මා ගැන ඔබ ගැයූ ගී... UNSAID-නොකී දෑ මගේ කවිය මට දෙන්නඔබ ගීතයක් කොට නොගයන්න...එක්වසැති බිලිදෙක්ව මියගියඅප අතර ඉපැදුනු ප්‍රේමය....තනුව කොටගී ගයන ...පෙම්වත....නුඹ මා නොහදුනයි....මා ජීවිතය අකුරු කරනට නොතනන්න...මගෙ කවිය මට දෙන්න... ...
මිනිසා UNSAID-නොකී දෑ 2012.07.26මම කෑම කනවා.කොහොමද දවසෙම කන්න නැතුව ඉන්නෙ.උදේ හතරට නැගිටින එක තමයි එපාම කරපු වැඩේ.2012.07.30"Do you wanna fag?" .වරෙන් මචන් යන්න ඉක්මනට .weekend එකම මුකුත් නෑ.මට එපා වෙලා හිටියෙ.come on man....2012.08.01මම wife ට කියුවා මුස්ලිම් පොතේ තියෙන්නෙ අඩුවෙන් කාලා නෝම්බි ඉන්න කියලා ඉතින් ඔයා කරදර වෙන්න එපා. උදේට නැගිටින්නත් හොද නෑ.මට කෙසෙල් ගෙඩියයි වතුර එකයි තියන්න.මම ඒක කාල ඉන්නම් කියලා. She ...
දූ බලන්න ඇවිත්.... UNSAID-නොකී දෑ දුව බුලත් අත නැත අතතේ ඇතමදහසත් ඇත වතසාරිය නැතදිග සාය ඇතආත්තම්මාමුහුණ ඇඹුල් කර,ඇස් පුන්චි කර...බලයි සoකර...නමුත්,රතු දෙකම්මුල්තාමත් සිවු නෙත් ගැටෙන කල...සිතින් තාමත් අහිoසක.... ...
සීගිරි කාෂ්‍යප UNSAID-නොකී දෑ කිඹිස්ස කියන්නෙ සීගිරියට අල්ලපු ගම.එදා වගේම අදටත් ඒක එහෙමයි.ඒත් මේ එදා වෙච්ච කතාවක්.එදා කියුවෙ අවුරුදු හතලිහකට විතර එපිට. කාෂ්ඨෙට අව්ව පායලා තිබුනා. අක්කර පහකට කිට්ටුවෙච්ච ඉඩමක පත්තක්කා,කැකිරි ,බඩ ඉරිගු එහෙම ඕසෙට වැවිලා.වැවිලම නෙමෙයි වවලා. බැංකුවෙ මහත්තුරු දෙන්නෙක් අයිතිකාරකම් කියුව මේ වගාවට යාබදව තමයි බැංකුව පිහිටලා තිබුනෙ. බැංකුවටම හිටියෙ නිලධාරීන් දෙන්නයි.නමින් දැනගෙන හිටපු නැති මේ දෙන්නටම ගමේ මිනිස්සු ගෞරවයටත් එක්කලම ...
එක් අයෙක් නොව,මුලු ලොවය.... UNSAID-නොකී දෑ ආදරය කවියක් නම්,නුඹ පද පෙලක් නොව,ඒ කවියමය....එහි තනුව ඔබවයන තාලයය..මා ලියන කවි පොතේඑක කවක් නොවනුඹ කවි පොතය...කවි පොත මා හිතය...නුඹ ගිරි හිසක් නොවමුලු කදු පෙලය...පැන් පොදක් නොවදියත ඇති සියලු පිනි බිදුය... ...
ඇහි පිහාටුව UNSAID-නොකී දෑ ඉටු නොවුනු පැතුමක් ඇහි පිහාටුවකට අලවා පා කර අරිමි මම... ඔබ ඈත මට නොපෙනෙනා දුරක හිද අල්ලාගනු ඇතැයි, පිරිමැද , හාදුවක් දෙනු ඇතැයි... ඔබේ ඇසි පියන් මත අලවා ගනු ඇතැයි සිතමින්... සමහර විටක දුටුවාත් නුදුටුවා මෙන් සිටිනු ඇත... පාවෙලා යන දන්නා කෙනෙකුගේ නොදන්නා ඇහි පිහාටුව.... ...
