හැංගුනු කතාවක් UNSAID-නොකී දෑ නිදිගැට කඩන සමන්පිච්චා මල් අතරමම වැලපුනෙමිපිනිබින්දුවක් මල් වලට කිතිකවා හිනැහෙනඔබට බැදි පෙම නිසා...ඉර එලිය හොරෙන් විත් සුදු පාට රැගෙන යනහිත හුගක් රිද්දන්න ඇති මමසමන්පිච්චා මල් කෝල ලෙස හිනැහෙතමගෙ වචන හරි සැරයි,කිනිසි තුඩු පරාදයි ඉර එලිය පිච්ච මල් අත පතනනුඹ මට වචනයක් වත් සැරෙන් නොදොඩන ඉර සමග මිය යන්ට පිච්ච මල් සතුටින්ය...මගේ හිත ඒ නිසා තවමත් ඇදුම් කන.. මගේ හිත පිස ...
නිරුවත් ගැහැනිය UNSAID-නොකී දෑ දිටිමි,ඇය නිරුවත්ව ....අගහරුවාදා දවසක ,කහ පැහැති පාවහන් ඇගලා...රෝස පැහැ අත් බෑගයක් ගෙන....කෝල බවකින් එපිට බලමින්,ගමන් යන.....සැබැවින්මඈ නිරුවත්ය...දෑස බොරු නොකියත...වෙනදාත්අද මෙන්මඈමෙතන පසුකර යත...බාජු ඇදුමෙන් සැරසි වතවක්රයන් නොපෙනෙත....නමුත්මා ඇයඇසින් බලමින්සිතින් නිරුවත් කරමි....අදඇයසැබැවින්ම නිරුවතිනි...නමුත්ඇදුම් ඇද සිටියේ නම්මැනවයි සිතමි...(http://www.thinkland.net-අගහරුවාදා රෑ කතාවෙන් උපන් සිතුවිල්ලකිනි... ) ...
ඔහු වෙනුවෙන්ම වූ සටහනක්... UNSAID-නොකී දෑ සුබ උදෑසනක් හැමෝටම...අද හරිම ලස්සන දවසක්.මට හිතෙනවා කුරුල්ලොත් වෙනදට වැඩිය ලස්සනට සින්දු කියනවා කියලා.මට හොදටම විශ්වාසයි මට විතරයි එහෙම හිතෙනවා ඇත්තෙ කියලා..සමහර වෙලාවට අද ඔයාලටත් විශේෂ දවසක් නම් ඔයාලටත් එහෙම හිතෙනවා ඇති.මම ජීවිතේ හුගක්ම ආදරේ කරන අජීවී වස්තුව තමයි මේ බ්ලොග් එක.බ්ලොග් ලියන අයට නම් මමමේ කියන දේ හොදටම තේරෙනවා ඇති.ඒ අය තමන්ගේ ජීවිතය අත්දැකීම් බෙදාගන්නෙ තමන් ලියන බ්ලොග් එකත් ...
පොඩි කවියක්... UNSAID-නොකී දෑ වැස්සට පිපෙන මල්...පාඩම් පොත් කුඩ ඉහලගෙන...කොට සායවල් ගමන් යන...පයට පෑගෙන දේදුනු,පාරවල් මත....
හිමි සහ අහිමි UNSAID-නොකී දෑ සද අහසටම නොව මඩ කඩිත්තකටද සමහරක් විට... සමන් පිච්ච මල් වැලටමත් නොව උදුරාන දිව යන, සුලන් පහරටද...
සමහර කතා අසම්මතය....(කෙටි කථා) UNSAID-නොකී දෑ සමහර දේ වලට හිත කැමතිම නැත.ඒත් ඇස ප්‍රියය.හිත බලන්නට එපාම කියුවත් අහන්නේ නැතිව ඇස් හොරෙන් බලයි."හොරෙන් බලනකොට තවත් ලස්සනයි"... වචන හතරකට පුලුවන්ද හිතක් චපල කරන්න.පුලුවන්,සමහර හිත් පුලුවන්....සමහර වචන ජන්ගම දුරකතන තිරයක් මත ඉදන් වුනත් කතා කරනවා.ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.සමහරු කනට ලන්වෙලා කොදුරලා කියන දේත් හරියට පරණ පොතක ලියල තියෙන වචන ටිකක් වගේ.පොත පෙරලලා බලන්න හිතෙන්නෙත් නැති,අමාරුවෙන් බැලුවත් කිසිම හැගීමක් දැනෙන් ...
