# UNSAID-නොකී දෑ බුලත් හෙප්පුවක් නැති ප්‍රේමයක මුල් නෙත් ගැටුමින්ම ආලයක් පිපින. තාක්ෂණේ හරි දියුණුයි දැන් අත් අල්ලන්නෙ නැතුවම ආලෙන් වෙලෙන්නට තරමටම! සවන්පත් ලගින් ඉගිලෙන පිරිමි හුස්මක උණුහුම නැතිව වරු ගනන් දොඩවන මීපැනි සවන්පත් පුරවන....! තව හුග කල් යයිද එන්නට අහසින් නැතුව එන්නම බැරිද? ජීවිතේ මේ තරම් හරි දුරද? උස අතුවලම මල් පිපෙන්නේ මොකටද? ...
ආදරණීය සත්සර UNSAID-නොකී දෑ ආදරණීය සත්සර, ෆිල්ම් එක බලන අතරමගදි ආදරෙයි කියලා ලියලා එවන්න හිතුනා.ලියමනක් තැපෑලෙන් එනවා තරම් මේක සුන්දර නෑ, මම දන්නවා.ඒත් මට ආයෙමත් අකුරු වලින් ආදරේ කරන්න පුළුවන් වෙලා.මගෙ හිතට තන්තෝසයි. මට ඔයාව සෑහෙන්න මතක් වෙනවා.කොටින්ම කියනවා නම් මිස් වෙනවා.ඒක වචන වලින් විස්තර කරන්න බෑ.පිරිමි සුවදකට ගැහැණියක් ආදරේ කරන්න පටන්ගත්තාම ඒ බැදීම හරිම තදයි.යකඩ එකට පෑස්සුනාම එන තදගතියටත් වැඩිය. ඉතින් මම ඔයාගේ ...
හිතට දුක නොදැනෙන්න UNSAID-නොකී දෑ පිය සටහන් නොතියා යන්න....ඉගිල්ලී එන්න....ආදරෙයි කියා බිම බලාගෙන ඉන්න....සුලැගිලි කොනක් ඉඩ තියෙයි තාමත්දැනෙන නොදැනෙන ලෙසින්අතින් අත් පැටලෙන්න....මතකැතුව,පියාඹා එන්න...පිය සටහන් නොතියා යන්න.... ...
වැලන්ටයින්ට කලින් දවස UNSAID-නොකී දෑ ප්ලේන්ටි වැඩි ප්ලේන්ටී එක මිස්ට කියලා කියන කොට.... ආදරේ ඉපැදෙයි එතන. ... හෙට ලැබෙන්නට නියමිත රෝසමලකට වැඩිය....
+++++ UNSAID-නොකී දෑ සද ගොඩගලන්නේ වෙරළට හරියටම රෑ දොළහට මුහුදු රැළි එක්ක හරි හරියටම තරගෙට.......... වෘකයින් උනත් ආලයෙන් වෙලී ඇති හද සමග ඒකයි හැඩුම් හඩ ඇහෙන්නේ පසලොස්වකේ හවසට.........
මල් UNSAID-නොකී දෑ අගහරු ලොවින් බට ප්‍රේමයක් නැති මිනිසුන් ළගින් වුව ඉදහිට දිනක සමන්පිච්ච මල් විතක් මුණ ගැසෙනු ඇත
කවියක මලගම UNSAID-නොකී දෑ රිදෙන රිද්දන අකුරු ඇස් පියාගෙන අප අතර කිසිවක්ම සිදු නොවූවා සේ සිටින අද මරණ දිනයකි ඔබගැන ලියූ කවියක මම දුරින් ඉමි ඔබ නික්මගිය පිය සටහන් විදිමි විදවමි යන්නම් කියා ගිය අය ආයෙමත් විත් කොනිත්තා යන එක එක් දිනක ප්‍රේමයක සියක් වසරක මතකයන් තිබිය හැක. මම යලිත් කවි නොලියමි අකුරු කවි නොකොට සුදු රෙදිකඩක ඔතා වලලමි ...
