මා තනි නැහැ! You give me sunrise with your smile! raigamahandiya මගේ ජීවිතයේදී ලබපු දේවල් බොහොමයක් තියනවා. නමුත් නැති උන දේවල් වල අගය ගත්තොත් (ගණනින් සුළු උනත්) වටිනාකම වැඩියි. උදාහරණයකට ගත්තොත්, ජිවිතයක වටිනාකම මනින්න බැහැනේ. භෞතික දේවල් වල අගය මට හරියටම නැති උනේ ගිය වසරේ සිදු උන නපුරු දෙයකින්. මා එය මෙහි විස්තර කරන්න යන්නේ නැහැ. පසු කලක පුළුවන් උනොත් ලියනවා. ලියන්න තාම අලුත් වැඩියි. මගේ බ්ලොගය එන්න එන්නම දිනපොතක් වීම ...
දකුණේ සුනාමිය හා උතුරේ සුනාමිය! They are totally different? raigamahandiya ස්වාභාවික ආපදා ඇති වන්නේ මොන බැලුම් වත් බලලා නොවේ. ඒවා දේශ සිමා, ජන වර්ග, කුල මල, ධනපතියන්ද, දුප්පතුන්ද, රජවරුද කියා කිසිවක් බලන්නේ නැහැ. ඒ වගේම කළුද, සුදුද නැත්නම් තල එලළුද කියලත් සලකන්නේ නැහැ. ඕනෙම රටක මේ වගේ ව්‍යසන වෙනවා. මේ ව්‍යසන වලට මිනිසා දක්වන ප්‍රතිචාර නම් එක රටකින් තව රටකට වෙනස් වෙනවා. මේ ඊයේ පෙරේදා ඇමෙරිකාව හරහා හමා ගිය සුළි ...
සිනහවේ කුළ! The Birrigai rock shelter-they really cooked there! raigamahandiya මා කලින් සටහනෙන් කියුව පරිදි ආදී වාසීන්ගේ ජිවිත ගැන දැනගන්න කුඩා කාලයේ පටන්ම උනන්දුවක් තිබුනා. එක්තරා කාලයක ඕස්ට්‍රේලියාවේදී මා කියෙවුවෙ මෙහෙ ආදිවාසීන්ගේ ජිවිත ගැන ලියවුන පොත් පමණයි. මේවා ලියල තිබුනේ ඇබොරිජිනල් වරුන්ම විතරක් නොවේ සුද්දනුත්. කැන්බරා කියුවහම ගොඩක් දෙනා දන්නේ නවීන සැලැස්මකට හදපු සැලසුම් සහගත නගරයක් කියලා. කැන්බරා නුවර පිහිටුවා වසර 100 ක් පිරිම සිදුවන්නේ ලබන වසරේ. ඒත් මෙය අවුරුදු සියක් ...
ත්‍රී රෝසස්, බ්‍රිස්ටල් හා ගෝල්ඩ් ලීෆ්, Not only they are all the same, they all look the same! raigamahandiya අද ඕස්ට්‍රේලියාවේ මහාධිකරණයෙන් මෙහෙ ආණ්ඩුව බලාගෙන හිටපු තීන්දුවක් ලැබුනා. ගිය වසරේ දෙසැම්බර වල ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළා. මේකයි නිතිය. ඕස්ට්‍රේලියාව තුල අලෙවි කෙරෙන සිගරට් වල පැකට් වෙළඳ නාම ලොකුවට, පාට පාට දාල මුද්‍රණය කරන එක තහනම්. දැනටත් මේ සිගරට් පැකට් වල අප පොඩි කාලේ වගේ නොවේ, මේවායින් හැදෙන විවිධ ලෙඩ වලට ගොදුරු උන මිනිසුන්ගේ දැකුමට ප්‍රිය නැති පින්තූර සමගින්, ...
