සත්‍ය වශයෙන්ම මා ජීවිතය ගැන කලකිරී සිටිමි.! UNSAID-නොකී දෑ මිනිස්සු අනිත් මිනිස්සු වෙනස් කරන්නට බොහොම කැමැත්තෝය.තමන්ගේ වෙනස් විය යුතු ගතිගුණ ගැන මොහොතකට වත් නොසිතන්නෝය.ඒ මිනිස්සුන්ගේ හැටිය. මට මා පිවිසෙන සමාජයන්හි බොහෝ දුරට ඇත්තේ සමීප සබදතාවන් නොවේ.සමහර විටක මා සමීප සබදතාවන් පවත්වාගත යුතු අයුරු නොදන්නවා ඇත.තනි ළමයෙකු වශයෙන් වැඩුනු මා සමහර විටක සමීප සබදතාවනට බිය වනවා වන්නට ඇත.රාජකාරිමය ජීවිතයේදී එය මට අවාසියක් වී ඇති බව පැහැදිලිය.එසේ වුවද මා මට මෙන්ම ...
බුදු සරණයි! UNSAID-නොකී දෑ මේ රාමසාන් දවසට කලින් දවසෙ හැන්දෑව.ඒ කියුවේ අගෝස්තු මාසේ අටවෙනිදා.හවස් වරුව පුරාවටම කන්තෝරුවේ තිබුනේ නිවාඩු සිරියක්.කට්ටිය ඔක්කෝම 'හොලිඩේ මූඩ්'එකේ. වැඩ නම් ඕසෙට තිබුනට හවස් ජාමේ වැඩිය වැඩක් කෙරුනේ නෑ.මම ඔරලෝසුව දිහා හොරාට බැලුවා.පොඩි කට්ට හතරේ ඉලක්කමට වෙලා බලාගෙන හිටියා.දිග කට්ට හිමීට හිමීට ඇවිදගෙන ගියා."අපෝ වෙලාව යන්නෙත් නෑනේ.."කියලා මම හිතුවා. ටිකින් ටික දිග කට්ට දොලහේ ඉලක්කම ලගට කිට්ටු උනා. "වෙලාව පහයි..."දැන් ...
දිව්‍යමය ප්‍රේමය(Fairy Tale Love) UNSAID-නොකී දෑ චෙරි ඵලයක්ව මෘදුව සැපෙනා ප්‍රේමය... පිරිමි දෑතක රළුබව අතර සිරවෙන ප්‍රේමය... අංජනමක්ව මසිත කියවන ප්‍රේමය... දුක නොහදුනන ලුණු රසක් නැති ප්‍රේමය... අදිසි නුහුලෙන් බැදි හදවත් සහිත ප්‍රේමය... මට නොලැබෙනා ඒ දිව්‍යමය ප්‍රේමය... ...
වස්සානයේ දවසක UNSAID-නොකී දෑ වස්සානයේ දවසක සවස මාවත මතට පිනි බිදැති වස්සන බඩගිනි සුළග... අර පෙනෙන කවුලුවෙන් සපැමිණ ඉකිලන පහන්සිල නිවායනු ඇත... අනතුරුව නිහඩ බව බිදෙනු ඇත.... කලුවර දොඩමලුවනු ඇත..... ළද ඉසියුමැලි ඔබේ අත්තල.. රළු දෑතක ගිලී යනු ඇත... දෙහදක් මිහිදුම තුල දියව එක් හදක් නිමවනු ඇත... ...
වදුරු මහතා සහ මහත්මිය... UNSAID-නොකී දෑ වදුරුමහතා අලිපේරගසමත හිද දිගමදිග වලිගය තවත්අත්තක පරිස්සම්කරතියාගෙන... මාදෙසබලා සුබඋදෑසනකැයි කියන... අළුපාට කබායට කලුපැහැ මුහුණ හොදින්ගැලපෙත... වදුරුමැතිණිය පැටවාතුරුලු කරගෙන වහවහා පැන එන මගුල්මුදුව රැදි සුරත මදෙසහරවා හිදගෙන... පෙරබත බුදින්නට ඔහුටඇරයුම් කරන... ...
