හැංගුනු කතාවක් UNSAID-නොකී දෑ නිදිගැට කඩන සමන්පිච්චා මල් අතරමම වැලපුනෙමිපිනිබින්දුවක් මල් වලට කිතිකවා හිනැහෙනඔබට බැදි පෙම නිසා...ඉර එලිය හොරෙන් විත් සුදු පාට රැගෙන යනහිත හුගක් රිද්දන්න ඇති මමසමන්පිච්චා මල් කෝල ලෙස හිනැහෙතමගෙ වචන හරි සැරයි,කිනිසි තුඩු පරාදයි ඉර එලිය පිච්ච මල් අත පතනනුඹ මට වචනයක් වත් සැරෙන් නොදොඩන ඉර සමග මිය යන්ට පිච්ච මල් සතුටින්ය...මගේ හිත ඒ නිසා තවමත් ඇදුම් කන.. මගේ හිත පිස ...
සුදුපාට කසාදය UNSAID-නොකී දෑ මම කැමති නෑසුදු මදියකියනවා නම් බදින්නම්යමල්ලී එහෙම කියුවේඅද උදේය....මල්ලියේ බදින්නේකණුවක නොවේඑලදෙනක් වත් නොවේබදින්නේ ගෑනියෙකි...පෝරුවේ නැගමාලයක් බැදකෝට්ටෙක ඇදපින්තූර ගත්තාටඒ බැදීමක් නොවේබැදීම එන්නේ බැන්දාට පසුවය....ඉන් පස්සෙදුක කියන්නේ නුඹටයකවි ලියන්නේ නුඹටයලෙඩ දුකට බේත් ඇන්න දෙන්න වෙන්නේදනුඹටය...සමහරක් සුදවල්හේදෙන්ටඑක වැස්සකුත්ඇතුවා ඇතිය...මල්ලියේමම මේවා කීවේ නිකමටයකට අද උදැහැනැක්කේ හිටහරියට කසන හින්දාය... සුදුපාට නම්හුණුකොට්ටාද එමටයකළු ලෑලි මැකුවාටඒ සුද වෙනස් වෙන්නේ නැතුවාය... ...
නෙල්ලිකතන්දර - බලු ආදරේ UNSAID-නොකී දෑ සුබම සුබ උදෑසනක්...මේ සතියේ මගේ තීරුලිපිය පහල තියෙන ලින්ක් එකෙන් බලන්නකෝ. http://www.dinamina.lk/baddaramalla/?sid=article&dt=2012/10/05&id=2012/10/05/b1210052මේ දවස වල ඉතින් ටිකක් කාර්යබහුලයි.අලුත් රස්සාවනේ.වෙනදට වැඩිය කලින් ගෙදරින් එන්නත් වෙනවා.මොනවා කරන්නද නේද ඉතින්.ඒ නිසා අලුතින් ලිපි ලියන්න වෙන්නෙත් නැහැ.කොහොම වුනත් මේ කතන්දරේ කියවලා හොද නරක එහෙමත් කියලා යන්නකෝ. ...
අලුත් ගෙදර.... UNSAID-නොකී දෑ "දැන් ඔයාට අලුත් ගෙදර මොනවගේ වෙන්නද ඕන?" "අලුත් ගෙදරක්...මගේම,අපේම ගෙදරක්....ඒ හරිම සුන්දර හීනයක් මතක් වෙනකොටත්....මම කැමතියි ලස්සන මැද මිදුලකට.මැද මිදුලට හොදට එලිය වැටෙන්න ඕන.දැල් වගේ ඉර එලිය වලක්වන කිසිම දෙයක් තියෙන්න බෑ.ඇත්ත හොරුන්ටත් එන්න පුලුවන්.ඒකට මට කමක් නෑ.හොරෙක්ට ඇවිත් ගෙනියන්න පුලුවන් රත්තරන්, සල්ලි මහගොඩක් මම මේ කියන ගෙදර නෑ. මැද මිදුලට මුහුනදාලා ඉදගන්න මට ඕන උන්චිල්ලාවන් වගේ එකක්.ඒ උන්චිල්ලාවක්ම ...
