ඕස්ට්‍රේලියානු තෘතීය අධ්‍යාපන වෙළඳාම් පැණි වරකාවට හෙන ගහයිද? International student numbers fall in Australia raigamahandiya අර සමහරු කියනවනේ “නිදහසෙන්” පසුව කෙරුනා වගේ මිෂනාරි පාසල් ටික රජයට පවරලා ගන්නේ නැතුව, රජයේ පාසල් වෙනම ඇති කරලා, සිංහල බාෂාවෙන් ඉගැන්වීම ඇරඹුවේ නැත්නම් අද ලංකාව ආසියාවේ අධ්‍යාපන වෙළඳාම් මධ්‍යස්ථානය වෙනවා කියල. “මෙහෙම උනා නම්” හෝ “අරම උනේ නැත්නම්” කියල පටන් ගත්තොත් අපට සිහින ලෝක වල ගොඩක් දුර ඇවිදින්න පුළුවන්. නමුත් ඒකෙන් එච්චර වැඩක් නැත්තේ “උනේ එහෙම” නොවන නිසා. මා ...
ජීවිතය, සංක්‍රමණය හා කරවල! raigamahandiya ඔන්න යාළුවනේ, අද අපට අහන්න ලැබුන ප්‍රවුර්ති අතර, පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවට එන්න දුන්න සංක්‍රමණික වීසා ගණන අඩුවීමත් ප්‍රධාන එකක් වූවා. හරියටම කියුවොත් පසුගිය වසරේ ඕස්ට්‍රේලියාව ගෙන්නා ගෙන තියන සංක්‍රමණිකයන් සංඛ්‍යාව 162, 417 ක් පමණයි. මා පමණයි කියුවේ, එය ලොකු ගණනක් … Continue reading → ...
I have seen this all before? raigamahandiya කලින් සටහනේ අවසානයට කියුව කතාවට ගියොත්, ලංකාවේ ඉන්න ඕනි හොඳම පුරවැසියන් ඉන්නේ වෙන රටවල නේ කියා කවුරුන් හෝ කියුවොත්, අප බොහෝ දෙනෙක් එකඟ වෙන්න ඉඩ තියනවා. දරුවන් හදන්න හොඳම උපදෙස් දෙන්නේ, එක්කෝ දරුවන් නොමැති, නැත්නම් දරුවන් ලොකු මහත් කර ගෙදරින් … Continue reading → ...
දෑසේ මල් විලේ! raigamahandiya පසුගිය සිකුරාදා මා දවල් දවස ගත කෙරුවේ, නිව්සවුත් වේල්ස කුඩා නගරයක. වැඩ නිම කර දවල් කන්න යන විට හවස හතරත් පහු වෙලා. එහි තියන බේකරිය වහන්නත් ඔන්න මෙන්න වගේ. බේකරිය කියන්නේ මේ වගේ නගර වල තියන අත්‍යවශ්‍ය කඩයක් වගේම, ඒ … Continue reading → ...
රජතුමා ගේ මෙන් ගැලවී නොවැටුන රියැනාගේ සීතාම්බරපට! It’s got to be lighter! raigamahandiya අපට කල්පනා කරන්නත් විවේකයක් අවශ්‍යයි. ගොඩක් වෙලාවට අපේ රැකියා දිවියේ නොලැබෙන දෙයකුත් තමා විරාමයන්. අද නම් නිවාඩුවක් දමල කළේ ගෙදර වැඩ වගයක්. එළියේ පට්ට හීතලයි. හිතුවටත් කලින් කළුවර වැටුනා. වැඩෙත් කෙළවර වුනේ නැහැ. අපේ අම්මා නිර්මාංශ ආහාර වලට සීමා වුන කෙනෙක් නොවේ. ඇය මාළු හා කරවල කනවා. මස් හා බිත්තර කන්නේ නැහැ. හැබැයි අපට පොඩි කාලේ විතරක් නොවේ, අදත් ...
රුසිරු දසුනක්! raigamahandiya කැන්බරා වල තියන බ්රින්ඩබෙලා වනෝද්‍යානයේ දර්ශන කිහිපයක්. කැමරාවෙන් ගත්තුවා වත්, විවේකී දිනයක් ගත්තුවා වත් නොවේ. වැඩකට ගිහින්, දහවල් ආහාරය ගන්නා අතර දුටු දර්ශන වල තියන මනස්කාන්ත බව නිසාම ගත්තු පින්තූර කිහිපයක්. සතියේ දිනක් නිසාත්, මාළු අල්ලන්නට අවසර ඇති කාලය තවම … Continue reading → ...