ප්‍රේමය කියන්නේ............ UNSAID-නොකී දෑ සමහර අය ඇවිත් යනවා.තවත් සමහර අය නෑවිදින් යනවා.ඇවිත් යන අයට වැඩියෙන් නෑවිදින් යන අය හොදයි කියලා සමහර වෙලාවට හිතෙනවා."අපි බදිමු"කියලා කියන අයට වැඩියෙන් "අපි යාළුවො වගේ ඉමු"කියලා කියන අය ගාව සමහර වෙලාවට ජීවිතේ රහ වැඩියෙන් තියෙනවා.ඒ වගේ අය මුණ ගැහුනෙ මොකටද ,මුණ නොගැහිම ඉන්න තිබුනා නේද කියලා හුග වෙලාවට හිතෙනවා.සමහර මුණ ගැසීම් නවත්වන්න බෑ.ඒත් වෙන්වීම් නවත්වන්න පුළුවන්.වෙන්වීම් නවත්තන්න සමහර වෙලාවට ...
සති පූජා UNSAID-නොකී දෑ http://www.dinamina.lk/epaper/art.asp?id=2015%2F02%2F17%2Fpg13_0&pt=p&h සති පූජා කියලා කියන්නේ නෝනා මහත්තයෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන එකට. ඉස්සර කාලේ මහත්තයා මියගියාට පස්සේ නෝනා මහත්තැන් තවදුරටත් ජීවත් වෙන එකේ තේරුමක් නෑ කියලා සමාජය හිතන හින්දා නෝනා මහත්තයාට එහෙම කරන්න සිද්ධ වෙලා තිබුනා.ඒ සිරිත ම්ලේච්චයි කියලා සමහරු කියනවා.ඒ වුනාට මට ඒක එහෙම හිතෙන්නේ නෑ.ඒක තම තමන්ගේ හිතේ කැමැත්ත.ඒත් ඉන්දියාවේ නොදියුණු ප්‍රාන්තවල තවමත් නෝනා මහත්තුරු ...
මනෝ සලාද UNSAID-නොකී දෑ www.dinamina.lk/epaper/art.asp?id=2015/01/20/pg11_1&pt=p&h=කතාවක හෙඩිම අමුතු වුනාම කතාවත් අමුතු ඇති කියලා අපිට හිතෙනවා.කවුරු මොනවා කියුවත් පොතේ කවරෙකින් තාමත් පොතේ තියෙන කතාව ගැන මිනිස්සු හිතාගන්නවා. මේ කතාවක් නෙමෙයි. සම්පූර්ණ නොවිච්ච ජීවිතේ තැන්තැන් වලින් මුණ ගැහුන අසම්පූර්ණ සටහනක්. ඊයේ හැන්දෑවෙ ගෙදර යන වෙලාවෙ මොරසූරන වැස්ස.අහස හෝදගෙන පොළොවට වැටෙනවා.හිගන්නෙක් කියලා අපි හිතන වැරැහැලි ඇදගත්ත මනුස්සයෙක් පුංචි ප්ලාස්ටික් පැණිබීම බෝතලයක් අහස දිහාට අල්ලගෙන ඒ බෝතලේට වැහි ...
විරහ UNSAID-නොකී දෑ විරහව කියන්නේතුන්තිස්පැයක්නිදි වරන එක....හදවතේ ගැඹුරුම තැන්වලකිනිසි තුඩු ඇනෙන එක....රසවිතක් නැතිරසවතෙක් ගැනශෝක කරනා එක....තාර්කික හදකටආදරේ කරන එක...
කණාමැදිරි UNSAID-නොකී දෑ සුළු හදිසි අනතුරකි ප්‍රේමය! කණාමැදිරියනි නිවාදමනු මැන එලිය අදුර සමගින් මැවෙන ප්‍රේමණීය තනිකම !!!!
රතු ! UNSAID-නොකී දෑ වැටී තිබුනා හදවතක්කොල්ලුපිටියේ පටු මාවතකරතු දෙතොල් පෙති සහිතපාට කූරක් ඒ අසලහිටන් හිටියා හරි කෙලින්!
ආයෙමත් ! UNSAID-නොකී දෑ ආදරය කරන්නට ආයෙමත්හදවතේ ඉඩ නැතැයි කී අයආයෙමත් ආදරේ කරන කල...ලෝකය කරබගෙනඉර වටේ යන!මම ඕක කියුවා යැයිනොකියා කියන!