අලුත් පාසල් වාරය! A new term! raigamahandiya අලුත් පාසල් වාරය පටන් අරන් සති දෙකක් වෙනවා. ප්‍රාථමික වසරවලදී මා අමතක නොකර කරන දෙයක් තමා පුතාලගේ පන්තියේ ගුරුතුමා හෝ තුමිය හමු වන එක. වැඩිපුර රැඳෙන්නේ නැති වුනත් අඩු ගානේ මා කවුද කියල හඳුන්වා දෙන්න යනවා. ගොඩක් මවුපියන් එහෙම කරන්නේ නැහැ. එමගින් දරුවාගේ පාසල් ඒම දෙමාපියන් වශයෙන් අපටත් වැදගත් බව ගුරුවරයාට මතක් කර දෙනවා. හෙන්රි කියන්නා වගේ ගුරුවරයෙකුගේ රස්සාව ලෙහෙසි නැහැ. ...
ඔබේද රෝඩ් රූල්ස්? Obey the road rules! raigamahandiya මට පසුගිය දිනෙක එකවර මතක් උනේ අපේ නවවන පන්තියේ සෞක්‍ය ගුරු වරයා පන්තියේදී කියුව දෙයක්. ඔහුගේ නමවත් මට දැන් මතක් වෙන්නේ නැහැ. නමුත් ඔහුට තිබුනා හොඳ පපුවක්. ඒ කියුවේ හොඳ ටූ පැක් (two pack) එකක්. ජාතික ඇඳුම ඇන්ද ඔහුගේ පපුව හොඳට මතුවෙලා පෙනුනා. හරි දේහ ධාරි මනුස්සයා. ඔහු සිංගප්පුරුවේ හෝ බටහිර රටක ඥාතියෙක් බලන්න ගිහින් ඇවිත් අපට විස්තර කියුවා. ඔහුගේ එක ...
සන්ද්‍යා එක්නැලිගොඩ Sandyaa Eknaligoda; she also can smile while crying! raigamahandiya කෙනෙකුට මුහුණ දෙන්න සිදුවන කනගාටුදායක සිදුවීම මොකක්ද? තමන්ගේ ලඟම ඥාතියාගේ හෝ යහළුවාගේ/යෙහෙළියගේ මරණයයි කියල මා කිව්වොත් ඔබ මා සමග එකඟ වෙනවාද? කෙනෙකුගේ අකල් මරණය ඔහුගේ හෝ අයගේ කිට්ටුවන්තයන්ට වඩාත් කනගාටු දායකයි. මෙයටත් වඩා කනගාටුදායක දෙයක් තියනවා. ඔවුනගේ මුළු ජිවිතයම ගෙවෙන්නේ ප්‍රස්නාර්ථයක් මැද.මෙහෙම දෙයක් තමන්ට වෙනකම්, ඒ මොකක්ද කියල හරියට තේරෙන්නේ නැහැ. පසුගිය දිනවල කියවපු ප්‍රවුර්ති හරි නම් අප අතර මහත්තුරු ...
අප ඉන්නේ ලෝක දෙකක හාමුදුරුවනේ! A box-ticking exercise raigamahandiya අප ඉන්නේ ලෝක දෙකක හාමුදුරුවනේ! ගිය සතියේ බණක් අහන්න පන්සලට ගියා. ගියේ යාලුවෙක් කරපු ඉල්ලීමක් නිසා මිසක් බණ ඇහීමෙන් අමුතු සුගතියක් ඇතිවේවි කියල හිතුන හින්දා නෙමේ. මේවගේ රටක පන්සලක් හැදීමටත් එය පවත්වාගෙන යාමටත් විශාල වෙහෙසක් දරන්න ඕනේ. මා නම් එවැනි දෙයකට කැප වන පුද්ගලයෙක් නෙමේ. එයට වැඩියක්ම හේතු වන්නේ ආගම මගේ ජිවිතයේ ප්‍රධාන අංගයක් නොවන නිසය්. ආගම කෙසේ වෙතත් පන්සල ...
