සර්පයින් ඉවීම! raigamahandiya ඔන්න යාළුවනේ, සංක්‍රමණිකයන් කරවල හා බත් කනවා කියල විශාල ප්‍රශ්නයක් තියන නිසාත්, මා අද ගෙදර නිසාත් කන්න යමක් හදන්න හිතුවා. වැඩිය සංකීර්ණ වුවොත්, ඉවීම පමණක් නොවේ ඉන්පසු කෑමත් එපා වන නිසා සරල කෑමක් හදන්න තමා හිතුවේ. කන්න උයන එක එපා … Continue reading → ...
තනි සටන් පාඨයක් සහිතව එන අපේක්ෂකයෙක්! A Rock Star as a candidate! raigamahandiya හැමතැනම මැතිවරණ. ලෝකයේ වැඩියෙන්ම මැතිවරණ පැවැත්වෙන රට මොකක්ද කියල ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ආවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද? අනේ ගුරුන්නාන්සේ, මා නම් දන්නේ නැහැ. වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය මේ මාසයේ පැවැත්වෙනවා. එයින් දිනන්නේ විපක්ෂයේ ඉන්නේ කම්කරු පක්ෂය කියා ජනමත විමසුම් කියනවා. චන්ද ගණන් කරන දවසේ, මැතිවරණ කොමසාරිස් තුමාට ආතතිය නොහැදුනොත්, මෙවැනි ජනමත විමසුම් වලින් කියවෙන ප්‍රතිඵලය බොහෝ විට ඇත්ත වෙනවා. ගහක්-කොලක් නොදැක, ...
කොළඹ ලසන්ත හා ටෙහෙරානයේ මොස්තාෆා A tale of two killings raigamahandiya ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයකු වන මොස්තෆා අහම්දී රොෂාන් ගමන් ගත් කාරයට කාන්දම් බෝම්බයක් ඇලවීමෙන් පසු පුපුරා යාම නිසා ඔහුත්, ඔහුගේ රියදුරාත් මරණයට පත් වුනේ ටෙහෙරාන් නුවරදී. මේකට වග කියන්න ඕනේ කව්ද කියා තාම සොයාගෙන නැතත් ඇමෙරිකාවේ හෝ ඉස්රායලයේ කව්රු හරි “ඔලුවටම වැදුනද?” කියලා අහන්න ඇති බොහෝ විට. මොස්තෆා කියන්නේ ඉරානයේ ඝාතනය කළ හතරවැනි සිවිල් න්‍යෂ්ටික විද්‍යාඥයා. ඉරානයේ ජනතාවගේ සේරම ප්‍රශ්න විසඳීමට ...
ස්මිත් ආත්තම්මාට වඩා, රෝසා නෝනාට කැමති ද? raigamahandiya අද නම් උදේ ගෙදරින් එළියට ගිහින් ආවට පසු, යළිත් යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද, අදත් ඊයේ වගේ නොවේ, එයිටත් අන්තයි. දවල්ට කඩෙන් කන්න ගෙනාව. හැබැයි පුතේ, මේ දිනවල කඩපු ගමන් උයන්න හෝ කන්න හැකි දේවල් කිහිපයක් තියනවා. ඊයේ මා එවෙලේ කඩපු වම්බටු … Continue reading → ...
ගෝත්‍රික නොවන රෙසිපියක්! raigamahandiya ලෝකයේ එක එක රැළි කාලයෙන් කාලයට මතු වෙනවා. සමහරක් රැළි ඇත්තටම සමාජ ප්රගමනයට යම් දායකත්වයක් දුන්න එව්වා. හැබැයි තවත් සමහරක් රැළි, අපට යලිත් අතීත කාල වලට එක්කන් යන්න කරන ආරාධනා. ඕස්ට්‍රේලියාවේ වීගන් කියන ජිවන විලාසිතාව ගත කරන කට්ටිය පසුගියදා ප්‍රසිද්ද … Continue reading → ...