අහංකාර නගරේ! raigamahandiya මාලිංගගේ අහංකාර කම් නිසා ගොඩක් දෙනා ගොඩ ගියා. අර ජස්ටින් බීබර් ගේ ළමා කම් නිසා ගොඩ යන පිරිස් වගේ. මාලිංග හෝ ජස්ටින් නැතුව එයාලට පැවැත්මකුත් නැහැ. සරල සත්‍යය ඔන්න ඕකයි. ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අහංකාර කම් ගැන, ලියන්න ගොඩක් කරුණු මට තිබුනත්, ඒ ගැන ලියන්නේ නැහැ. එම අහංකාර කම් නිසා ක්‍රිකට් වලට ඇති ඇල්මත්, එම තරඟ පසු පස යාම හා ලංකා කණ්ඩායමට වචනයකින් ...
ඕස්ට්‍රේලියානු සමරසිංහ! He did it again! raigamahandiya දැනට මාස දෙකකට පමණ පෙර මා සිංහල කඩෙන් පත්තරයක් ගෙනාවා. අර මෙල්බර්න් නුවර ප්‍රකාශයට පත් කරන නොමිලේ බෙදා හරින එකක්. ගෙදර ගෙනත් කියවන්න ගත්ත කොට තමා, මුල් පිටුව හරියටම දැක්කේ. ඒකෙ තිබුනේ දැනට මාස කීපයකට පෙර දණහිස් කඩා ගත්ත ලංකාවේ ඇමති කෙනෙකුගේ බඩක් එක්ක පින්තුරයක් සමග චිරන් ජයතු වගේ දෙයක්. මා පත්තරේ කියවන්නෙත් නැතුව කෙලින්ම ගෙනිහින් කුණු බක්කියට දැම්මා. ආයිත් ...
කිමද මේ අරුමේ! Everything had changed suddenly! raigamahandiya පසුගිය මාර්තු මාසේ “New York Times” පත්තරේ කොලමක් මගේ සිත් ගත්තේ එය මා සිතන විදිහට ලියල තිබුන නිසා. එය ලියල තිබුනේ පෝල් ක්රුග්මන් (Paul Krugman). මාතෘකාව උනේ “Corporate-backed legislation warps US democracy” . මේකෙන් කියඋනේ ”American legislative Exchange Council ( ALEC) කියන සංවිධානය ඇමෙරිකාවේ නීති කෙටුම් පත් වලට කොපමණ බලපෑමක් කරනවාද කියන එකත්, එම බලපෑම කොච්චර දුරට මහජන යහපත පිණිස කෙරෙන එකක්ද ...
අමරගේ බෝලය හතරේ සීමාවෙන් ඉවතට! raigamahandiya අපේ අපොස උපේ පන්තියේ හිටපු ළමයින් සරලව කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. එක කාණ්ඩයක් තමා, සිංහලෙන් ලියන පාඩම් සටහන් වල, රතු ඉරෙන් වමේ කොටසේ ඉංගිරිසියෙන්, පැහැදිලි කිරීම් (තමන්ට) ලියා ගත් කාණ්ඩය. තව පිරිසක් හිටියා, පන්තියේ වැඩිය ඉන්නේ නැති, නමුත් ක්‍රීඩාවෙන්, කැඩෙට් හා බාලදක්ෂ වැනි ක්ෂේත්‍ර වල පාසලේ කැපී පෙනෙන අය. මොවුන් ගොඩක් වෙලාවට ශිෂ්‍ය නායකයන්ද උනා. අනික් පිරිස තමයි ඉහත දෙපිරිසටම ...
වැසි දිනයක්! Not a school essay! raigamahandiya ඔබට මතක ඇති පාසලේ පොඩි පන්ති වල චිත්‍ර වලට හා සිංහල පාඩමේ රචනා වලට දෙන මාතෘකාවක් තමා වැසි දිනයක් කියන එක. මා ලියන්න යන්නේ එවැනි එක පාසල් දිනයක් ගැන. මෙය වර්තමාන කතා වලට සම්බන්ධයක් නොමැති අතර සංවේදී හා අසංවේදී අය මේ සටහන නොකිය වන්න. ඒ කාලයේ ලංකාවේ පාලකයා වුනේ, දැන් මහා ප්රජාතන්ත්රවාදියෙකු හා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු යයි සමහරුන් සලකන ජේ ආර් ...
