පැරදුනත් දිනපු ලංකා කණ්ඩායම Sri Lanka Cricket-Winning while losing raigamahandiya කොමන්වෙල්ත් බැංකු කුසලාන තරඟාවලියේ ජය ග්‍රහණය ලබාගන්න බැරි උනත් ලංකා කණ්ඩායම මේ තරඟාවලියෙන් ලබා ගත්ත දේ වැඩියි නැති කර ගත්තු දේට වඩා. පරාජයේ අසතුට පහව යන්න අවසාන තරඟය බලන්න ආපු ක්‍රීඩා ඇමති ලොකු බඩකුත් සමග තිරයේ දිස් වීම හේතු උනා. දිනුවත් මෙයාලව ජනතාව පත් කර ගන්න තාක් කල් ක්‍රිකට් වලට වත් රටට වත් සෙතක් වෙන්නේ නැහැ. කුසලානේ දිනුව නම් කරගහගෙන ...
Spot the Difference! raigamahandiya පින්තූර දෙකක වෙනස්කම් සෙවීම ලෝකයේ ජනප්‍රිය ප්‍රෙහේලිකා වර්ගයක්. අප කුඩා කාලයේ ළමා පත්තර හා වැඩිහිටි පත්තර දෙකේම එවැනි ප්‍රෙහේලිකා වල වෙනස සෙව්වා. ඉස්සර රිවිරැස පත්තරේ අන්තිම පිටුවට පෙර පිටුවේ වෙනස් කම් දහය තෝරා යවන්න තරඟයක් තිබුණා වගේ මතකයි. පස්සේ වූ … Continue reading → ...
සේපාලගේ ගුවන් යානා හයි ජැක් සහ අපේ Amygdala hijack! raigamahandiya සේපාල ගුවන් යානයක් කොල්ල කාල, සල්ලි ටිකකුත් කඩාගෙන කොළඹ ඇවිත් ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේ ප්ලේන්ටියක් බොන කතාව දිවයිනේ මුල් පිටුවේම තිබුනා. හැබැයි ඒ ටික දවසකට. ඉස්සර දිවයිනේ ගිය අර ගුරු සේවයේ රස කතා (පියසේන කහඳගමගේ ගේ) වල එක කතාවක් යන්තමට මේ වගේ. මේ පාසල් පරීක්ෂක වරයා සිංහල උගතෙක්. හෙළ හවුලේ පොරවල් පරාදයි. පාසල පරික්ෂා කරන්න ආවහම, ළමයින්ගේ සිංහල භාෂා ප්‍රවීන තාවය හොඳට ...
සිත නවතින තැන! raigamahandiya මා කලින් ලියා ඇති, තවමත් එලෙසම සිතන දෙයක් තමා, සංක්‍රමණික අප ගොඩක් දෙනා, ලංකාවේ ඉන්න විට, රටින් ඉවතට යන්නේ කොහොමද යයි සිතමින් ඉන්න ඇති. එයින් සැලකිය යුතු පිරිසක් ලංකාවෙන් ඉවත් වුණ පසු, හවසට ගෙදර ඇවිත් හෝ විවේකයක් ළද විට හෝ … Continue reading → ...
රැකියාවකට ලැයිසොමක්! An apartment for sale! raigamahandiya Originally posted on raigamahandiya: මේ දිනවල අපේ ගෙදර පොඩි නඩත්තු වැඩ ටිකක් කෙරුවා. වෙන කෙනෙකු කළේ. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ ක්රෝඑශියාවෙන්. ඇත්තටම ඒ දවස්වල යුගොස්ලාවියාවෙන්. තවත් ඇත්තටම කියුවොත් ඕස්ට්‍රියාවට ගිහින් එහෙන් තමා ඕස්ට්‍රේලියානු විසා හදාගෙන මෙහෙට ඇවිත් තියෙන්නේ. කොමියුනිස්ට්… ...