පින් ඇති සරසවි වරමක්! Back to the future (part 1) raigamahandiya මේ දිනවල ඕස්ට්‍රේලියානු සරසවි වලට සිසුන් ඇතුලත් කර ගන්නවා. ලංකාවේ වගේම තමයි. පාසලේ එකොළහ හා දොළහ වසර අවසානයේදී පවත්වන විභාගයෙන් ඉහල ලකුණු ගන්න අයට තමා අවස්තාව ලැබෙන්නේ. මා සේවය කරන තැන මිතුරියකගේ ලොකු පුතා විශ්ව විද්‍යාලයට තේරිලා ඇය හරිම සතුටින් ඉන්නේ. ඇයගේ පුතාට සියයට අනූ හතයි දශම ගණනක් තියනවා. හොඳ ලකුණු ගණනක්. ඔහු තෝරාගෙන තියෙන්නේ විද්‍යා විෂයයන්. අදාළ පාඨමාලාව ගැන ...
ජවිපෙ අනුගමනය කිරීමට ගොස් ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය අමාරුවේ වැටේ! Kevin Rudd wants his job back! raigamahandiya ජවිපෙට කතිරේ ගහපු අයත් නොගහපු අයත් දන්නවනේ ලයිස්තුවේ වැඩිම මනාප ගත්තත් පක්ෂයේ මතය අනුව “දක්ෂයා” නොවේ නම් එයා පාර්ලිමේන්තුවට යන්නේ නැති බව. මනාප ඉල්ලුවේ නැති උනත් මිනිසුන් යම් කෙනෙකුට මනාප දෙනවා කියන්නේ, එම අපේක්ෂකයා තුල ජනකාන්ත බවක් තියනවා මොනයම් හේතුවක් නිසා. පබාට, කරු ට වඩා මනාප ලැබෙන්නේ එම නිසයි (දෙන්නගෙම වෙනසක් නැති එක වෙනම කරුණක්- දෙන්නම දෑත ශක්තිමත් කරන්න උපන් ...
ඕස්ට්‍රේලියාව දොස්තරලාගෙන් සන්තෘප්තයි? Visa plan to stop foreign doctor influx! raigamahandiya අද උදේ වැඩ කරන තැනදී ඇතුල් වෙනකොටම හමු වුණේ, කාලයක් මා හිටිය කාමරේම හිටිය සුදු කාන්තාවක්. එයා තෘතීය අධ්‍යාපනයෙන් පසු, බ්‍රිතාන්‍යයේ සිට මෙහෙට ආපු කෙනෙක්. දැන් දශක තුන හතරක් මෙහෙ ජිවත් වුණත්, තවම බ්‍රිතාන්‍ය ඌරුව කතා කරන විට තියනවා. ගොඩක් … Continue reading → ...
ගලා යන ජීවිතය! raigamahandiya මා කලින් සටහනේ ලියුවා වගේ, ‘ප්‍රකුර්ති’ ජීවිතයට යලි ඒම නිරායාසයෙන්ම සිදුවන දෙයක්. මනුෂ්‍යයාගේ තියන මේ ගතිය, එනම්, වෙනස්වීම් වලට, ඉතා ඉක්මනින් හුරු වීම, වෙනස් පරිසරයන් සිතා මතා සොයා යාම, අපේ ඉතිහාසයේ සිදුවුණු වැදගත් බොහෝ සිද්දීන්ට මූලික වෙච්ච දෙයක්. ඈත උතුරු … Continue reading → ...
උසස්පෙළට කෙලෙව්වේ උවමනාවෙන්ද? By hook or by crook raigamahandiya අවුරුදු තිහක සිවිල් යුද්දයක් තිබුනත් ලංකාවේ සමහර දේවල් තිබුන වෙනස් නොවුන හා වෙනස් කරන්න බැරි උන. ජේ ආර්ගේ සමාජ ක්‍රමය ගැන සටහන් නොකළේ සිවිල් යුද්ධයත් “ප්‍රමෝට්” කලේ එම සමාජ ක්‍රමය නිසා. අපේ අධිකරණ පද්දතිය විනාශ උනා. දකුණු ආසියාවෙ තිබුන හොඳ පත්තර කලාව අද ගන්න දෙයක් නැති වෙලා.මේවගේ දීර්ග ලැයිස්තුවක් හදන්න පුළුවන්. හැබැයි අපොස උපේ හෝ සාපෙ විතරක් නෙමේ ශිෂත්වේ විභාග ...