උයන් කොණේ…..! raigamahandiya (වියත් සටහන් කියවීමෙන් ඔල්මොරොන්දම් වී තියන ඔබේ සිතට හා නෙතට)! Advertisements
ආත්ම විශ්වාසයක් නැති ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්! This time, losing while winning! raigamahandiya ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම අන්තිම වරට ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවේ මා සටහන් කීපයක්ම ලියුවේ ඔවුන්ව අගය කරලා. ඒ දවස් වල ඔවුන්ට වැටුප් පවා ගෙවා ගන්න බැරිව හිටිය කාලයක්. ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඔවුන් ගේ ක්‍රීඩා විලාශයට ඒ එකක් වත් බල පාල තිබුන බවක් අප දුටුවේ නැහැ. ශ්‍රීලංකා ක්‍රිකට් කියන්නේ ඩොලර් වලින්ම ගෙඩි පිටින් දශ ලක්ෂ ගණනින් හම්බ කරපු ආයතනයක්. පසුගිය දශකය තුලදී දේශපාලකයන් ...
……But Most of Them Never Happened! raigamahandiya මාර්ක් ට්වේන් කියුවා කියන ප්‍රසිද්ද කියමනක් තමා I Am an Old Man and Have Known a Great Many Troubles, But Most of Them Never Happened. ඕකේ තේරුම අපට හතර වටින්ම පෙනෙන දෙයක් නේ. හැබැයි, ඔය කියමන මාර්ක් ගේ කාලයට එහා යන … Continue reading → ...
මහින්ද! අර උගුලා දැම්ම සොහොනුත්, මේ සොහොනුත් හැර, තවත් සොහොන් රටේ තිබේද? Is there a life beyond the grave? raigamahandiya “මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ඉහළින් කෞතුකාගාරය ආසන්නයේ බි්රතාන්ය සුසානය එතැනින් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයෙන් ඉල්ලයි. සිංහලයන් හා සටන් කළ බි්රතාන්ය ඒජන්තවරුන් හා සෙබළුන් 163 දෙනකුගේ සොහොන් එහි පිහිටියේය. සුසානය ඉදි කෙරුණේ 1817දීය. ජෝන් ඩොයිලි හා ජේම්ස් ටේලර්ගේ සොහොන් ද මෙහි ඇත. ශ්‍රී ලංකාවට තේ පැලය හඳුන්වා දුන්නේ ටේලර්ය. දළඳා මාලිගයටත්, වීර කැප්පිටිපොළ පිළිරුවටත් ඉහළින් ...
උඹ හොඳට මිරිකලා දෙහිටික ගනින්කෝ සයිමා, අනේ(හ්) උඹේ පෙම්බර විමලා කට් වෙලා! raigamahandiya Originally posted on raigamahandiya: ගිය බදාදා මා අවදි වුණේ උදේ පහමාරට. මා හිතන්නේ මතක ඇති කාලයකට උදෙන්ම අවදි වූ දිනයක්. ඉස්සර පාසල් පාසල් යන විට හයේ පන්තියේ සිට අවදි වුණේ මෙන්න මේ වෙලාවට තමා. ඒ කාලයේ එපා කරපු දෙයක්. නව… ...
මම්ම නෝ! පප්ප නෝ!! ආප්ප කන්න තුට්ටු නෝ!!! raigamahandiya දැනට කලකට පෙර අප මෙල්බර්න් නගරයේ එක ලී බඩු වෙළඳ සලක් වෙත ගියේ, ගෙදරට ලියන මේසයක් ගන්න. අලුත විවුර්ත කරලා තිබුන කඩේට පළමුවෙන්ම ගොඩ වුනේ විශේෂ හේතුවකුත් නිසයි. මෙය ලාංකික ව්‍යාපාරක කොටසක්. ඇත්තටම ව්‍යාපාරක් මෙතරම් දියුණු කිරීමට සෑහෙන දක්ෂතාවයක් තියෙන්න ඕනේ. බඩු වල තත්වය නරකම නැහැ. ගාණේ හැටියට කොහොමත් හොඳයි. අප ගැලපෙන මේසයක් තෝරාගෙන කවුන්ටරයට ගියා. ඔන්න මේසයේ ගාණයි, ප්‍රවාහනය කරනවට ...