ගස් වලින් කඩන යෝගර්ට් and world’s hottest chilli raigamahandiya මේ සතියේ ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වල පළ වුනා ජාතික සමීක්ෂණයක ප්‍රතිඵල. ඉන් කියවුනේ ඕස්ට්‍රේලියානු ප්‍රාථමික ඉස්කෝලවල අවසන් වසරේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් හතරෙන් තුනක් හිතන්නේ කපු මේස් හදන්නේ සතුන්ගෙන්, හතරෙන් එකක් හිතන්නේ යෝගර්ට් ගන්නේ ගස් වලින් කියල. ආහාර හා අනික් කෘෂි නිෂ්පාදන වල ප්‍රභවයන් ගැන ළමුන්ගේ ඇති නොදැනුම මේ තුලින් කතා බහට ලක් උනා. පුදුම වන්න දෙයකුත් නැහැ. මොකද කෘෂි නිෂ්පාදන කෙරෙන්නේ ...
ඈත කඳු හා මෑත සිතිවිළි! raigamahandiya උදේ පහ මාරට පමණ. පහත පින්තූර ගත්තේ හවස අටට විතර. අද විවේකී දිනයක් වුවත්, දැන් ලියන්න වෙලාවක් නැහැ. මා, මල් පැල වලට වතුර දැමුව පසු ගත්තු පින්තූර කිහිපයක්. මේවායේ විශේෂත්වයක් නැහැ. ගත්තු අනුපිළිවෙලටම තමා තියෙන්නේ. හෙට අනික් ටික දමන විට, … Continue reading → ...
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්? raigamahandiya කලින් ලියපු සටහනට යලි ගියොත්, බංග්ලාදේශකාරයාගේ කතාව ගැන යලිත් හිතන්න වෙනවා. අප වැනි සංක්‍රමණිකයන්, ඉඳහිට ලංකාවට ගියත්, දකින්නේ එහි වැරදි පමණයි ගොඩක් වෙලාවට. ගොඩක් දෙනා මැතිවරණ කාල වලට විශ්ලේෂණ, උපදෙස් හා අනාවැකි යනාදිය ඉදිරිපත් කරනවා. ෆේස්බුක් එකේ මා දකින සීමිත … Continue reading → ...
වඩා අමාරු කොයි එකද? What is more difficult? raigamahandiya ලංකාවෙ දේශපාලනෙ කරන එකට වඩා බටහිර රටක ආචාර්ය උපාදියක් කරන එක අමාරු කියල කෙනෙකුගෙ අදහස. හැබැයි එක දෙයක් නම් පැහැදිලියි. නරක මිනිස්සු අතර උනත් ඉන්න ටිකක් හෝ හොඳ මිනිසුන්ට වැඩි ආයුෂක් නැහැ. භාරතගේ අකල් මරණය මේක නැවතත් පෙන්වා දෙනවා. මේකට කෙනෙක් කියාවි උන් ඔක්කොම එක වල්ලේ කියල. තව කෙනෙක් කියයි ධනපති පන්තියට කත් අදින ඔක්කොම එවුන් ඔය වගේ කියල. කොහොම ...
හොඳටම කෙට්ටු වෙලා ඝනදෙවි රූපේ! Measure twice! cut once (2)! raigamahandiya පසුගිය සතියක ඕස්ට්‍රේලියානු ෆෝර්ඩ් සමාගම නිවේදනය කළා 2016 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් යන්නටම යන වග. ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ක්ෂේත්රයේ 90 වසරක දීප්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ෆෝර්ඩ් මෝටර් රථ සමාගම කියන්නේ මෙහෙ කාර් හදන එක තව දුරටත් කරගෙන යන්න බැහැ කියලයි. ඔවුනට අනුව මෙහෙ කාරයක් නිපදවන්න යුරෝපයට වඩා දෙගුනයකුත් ආසියාවට වඩා හතර ගුනයකුත් යනවා. නිෂ්පාදන වියදම එකක්. මිනිසුන් කාර් නොගන්න එක තව කරුණක්. ෆෝර්ඩ් කාර් ...
වැසි අඳුර! raigamahandiya ජීවිතයේ බොහෝ දේවල් විතරක් නොවේ, මුළු ජීවිතයම අප 4 ග්රාන්ටඩ් ගන්න අවස්ථා ඕනේ තරම් තියනවා. මාත් එම කාණ්ඩයෙන් වියුක්ත කෙනෙක් නොවේ. ශරීර සෞඛ්‍යය ඉන් එකක්. අවන්හළේ විශාල පිරිසක් හිටියේ නැහැ. එළියේ වැටෙමින් තිබුණ වැස්සේ තද බව කාලයත් එක්ක අඩු වැඩි … Continue reading → ...