ප්‍රේමය දැකීම UNSAID-නොකී දෑ ඇය:- මම කවියක් වෙලා සිත අසගැයෙන්නම්..තනුවක් වෙලා සවනතවැයෙන්නම්...සයුරක් වෙලා ඔබ අසහඩන්නම්...අදුනක් වෙලා ඔබ නෙතසරසවන්නම්... ඔහු:-මම නුඹේ බත සරි කරන්නම්ඇදුම් කැඩුමුත් ගෙනෙන්නම්දරුවන්ට මුදල් රැස් කරන්නම්ඔබට රැකවරනය දෙන්නම්ඉතින්තවත් කවි නොගයනු මැනවි....කවියකට වත්තනුවකට වත්සාගරයටත්නෙතදුනකටත්අපේ ප්‍රේමය අසම වෙත්ප්රේමය වනාහී කවියක් ලෙස දකින්නේ ගැහැණුය.පිරිමි ප්‍රේමයේත් යතාර්ථය දකිත්.ඔවුහු යතාර්ථයම හඹායත්.ගැහැනු තව තවත් මායාවටම නැඹුරුවෙත්.... ...
සමුගැනීම සහ බස් රේඩියෝ බ්ලොග් සම්මාන උලෙලේ නිර්දේශිත නාම අතරට Unsaid තේරුන වගයි. UNSAID-නොකී දෑ සමුගැනීමඅදත් සුපුරුදු විදිහට නැතුව නුපුරුදු විදිහට සරල සාමාන්‍ය ලිපියක් ලියන්න හිතුවා.ඊයෙ මම රැකියාව කල තැනින් අයින් උනානේ.හැමදාටම ගෙදර ඉන්න නෙමෙයි. අලුත් තැනකට යන්න.මම අයින් වෙන්න කලින් හිතන් හිටියා මට එතන ඉන්න සමහර අය එච්චර කැමති නෑ කියලා.ඇත්තම තත්වෙ ඒක නෙමෙයි කියලා මට තේරුනෙ අස් වෙන්න තීරණය කලාට පස්සෙ.ඇත්තටම මට කැමති නැති අයත් දෙන්නෙක් විතර ඉන්න ඇති.ඒත් අනිත් අය ඔක්කොම ...
දිණමින බද්දර මල්ල-කසාවත හැරපියා UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2012/09/28/pg28_1&pt=p&h=
විවේචන UNSAID-නොකී දෑ (නම්ගම් මනංකල්පිත නොවන අතර කතන්දරයද මනංකල්පිත නොවේ.මේ තරහ පිරිමසා ගැනීමක්ද නොවේ ) මට විවේචන එල්ල වෙන්නට පටන් ගෙන තිබේ.නොසිතූ පැති වලිනි.නොසිතූ මිනිස්සුන්ගෙනි.නොලියා ඉන්නට තීරණය කොට අවසානයේ ලියන්නට තීරණය කලෙමි.මට බොහොම දුක සිතුනි.මීට බ්ලොග් අවකාශයේ කවුරුවත් සම්බන්ධ නැත.මේ මුහුණට මුහුණ හමුවන මිනිසුන් ගැන කතාවකි.එදිනෙදා හමුවන අය ගැන.අද ඔපීසියේ රෝසපාට කමිස ගැන කතාවක් ඇතිවිය.ඒ මම ලියූ කමිස ජාතිය ගැනය.සාකච්චාවට සහබාගී වූයේ මම ...
හැරී පොටර් UNSAID-නොකී දෑ කවි ලියවෙන්නෙ නැති හරි අපල කාලයකි... ලොකු පොතක් කියවන.. හොග්වර්ඩ්ස් වල තරු එලි ලාම්පු හරි සෞම්‍යව... හැරී සමගින් ක්විඩිච් සෙල්ලම්... හර්මයිනි හොරෙන් රොන්ට හාදුවක් දෙන අපිට ඒ බව නොපෙනෙන්ට මායාවකුත් කරන... මම හීනෙනුත් මායාවන් පුරුදු වෙන... තරහ ගිය විට අත යශ්ඨියක් කොට "අවාඩා කඩවේරා කියන".... ඇගිලි තුඩගින් කොල එලිය නික්මෙත තරහකරු මියැදී 'ඩොං' ගා බිම වැටෙන... මම ආයෙමත් ඉස්කෝලෙ ...
