ස්ට්‍රෝබරි හාදු... UNSAID-නොකී දෑ අහසින් වැටුන කොහොල්ලෑ බබෙක්ස්ට්රෝබරි තොල් සහිතමිදි ඇස් සහිත...බ්ලැක් කරන්ට් මාලයක් පැලද....මම කැමති ගීයකින්කමිසයක් ඇද...කළු ඉරි සහිතමාරි බිස්කට් පුඩිමකින්තොප්පියක් පැලද...මම ඇගේ තැවරෙනු කැමතිව...හාදුවක් වුව දෙන්නටමනාපව... ...
ෆලූඩා රස වැස්ස... UNSAID-නොකී දෑ මට කාලෙකට පස්සෙ කතාවක් ලියන්න හිතුනා. මම සුපුරුදු විදිහට වැඩ ඇරිලා ඇවිල්ලා දෙන්නෙකුට කෑම හදලා.තව වැඩ ඇරිලා ආපු කෙනෙකුගේ සහය ඇතුව කෑම බාජන හෝදලා ටිකක් විතර මහන්සි වුන බිරිදකගේ චරිතය රගපාලා මට පස්සෙ වැඩ ඇරිලා ආපු මාත් එක්ක ජීවිතේම බෙදාගන්න පොරුන්දුවුන කෙනාගෙ ලැප්ටොප් එක ඉස්සරහා ඉදගත්තා. ජීවිතේ බෙදාගන්නවා නම් ඉතින් පොරොන්දුවුන විදිහට ලැප්ටොප් එකත් බෙදාගන්න ඕනනෙ. මේ දවස්වල කවි ...
"වෙන්න" සින්දුවේ අයිතිකාර මහතා,දුෂ්‍යන්ත වීරමන් සහ ලoකාවේ සoගීතය කොයිබටද? UNSAID-නොකී දෑ මේ මාතෘකාව යටතේ ලිපියක් ලියන්නට හිතුනේ ඇත්තටම හිතේ ඇතිවුන කලකිරීමක් නිසා.කලකිරීම ඇති වෙන්න හේතුව වුනේ හිරු ටී.වී එකේ විකාශය වෙන "copy chat" වැඩසටහන.තව දෙයක්,මම හිරු ටී.වී එක නොබලන හිරු ටී.වී හරසුන් නාලිකාවක් කියන කෙනෙක් නෙමෙයි.ඒවගේම මේ සිද්ධ වෙන්නෙ පෞද්ගලික මඩ ප්‍රචාරයකුත් නෙමෙයි.මම පහුගිය සතියෙ copy chat වැඩසටහන බලන්න ඉදගත්තා.ඇත්තටම මේ වගේ වැඩසටහන් හිතේ තියෙන මහන්සිය තුරන් කරලා හිතට සැහැල්ලුවක් ගේනවා.එදා ...
වතුර+ලුණු+යකඩ UNSAID-නොකී දෑ යකඩ උනු කරන වතුර ඇත...හැබැයි ලුණු රස...ගැහැනියට ලෙහෙසියෙන් හිමිවන...හාස්කම් ජලය,හැමවිටම පාවීච්චි කලවිටහාස්කම් අහිමි වන....
Buzz Radio ව හරහා unsaid බ්ලොග් පිටුව පිලිබදව UNSAID-නොකී දෑ ඔන්න ඉතින් මගේ රේඩියෝ සාකච්චාවකුත් බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වැඩසටහනේ විකාශය වුනා.පුන්චි ආඩම්බරයකුත් එක්ක හීනි සතුටකුත් තියෙනවා.මම හිතුවා ඔයාලටත් අහන්න එක්ක බ්ලොග් පිටුවට එකතුකර ගන්න.මම මගේ හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා බස් රේඩියෝවට මෙවැනි අවස්ථාවක් බ්ලොග් කරුවන්ට ලබාදීම පිළිබදව... ...
විය නොයුතු... UNSAID-නොකී දෑ සමහර අහඹුසිදුවෙන්න හොද නැත...අතීතයමගතොට,නැවත හමුවිය යුතු නැත....තහනම් ගස් සිදලන්නපොරෝ තල ඇත...සමහරක් ඇස්නීතියෙන් තහනම්ය...
පිස්සෙක්.... UNSAID-නොකී දෑ පිස්සෙක්මඩ ඇදුම් අතරින්කලු කකුල් දෙක...සෙරෙප්පුඑකක් ඇත..මා ඉදිරියෙන්,මාව පසුකර...නැවතත්මා පසුපසින්...දුවමි???නොදුවමි???පිටුපස හැරීසිනාසෙමි...දිටිමිසිනාසෙනපිස්සෙක්. ...