ස්වර්ගයට යාමේ රහස The disclosed secret of heven raigamahandiya ස්වර්ගයට යාමේ රහස එදා ඉරිදා දවසක්. මා මෙල්බර්න් නුවර සිට කන්බරා දක්වා පියා සර කොලේ පසුදා (සඳුදා) වැඩට යාමට. ගුවන් ගමන විනාඩි පනහකින් පමණ නිම උනා. ඒත් ගුවන් තොටුපලේ ඉඳලා නවාතැනට යාමට ටැක්සියක් හෝ බස් එකක් සොයා ගත යුතුයි. එලියට ආ ගමන් නගර මැදට යන බස් එක අද්දන්න ලංවෙලා තිබුන නිසා ගොඩ උනා. ඔන්න බස් එකෙන් නගෙරේ මැදට ආව. දැන් ...
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒ කාලේ! We don’t even notice it. raigamahandiya අක්මල් සැලෙයි කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න හිටිවන විහිළු කතා කාරයෙක්. හිටිවන විහිළු ක්ෂේත්රයේ රැඳී ඉන්න හැමෝටම බැහැ. හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. අර ඇනස්ලි බර්ටි සැමුවෙල් ලගේ විහිළු එක්ක සසඳන කොට අද ලංකාවේ කෙරෙන විහිළු වැඩසටහන් මට නම් බලන්න බැහැ. කොහොම හරි අක්මල් මෙහෙ උපදුන කෙනෙක් නොවේ. ඊජිප්තුවේ ඉඳන් අක්මාල්ගේ අම්මයි තාත්තයි ඕස්ට්‍රේලියාවට එනකොට පොරට වයස අව්රුදු 11 යි. මිනිහගේ පොඩි සම්මුඛ ...
ජනමත හා තනි මත! raigamahandiya කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියානු දේශපාලකයන් විසින් තොරොම්බල් කරමින් හිටිය, සම ලිංගික දෙදෙනෙකුටත් විවාහයකට අවසර දිය යුතුද කියන ප්‍රශ්නයට, ජනතාවගේ මත සමීක්ෂණයේ ප්‍රතිඵල වලට මා සවන් දුන්නේ ගමනක් ගිහින් එන අතර තුර, රේඩියෝවෙන්. මෙය ජනමතවිචාරණයක් නොවේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පවත්වන ළද … Continue reading → ...
බිලි පූජා හා බලි පූජා Animal sacrifices and human sacrifices raigamahandiya මෑතදී සත්ත්ව බිලි පූජාවක්, එක්තරා මැරවර දේශපාලකයෙක් විසින් නැවැත්වීම නිසා, එම තැනැත්තා වෙත දෙවියන්ගේ උදහස ලැබී තියන බව අදාළ බිලි පූජා චක්‍ර වර්ති විසින් ප්‍රධාන පුවත් පතකට පවසා තිබුනා. අප අතර නොයෙකුත් ඇදහිලි විශ්වාශ තියනවා. සත්ත්ව බිලි පූජා මගින් නොයෙක් විස්ම කර්ම කර ගැනීමද එවැන්නක්. කෙනෙකුට නොයෙක් දේ ගැන විශ්වාස කිරීමට ඇති අයිතියට ගරු කල යුතු උවත්, එමගින් අනිකුත් කෙනෙකුට ...