සැන්දෑ වළා! raigamahandiya දැන් ටිකකට පෙර දුටු අහස, ඒ ආකාරයෙන්ම නොවූවත්, යන්තමින් මේ රූප පෙළ පෙන්වනවා. සැබෑ දර්ශනය මගේ කැමරාවේ සටහන් කරන්න තවම බැහැ. මී බඳුන් පිරී ඉතිරෙන මේ රෑ යාමයේ, රසවත් ගීතයක් වත් අහමු. Advertisements ...
පින් ඇති සරසවි වරමක්! Back to the future(part 1)! raigamahandiya මේ දිනවල ඕස්ට්‍රේලියානු සරසවි වලට සිසුන් ඇතුලත් කර ගන්නවා. ලංකාවේ වගේම තමයි. පාසලේ එකොළහ හා දොළහ වසර අවසානයේදී පවත්වන විභාගයෙන් ඉහල ලකුණු ගන්න අයට තමා අවස්තාව ලැබෙන්නේ. මා සේවය කරන තැන මිතුරියකගේ ලොකු පුතා විශ්ව විද්‍යාලයට තේරිලා ඇය හරිම සතුටින් ඉන්නේ. ඇයගේ පුතාට සියයට අනූ හතයි දශම ගණනක් තියනවා. හොඳ ලකුණු ගණනක්. ඔහු තෝරාගෙන තියෙන්නේ විද්‍යා විෂයයන්. අදාළ පාඨමාලාව ගැන ...
Time Traveler! raigamahandiya මගේ වසර දෙදහස් තිහ නමැති සටහනට, කවදත් වගේ හෙන්රි ප්‍රතිචාරයක් දාල තිබුනා. එයට ප්‍රති-ප්‍රතිචාරයක් දාපු මා ඇහුවේ මචං, කාල යන්ත්‍රයක් හැදුවොත් කොහෙන්ද අප ජීවිතය අරඹන්නේ කියා. එයට හෙන්රි අපූරු ප්‍රති-ප්‍රති-ප්‍රතිචාරයක් දාල තිබුනා. හෙන්රි අහන්නේ ලංකාව ගැන වද වෙනවද, නැත්නම් ඔන්න ඔහේ වෙන කොහේ හරි ඉපදෙනවද කියලා. එහි හරි ගැඹුරු අර්ථයක් තියනවා. මා රුසියාවේ සරසවියකට ඉගෙන ගන්න නොගොස්, ලංකාවේ හිටියා නම් ...
අද කෑම වට්ටෝරුව; තෙලේ බැදපු කොස් ඇට Recipe of the day! raigamahandiya සිකුරාදා වැඩ ඇරිලා ගෙදර එන ගමන් සතියේ එළවලු ටික ගන්න කඩේට ගොඩ උනහම සුපුරුදු සුවඳක් නාසයට දැනුනා. වටපිට බලනකොට දැක්කේ වරකා. වරකා ගෙඩි කීපයක් හා කපපු වරකා පලු කීපයක් එහි තිබුනා. ගාන ටිකක් සැර උනත් සුවඳ නිසා අතහරින්න හිත දුන්නේ නැහැ. පළුවක් ගත්තා. ගෙදර ගෙනත් කනකොට පුංචි කාලේ කාපු වරකා රසය නම් තිබුනේ නැහැ. මොකවත් නැතුවට නරකම නැහැ. අපේ වත්තේ ...
අවස්ථාව එනතුරු….! raigamahandiya දැකපු පමණින්, මට ලස්සනයි කියා හිතුනු විට ගත්ත තවත් පින්තූර ටිකක්. ඒ ගත්ත විදිහටම තමා මේ ඔබල තියෙන්නේ. කිසිම ක්‍රොප් කිරීමක් නැතුව හා වෙන එඩිටිං නැතුව. බලන්න දරට වත් ගන්න හැකිද කියා. Filed under: Photography Tagged: ස්වභාව අධ්‍යයනය ...