උදෑසන සිරි.. UNSAID-නොකී දෑ සාරි බස් වලපාට පාටින්...මොට්ටැක්කිලිඅතිරින් පෙනෙනනයනාලේපිත නෙත්...පයින් යන බස් කාර්ඕවර්ටේක් කරගෙන,වැඩට යනකලිසම් කකුල්...ජීවිතේ බර කරින් ගෙනසිනාසෙනදසුන්...කොලොම්තොට උදෑසනසිරි.. ...
සමණලයෙක්;කළු ගලක් මත ඉදගෙන UNSAID-නොකී දෑ සමණලයෙක් වෙලා මoකළු ගලක් මත ඉදගෙනදැන් හුගක් කාලයක්කළු ගලේ සුවද බලමින.... ශීත කාලය ගෙවීසීතලට ගල්ගැහුනු පියාපත් මතමිදුනු හිම කැට සූරමින්පියාඹන්නට කල් නො එළඹෙන බව දැන.... ඈත කළු වලාකුල්මහා වැසි රැගෙන එයිකළු ගලේ හිඩැසක් තනා නොතෙමි ඉන්නට දෙන්න... අතේ දුරින් මල් පිපෙයිසමණලයා තවම ගල මතවසත් කල ගතවෙයි...තවම හිම තටුමත.... හිම කඩන්නට උවමනා නැත...තටු බිදින්නට උවමනා නැත...කළුගල් මල් නොවෙන බවසමණලයා පසක්කොට ...
නම්බුව... UNSAID-නොකී දෑ මගුල් ගෙදරක්...සාරියක්???නැහැ ගවුමක්....සාරියට වඩා හැඩ...... එහෙම හොද නෑ දුවසාරියක් ඇන්දම හොද...මහත්තයටත් නම්බුය....සාරියේ ඇතිගවුමෙ නැතිනම්බුව...මට තාම නොතේරෙන....
දාව උපන් කවි... UNSAID-නොකී දෑ හැම කවියකමසැගවුන කතාවක් ඇත...ගොතනා කතා හැමකටම කවි නැතකවි උපදින්නේසැබෑ කතාවලට දාවය...
නීතියට අනුකූල නොවන කතාවක්… UNSAID-නොකී දෑ මට නීතියට අනුකූල නොවන කතාවක් ලියන්නට සිතක් පහලවී තිබේ.මේ කතාව කිසිසේත් නීතියටත් සම්මතයටත් අනුකූල නොවනු ඇත.මට නොගැලපේ යයිද,ගැහැනු ළමයෙකු විසින් නොලිවයුත්තක් යැයිද කියන්නට ඉඩ තිබේ.නමුත් දැන් මට මේ කතාව ලියන්නට සිතී අවසන්ය.ඉතින් කෙසේ හෝ මෙය ලිවිය යුතුය...සරළවම මේ කරන්නට යන්නේ මත විමසුමකි…..මේ කතාව....ගැහැණියක් සම්බන්ධවය.ගැහැණිය සමාජ සම්මත නොවන වෘත්තියක යෙදෙන්නීය.ගණිකාවක්ව නොඉපදී,ගණිකාවක්ව ජීවත්ව ගණිකා වෘත්තියෙන් මිදී මිය යන ගැහැණියකි.මට ලියන්නට ඇවසි ගර්බනී ...
දෙවර්ණ ඉදුදුන්න UNSAID-නොකී දෑ ජේත්තුකාර කුරුල්ලෙක් කොණ්ඩය උඩට කර බැද කවුලුවෙන් හොරෙන් විත් මගෙ කැදල්ලට වැද.... සිනාසී කිචි බිචි ගාන ලාම්පුවේ වයරයට වී හිද, "සුදූ මම ආදරේ යැයි"කියන. මදස විලියෙන් බලන…. හොටෙන් ඇන කෙසෙල් කැබලිති ගෙනයන…. සවස් යම, කවුලුවෙන් එපිට හිද පියඹ සවනතට කර රහසක් කොදුරන... හොටට හොට තබා කෙසෙල් කැබලිති කවන... දෙවර්ණ ඉදුදුන්න මට ඔච්චමට සිනාසෙන වැහි බින්දු එක දෙකක් බිම වැටෙන... ...
අඟනකට පෙම් කරමි UNSAID-නොකී දෑ ඔව්.. හැමෝම දන්න විදිහට මම ගැහැනියක්.මම කසාද බැදලා ඉන්න ඕනෙ.අවුරුදු තිස්පහක් වෙනකොට දරුවොත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඕනෙ.උන් එකෙක් විතර ඉස්කෝලෙ යන්නත් ඕනෙ.මම කසාද බැදලා.ඔව් හිතින් මම කසාද බැදලා.කසාද බදින්න ඕනෙ හිතින් මිසක් පොතෙන් නෙමෙයි.හුගක් අය කසාද බදින්නේ.පොතෙන් විතරක්ම බෑ.තව පෑනකුත් ඕනෙ වෙනවා.පෑනෙන් කොලේ අත්සන් කරන කල් අනිත් කෙනා බලාගෙන ඉන්නවා.විස්වාස නෑ.ඒකනේ ඔය මගුල් පින්තූර වල තියෙන්නෙ. පිරිමියා ගැහැනිය පොතේ අත්සන් ...
