නෑවිදින් ගිය අය! UNSAID-නොකී දෑ එක කවක බොහෝ අය සිටිය හැක..... ඇවිත් ගිය අය නොයන්නට ආ අය ආදරේ යයි කී අය ප්‍රේම කරනට නොදත් අය......... නෑවිදින් ගිය අය බලවත්ව!
නොසිදුවීම් බොහොමයක්! UNSAID-නොකී දෑ බමර විතකට ඇට්ටේරියා මල් පුසුඹ හැර නම නොදන්නා මල් වුවද පුසුඹයැයි සිතුන දවසක...... සද එලිය දියවෙලා මීදුම් කලුවරක හදවතේ පතුලෙම තැනක් තෙත් කළ ගොම්මනක... ඔබ නෑවිදින් සිටියා යෙහෙකි!!! නොසිදුවීම් බොහොමයක් සිදුවන්නට තිබිණි.... ...
දිනමින නෙල්ලි කතන්දර - එකා යකා UNSAID-නොකී දෑ එකා යකාමං හයේ පන්තියේ ඉගන ගන්නකොට යාන්තමට වයස එකොලහයි..ගණන් උගන්නන ටීචර්ලට හැමදාම වගේ හීනියට හිතේ තිබුන බය ඒ දවස් වලත් වෙනසක් නැතුවම හිතේ පැලපදියම් වෙලා තිබුනා. කොච්චර පින්බර මූණක් තිබුනත් හැමදාම ගණන් ටීචව මට පෙනුනේ ලස්සන වසිලිස්සා පොතේ ඉන්න නපුරු මායාකාරියක් හැටියට. ඒක වෙනස් කරන්න කවදාවත්ම කිසිම ගණන් ටීචර් කෙනෙකුට පුළුවන් උනේ නෑ..ගණන් වලට තිබුන දැනෙන නොදැනෙන දුර්වලතාවය ගණන් ...
ලක්බිම N Generation - එයා රුක්ෂාන් UNSAID-නොකී දෑ http://www.lakbima.lk/oldpapers/ngenaration/2014.11.10.pdf රුක්ෂාන්!මොකක්දෝ මන්දා හේතුවකට රුක්ෂාන්!ගේ නම අගට විශ්මයාර්ථ ලකුනක් තියෙනවා. රුක්ෂාන් තමන්ගෙ නම ලියනකොට විශ්මයාර්ථ ලකුනක් එක්ක ලියුවේ නැතත් මට එහෙම පේනවා. එයා ෂර්ට් එක ඇදලා නොගැලපෙන පාටෙ ටයි දානවා.ගැලපෙන ඒවා නොගැලපෙන විදිහටත්,නොගැලපෙන ඒවා ගැලපෙන විදිහටත් එයාට පේනවා ඇති කියලා මට හිතෙනවා. චෛතසිකචෛතසික කියන වචනේ තමන් "සරළයි, කූල්" කියලා එලියට පෙන්නන මනුස්සයෙකුට බර වැඩි වුනාට රුක්ෂාන්!ටත් චෛතසික තියෙනවා.ඒත් එයා එහෙම ...
% UNSAID-නොකී දෑ ගිලිහෙනා මේපල් කොලයක රැදෙන අකාලික සිනහවක ගැබ්ව ඇත ආදරය..... රතු වයින් විල මත වරල් සලනා කිදුරියක කියාදෙනු ඇත ජීවිතය.... වස්සාන හවස්වරුවක මීවිතක් තුල තිබී ඇහිදිය හැකිය රළු පපුතුරක ලතෙත් බව.... ...
# UNSAID-නොකී දෑ සුළග ඔබ විලෝගසකට පෙම් කරන එක ඛේදයකි! අරලියා මල් සුවදය... පිවිතුරුය... සුළගට ගසාගෙන යන සුලුය.
කවියක්! UNSAID-නොකී දෑ වෙලාවක් නැතුව ඇති හරි "බිසී" වෙන්න ඇති මග බලන තව අය ඉන්නවැති ගැහැණු ළමයෙක් තාමත් වාහනේ යනවා ඇති "යාළුකම" ආදරේටම කියන තව නමක් වෙන්න ඇති.
! UNSAID-නොකී දෑ දසුනිසරුංගල් තෙමී බිම ඉදින සමනල් පියාපත් වැහි වහින තෙක් පියාඹනරසිකා වැස්ස අප තෙමනවා නෙමෙයි අප වැස්සට තෙමෙනවා මිස.දසුනිදෙවිවරු උනත්ඉද හිට අඩන
ආදරේ කියන්නේ රතුපාට සල්මලක් UNSAID-නොකී දෑ සිතුවිල්ලක් කවියකට රිංගයි හදවත් තතක් හඩවා "සරිගම"ස්වරෙන්... ඒත් තවමත් පියානෝවක් හැඩවෙයි ඒ "සරිගම"නොවෙයි... ඔබ පිපී හිනැහුනිය දවසක අන්න අර සල්ගසේ අත්තක සුලගට නැලවෙමින් රතුපාට කවියක් කියමින් ඔබ පින්සලට නොනැගුනු සිතුවමකි කවි දහක වුව සගවනු නොහැකි කවියකි රතු වයින් බදුනක නුරාදිය උතුරයි සද වතුරෙ කිමිදෙයි රැය තාම නොදොඩයි... නුඹත් ඒ රැයමයි ප්‍රේමයේ අකුරු තුන අගුලු ලා සුරකියි හදිසි හාදුවක් වී මා ...