තනිකම UNSAID-නොකී දෑ තනිකම කුරුල්ලෙක් වී විත් ගීතයක් ගයයි සවනත... ඒ ගීයේ මිහිරි බව මට පමනක් දැනෙන... අහස් කුස, වැහිබිදු කවක් කොට නොතෙත් බිම මත ලියවත තනිකමේ කව... අතින් අතගෙන ඇවිදින රැහැයි යුවලක් වයයි ප්‍රේමයේ වීණාව... විදුලි රේඛා අහස්කුස නුඹේ රුව සිතුවම් කරන කලු සුදු ආලයක මතක පොත දිගහැරෙන... ඉදින් නුඹ නැතුවද රැය තවම තරුණය සිත තවම සසලය.. ...
මඩපැහැ සද එලිය UNSAID-නොකී දෑ සද එකෝමත් එක දවසක මඩ කඩිත්තකට පැන විහිදුවා මඩපැහැ සද එලිය... තිත්තයෙක් පියාඹාගොස් තරුවක කණට කර මඩ පැහැ රහස පවසත... නැහැය හකුලා තරුව "මොන බොරුදැයි කියන..." සද, තද දම් පැහැයෙන් රෝස තොල් පාට ගන්වන දෙතොල් මතුයෙහි සියුම් කඩතොලු මැකෙත... ...
දෙවර්ණ ඉදුදුන්න UNSAID-නොකී දෑ ජේත්තුකාර කුරුල්ලෙක් කොණ්ඩය උඩට කර බැද කවුලුවෙන් හොරෙන් විත් මගෙ කැදල්ලට වැද.... සිනාසී කිචි බිචි ගාන ලාම්පුවේ වයරයට වී හිද, "සුදූ මම ආදරේ යැයි"කියන. මදස විලියෙන් බලන…. හොටෙන් ඇන කෙසෙල් කැබලිති ගෙනයන…. සවස් යම, කවුලුවෙන් එපිට හිද පියඹ සවනතට කර රහසක් කොදුරන... හොටට හොට තබා කෙසෙල් කැබලිති කවන... දෙවර්ණ ඉදුදුන්න මට ඔච්චමට සිනාසෙන වැහි බින්දු එක දෙකක් බිම වැටෙන... ...
නියගලා UNSAID-නොකී දෑ තවමත් නියගලා මල් පිපේ වැට මත්තෙහි..... අප හමුවූ, නමුදු නොහැදිනි, ඒ මග දිග දුහුවිල්ලෙහි සැගව ගිය පිය සටහන් තවම ඇත...
කවි UNSAID-නොකී දෑ සමහරක් කවි සොදුරු වුවපන්හිද සොදුරු නැතකවියකට පෙම් කලා වුව පන්හිදට පෙම් කල යුතු නැත
මෑත අතීතය UNSAID-නොකී දෑ හදිසියේ ඔබසැලසුම් ගත අහඹුවක්ව සැපැමිණවදන් දෙකකින් හදවතේ යතුර තනවාමල කෑ හදවත විවර කොටමග බලා ඉන්නට ආදරේ ඇස් තනා දීනැවත නොපැමිණ....
සුවද සායම්.. UNSAID-නොකී දෑ මහගෙදරනාගහ පාමුල ඉදගෙනහිස් අහස දෙස නෙත් හෙලාගෙන...නාමල් සුවදපින්සල් තුඩට අරගෙනහිත් කැන්වසය මත අදිනසිතුවම...බොද කලනිල් මහනෙල් මල් සුවද...