මගෙ ආදර වැලන්ටයින්… UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2013%2F02%2F15%2Fpg13_0&pt=p&hආදරවන්තයින්ගේ දවස ආදරයෙන් සැමරිලා අදට හරියටම එක දවසයි.සමහර වෙලාවට මෙහෙම කියනකොට ආදර හිත් තම තමන්ටම මුමුණාගන්නවා ඇති ආදරවන්තයින්ගේ දවසේ සැමරුම්… ආදරණීය තිළිණ,සමරු සටහන් අතරෙ ලෝකයාට හොරෙන් හුවමාරුවුන ආදරණීය හාදු එහෙමත් ඇති. "මොන විකාරද ආදරේ කරන්න මොන දවස්ද?අපිටනම් හැමදාම ආදරවන්තයින්ගේ දවසක් තමයි.."සමහර ගනන්කාර හිත් එහෙමත් කියනවා ඇති.“ඕවා තනිකරම බිස්නස්කාරයින්ගේ කූටප්රයෝග...මේ තරුණ ළමයින්ට ඕවා තේරෙන්න ඉහනිකට පැහෙන්න ඕනෙ...” කොණ්ඩෙ
හඩ(ඔබේ කටහඩ) UNSAID-නොකී දෑ මිහිරිතම හඩඔබේ කටහඩ...මුසාවකිහඩ වෙනස්.....අවස්ථානෝචිතවඋනුසුමක් ඇවසි කලතේ කෝප්පය හැදෙන හඩ...උනුසුම්ව....සීතලක් ඇවසි කලවැහි බිදු පතිත හඩපොලව මත....කුසගින්න දැනෙන කලබත ඉදෙන සුවද වුවහඩක් විය....ඉතින්බොරුවටඔබේ හඩමිහිරි බව..... ...
ශෝක ප්‍රකාශයක් නොවේ... UNSAID-නොකී දෑ තවමත් මම මෙය නොඅදහමි.බොරුවක්...ඔව් එය බොරුවක් වන්නටද පුළුවන.එසේ නොවනා බව දැන මම එසේ වන්නට පතමි.මරණය හරිම ක්ෂණික වන්නට ඇත.ඔබට රිදෙන්නට ඇත.සමහර විටක නොරිදෙන්නටද නොදැනෙන්නටද ඇත.හොද මිනිසුන් මිහිතලය මත රැදෙන්නේ ඉතාමත් ස්වල්ප වූ කාලයකි.ඔබද ඒ අතලොස්ස අතරින් කෙනෙකි.ඔබ නිසා නැගුනු කදුළු කොපුල් තල රූරා ගලාගියේ මින් ස්වල්ප මොහොතකට පෙරය.සහෝදර සහෝදරියන් නොමැති ලොවක මම ආගන්තුක මිනිසුන් ගැහැනුන් තුල සහෝදර සහෝදරියන් සෙව්වෙමි.ඔබ ආගන්තුක ...
රතු පැහැ පුසුඹ - නෙල්ලි කතන්දර UNSAID-නොකී දෑ http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/11/30&id=2012/11/30/b12113010
ජීවිත කතාව කියවන්න දෙන්න කැමතිද? UNSAID-නොකී දෑ ඔයාලා කැමති නම් ඔයාලගෙ ජීවිත කතාව අනිත් අයට කියවන්න දෙන්න.කරුණාකරලා ප්‍රතිචාරයක් විදිහට ඔයාව සම්බන්ධ කරගත හැකි ආකාරය දන්වන්න.රහසිගතභාවය සුරැකෙනවා.පොරොන්දු වෙන විදිහටම. ...
පොඩි ලේනි UNSAID-නොකී දෑ ලේන කුලයේයුවතියක්...පෙම්වතා හැරගියයිරිදුන හිතතද කරන්....කම්බි වැටකට ගෙල සිරකරන්මිය ගොසින්... අවසාන වතාවට,තද කහපාට අඹ පලුවඅතදරන්,අත්තෙන් අත්තට පැනපු පොඩි එකීඅතුරුදන්.... සොයා දෙන්නැයි පුවතපත්තරේ කලුසුදුවමුද්රිතව තවම ඇතතේ බීපු මේසෙ උඩ.... ...
දීපිකා පදුකෝන් UNSAID-නොකී දෑ දීපිකා පදුකෝන් නුඹ මායාකාරියකි.. අනවරතයෙන්ම.... ඔය ඇස් දෙකට,නලලතට බෝමැ අගේ ඇති නිතඹට මායාවන් කල හැකිය.. පියවි ලොව ප්‍රේමයක් සිද දමා ඒ කතාවේ පෙම්වතා නුඹ වෙතට ප්‍රේමයෙන් වෙලා පටලා ගත හැකිය... ඇස් දෙකෙන් හිනාවෙන හිනාවට ගැහැනියකගේ හද වුවද මොහොතකට නැවැත්විය හැකිය... ...
මෙගා ටෙලි නිලිකම... UNSAID-නොකී දෑ නිලියක්මිනිවස රග මඩල කොට...කදුලු ගෑස් නැතුවම,කදුලු එන...බසයේ වැඩට යන....චරිතයක් රගපාමි...එක මෙගා ටෙලියක පමණක්ම...ජනප්‍රිය නිලියක්මි...එක නළුවෙක්ටපමණක්ම උරුමව... ...