නෙල්ලි කතන්දර "රෝස පාට කමිස"-දිණමින බද්දර මල්ල... UNSAID-නොකී දෑ මේ දිණමිණේ මේ සතියේ පලවෙන මගේ කොලම "රෝසපාට කමිස"(නෙල්ලි කතන්දර).කියවලා බලන්නකෝ.බලලා හොද නරකත් කියන්නකෝ...අනේ මන්දා ඔෆිස් එකේ නම් ඉන්න බැරිතත්වෙටම ප්‍රතිචාර තියෙනවා... :Dhttp://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F21%2Fpg14_0&pt=p&h ...
අම්මා නැතිදාට UNSAID-නොකී දෑ නුඹ නැතිදාට ඉර මාමා වඩින්නැතිසද නැති රෑක ගනදුර දුරුවෙන්නෙ නැතිපෑ සෙනෙහේ උණුහුම මට දැනෙන්නැතිනුඹ උන්දොහේ මෙන් කුස ගිනි දැනෙන්නැති කිරි නැති දෙතන කිරි සුවදයි මට අම්මේදෙතොලග සිනා පෙරදා වාගෙම දිලිසේනුඹෙ උණුහුමේ ගුලිවෙමි පෙරදා වාගේ තුරුලට අරන් මා නිදියාපන් අම්මේ ...
නෙල්ලි කතන්දර-මගේ තීරු ලිපිය UNSAID-නොකී දෑ ඔයාල දන්නවද?මම දිනමිණ පත්තරේට තීරු ලිපියක් ලියනවා.තීරු ලිපියෙ නම "නෙල්ලි කතන්දර".ඊයෙ ඉදලා හැම සිකුරාදා දවසකම දිනමිණ පත්තරේ "බත්තර මල්ල" කියන අතිරේකයේ මේ තීරු ලිපිය බලන්න පුළුවන්....ඊයෙ ලියමන ඔයාලට කියවන්න පුළුවන් මේ ලින්කුව ඔස්සේ....http://www.dinamina.lk/epaper/art.asp?id=2012%2F09%2F14%2Fpg15_2&pt=p&h කැමතිනම් එන්න ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාලම යන්න...ඔයාලගෙ අදහස් දැනගන්න බලාගෙන ඉන්නවා... http://www.facebook.com/nellikathandara?ref=hl ...
මායාකාරයෙක් UNSAID-නොකී දෑ මායාකාරයෙක්මායා යෂ්ඨියක්අතින් ගෙන,මායාවක වෙලා මම....අකමැතිවනොකැමතිවකැමති නැතිවමමායාවෙහිවෙලී ඉමි....මායාකරුටපෙම් කරමි....
ඔහු වෙනුවෙන්ම වූ සටහනක්... UNSAID-නොකී දෑ සුබ උදෑසනක් හැමෝටම...අද හරිම ලස්සන දවසක්.මට හිතෙනවා කුරුල්ලොත් වෙනදට වැඩිය ලස්සනට සින්දු කියනවා කියලා.මට හොදටම විශ්වාසයි මට විතරයි එහෙම හිතෙනවා ඇත්තෙ කියලා..සමහර වෙලාවට අද ඔයාලටත් විශේෂ දවසක් නම් ඔයාලටත් එහෙම හිතෙනවා ඇති.මම ජීවිතේ හුගක්ම ආදරේ කරන අජීවී වස්තුව තමයි මේ බ්ලොග් එක.බ්ලොග් ලියන අයට නම් මමමේ කියන දේ හොදටම තේරෙනවා ඇති.ඒ අය තමන්ගේ ජීවිතය අත්දැකීම් බෙදාගන්නෙ තමන් ලියන බ්ලොග් එකත් ...
කැන්ඩි ලයිට් UNSAID-නොකී දෑ තම්බලීනාවරු හැම මල් වලම නැත කහපාට ඉස්කෝප්ප මල් වල උදේම පිපී හිනැහෙත .... පුන්චි පෝනිවරු සීතලෙන් ගැහෙමින් හිම කබා ඇදි මිනිසුන්ට පාර පෙන්වන .... ගේ කුරුලුතෙම කලගෙඩියක නිවෙස්න සුබ උදෑසනක් ගීතය ගයන ..... ...