මහන...(කෙටි කතා) UNSAID-නොකී දෑ මම මහන කෙනෙක්.මහන කෙනෙක් කියුවට කලාතුරකින් කහපාට අදින,සිවුරු වගේ ඇග වැහෙන ඇදුම් නම් අදින්නෙම නැති කෙනෙක්.මහන්නෙත් ඇග වැහෙන ඇදුම් නෙමෙයි.පිටරට වල ලස්සන නෝනලට ඇග පේන ඇදුම්.මට ඉන්නවා එයාල දෙන්නෙක්.එයා 1 සහ එයා 2.එයා 1 කියන්නෙ මුලින් හම්බුනු නිසා මිසක් එයා 2ට වඩා එයා 1 හොද නිසා නෙමෙයි.එයා 1 මට ගැලපෙනවා කියලා මගේ එකම නෑදෑයා වුන අම්ම කියනවා.එයා 1 මාව ...
මගේ නොවන කවියක් UNSAID-නොකී දෑ දසුනක්මැවී...සැඟවී ගියනිමේෂයේ...මා නෙත්විසිර ගියෙසැමතැනමුහුණු පොතේ...යළි දැන් පෙනේදසුනෙහි රුවසිනහ මැවේ...
හිනස්සන්නට කෙනෙක්...(වැටුප සාකච්චා කරගත හැක ) UNSAID-නොකී දෑ මට සිනා සෙන්නට ඕනෑය...අතීතෙට ඇහෙන්නටමට සිනා සෙන්නට ඕනෑය... කදුලු එලවා දමන්නටමට සිනා සෙන්නට ඕනෑය...මතක විසිකර දමන්නට...දුක කටුගා දමන්නටඇඹුල පැණි රස කරන්නටමට සිනාසෙන්නට ඕනෑය... ...
'යාලු කන්'(සත්‍ය කථාවකි.මගේ ආත්මගත මිතුරියට ස්තුති ලිපියකි.) UNSAID-නොකී දෑ මම ඇගේ කන් ගැන විමසිල්ලෙන් නොබැලුව බව සැබැවි.ඒත් ඒවායේ යාලුකම තැවරී තිබෙනයුරු දුටුවෙමි.ඇගේ කන් ඇගේ සමේ පැහැයම වන්නට ඇත.මට හරියටම නිච්චි නැත. මට ඇයව මග හැරී ගිය කාල තිබිණි.ඒත් ඇයට මාව මග නොහැරින. අපි පාර මාරු වෙන්නට වත් අතින් අල්ලා නැතිමුත් ඇය මගේ හිතින් තදකොට අල්ලාගෙනම සිටියාය.මම ඇගේ හිතේ ගෑවී නොගෑවෙමින් සිටියෙමි. ඉස්පිරිතාලයකට ජීවිතයේ පලමු වතාවට ඇතුල්වනවිට දැනෙන හැගෙන ...
මම සහ මම.... UNSAID-නොකී දෑ පුන්චි දුඹුරුපාට බන්කුවක් උඩ අවුරුදු තුනක පිරිමි ළමයෙක් වෙලා මම ඉදගෙන ඉන්නවා.අදත් හුග අය ඇවිත්.මට හරිම බඩගිනියි.අද බත් ඇත්තෙ මොනවා එක්ක වෙන්න පුලුවන්ද?මම කැමතියි සැමන් මාලු වලට.ඒ මාලු දෙන්නෙ අඩුවෙන් සල්ලි දෙන දවසටලු.ඒත් මට ඒ මාලු ඕන.සුදුපාට බත් හැන්දක් පුරවලා සුදුපාට පිගානට බෙදලා තිබුනා.ඒ පිගාන බිදෙන්නෙ නැහැ."ටක..ටක..ටක"සද්දෙන් පොලවෙ හැප්පෙනවා විතරයි.මම ඒ බව හොයාගත්තෙ හුගක් බයවෙලා බිම බලාගෙන ඉන්න වෙලාවක.බයවෙන්න හේතු ...
