..සතුට රැදි බත් ඇට.... UNSAID-නොකී දෑ “අපෝ...මෙයාගෙ මහත්තයා පව්…” “මොකෝ බැන්දා කියලා ගෙදර උයපු බත් එකක්වත් කන්න ලැබෙන එකක්යැ...හැමදාම කඩෙන්….” “අනිත් දේවලුත් පිටින්ම කරගන්න පටන් ගත්තොත් තමයි වැඩේ...” මේ සියල්ලම විහිලුය.නැත්නම් ඔවුන් කියන්නේ එහෙමය.හිත නරක් කර ගත්තොත් කියන්නේ "අපෝ විහිලුවක්වත් තේරෙන්නේ නෑ"කියලාය. කන්තෝරුවේ අය එහෙමය.විහිලුවෙන් තහලුවෙන් කියන්නට උවමනා දෙය කෙසේ හෝ කියාගනියි. කතන්දර වලට හිත රිදෙන බව ඇත්තය.නමුත් මම හිත නොරිදා ගෙන ඉන්නට උත්සාහ දරමි. ...
අංශක 110 UNSAID-නොකී දෑ මමමට තියෙන්නේ තුනට බෙදුනු හදවතක්.හරියටම තුංමං හන්දියකින් වගේ තුනට බෙදිලා.ලොකු කෑල්ලයි පොඩි කෑලි දෙකයි..අංශක 170 යි 110 යි 80යි.ඇත්ත ,බැලූ බැල්මට අංශක 170 ලොකුයි.ඒක එහෙම තමයි.මොකද අනිත් කොටස් දෙකත් එක්කම බෙදා නොගත්ත ජීවිතේ යම් යම් පරාස අංශක 170 එක්ක බෙදාගෙන තියෙන නිසා.අංශක 170ම පිරිලා තියෙන්නෙ සුන්දරව ජීවත් වීමෙන්.උතසව, සාද ,විහිලු, එකිනෙකා සිප ගැනීම් සහ දුක සැප බෙදා ගැනීමෙන්.80 හරිම ...
අමුතු සෙනසුරාදා UNSAID-නොකී දෑ අමුතු සෙනසුරාදා කවි ලියන්නට කම්මැලි හිතෙන කතන්දර භාගෙට ලියවෙන කසාදය කටුගාන්නට හිතෙන කොට්ටය හරි පුසුඹ යයි දැනෙන ඇදට ආයෙත්, තව තවත් ආදරේ කරන්නට හිතෙන...
පැන.... UNSAID-නොකී දෑ මම කවියක් වෙලා හිස් අහසෙ ඇලවුනොත් හැමදාම හද බලන අතරෙදි කියවනවද මාව? මම සුවදක් වෙලා ඒ හිසෙහි ගැල්වුනොත් ඉඹිනවද මාව? ඒ හිස සිඹින අතරෙම මගේ හිස් හදවත දොර ලගින් තියුවොත් ඇර බලනවද ඒ දොර? නිකමට... ගෙයි දොර අරින අතරෙම... හරිම උණුසුම් නුඹ ඉන්නා කුටිය... ...
රතු පැහැ පුසුඹ - නෙල්ලි කතන්දර UNSAID-නොකී දෑ http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/11/30&id=2012/11/30/b12113010
කටු නැති නටු ඇති මල්(දිණමින බද්දර මල්ල...) UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/23/pg17_2&pt=p&h=මම හිටියෙ කවුළුවෙන් එපිට බලාගෙන.එහෙම හොදයි.සමහර වෙලාවට මිනිස්සු දිහා බලන් ඉන්නවට වැඩිය අජීවී දෙයක් දිහා බලන් ඉන්න එක හිතට සනීපයක් ගේනවා.කවුළුවෙන් එපිට මල් පිපිලා තිබුනා.අමුතු රෝසමලක් නටුවෙ කටු නැතුව තියෙනවා මම දැක්කා.බමරෙක් කිසි කතාවක් නැතුව පියාඹලා ඇවිත් මලෙන් රොන් අරගත්තා.මලටත් නොකියම යන්න ගියා.යනගමන් නටුවෙ කටු නැති විත්තිය අනිත් බමරුන්ටත් කියාගෙන ගියා. කටුතියෙන ආඩම්බර රෝසමල් ලගට වෙලා බලාගෙන හිටපු බමරු ...