! UNSAID-නොකී දෑ සියල්ල ඇරඹෙන්නේ ලිපියකිනි.අවසානවන්නේත් ලිපියකිනි.ආදරණීය ෆ්‍රැන්සිස්,මුලින්ම කියන්න ඕන අන්තිම මොහොතෙ(විවාහයට සතියක් තියෙද්දී) වුනත් ඔයාට ආමන්ත්‍රණය කරන්න වෙන විදිහෙ අසාමාන්‍ය බවක් මට දැනෙනවා.ආදරණීය කියන වචනෙයි ෆ්‍රැන්සිස් කියන වචනෙයි එකිනෙකට ගැලපෙන්නෙ නැහැ. Loving Fransis හරි Darling Fransis හරි මීට වඩා ගැලපෙනවා.ඒත් මේ ලියමන ලියන්නෙ අපේ(මගේද මන්දා)මව් භාෂාවෙන් නිසා මට ආදරණීය කියන යෙදුම භාවිතා කරන්න සිද්ධ වෙනවා.ඔයාගෙ තාත්තා ඒකියන්නෙ මගේ මාමා ඔයාට නමදාල ...
වලාකුලේ මියගිය රෝසමල් කුමාරිය UNSAID-නොකී දෑ පුවත්පත් කලාවේදිනියක් පොලවෙ පයගහලා ජීවත් වෙන්න ඕන නිසා මම වැඩිය උස අඩි තියෙන බොරු කකුල් වලට කැමත්තක් නෑ.ඒ නිසා දාන්නෙම ෆ්ලැට් සෙරෙප්පු. හිස් බවක් නැති ලිපියක් ලියන්න හිතුනා.ඒත් මම ඉන්නේ හිස් බවකින් පිරුණු ලෝකෙක.ඇත්තටම කියනවා නම් ෆැන්ටසි ලෝකෙක.ඒ අනිත් අය කියන විදිහට.ඒත් මට හිතෙන විදිහට මේ විදිහ හොදයි.කොහොමත් යතාර්ථය ඇතුලෙ ජීවත් වෙන්න අමාරුයි.යතාර්ථය ඇතුලෙ ජීවත් වෙන්න හුගක් දේවල් උවමනා ...
කඩේ යෑම... UNSAID-නොකී දෑ කඩේ යන ගමන් මං...ලස්සන රූපෙකට...සීනි තේකොලහාල් තුනපහනොගෙනෙනා මුත්කඩේ යන්නෙමි මං...අපි විහිළු කරගන්නවාහිනා වෙනවාමම ලගදි කියුවාඅම්මලා මට හොයනවා..."හොයාදෙන්නට උදව් වෙන්නද මමත්?අපි දන්න හොද අයත් ඉන්නවා..."කීව කට කපන්නට හිතුනාඒත් කම්මුල් රතු වුනා...මමත් බැද නැත...උඹත් බැද නැත...පේනා හැටියකටමා බදින්නට උඹ කැමති නැත...ඒත් තවමත් කඩේ යමි මම... ...
"නැන්දම්මා මාමා" සහ "අම්මා තාත්තා" UNSAID-නොකී දෑ මේ හිත් රිදෙන රිදවා ගන්න මාතෘකාවක්.ඒ වගේම හිත් හැදෙන මාතෘකාවක්.ඒත් එක්කම කියන්නට ඕනෙ මේ ඔස්සේ මගේ ලෝකයේ ඉන්න නැන්දම්මා වත් මාමා වත් අම්මා තාත්තා වත් කියවන්න ලෑබෙන්නෙ නැති බව.මම කියන්නෙ සමස්ථයක් විදිහට මම අහල දැකලා තියෙන දේවල්.මට කියපු දේවල් එහෙම.සමහර දේවල් තියෙනවා කියන්නෙ නැතුව දැනුන දේවල්. අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් කියන්නෙ දරුවෙක් පුන්චි කාලෙ ඉදලම හදනවා බලා කියා ගන්නවා.මට ...