හරි විහිලු ප්‍රේමය UNSAID-නොකී දෑ මට හරිම හිනා යනඅපේ, හරි විහිලු ප්‍රේමය...තෑගි නැති, ආටෝප ආලේප නැති...ණය පත් නොඇවසිඅපේ ,හරි විහිලු ප්‍රේමය...බැදීමක් නැතිසිහින නැතිහිතට ලොකු බරක් නැති...අපි,එකිනෙකාගේ,කවි වලට පෙම් කරන..කවි වලින් හිනාවෙනකවි වලින් මුලාවෙනඑකිනෙකා නැතිව බැරිඅපේ හරි විහිලු ප්‍රේමය....මට හරිම හිනා යන... ...
මගේ තා....ත්...තා..... UNSAID-නොකී දෑ ඒ අප නොවන බවසක්සුදක් සේ පැහැදිලි....අතින් අල්ලන් පාසලට යනඅර දෙදෙන....... තාම මල් පිපෙනවා ඇති"තාත්තේ අර ගෙඩි???"පලමු වර අට්ටික්කා දකිනදියණියක...මා නොවන....ජීවිතේ සියලු බර,දිනක හිමිවන බව දැන...නමුදුපොත් බෑගයේ බර නොදෙනතාත්තා....ඔබ නොවන... දවසක ඇයත්මේ කවමලියනු ඇති...ගතින් බෝ දුරින් හිදහිත රැදුනු තනිකමට... ...
Untitled Post UNSAID-නොකී දෑ පැන්සල් තුඩගක්මි..බිදී විසිරෙන...නොසිතු විට.. ඔබ..මුවහත්කරනය...මා මුවහත්වපැරණි කවියම ලියන...ඔබ යලිත්තුඩ කඩන...හැමදාමඑකම තැනමුහුණින් මුහුන බලමින...
පරණ කවි... UNSAID-නොකී දෑ ""තියෙනවද මම ගැන ලියපු කවි...හුගක් ඉස්සර ,ලග උනත් කමක් නැහැ...කරදාසි කොලවල කුරුටු ගා නැතුව ඇති...පරිගණක ගත කොහේහරිවීසි කර වත් නැත්ද...???"""අනේ නැහැ.."කවි ලියුවද මන්දා..හුගක් අය ගැන ලියුවා...ඔයා ගැන...හරියටම කියනවද,කවද විතරද ඔය...කොයි කාලෙ වගේ දැයි...මුල් නම කියුවොත් කියන්නට හැක...අනිවාරතයෙන්ම... ...
With out Butterfly ....පලමු වසන්තය...Without butterfly.... UNSAID-නොකී දෑ පලමු වසන්තයයලි එලඹ...සමණලයාපැන ගොසිනි... මල් පිපී...පලමු වසන්තය යලි එළඹ...සමණල තටුවක හඩ ඇසෙන...
දෙහි.. UNSAID-නොකී දෑ ඔබ පෝර උරයක පිරවූ වැලි අතර සැගවූ ඇඹුලැති දෙහි සොයනයුරු මම දකිමි කවුලුවෙන් මෙපිට සිට පැණි රසැති ඔබ සොයමි...
රාග...Simply Lust UNSAID-නොකී දෑ අපිගිනි උදුන ලග වාඩිවෙලා හිටියා.මම හිටියෙ පහසුම ඉරියව්වෙන්.එරමිණියා ගොතාගෙන.තවදුරටත් කාටවත් පේන්න වෙන කෙනෙක් වගේ හැසිරෙන්න උවමනා නැහැ.ගිනි උදුන සිතට ප්‍රේමය ගෙනාවා.වරදවා වටහා ගන්න එපා.ඒ ප්‍රේමය ...ආදරය නොවෙන.ආදරය......... ලෙන්ගතුකම..... දයාව.... අනුකම්පාව හා බැදී පවතින...ඒත් ප්‍රේමය හරි සරලයි,බැදී පවතිනවා රාගයත් සමග .රාගයේ උත්කෘෂ්ඨතම අවස්ථාවෙන් පස්සෙ රාගය අප්‍රිය බවට පත්වෙනවාත් එක්කම ප්‍රේමය නැතිවෙලා යනවා.ප්‍රේමය අතරතුර,රාගය අතරතුර ආදරයක් ඇතිවෙලා නැත්නම් ප්‍රේමයේදී රාගයේදී තමන්ගේ ...
හොද පවුල් වල ගැහැනු ළමයි ක්‍රීඩා කරන්නේ නැත(බද්දර මල්ල) UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/26/pg17_1&pt=p&h=
මගේ මීලග හිටපු බිරිද.... UNSAID-නොකී දෑ මම විවාහකයෙක්මි.වරක් දෙවරක් විවාහ වී තිබීම අවිවාහක වීමට බාධාවක් නොවේ.අවිවාහක වී නැවත විවාහ වීමට බලාපොරොත්තුවෙමි.වීදුරුවක් අත්වැරදීමකින් බිදී යා හැකිය.නො එසේ නම් පොලව මත පතිත කොට බිදී යාමට සැලැස්විය හැකිය.මම වීදුරු පොලව මත පතිත කොට බිදී යාමට සලස්වා ඇතිවාක් මෙන්ම අත්වැරදීමකින් බිදී ගිය වීදුරුද ඇත.එකදු වීදුරුවක හෝ මතකයක් මාසතුව නැත.මේ ප්ලාස්ටික් සමග ඇති මගේ පලමු ප්‍රේමයයි.ප්‍රේමයේ අළුත් බව හෝ පැරණි බව ...