මිනිසෙකුගේ ඉරණම -පළමු කොටස raigamahandiya ලෝකයේ කොතරම් කියවන්න දේවල් විවිධ භාෂා වලින් තිබුණත්, අපට ඒවා කියවන්න හැකියාව තුබුණත්, ඒ අතරින් කියවන්න ආසාවක් ඇතිවන්නේ සමහර දේවලට පමණයි. එය සමහරවිට භයානක දෙයක් වන්නටත් හැකියි. හැබැයි, සත්‍ය තත්ත්වය එයයි කියා ඔබත්, මාත් දන්නවා. මගේ බ්ලොගය කියවපු කෙනෙක්, මෙය … Continue reading → ...
අසිරිමත් මිනිස්සු The kindness of a stranger raigamahandiya අසිරිමත් මිනිසුන් කැන්බරා නුවර රස්සාවක් හම්බ උනහම හිතට නැගුන ප්‍රධාන ප්රශ්නය උනේ ඉන්න තැනක් සොයා ගන්න එක. නවාතැන් පොළවල් ගැන සොයන්න වෙබ් අඩවි වල ටිකක් කරක් ගහල බැලුවා. රටකින් රටකට මාරු වෙනවා වගේම රටක් ඇතුලේ මාරු වීමත් පහසු කටයුත්තක් නෙමේ. මේ නිසාම අප වගේ සංක්‍රමණිකයන් බොහෝ දෙනෙකු තමන් මුලින්ම ආපු නගරෙම පැලපදියම් වන්නේ. මේ නිසා තමන්ගේ ක්ෂේත්රයේ රැකියාවක නියැලීමට වෙන ...
මේ ඔබගේ ඉල්ලුම් පතද? Publish or perish! raigamahandiya පෙරේද මා දන්නා ඕස්ට්‍රේලියානු සරසවියක මහාචාර්ය කෙනෙකුගෙන් මට ඊ මේලයක් ලැබුන. ඔහුට දැනගන්න ඕනේ වෙලා තිබුනේ, ඔහුට එවල ලද ඉල්ලුම් පතක අයිති කරුවා ගැන මගේ අදහස. ලංකාවේ මුලික උපාධිය ලැබුවට පස්සේ ක්ෂේත්රයේ රැකියාවක යෙදිලා ඉන්නවනම් ටික කලකට පස්සේ ඉහලට යන්න නම් පශ්චාත් උපාධියක් කරන්න වෙනවා. ලංකාවේ නොවේ කොහෙත් එහෙම තමයි. නමුත් ලංකාවේ මේ සඳහා ඇති අවස්ථා සීමිතයි. කොහෙත් සීමිත කොට ...
ඕස්ට්‍රේලියානු සමරසිංහ! He did it again! raigamahandiya දැනට මාස දෙකකට පමණ පෙර මා සිංහල කඩෙන් පත්තරයක් ගෙනාවා. අර මෙල්බර්න් නුවර ප්‍රකාශයට පත් කරන නොමිලේ බෙදා හරින එකක්. ගෙදර ගෙනත් කියවන්න ගත්ත කොට තමා, මුල් පිටුව හරියටම දැක්කේ. ඒකෙ තිබුනේ දැනට මාස කීපයකට පෙර දණහිස් කඩා ගත්ත ලංකාවේ ඇමති කෙනෙකුගේ බඩක් එක්ක පින්තුරයක් සමග චිරන් ජයතු වගේ දෙයක්. මා පත්තරේ කියවන්නෙත් නැතුව කෙලින්ම ගෙනිහින් කුණු බක්කියට දැම්මා. ආයිත් ...
මිනිසෙකුගේ ඉරණම! raigamahandiya මා ලියන්න හදපු කතාවට පාදක වන්නේ මා බලපු (හා බලන) ව්ලොගයක්. ඉහත නමින් සිංහලට පරිවර්තනය කරපු කෙටි කතාවක් තියනවා කියා මට මතකයි. එය මා හිතන්නේ සෝවියට් සාහිත්‍යකරුවෙකු වන මිහයිල් ශොලොහොෆ් ගේ සුද්බා චිලවියෙකා කියන කතාවේ පරිවර්තයයි. එම කතාව මට දැන් … Continue reading → ...