Untitled Post UNSAID-නොකී දෑ සකුරා මලක හිරවෙච්චි ප්‍රේමයක් ඇහින්දෙමි අතීතෙක දුරු රට හිද පැමිණි මිතුරු පත් අගිස්සක
Untitled Post UNSAID-නොකී දෑ අහස බිම බලන් ඉන්නා දවසක තිර දමා නොතිබූ කවුලුවක් අස ෆලූඩා රස කවියක් විසිර තිබුනිය. ඉන් පසුව හැමදාම කැරලි කෙස් කළඹක් රිබන් පටියක එතී කවුලුව අසල සිටියාය. වචන නැති හිනාවක් මග යනෙන අය දුටුවෝය ...
Untitled Post UNSAID-නොකී දෑ කතා නොකරන හදවත් මතද නිල් කටරොලු මල් පිපෙන දවස් ඇත... වසිලිස්සා එහෙම දවසක ඕකිඩ් මලකින් හිස සරසනවා මදිවට පාට කූරකින් තොල් වටා අදිනවා ඇත.... ලා රෝස තොල් තව රෝස පාටට මායාකාර තෙම විදිනවා ඇත... ඇස් වලින් විදින දෙතොලක රසට තාමත් නමක් නැති එක මැජික් බලයෙන් වසන් කරදෙනු ඇත අදුන් ලූ දෙනුවනක ඇත්ත ආදරේ නැතුවට චෙරි රසැති ප්‍රේමයක් තියෙන්නටත් බැරි නැත... ...
Untitled Post UNSAID-නොකී දෑ ඔබ නේන දවසට අරලියා ගහ උඩින් හරියටම දකුණු අත පැත්තෙන් තරුවක් දිසෙයි... ඒ තරුව දෙස බලාගෙන සිනාසෙමි දොඩමි ඔබ නිසාවෙන් ලියවුන කවියක් කියමි....
Untitled Post UNSAID-නොකී දෑ කුස නෙලුම් කොලයක සැගව ප්‍රේමය වැවක දියකරන... පබවත නො එන බව ඉන්තේරුවෙන් දන්න එක අපරාදෙනේ ආලය.... මම වැවට අධිපති ගෙඹිලිය.....
Untitled Post UNSAID-නොකී දෑ සුළං පහරකගසාගෙන එන රතුපාට හදවතක්අර අතනහදිසියේ නැවතී හිටිතැනමබත්කූරෙකුට කවියක් කියන...
පිණ්ඩපාත චාරිකාව - දිනමිණ බද්දරමල්ල UNSAID-නොකී දෑ http://dinamina.lk/epaper/art.asp?id=2014%2F05%2F27%2Fpg24_2&pt=p&h# ඉර කාෂ්ඨකේට අහස හරි මැදින් පායලා තියෙනවා.මම ඉර නලල මතුපිටට ගේන දාඩිය බිදිති වලට හිතෙන් ආඩපාලි කියමින් ඇවිදිමින් ඉන්නවා.හදිසියේ ආලෝක පරාවර්තනයකින් මගේ ඇස් නිලංකාර වෙනවා. සැටින් සිවුරු වලින් සැරසුනු සුපින්වත් බව මවා පෙන්වන මහ සගරුවන පේලියට පිණ්ඩපාතේ වඩිනවා.ඒ පෙල පෙරමුණෙන් අරහත් බව පසක් කල බවට විවාදයෙන් වුව පිලිගැනෙනා ආර්ය ස්‍රාවක සගරුවනක් වඩිනවා.එතුමන් බිම බලාගෙන නොවැඩ හාත්පස චමත්කාරය විදිමින් ...
Untitled Post UNSAID-නොකී දෑ ගෙඹි මහගේ සින්දුවක් මුමුණමින් කුස්සියේ උයනවැති.. ගෙඹි තැන පත්තරේ බලනවැති බලන්නකෝ හාමිනේ "දූ තාම නෑනේයි" කියනවැති... ඉස්ගෙඩිච්චී වතුරෙ උඩපැන නටනවැති ඒ විලෙත් බයිකලර් නෙලුමන් පිපෙනවැති... තලෙලු හදවත් වලට බයිකලර් ආදරේ තනිපාටකින් පේනවැති... ...
Untitled Post UNSAID-නොකී දෑ සමහර ප්‍රේම කතන්දර හටගන්න පළමුවම මුතු ඇටයක්ව කිසිදා හමුනොවන මුතු බෙල්ලෙකු තුලට ගුලිවෙන...