පාවුලෝ කොයියෝ ; මට ඔබට ආදරේ කරන්නට ඕනෑය... UNSAID-නොකී දෑ මට ඔහුට ආදරේ කරන්නට ඕනෑය...සෙනෙහෙබර බිරිදක්ව නොවනිදහස් කරදාසියක් වී... ලියවිල්ලක්ව සුරතින් ලියවෙන්ට ඕනෑයඒ හිතේ කවියක් වන්න ඕනෑයකුරුටු ගෑ පත් ඉරුවක්ව කුණු කූඩයේ හිදින්නට ඕනෑය... හිතේ ගෙතෙනා කතන්දර කියවන්ට ඕනෑය...සම්මත අසම්මත කරනට ඉගන ගන්නට ඕනෑය...අසම්මත තුල සම්මත දකින්නටපුරුදු වෙන්නට ඕනෑය... පොදු රියක නැග ගමන් යන ගමන් මලු තුලට වී හිද;ඔහුබලන දේ නොව හිතෙන දේ දකින්නට ඕනෑය.... නොබිදෙන ප්‍රේමයෙන් ඔහුට පෙම් ...
මැහැල්ල සහ බැල්ල... UNSAID-නොකී දෑ ඇය ජීවිතයේ අග බාගය ගෙවමින් සිටින්නීය....අග බාගය පටන් ගත්තා යයි තමා සිතූවේ පනස් ගනන් වල මැද හරියේ බව ඇයට මතකය..දැන් අසූ ගනන් වල මැදය..තාමත් අග බාගය ගෙවෙමින් පවතී.අග බාගය අවසන් වී තවත් මුල් බාගයක් පටන් ගන්නා තුරු මග බලා සිටින්නී තමාගේ ඉවර නොවන ජීවිතය ගැන ගතු කියන්නීය.පරණ තාලයේ රවුම කරකවන දුරකථනය නාදවන වාරයක් පාසා ඇයගේ හිතට ඕස්ට්‍රේලියාවද ,නවසීලන්තයද,කොට්ටාවද පැමිණෙයි.බොහෝ ...
එකවර දෙතැනක රගපාමි. UNSAID-නොකී දෑ මම එකවරම දෙතැනක හිදිමි.ඒ බව දනිමි.ට්‍රික්සි ඩිඩ් යූ ෆිනිශ් මේක් අප්?ලොක්කාගේ කටහඩ ඇසෙයි.මම දැනට හිදිනා තැන් දෙකේදීම සාර්ථකත්වය රදා පවතින්නේ මූන පාට කරනා ප්‍රමාණය මතය.පාට නොකල මූනු බලන්නට තැන්දෙකේදීම මාව බලනා අය කැමති නැත. තැන්දෙකේදී මට ඇත්තේ නම් දෙකකි.එක තැනකදි ජනප්‍රියත්වය ලැබෙන අතර තව තැනකදී ප්‍රසිද්ධිය ලැබෙයි.මට ඔය කෝකත් එකය.දෙතැනදීම සල්ලි ලැබෙයි.මම තැන් දෙකේදීම රගපාමි. දෙතැන රගපෑම සිදුවන්නේ දෙවිදියකටය.නමුත් ...
සරුoගලය UNSAID-නොකී දෑ සරුoගලය පියාඹා යන ඉදහිටක හමුවන කුරුල්ලෙකු හා දොඩමලුව තෙමෙන්නට බිය බව කියන... කොන්ඩ බැදි කුරුල්ලන් ආල කතන්දර දොඩන්නට එන.... උසින් පියාඹන යකඩ කුරුල්ලන් දකින.... උස අතු අල්ලන්ට තමන් මිටිබව සිතත.... නිදහස අහිමි කරවන නූල් පන්දුව ඔහු අතින් ගෙන තමන් කැදවන් නිදහසේ පියාඹන සිහින හිමිකරුවෙකු එනතෙක් මග බලන... ...
මරණ බිය ජීවිතය උගන්වන බව උගත්තෙමි... UNSAID-නොකී දෑ ඉස්පිරිතාල ඇදන් මතමිනිසුන්,පින්සෙන්ඩු වීදොස්තර දෙවියන්ට,තව හුස්ම ඉල්ලන...ජරාපත් මහලුවුන්දිරාගිය ජීවිතඅතරට ,මෑතකදි ගිය දවසක...මමදරෝගීව දිරාගොස් සිටියෙමි...අහෝ ජීවිතසිතුන මුත්,සසර කල නොකිරුනෙමි...හැරපියා යනු බියෙන් තව තවත් බැදුනෙමි...සිගා යෙමි ජීවිතය...ඉගන කියා අවසනසැමියෙකුත් ලැබසැලකුම් ලැබිය යුතු මාපියන් ඇති කලකෙලෙස හැරයම්ද???ආසාව අන් අය මතට පටවමි.මරණ බිය ජීවිතය උගන්වන බවඋගත්තෙමි... ...