ඒ දුවත්,මා එක්ක සිනාසෙන.... UNSAID-නොකී දෑ ඒ දුවත්ඔය වගේ මගෙ වගේසුදුයි පොඩ්ඩක් ඉතර වැඩිපුරමක් කරන්නදඅපි කලු වුන එකට....වාහනය සුපිරි සුපිරිසිදුඉද බහින අපූරුවඅතට ගන්නට සිනාසෙන්නටගුරුතුමී බැස ඇත මහමග...මගෙ දුව පයින් යනගෙදර ලග ඉස්කෝලෙගුරුතුමී ඔය වගේ නැතඅම්මටත් ඉදහිට බනින ...දූ ට තාමත් නොතේරෙනකාසි මවනා වෙනස...එත්,මගේ දූ වාගේමඒ දුවත්මා එක්ක සිනාසෙන... ...
ඇවිත් යන්නට ඇවිත් UNSAID-නොකී දෑ මල්ලී කෙනෙකුට අක්කා කෙනෙක් අහිමිවීම හදවත් කොයි තරම් පාරවන්නට සමත් වේදැයි මට හගිස්සන්නට මගේ හැගීම් සමත් නොවේ.ඒ මට මල්ලී කෙනෙක් නැති හෙයිනි.සොහොයුරු සොහොයුරියන් නැතිව මා තනිව උපද්දන්නට තරම් මගේ කර්මය මට රිද්දවා ඇත.ඒත්, එවන් මල්ලී කෙනෙක් මට හදිසියේ හමුවිණි.ඒ මල්ලීට මේ කවිය ලියා දීම මගේ හදවතත් කම්පා කලේය....සේපාලිකා ගහතවමත්එතන හිටගෙන...සුවද මල්අවුරුද්දකටකලින්අන්තිම වතාවටදැක්ක දාවාගේම...ඒ සුවදමයි තාමත්;සේපාලිකා.....බoකුව මත සේපාලිකා මලවිතරක්ම,පරවෙලා ....මල්ලී…ඉස්සර විදියටමහිනාවෙන...දැන් ...
මම දන්නෙ නැතිලු මිනිස්සුත් එක්ක ඉන්න.. UNSAID-නොකී දෑ මමදන්නෙනැතිලුමිනිස්සුත්එක්ක ඉන්න...මලසමයයංඑතකොටමෙච්චර දවස්මමහිටියෙ කාත් එක්කද?මිනිස්සුත්එක්ක නෙමෙයිද?දැන්තිහකටත් කිට්ටුයිවැඩිමඋනොත් ඉන්නෙත් හැටයිමේයන විදිහට ගියොත්...මමත්කැමතියි හැටහතරෙ බලෙන්හරිවිදිහට මිනිස්සුත් එක්ක ඉන්නගෑනුන්ගේඉරිසියාව දිනාගන්න..හංසබෝට්ටු පදින්නෂර්ට්එක යට කරලාඔෆිස්කලිසම් අදින්න...ඒත් එහෙම නොකරමමමඉන්න දන්නේ නෑලු...බටර්ෆැක්ටරියකඅයිතිකාරයොනොවෙන ගෑනුදන්නෙනැහැ ඉන්න...එදාවගේම අදත් එහෙමයි…මමමක්ක කරන්නදබටර්ගාන්න බැරි එකට ජාන වල වැරැද්ද...මමදන්නෙනැතිලුමිනිස්සුත්එක්ක ඉන්න...මටඕනෙ ඉගන ගන්නමිනිස්සුත
ඇය දුටුවාම සිත සසැලින නොපැතුයුර.... UNSAID-නොකී දෑ මේ කවිය ලියවුනේ මේත් එක්ක අමුණලා තියෙන කතාවේ අයිතිකාරයා වෙනුවෙන්...ඔබට දැනුනු ඒ අත්දැකීම මටත් දැනිලා තියෙනවා.ඒත් වෙනස් විදිහකට.මේ කවිය කියවන හුග දෙනෙකුට නොවෙයි හැමෝටමත් විරහව දැනිලා ඇති....දැනෙනවා ඇති.... ඒත් එකිනෙකට වෙනස්ව... තහනම් හිතක තහනම් කල අඩවියකමගෙ හිත සිරවෙලා මෙතුවක් උන් බැවිනනුඹ දුටු වෙලේ පෙරදා එක් නිමේෂෙකහිත ගල් ගැසුනි නොපැතූ දසුනක් දුටුව....සොදුරුය නුඹේ වත පෙරදා මෙන්මඋස්කුස් දරන් බෝමලුවේ ඇවිදයනසිහිකල පෙමේ සියුමැලි ...