ඉස්සර වගේ කාණුවට බැහැලා ඉම්මුද? Let’s do it again? raigamahandiya වැඩ කරන තැන බංග්ලාදේශයේ කෙනෙකු, තමන්ගේ රටේ ඩකා නුවර තියන අකමැතිම දේ ලෙස මා සමග කියුවේ, අධික ජනගහනය. අනුන්ගේ ඇඟේ හැප්පෙන්නේ නැතිව කොහෙවත් යන්න බැරි බවයි ඔහු කියුවේ. පුදුමයක් නොවේ. ඩකා නුවර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට මිනිසුන් 23000 ක් පමණ වෙනවා. කැන්බරා නුවර ඒ ගාණ මිනිසුන් 250 කට වඩා අඩුයි. ඔහු මෙහි වසර විස්සක් පමණ දිවි ගෙවපු කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ කිසිම ...
තලේබාන් පිරිමින්! raigamahandiya සාමාන්‍යයෙන් අප සතියේ බඩු ටික ගන්නා වූල්වර්ත් කඩේ අද කවුන්ටරේ හිටියේ යොවුන් යුවතියක්. මා කතා කරපුවහම ඇය විස්තර ටිකක් කියුවා. ඇය දහවෙනි අවුරුද්දේ පාසල් යන යුවතියක්. අනාගත බලාපොරොත්තු මොනවා ද කියල ඇහුවහම, කියුවේ අභ්‍යවකාශ විද්‍යාව ගැන ඉගෙන ගන්න කැමතියි කියා. සාමාන්‍යයෙන් … Continue reading → ...
මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (3) raigamahandiya උත්තර අර්ධගෝලයේ කට්ටිය සීතලෙන් ගුලිවන මේ කාලයේ, අපට නම් හොඳට රත් වීගෙන එනවා. කොට කෑලි නිකම් වේලෙනවා. තාවකාලික විරාමය දීර්ඝ කාලින විරාමයක් වීම හොඳ දෙයක්. හැබැයි සමහර කොට කෑලි ඉවර කිරීම හොඳය කියල හිතුණා. කලින් සටහනේ සමන් අහපු, මාතෘකාව හා … Continue reading → ...
ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දින වල ඕස්ට්‍රේලියාවේ! Déjà vu raigamahandiya මේවගේ පිට රටක ජිවත් වෙනකොට, මොනයම් දේකින් හෝ අපේ ලාංකියන් වැඩක් පෙන්වනකොට හිතට හරි සන්තෝෂයි. හැබැයි අර ඇමති මෙල්බර්න් නුවර හෝටලේ තුන්වෙනි තත්ටුවෙන් වැටිලා කකුල් කඩා ගන්නකොට නම් හිතට කිසිම කනගාටුවක් දැනුනේ නැහැ. ඇත්තම කියනවා නම් හිතුනේ වෙන දෙයක් (ලියන්න තරම් හොඳ නැහැ). ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඇඟ උණුසුම් කර ගන්න පිළියෙළ කරලා තිබුණු “මැච්” එක ගහන්න තිබුනේ කැන්බරා නගරයේ. කවදාවත් ...
මේ ඇහුනද හාමිනේ, දරුවව කොහොමහරි ඉන්ටර්නැෂනල් කොලීජියකට දාගම්මුද? (2) raigamahandiya එංගලන්තයේ ගැහැණු ළමයි මහා ඉස්ලාම් රාජ්‍යය ගොඩ නගන්න යන හැටි ගැන පොඩි වැඩසටහනක් පසුගිය සතියක මා බැලුවා. ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ වල ජිවත් වන, හැත්තෑවේ දශකයේ පකිස්තනානයෙන් සංක්‍රමණය වූ එක මධ්‍යම පාංතික පවුලක ගැහැණු දරුවෙක්, දැන් සිරියාවේ සිට එයාලගේ කෝස් එකට ගැහැණු … Continue reading → ...
අද අයිටම් එක සයිටම්! raigamahandiya මා ලියපු කලින් සටහන කලින් එකට අවශ්‍ය ඇමුණුම මට දමන්න විදිහක් නැතුව ගියා. එහි පින්තූරයක් දමන්න හැකි වුවත්, මුදල් ගෙවා බලන්න තියන දෙයක ඇමුණුමක් එහෙම දමන එක සදාචාරාත්මක නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රවුර්තියේ අග ගිය පාඨක සංවාදයෙන් ගත්තු අදහස් දෙකක් … Continue reading → ...