"නැන්දම්මා මාමා" සහ "අම්මා තාත්තා" UNSAID-නොකී දෑ මේ හිත් රිදෙන රිදවා ගන්න මාතෘකාවක්.ඒ වගේම හිත් හැදෙන මාතෘකාවක්.ඒත් එක්කම කියන්නට ඕනෙ මේ ඔස්සේ මගේ ලෝකයේ ඉන්න නැන්දම්මා වත් මාමා වත් අම්මා තාත්තා වත් කියවන්න ලෑබෙන්නෙ නැති බව.මම කියන්නෙ සමස්ථයක් විදිහට මම අහල දැකලා තියෙන දේවල්.මට කියපු දේවල් එහෙම.සමහර දේවල් තියෙනවා කියන්නෙ නැතුව දැනුන දේවල්. අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක් පුන්චි කාලෙ ඉදලම හදනවා බලා කියා ගන්නවා.මට ...
අංශක 110 UNSAID-නොකී දෑ මමමට තියෙන්නේ තුනට බෙදුනු හදවතක්.හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා.ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි..අංශක 170 යි 110 යි 80යි.ඇත්ත ,බැලූ බැල්මට අංශක 170 ලොකුයි.ඒක එහෙම තමයි.මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා.අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්.උතසව, සාද ,විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්.80 හරිම ...
බම්ප් UNSAID-නොකී දෑ රබර් බෝලයක් බම්ප් වෙනවට වඩා බම්ප් වීමේ හැකියාවක් ටෙනිස් බෝලෙකට තියෙනවා.ලෙදර් බෝල ගැන මම දන්නෙ නෑ මොකද මම ලෙදර් බෝල වලින් සෙල්ලම් කරලා නෑ.දන්නවද ???ඉදුනිල් බම්ප් වෙනවා කියලා.....නෑ ... ඉදුනිල්ව දැන ගන්න ඕන නෑ කතාව දැනගන්න.සමහර වෙලාවට ටෙනිස් බෝලෙකටත් වැඩිය හරිම දක්ෂවිදිහට එයා බම්ප් වෙනවා.රීබොක් එක ලග තියෙන පිට්ටනියෙ රවුමට දිව්වා කාලයක්.ඒකාලෙ එයාගෙ බඩ සෑහෙන්න ලොකුවට තිබුනා.පර්ස් එක ලොකුවට ...
එරානි UNSAID-නොකී දෑ අපේපන්ති කාමරයෙ පාර දිහාට ඇරුනු ජනේල තිබුනා.පන්තියට යාබදව විලෝ ගස් පේලියක් හිටගෙන හිටියා.හරි කෙලින් .ඒ විලෝගස් සුලගට හෙලෙවුනෙත් අකමැත්තෙන් වගේ.ඉස්කෝලෙ තිබුනෙත් සුලගකටවත් හෙලෙවෙන්නෙ නැති නීති.බස්එකේ ඉස්කෝලෙ එන ගෑනු ළමයෙක් හැමදාම පන්තියේ බුදුපහන දැල්වුවා.පරක්කු වෙලා එන දවසට බුදු පහන දල්වලා තිබුනත් කටින් පිඹලා පහන නිවන්නත් අලුතෙන් තමන්ගෙ අතින් පහන දල්වන්නත් මේ ගැහැනු ළමයා පුරුදු වෙලා හිටියා. කවදාවත් බුදුන්ට තියන්න මල් ...
බූත බිරිදගේ අතීත කතා වස්තුව(කෙටිකතා) UNSAID-නොකී දෑ පහනතිබුනේ කබඩ් එක ඇතුලේය.කබඩ් එක තිබුනේ කුස්සියේ සිට සාලයට ඇවිද යන පැසේජයේය.පිත්තල පහන අම්මාගේ පිරිසිදු කමේ බලමහිමයෙන් පිත්තල පාටටම දිලිහි දිලිහී තිබුනේය. මට හිතුනේ ඔය පහන ඇතුලේ බූතයෙක් ඉන්නටම පුලුවන් කියාය.ඇලඩින්ගේ පුදුම පහන කතාවද ,ඊටහුගක් මෑතකදී බලපු සිoහල කතාවකද පහන ඇතුලේ බූතයන් සිටියෝය.කොහොමටත් බූතයෙක් ඉන්නවානම් හොදය.එතකොට මට උඩින් යන කාපට් එකක්ද හිතූ පැතූ දේද ලැබෙන්නට පුලුවන.මමරස්සාවට නොයා ගෙදර ඉන්නටත් ...
සිoහ කමිස UNSAID-නොකී දෑ මම සිoහ කෙදි වලින්,කමිසයක් මහමින...බැටළු ලොම් කපා විකුණමි,සිoහ කෙදි කමිසය ඇගලාමි...බැටළු ගුණ ඇති,සිoහයෙක් වෙමි...