ඇමෙරිකානු දුත පිරිසක් ලංකාවට US top deligation to visit SL raigamahandiya ඇමෙරිකානු දුත පිරිසක් ලංකාවට ඇමෙරිකාවේ දුප්පත්කම අහස උසට නැගල කියල කව්රුත් දන්නවනේ. සියයට දහයකට රස්සා නැහැ. ලොකු සමාගම් වල කෑදර කම මඩින්න මැදිහත් වෙන්න කියා ජනතාව පාරට බහින්න පටන් අරන්. ඉදිරි ජනාධිපති වරනේදී මේකත් ලොකු මාතෘකාවක් වේවිය කියල දැනටමත් අදහස් පළ වෙනවා. මේ ගැන කල්පනා කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉහළපෙලේ මෙගා දුත කණ්ඩායමක් ලංකාවට යැවීමට අදහස් කරලා. මෙහි අරමුණ දුප්පත් කම ...
වෙරළක් නොදුටු සයුරක්? raigamahandiya ඉහතින් තියෙන්නේ කලින් සටහන් දෙකේ තියන චායාරූප වලම දිගුවක්. මේවායින්, අප ඉන්න රටේ තියන එක පරිසරයක පැති කඩක් පෙන්වනවා. මා හිතන්නේ මේවා බලන කට්ටිය අඩුයි. නමුත් සීමිත පිරිසක් රස විඳින වගත් පෙනෙනවා. මේකත් විවේචන සටහනක් වුණොත්, මගේ බලාපොරොත්තුව අහෝසි වී … Continue reading → ...
ඔබගේ තීරණයට මාත් එකඟයි නගෝ! I totally agree with you! raigamahandiya අද මා ගෙදර ආවේ වරුවෙන්. වැඩ කරපු වේලාවෙන් පැයක් ගත උනා අයිරිෂ් ජාතික මිතුරියක යයි කිව හැකි කාන්තාවකගේ දුක් අන්දොනා වලට සවන් දීමට. පොඩි පුතා උපන් දිනය වෙනුවෙන් යාළුවන් දෙතුන් දෙනෙකුට ගෙදරට එන්න කියල තිබුනා. කේක් ගෙඩිය කපන වෙලාව මා ගෙදර ආවේ. හවස් වෙන්න ඇරලා, මා ඇරලා (දෙපාරක් ඇරලා ලියන්න පුලුවන්ද?) තිබුන බෝතලයෙන් උගුරු කීපයක් හලා ගෙන ඉන්න වෙලාවේ ...
නිසල දිය! raigamahandiya අදට යෙදී තියන නත්තල වෙනුවෙන් ඕනේ තරම් පණිවුඩ නිකුත් කෙරෙනවා ඇති. අසල් වැසියාට ප්‍රේම කිරීමේ ඉඳාන්, ලෝක සාමය හා නොයෙක් කාරණා ගැන සුබ ප්‍රාර්ථනා ඒ අතර ඇති. එය අනෙක් ආගම් වල වැදගත් යයි කියන දින වල ද එකසේ සිදුවන්නක්. මේ … Continue reading → ...
චන්ද්‍රමඩුලු යට සුරංගනාවන්-දුවේ එපා ඒ කතා අහන්නට! Can you take me there? raigamahandiya මා ලියපු අන්තිම සටහන් සියල්ලටම හේතු වුනේ එක කරුණක්. පාසල් සිසුන් හා සරසවි සිසුන් අල්ලා ගෙන රටක බලය අල්ලන්න හදන එකම ගොන් කමක්. පාසල් හා සරසවි වල සමාජවාදය වෙනුවෙන් පෙනී ඉන්න, ධනපතියන් භංග වේවායි කෑ කෝ ගසන බහුතර පිරිසක්, ජිවිතයේ තමන්ම උපයනවිට, නිර්ධනීන්ට වෛර කරන පිරිසක් බවට පත් වෙන්නේ ඇයිද කියන එකත් හොඳ පර්යේෂණයකට මාතෘකාවක්. නැත්නම් දශක කිහිපයක් තිස්සේ ලංකාවේ මේ ...