එන්න UNSAID-නොකී දෑ එන්න අපි අහස මතුයෙහිමිරිවැඩි නැතිව දිව යමු...තරු අහුරු ඇහිදිමු....හදෙන් කිරිපැණි කමු...දේදුන්න පැද යමු...
මෙහාගොඩ සිට එහා ගොඩ වෙත... UNSAID-නොකී දෑ එන්න අපිසිතා නොබලාමපනින්නටඑහා ගොඩටමඇස් පියාගෙන ගිලී මලොත්මරණ සහතික නැතුව... නොමියතොත්එහා ගොඩ ඉතා සොදුරුවසදපායා තිබෙනු ඇත... එන්න අත් අල්ලානපනින්නටඑහාගොඩටම... ...
බත් නොදෙමි UNSAID-නොකී දෑ 1. මම නම් බත් නොදෙමි නාදුනන කෙස් ගස් වලට වලලු දැමු අත් තිබෙති... 2. හිත ඇතුලෙ කතන්දර හිරවෙලා හරි බරය... වැස්සකට අහු වෙච්ච පුළුන් රොද තෙතබරිය.... 3. පන්තියේ දොර පියන් හැරෙන තෙක් ගැසුනු හද තාමත් එහෙමමය... ...
හර්ද සoවාද UNSAID-නොකී දෑ මට ඔයාගෙන් අහන්න ප්‍රශ්න තියෙනවා. මගෙන්? ඔව් අහන්න... ඔයා බැදලද? ඔව්.. කසාද බැදලා ඉන්නෙ? මනුස්සයෙක්ව… ඔයා? මනුස්සයෙක්…. ඔයා ආදරෙ කරපු කෙනාවද බැන්දෙ? නෑ බැදපු කෙනාට ආදරේ කරනවද? ඔව් එහෙම වෙන්නෙ කොහොමද? කසාද බදින්න කලින් සළුපිලි සහිතවත් කසාද බැන්දාට පස්සෙ සළුපිලි රහිතවත් දකින්නට ලැබීම සිරුර වසා සිටින සළු? සිරුර සහ හිත හිත සහ සිරුර දෙකක්ද? හිත් රහිත සිරුරු මා දැක ...
ප්‍රේමයේ බැල්කනිය සහ හිස්තැන්..(කෙටිකතා) UNSAID-නොකී දෑ අපේකුලී ගෙදර පිහිටා තිබුනේ ජනාකීර්ණ වීදියක ජනාකීර්ණ නොවන අතුරු පාරකය.කවදත් මා ප්‍රිය කලේ දෙපතුල් වලට පොලව ස්පර්ශවන බිමකි.එවැනි බිම් කුලී නිවෙස්න වල ලැබීම ඉතා දුර්ලබ විය.ගෙහිමියෝ කවදත් පහල තට්ටුව කුලීකාරයන්ට නොදෙති.ඔවුන්ගේ උරුමය බොහෝවිට පඩිපේලියකින් ඇරඹෙන ඉහල මහල වෙති. අපේඋරුමයද එයම විය. අපයනු කවුරුනදයි හදුන්වා දීම ඉතා වැදගත්ය.'අප' යන බහුවචන පදය සමන්විත වූයේ මා හා මගේ සැමියාගෙනි.අප විවාහ වූයේ අලුත ...
කීර...(කෙටිකතා) UNSAID-නොකී දෑ "අම්මා ගියා කීර මිටි විකුණන්න...." "හ්ම්ම්....ඉතින් මට කතා කලේ???" "නිකන්..." "ඇත්තටම නිකන්මද?" "හොරා වගේ අහන හැටි...දන්නෙම නෑ" "නෑ තමයි...." "කතා කලේ අපිට අපිව හොයා ගන්න පුලුවන් කියන්න" "ඇදුම් අහවර කිරීමත් ආපහු ඇගලා ගැනීමත් අතරෙ හදුනා ගැනීමක් නෑ.එතන තියෙන්නෙ විකෘතියක්" ………………………………………………………………………………………………………………………………………………………. පොල් අතු අතරින් ඉර එලිය සෙමින් ගලා එයි.සමන්තිට සිහි වුනේ මේ හිදැස් අතරින්ම වැහි බින්දු වැටෙනා බවකි.වැස්ස දවසට ගොම ...