ඔබ සහෝදරියක් වූවාය... UNSAID-නොකී දෑ තවමත් ඔබ පේනේ මට ඔබ,එදා වාගෙම පොලොවට උඩින් පේරගස මත හිද, පොලවෙහි පයගසා හිනැහුනා මතකය... කැරලි කෙස් ගස් අඩසද නලල වසමින් සිනහව... ඔව් එය, ලෝකයේ ලස්සනම සිනා අතුරින් එකකි... නිදිගත් නගරයක එලි අතුරින් ඔබ අසුරු සැනකින් පියාඹා යන්න ඇති... ඔව් …නුදුටුවා වුව මට එය මවාගත හැකි... මාරයා පෙරදා රැයෙහි හරිම සතුටින් සද එලිය අතරින් හිනැහුනා දුටුවෙමි... ඔහු බොහොම සතුටින්.... ඔබ ...
ශෝක ප්රකාශයක් නොවේ... UNSAID-නොකී දෑ තවමත් මම මෙය නොඅදහමි.බොරුවක්...ඔව් එය බොරුවක් වන්නටද පුළුවන.එසේ නොවනා බව දැන මම එසේ වන්නට පතමි.මරණය හරිම ක්ෂණික වන්නට ඇත.ඔබට රිදෙන්නට ඇත.සමහර විටක නොරිදෙන්නටද නොදැනෙන්නටද ඇත.හොද මිනිසුන් මිහිතලය මත රැදෙන්නේ ඉතාමත් ස්වල්ප වූ කාලයකි.ඔබද ඒ අතලොස්ස අතරින් කෙනෙකි.ඔබ නිසා නැගුනු කදුළු කොපුල් තල රූරා ගලාගියේ මින් ස්වල්ප මොහොතකට පෙරය.සහෝදර සහෝදරියන් නොමැති ලොවක මම ආගන්තුක මිනිසුන් ගැහැනුන් තුල සහෝදර සහෝදරියන් සෙව්වෙමි.ඔබ ආගන්තුක ...
සීගිරි කාෂ්යප UNSAID-නොකී දෑ කිඹිස්ස කියන්නෙ සීගිරියට අල්ලපු ගම.එදා වගේම අදටත් ඒක එහෙමයි.ඒත් මේ එදා වෙච්ච කතාවක්.එදා කියුවෙ අවුරුදු හතලිහකට විතර එපිට. කාෂ්ඨෙට අව්ව පායලා තිබුනා. අක්කර පහකට කිට්ටුවෙච්ච ඉඩමක පත්තක්කා,කැකිරි ,බඩ ඉරිගු එහෙම ඕසෙට වැවිලා.වැවිලම නෙමෙයි වවලා. බැංකුවෙ මහත්තුරු දෙන්නෙක් අයිතිකාරකම් කියුව මේ වගාවට යාබදව තමයි බැංකුව පිහිටලා තිබුනෙ. බැංකුවටම හිටියෙ නිලධාරීන් දෙන්නයි.නමින් දැනගෙන හිටපු නැති මේ දෙන්නටම ගමේ මිනිස්සු ගෞරවයටත් එක්කලම ...
"අම්මා" ඒ හරි බර වචනයකි.... UNSAID-නොකී දෑ ඉත්තෑ පැටියෙක්අන්නාසි ගැටයක වෙස්ගෙනමගෙ බඩතුරේ සිටඉසියුම්ව කටු අනියි...හිත හීනියට කොනිත්තා ගමි"අම්මා"ඒ හරි බර වචනයකි....මම ඒ කවිය ලියුවෙ මෙහෙම වෙන්න කලින්.දැන් මෙහෙම වෙලා.මම හිතුවා මෙහෙම වෙයි කියලා.ඇත්තටම අපි දෙන්නට එහෙම නොකර ඉන්න තිබුනා.එහෙම නොකලා නම් මෙහෙම වෙන්නෙ නෑ.එහෙම කරත් අරම නොකරා නම් ඒත් මෙහෙම වෙන්නෙ නෑ.මට දුකයි.හැබැයි තරහ නෑ.සතුටුයි.එයාට මම ආදරේ නැතුව නෙමෙයි.ඒත් එයා එහෙම නෑ.මම කියුවෙ අරයා වගේ නෑ.ඉතින් මම ...
දෙහි.. UNSAID-නොකී දෑ ඔබ පෝර උරයක පිරවූ වැලි අතර සැගවූ ඇඹුලැති දෙහි සොයනයුරු මම දකිමි කවුලුවෙන් මෙපිට සිට පැණි රසැති ඔබ සොයමි...