කෑමේ සහ ඉවීමේ මගේ කතාවේ පරිණාමය-2 My eating evolution-2 raigamahandiya ඊයේ පෙරේද ඕස්ට්‍රේලියානු විශේෂ රුපවානිනියේ පෙන්නපු මානව පරිනාමය පිලිබඳ වැඩ සටහනක තිබුනේ හෝමෝ ඉරෙක්ටස් ගැන. ගස් වලින් බිමට බැහැපු මේ අයට මුලින් කොටි, සිංහ හා වෙනත් මස් කන සතුන්ගෙන් සෑහෙන හිරි හැර වෙලා තියනවා. හමු උන ඉස් කබල් වලින් පේනවා කිව්වේ, සතුන්ගේ ගොදුරු බවට මේ අය ගෙන් වැඩි දෙනා පත් උන බව. මෙහෙම යනකොට තමා, කට්ටිය වේගයෙන් දුවන්න ගත්තේ, වැඩිපුරම ...
දිගු කල් ජිවත් වෙමු! raigamahandiya මා කලින් සටහන ප්‍රශ්නයකින් නිම කෙරුවේ හේතුවක් නිසා. රැකියාවක් කළත්, නොකළත් අප බොහෝ දෙනෙකුට විවේකයක් කියන එක ගැන සිතන්න, විවේකයක් එන්නේ නැතිව ඇති. රැකියාව, ගෙදරදොර වැඩ, දරුවන්ගේ කටයුතු, දෙමාපියන් හා නෑදෑයන් ගේ වැඩ, ලිහන්න බැරි ප්‍රශ්න හා අතපොවන්න බැරි සමාජ … Continue reading → ...
මිරිකන්නට වශී බෝලයක් නොමිලේ! Known unknown and unknown known! raigamahandiya යලි යලිත් එකම දේ ලියන එක මගේ දැන් පුරුද්දක් වෙලා. මොකද එයින් එහාට යන්න නොයෙක් හේතු නිසා අපහසුයි. ලෝකයේ සිදුවන දේවල් ගැන අපට ඕනේ තරම් උපකල්පන කරන්න පුළුවන්. හැබැයි, ඒ ගැන පිළිගන්න පුලුවන් විදිහට ඇතිය හෝ නැතිය කියල ඔප්පු කරලා තියන විට අපට නිකම් තර්ක කර කර ඉන්න එකේ තේරුමක් නැහැ. පසුගිය නිවාඩුවේදී මා අවුරුදු ගණනාවකට පසු දුම් බට කිහිපයක්ම ඇද්ද. ...
ඇයි ඔබ වෙනස් වුණේ? raigamahandiya ඊයේ හවස හතට පමණ, කාලගුණය එක පාරට වෙනස් වූවා. හවස් අතේ වැහි කළුවර තිබුණත්, තත්වය වෙනස් වුණේ එක වරම හමා ආ දැඩි සුළඟත් එක්ක. එක පාරට මහා වැස්සක් කඩා හැලුණා. දවල් අංශක (සෙන්ට්‍රිගේඩ්) 30 ට පමණ තිබුණ උෂ්ණත්වය වැස්සත් එක්කම … Continue reading → ...