උඩින් යන දෙවියන්ට... UNSAID-නොකී දෑ "වෙත:-උඩින් යන දෙවියෝ,වලාකුල,අහස...." මම දන්නවාඔය දුවන වලාකුලු මතුපිටදෙවිවරුන් ඉන්න බව..රජවරුන් සේ ගමන් යන බවඉද හිට හොරැහින්පොලව දෙස නෙත් හෙලන බව.... ලියන කවි කියවන බවකවි අතර තම නම සොයන බව....කවි වරන කාලෙට සෝ සුසුම් හෙලන බව...එහෙම කාලෙටපොලොවට හයියෙන් වහින බවඒ වැහි වතුර වලලුණු රසක් තියෙන බව...ලියා දන්වන වග නම්,අහසට, දුකින් වුව... ඉස්සොරෝම කාලෙකවලාකුළු වල ලියුව කවි වලදෙවිවරු උන්නාට.... පොලවෙහි පය ...
....................................... UNSAID-නොකී දෑ වෙදැගිල්ල සුදු රත්තරන් මුදුව සමගින් සතුටින්ය... කම්මුලේ අත තියන් හූල්ලන සුදු වුවන...
කන්තෝරු රස්සාව (නෙල්ලි කතන්දර ) UNSAID-නොකී දෑ හොදම යාලුවෙක් කියලා කියන්නේ ළගින්ම ඉන්න කෙනෙකුට.දුක සැප එක පිගානේ බදාගෙන එකට කන්න කැමති කෙනෙකුට.එහෙම අය හුගක් නෑ.ඉන්නේ බොහොම ටිකයි.නිශානි ඒ අතරින් එක්කෙනෙක්.පුංචි කාලෙ ඉදලම මාත් එක්ක එකට හැදුනු වැඩුනු නිශානි රස්සාවට ගිහින් දැන් අවුරුදු දෙකක් විතර.ගමෙන් වෙන්වෙලා කොළඹ රස්සාව කරන එක කොහොමත් එයාගෙ හිතට ගෙනාවෙ සතුටක් නෙමෙයි.දුකක්.එයාගෙ ජීවිතේ මෙ දවස්වල තනි කලු පාටින් පාට වෙලා.කන්තෝරුවේ මානසික පීඩනය දරාගන්න ...
නික් කියන්නේ කතන්දර පොතක්(දිණමින-බද්දර මල්ල ) UNSAID-නොකී දෑ ජීවිතේ කියන්නේ කතන්දරයක්.අපිට හැමදාම මුණගැහෙන ,හිනාවෙන,කතාකරන හැම මනුස්සයෙක්ම කතන්දර පොතක්.ඒ හැමපොතක්ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා.ඒ එක පොතකවත් "නිමි" කියලා තවම කියවිලා නැහැ.හිතේ තියෙන අනියත බයට අහක බලාගෙන සුසාන භූමියක් ලගින් යන වෙලාවක වැරදිලාවත් ඒ දිහා බැලුවොත් කියවලා අවසාන කතන්දර පොත් සමාදානයේ සැතපෙනවා දකින්නට පුලුවන්.සමහර මිනිස්සු කියවන්න හරිම අකමැතියි.තවත් සමහර අය කියවන්න හරිම ලැදියි.ඒත් මේ ලැදියාව ගැන නොසලකා අපි ...
"ඒත් මම අද බිව්වා..." UNSAID-නොකී දෑ "මට පිස්සු" ඔව් උඹ හරියටම කිව් හැටි හදවත පාරවා හිත සූරලා ගෙන වචන ගලපන උඹේ ඔය අපූරු මුව පොඩිය... ඉස්සර මා කියන වචනයක් පාසාම මට ආදරෙයි කියු... අපූරු මුව පොඩිය... සිප ගත්ත පැයකට වතාවක්... සමහරක් වෙලාවට ඊටත් ටිකක් වැඩිපුර... නාදලු වලට වැඩිය පොඩ්ඩක් සෝසය ඔය දෙතොල්... මගේ ආදර සෝසා.... අරක්කු කාලකුත් දැන් බර වැඩිය දවසේ සොච්චමට බනින්න එපා ඔච්චර සෝසා.. ...