හූණාගේ මරණය UNSAID-නොකී දෑ ඇස් දෙකත් පියාගෙන හූණෙක් මියගොස්ය.මිය ගොස් සිටියේ හරිම ශාන්ත අයුරකිනි.ඒත් නිවස තුලම දිවිනසා ගැනීම .සමහර විටක බිරිද තවත් හූණෙක් සමග පලා ගොස් විය හැක.අනේ මන්දා යැයි ඇයට සිතින.මියගිය හූණා සර්ව සම්පූර්ණවම මිය ගොස් සිටියේය.වලිගය තිබූ තැනම ඒ විදියටම තිබුණි.වලිගය අහිමිවීම නම් දිවිනසා ගැනීමට කාරණයක් විය හැක.නමුත් සර්ව සම්පූර්ණව මිය යාම ප්රශ්නයකි.ඇය සිතුවාය.සිතුවාය.මිය යනවා නම් තමන්ටද මිය යන්නට කරුණු කාරණා ...
ඔය ඇස්...ඒ ඇස්....and මේ ඇස්.... UNSAID-නොකී දෑ ඔය ඇස්ඒ ඇස් දිහා බලනවා දුටිමිමේ ඇස් දෙසඑදා බැලු අයුරින්ම....අපේ ඇස් හමුනොවුනු කාලයටඔය ඇස් වෙනස් වී නැත ....එදා වාගෙම දිලිසෙතමූණු පොතඋජෝ වඩමින් පෙන්වනඔහු...ඇය ඉන්න...මම නොමැති පින්තූර.... ...
අලුත් අවුරුද්දක්...(ඔබ සැමට සුබ වේවා) UNSAID-නොකී දෑ ජීවිතේ හැමදාම අලුත් වෙනවා නම් මම හරිම කැමතියි.අවුරුද්දට නිලාකූරක් පත්තු කරගෙන ගේවටේට දුවලා පුලිගු පිටවෙන ලස්සන බලන්න,කැවිලි හදන අම්මට කජු පියලි කපන්නට උදව් කරන අතරෙ සෙරක් වගේ කජු පියල්ලක් කටේ දමා ගන්න.අවුරුද්දක් ඉපයු සල්ලි වලින් තාත්තට හුගක් වටින සරමක් එක්ක ලස්සන ටීෂර්ට් එකක් ගෙනල්ල දෙන්න."කෝ දූ ගෙනාපු සරම අදින්න "කියලා තාත්තා කියන හඩ අහගෙන ඉන්න.දුප්පත් මිනිස්සු ගෙදරට ආවම අතේ තියෙන ...
කියන ,නොකියන අතර සැබෑ වෙනසකි.... UNSAID-නොකී දෑ මවකි බිරිදකිසොයුරියකියෙහෙලියකිකියන හැටියට...සේවිකාවකිගනිකාවකිනොකීවාට....
එකිනෙකාගෙන් නොදැල්වෙන.... UNSAID-නොකී දෑ පුළුන්,එකිනෙකා දල්වනු නොහැකිව...එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...ගින්දරදෙදෙනාම දල්වනඑකිනෙකට වෙනස් ගින්නෙන්....ඔහු කෝපයෙන්,ඇය හිත් කොනක දලුලන ප්‍රේමයෙන්... ...