කෙටිම කෙටි කතාවක් raigamahandiya සැන්දෑ කළුවර වෙලාව රාත්රිදහය උනත් තාම සැන්දෑ කළුවර ගලා එන්න පටන් ගත්ත විතරයි. ගිම්හානයෙ අන්තිම දවස් නිසා රස්නයෙ අඩුවක් සාගරිකාට දැනුනෙ ගෙට ගොඩ උනාට පස්සෙ.දවසෙම වායු සමීකරන යන්ත්‍ර නොදැම්මොත් මේ දවස් වල ඉන්න අමාරුයි රස්නය නිසා. කම්මැලි කම යන්න එක්ක රූපවාහිනිය ක්‍රියාත්මක කරන ගමන් ඇය සාලයෙ සැටියෙ ඇල උනා. අව්රුදු ගානකට පෙර ගත්ත එකක් උනත් සමින් නිම උන සැටිය අළුත් ...
දවසක්දා හැන්දෑවක! raigamahandiya සංස්කරණය නොකළ චායාරූප. වචන ඕනෙත් නැහැ නේද? මේ ලංකාවේ දකුණු වෙරළක්. මා ඉදිරියෙන් හිටිය කෙනාත්, මා වගේම ඒ සුන්දර දසුනේ කිමිදෙමින් සිටිය වග මේ පින්තූරම සාක්ෂි දරනවා ඇති. උදේට හිරු පායා, හවසට බැස යන (පෘථිවිය කැරකෙනවා කියමින් මේක අවුල් නොකර … Continue reading → ...
දියාරු වාර්තාකරණ කලාව හා වාර්තා දියාරු කිරීම Sloppy journalism raigamahandiya බොහෝ සිදුවීම් වාර්තා කිරීමේදී බලපාන ප්‍රධාන සාධකයන් වන්නේ අදාළ මාධ්‍ය ආයතනයේ යටි අවශ්‍යතාව හා ඔවුන් කඩේ යන්නේ කාටද කියන කරුණු දෙකයි. ලංකාවේ පත්තරයක පුවතක් පළ කරන්නේ මේ විදිහට. සරත් ෆොන්සේකා සිරගත වී අදට වසර දෙකක් පිරේ. ඒ අනුව අදහස් වෙන්නේ සරත් ෆොන්සේකා කැමැත්තෙන් හිර කුඩුවට ගොස් ඉබ්බා දමාගෙන වගේ. ධීවරයා වෙඩි වැදී මිය යයි. මේ ධීවරයා නිකම් කැලේ අටවල ...
කප්ෂියා The wish bird (My Food Experiences-3) raigamahandiya මා ගෙදර වැඳුම් පිදුම් කරනවා නම් කුකුලෙක්ගේ පින්තුරයකුත් අඩු ගානේ සිමෙන්ති පොලවට කිට්ටුවෙන් හරි එල්ලනවා. මොකද කුකුල්ලු/කිකිලියෝ එච්චරම ප්‍රයෝජනවත් ජාතියක්.කුකුල්ලුන්ගේ පිහිටෙන් වියාපාර හදපු Colonel Harland Sanders වගේ කට්ටිය මටත් වඩා කුකුලන්ට වන්දනා මාන කරන්න ඕනේ. මුන්ගේ අහක දාන්නේ මොනවාද. ඉපදෙන්න කලින්ම බිත්තරේ කනවා. ටිකක් ඉපදීගෙන එනකොට කළලේ කනවා. ඉපදිලා සතියෙන් දෙකෙන් කනවා. ටිකක් ලොකු මහත් කරල කනවා. කුකුල් වසුරු කාබනික ...
වසන්තයේ මුල,ගං තෙරක! raigamahandiya පෘථිවියේ දේශගුණය වෙනස්වීම පිලිබඳ කතාබහ එන්න එන්නම වැඩිවෙනවානේ. ඒ සමගම, එය බොරුවක්ය කියන, විශේෂයෙන් කෙටිකාලින වෙළඳ අරමුණු ඇති කොට්ටාශ වලත් ගෝෂාව වැඩිවෙනවා. ගොඩක් වෙලාවට, මේ දෙගොල්ලන් අතර ඉදිරියෙන්ම ඉන්නේ, සාමාන්‍යයෙන් සුවපහසු ජිවිත ගත කරන, එක්කෝ ඉහල මධ්‍යම හෝ මධ්‍යම පාන්තිකයන්. … Continue reading → ...