මනුසත් සිදුහත්….. UNSAID-නොකී දෑ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම….. ලිබර්ටිසිනමා ශාලාව අදුරින් පිරිලා.සම්පූර්ණයෙන්ම වගේ පිරුනු ශාලාවේ හැමඅසුනක්ම බොහොම නිශ්ශබ්දව.සිනමා තිරය සුවිසල්ව දිස්වෙනවා.ලස්සන කුමාරිකාවක් මල් අතුරවපු යහනක සිනාමුවින් සයනය කරනවා. පුංචි ඇත් පැටියෙක් සුදු නෙළුමක් හොඩින් ගෙනැවිත් කුමාරිය දෑතට පත් කරනවා.කුමාරිය සිහිනයෙන් පිඹිදෙනවා. ඒ මහාමායා දේවියයි... "ප්රජාපතීමම සිහිනයක් දුටුවා."ඇය කියනවා.... සිහින කියවන්නන් මාලිගාවට කැදවෙනවා..සිහිනයේ අරුතනක්ෂ්ත්රකරුවන් මහරජුට පවසනවා. "ශාක්‍යවංශයේ රජකමට සුදුසු සුපින්වත් කුමරෙක්"...රජුගේ සිත සතුටින
මගෙ ආදර වැලන්ටයින්… UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2013%2F02%2F15%2Fpg13_0&pt=p&hආදරවන්තයින්ගේ දවස ආදරයෙන් සැමරිලා අදට හරියටම එක දවසයි.සමහර වෙලාවට මෙහෙම කියනකොට ආදර හිත් තම තමන්ටම මුමුණාගන්නවා ඇති ආදරවන්තයින්ගේ දවසේ සැමරුම්… ආදරණීය තිළිණ,සමරු සටහන් අතරෙ ලෝකයාට හොරෙන් හුවමාරුවුන ආදරණීය හාදු එහෙමත් ඇති. "මොන විකාරද ආදරේ කරන්න මොන දවස්ද?අපිටනම් හැමදාම ආදරවන්තයින්ගේ දවසක් තමයි.."සමහර ගනන්කාර හිත් එහෙමත් කියනවා ඇති.“ඕවා තනිකරම බිස්නස්කාරයින්ගේ කූටප්රයෝග...මේ තරුණ ළමයින්ට ඕවා තේරෙන්න ඉහනිකට පැහෙන්න ඕනෙ...” කොණ්ඩෙ
මම දන්නෙ නැතිලු මිනිස්සුත් එක්ක ඉන්න.. UNSAID-නොකී දෑ මමදන්නෙනැතිලුමිනිස්සුත්එක්ක ඉන්න...මලසමයයංඑතකොටමෙච්චර දවස්මමහිටියෙ කාත් එක්කද?මිනිස්සුත්එක්ක නෙමෙයිද?දැන්තිහකටත් කිට්ටුයිවැඩිමඋනොත් ඉන්නෙත් හැටයිමේයන විදිහට ගියොත්...මමත්කැමතියි හැටහතරෙ බලෙන්හරිවිදිහට මිනිස්සුත් එක්ක ඉන්නගෑනුන්ගේඉරිසියාව දිනාගන්න..හංසබෝට්ටු පදින්නෂර්ට්එක යට කරලාඔෆිස්කලිසම් අදින්න...ඒත් එහෙම නොකරමමමඉන්න දන්නේ නෑලු...බටර්ෆැක්ටරියකඅයිතිකාරයොනොවෙන ගෑනුදන්නෙනැහැ ඉන්න...එදාවගේම අදත් එහෙමයි…මමමක්ක කරන්නදබටර්ගාන්න බැරි එකට ජාන වල වැරැද්ද...මමදන්නෙනැතිලුමිනිස්සුත්එක්ක ඉන්න...මටඕනෙ ඉගන ගන්නමිනිස්සුත