දිනමිණ බද්දර මල්ල.....(බ්රෑන්ඩඩ් මිනිස්සු...) UNSAID-නොකී දෑ ඔයාලා ගැනත් මේ ලිපියෙ තියෙනවද කියලා කියවලම බලන්නකෝ....http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/09/pg27_1&pt=p&h=
ෆලූඩා රස වැස්ස... UNSAID-නොකී දෑ මට කාලෙකට පස්සෙ කතාවක් ලියන්න හිතුනා. මම සුපුරුදු විදිහට වැඩ ඇරිලා ඇවිල්ලා දෙන්නෙකුට කෑම හදලා.තව වැඩ ඇරිලා ආපු කෙනෙකුගේ සහය ඇතුව කෑම බාජන හෝදලා ටිකක් විතර මහන්සි වුන බිරිදකගේ චරිතය රගපාලා මට පස්සෙ වැඩ ඇරිලා ආපු මාත් එක්ක ජීවිතේම බෙදාගන්න පොරුන්දුවුන කෙනාගෙ ලැප්ටොප් එක ඉස්සරහා ඉදගත්තා. ජීවිතේ බෙදාගන්නවා නම් ඉතින් පොරොන්දුවුන විදිහට ලැප්ටොප් එකත් බෙදාගන්න ඕනනෙ. මේ දවස්වල කවි ...
මගේ නොවන කවියක් UNSAID-නොකී දෑ දසුනක්මැවී...සැඟවී ගියනිමේෂයේ...මා නෙත්විසිර ගියෙසැමතැනමුහුණු පොතේ...යළි දැන් පෙනේදසුනෙහි රුවසිනහ මැවේ...
රස සවිය සරසවිය(දිණමින බද්දර මල්ල ) UNSAID-නොකී දෑ මේ මේ සතියෙ කතාව.සරසවියෙ මතක සටහන් සාගරයක් තරම් නම් මේ ඒ මතක සටහන් වලින් බින්දුවක් විතරයි.මම හිතන්නෙ මගේ ලිවීමේ හැකියාව මේ දවස් වල තියෙන හීතලට ගල් වෙලාද මන්දා.වැඩිය ලස්සන දේව්ල් ලියවෙන්නෙ නැත්තෙ...:)http://www.dinamina.lk/epaper/art.asp?id=2012/11/02/pg28_0&pt=p&h= ...
යාළු මාළු UNSAID-නොකී දෑ කාලෙකට පසුව හමුවූඉස්සර යාළුකම්ලෙන්ගතුව හිනාවෙන...අම්මලා වූ අය පොඩි පුතාලා ඇති අයගෙදර යන්නට මග බලන අය...අළුත දෑගිලි බැදි අයවට පිටේ ගැන වගක් නැති අයඋනුන්ගේ ලෝකවල ඉඩ හොයන අය...හොද යාළුවෝ වෙලා හිටි අයඑහෙම බව දැන් මතක නැති අයදැක්කා නොදැක්කා වගේ යන්තමට හිනාවෙන... කතා නොකරම හිටි අයලගට ඇවිදින් කතා කල අයසම සමව සිටි හෙයින් රිදී නොරිදුනු හිත පිරිමදිමි මම... යාළු මාළුන් අතර හිදසතුටුවීදුක්වීනිවස්නට ...
ඇහි පිහාටුව UNSAID-නොකී දෑ ඉටු නොවුනු පැතුමක් ඇහි පිහාටුවකට අලවා පා කර අරිමි මම... ඔබ ඈත මට නොපෙනෙනා දුරක හිද අල්ලාගනු ඇතැයි, පිරිමැද , හාදුවක් දෙනු ඇතැයි... ඔබේ ඇසි පියන් මත අලවා ගනු ඇතැයි සිතමින්... සමහර විටක දුටුවාත් නුදුටුවා මෙන් සිටිනු ඇත... පාවෙලා යන දන්නා කෙනෙකුගේ නොදන්නා ඇහි පිහාටුව.... ...
හොද පවුල් වල ගැහැනු ළමයි ක්රීඩා කරන්නේ නැත(බද්දර මල්ල) UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/26/pg17_1&pt=p&h=
සමනල් ජීවිත... UNSAID-නොකී දෑ සමනල ජීවිත පිටුපසදලඹු අතීතයක් ඇතගෑවුන විට කසන...සමනලුන් අල්ලා ඇති කරන අයඒ ගැන දන්නෙ නැත..බොහෝවිටසමනලුන් කියන් නැත....
අකුරු මිතුරු-බද්දර මල්ල.... UNSAID-නොකී දෑ ඔන්න මේ සතියේ කතාවත් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා...http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F10%2F12%2Fpg16_1&pt=p&h