්පෙති මල....මට ඕනෙමම ලියපු කවිපොත පල කරන්න....හත්පෙතිමල හත්පෙතිමල...මට ඕනෙඊයෙ තරගයලන්කාව දිනන්න....හත්පෙතිමල හත්පෙතිමල...මට ඕනෙමම ගිය ආත්මෙ කවුද බලන්න...හත්පෙතිමල ,මට ඕනෙ...එයාට මාව විතරක් ලස්සනට පේන්න...හත්පෙති,මට ඕනෙ....ජපානෙ සකුරා මල් ගස් යටින්දෙවොන්දරා සo එක්ක ඇවිදන් යන්න...හත්පෙතිමල,මට දෙන්නහුග කාලෙකට කලින් නැති වුන...ඉතියෝපියාවෙ මගේ යාලුවව....හත්පෙති...මට දෙන්න...හැමදාම අම්මයි තාත්තයි ලග ඉන්න....හත්පෙති...දැන් අපි යාලුයිනෙ...මට දෙනවද...තව එකක් වැඩිපුර.... ...
පැන.... UNSAID-නොකී දෑ මම කවියක් වෙලා හිස් අහසෙ ඇලවුනොත් හැමදාම හද බලන අතරෙදි කියවනවද මාව? මම සුවදක් වෙලා ඒ හිසෙහි ගැල්වුනොත් ඉඹිනවද මාව? ඒ හිස සිඹින අතරෙම මගේ හිස් හදවත දොර ලගින් තියුවොත් ඇර බලනවද ඒ දොර? නිකමට... ගෙයි දොර අරින අතරෙම... හරිම උණුසුම් නුඹ ඉන්නා කුටිය... ...