නෙල්ලි කතන්දර-මගේ තීරු ලිපිය UNSAID-නොකී දෑ ඔයාල දන්නවද?මම දිනමිණ පත්තරේට තීරු ලිපියක් ලියනවා.තීරු ලිපියෙ නම "නෙල්ලි කතන්දර".ඊයෙ ඉදලා හැම සිකුරාදා දවසකම දිනමිණ පත්තරේ "බත්තර මල්ල" කියන අතිරේකයේ මේ තීරු ලිපිය බලන්න පුළුවන්....ඊයෙ ලියමන ඔයාලට කියවන්න පුළුවන් මේ ලින්කුව ඔස්සේ....http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F14%2Fpg15_2&pt=p&h කැමතිනම් එන්න ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න...ඔයාලගෙ අදහස් දැනගන්න බලාගෙන ඉන්නවා... http://www.facebook.com/nellikathandara?ref=hl ...
ආදරේ .... UNSAID-නොකී දෑ අපි කවි ගනන් නොගන්නා අය ගනන් විතරක්ම ගනන් ගන්නා අය ප්‍රේමය පාගාගෙනයන අය පයට පෑගුන දුහුවිලි සෝදා හරින අය...-දසුනි හෙට්ටිආරච්චි ඉස්සර අඬ අඬා ප්‍රේම කවි ලියූ අය දැන් කරගන්න දෙයක් නැති අය ඒ නිසා නිදහසට කාරණා කියන අය-සමර විජේසිංහ අපි කවි නිසා හුස්ම හිරවෙන අය-කාංචනා කරුණාමුණි අපි ඔපීසියේ රෑ වෙනකල් වැඩ කරන අය... ආදරේ අමතක වුන අය... -දසුනි හෙට්ටිආරච්චි පා ...
කතන්දරකාරයෝ.... UNSAID-නොකී දෑ කතන්දරකාරයාකියන්නේරසකරලාකතන්දරයක්ලියන්නඑහෙමත්නැත්නම්කියන්නපුළුවන්කෙනෙකුට. කතන්දරකියන්නපුළුවන්කට්ටියලොකුවුනාමකතන්දරමාමලාහරිනැන්දලාහරිවෙනඅතරේකතන්දරලියන්නපුළුවන්කට්ටියජනමාධ්යවේදියෝහරිපොත්කර්තෲවරුහරිවෙනවා. ඔයදෙකමනොවීසමහරුකන්තෝරුවකහරිවෙනකොහේහරිහරිවෙනරස්සාවක්කරනවා. ඒත්ඒවගේවෙනරස්සාවල්කරනඅයවැරදිලාවත්කතන්දරයක්කියන්නගියොත්ඔපීසියේසෙනගඒඅයවවටකරගෙනකටවල්ඇරගෙන,සමහරවෙලාවටබඩවල්අල්ලගෙනහිනාවෙමින්කතන්දරේඅහනවා.කතාවඅහලාහොදටෝමහිනාවෙලාඅන්තිමට"මෙයානම්කතන්දරකියන්නමරුඅනේ.."කියලාගෑනුළමයිකියනවා."උඹතමයිකතන්දරකියන්නගියාමදවසකටවත්මිනිහා..
කාක්කා... UNSAID-නොකී දෑ පියාඹන් යන කාක්කෙක්වසුරු පිඩක් ලූ හිස මතටඋඩ බලා 'තමුසෙට පිස්සු දැයි'ඇසුවෙමිය...ඌ සිනාසී මා වෙතට'මිනිස්සුත් අමුතුම සත්තු'යයි කීවේ..අන්ද මන්දවතවත් ඌ දෙස බලා උන්නෙමි.... 'ලගදි දවසකමෙවැනිම උදේ වරුවක,කූඩුව හදන්නට බෝ දුරක් රැගෙන ආකරදාසි කොලයක් හොටයෙන් ගිලිහුණිය.... මග යමින් සිටි මනුසත් හිසක් මතට වැටුනේ...හිස සෙමෙන් අතගා කොල කැබැලිත්ත අතට ගෙන'වාසනාවන් කාක්කෝ'යයි කීවේ...' මම තවම උඩ බලන් කාක් කතාව අසමින්ය... "එය අමුතු කොලයකිරුපියල් ...
සමන්මලී (පොඩිත්තන්ට කතන්දර-2) UNSAID-නොකී දෑ ඉස්සර කාලෙ අහසෙන් පොලොවට ඉනිමගක් තිබුනා.ඉනිමගෙන් අහසෙ ඉදලා පොලවට බහින්නත්,පොලවෙ ඉදලා අහසට නගින්නත් පුලුවන්කම තිබුනා.තරු ඉද හිටලා පොලවට බැස්සා.මල් ඉනිමග දිගේ අහසට ගිහින් සමහර රෑ කාලවල පොලව දිහා බලාගෙන දිලිසුනා.ඒ මල් ඒ මල් අතිකාල වැඩ කල දවස්..තරු පොලවට බැහැලා සමන්පිච්ච මල් වෙලා සුවද දුන්නා... සමන්මලී ජීවත් වුනේ පුන්චි පැල්පතක.සමන්මලී ගෙ ඇත්ත නම දිනිති වුනාට ගමේ හැමෝම දිනිතිට කතා කලේ ...