ජීවන දර්ශනයක් සොයා යන අතරතුර! Are we there yet? raigamahandiya දෙදෙනෙක් එකම ජීවන අත්දැකීම් වලට මුහුණ දුන්නත්, හිතන විදිහ නම් එක වගේ වෙන්නේ නැහැ. උදාහරණ මට ඕනේ තරම් ලියන්න පුළුවන්. ඒත් එය කරන්න බැහැ. මොකද අනෙක් අයගෙන් අහල බලන්නේ නැතුව එය කරන්න බැරි නිසා. එහෙම වෙන්නේ ඇයි කියා ඔබට විස්තර කරන්න නම්, මිනිස් මනස වැඩ කරන හැටි ටිකක් දන්නා කෙනෙකුගෙන් අහන්න වෙනවා. පසුගිය දිනෙක වැඩ කරන තැන ජේෂ්ඨ කෙනෙකු සමග කරපු ...
දිවි නසාගෙන ජීවත් වීම! raigamahandiya අද සෙනසුරාදා වෙනදා වගේම පුතාගේ පිහිනුම් පන්තිය අතරේ දිවයින පත්තරේ බැලුවා. මා දැන් මේ පත්තර වෙන වෙලාවට කියවන්නේ නැහැ. ඒත් මේ වගේ වෙලාවට නිකමට වගේ කියවනවා. ඒ කියවීම ගැනත් සමහරවිට මා කනගාටු වෙනවා. මුල් පිටුවේ තියන තරමක් තියෙන්නෙම තිරිසන් බව ගැන කියවෙන ප්‍රවුර්ති මිසක් මිනිසත් බව නම් නොවේ. අපේ පොඩි පුතා මේ දිනවල ගෙදර රූපවාහිණිය තියන තැන බෝල ගහනවා. බිත්තියේ තියන ...
ගල් කටස් තුවක්කුව අත්හදා බැලීමට ඔළුවට තියා කොකා ගැස්සීම! Deadly trials! raigamahandiya මිට කලින් සටහනේ ප්‍රතිචාරයක කෙන්ජි කියල තියෙන්නා වගේ, අද ලංකාවේ පත්තර වල තියන බොහෝ දේවල් වැඩකට නැහැ. ඒ වගේම ප්‍රවුර්ති උනත් ඇත්තම සිදුවීම්ද, නැත්නම් “දෙයියෝ සාක්කිද” කියලා හිතට එන්නේ නිතැතින්මයි. ඔබ කියවන්න ඇති තරුණයෙක් ගල් කටස් තුවක්කුවක් අත්හදා බලන්න තමන්ගේම ඔළුවට, තුවක්කුව මානලා කොකා ගැස්සුව පුවත. මේ වගේ ජිවිත විනාශයන්, ඒ අයගේ ලඟම ඥාතීන්ට විතරක් නොවේ රටක් වශයෙනුත් කනගාටුවට කරුණක් මෙන්ම, ...
ඔබේ මනාපය කාටද? Do we never miss an opportunity to miss an opportunity? (3) raigamahandiya මගේ බ්ලොගය කියවන කට්ටිය දන්නවානේ මා ලෝකෝත්තර වැඩ ගැන විශ්වාසයක් නැති බව. හැබැයි එහෙම විශ්වාස කරන කට්ටියට මා මොකවත් කියන්නේ නැහැ. මොකද අන්තිමට කවුද හරි කියලා කියන්න අප කවුරුවත් දන්නේ නැහෙනේ. හැබැයි ලෞකික දේවල් ගැන නම් මා විශ්වාස කරනවා. මේ දවස්වල වැඩි අවධානයක් යොමු කලේ ලෞකික ජීවිතය දියුණු කර ගන්න ක්‍රමයක් ගැන. බ්ලොග් ලිවිම මා දකින්නේ එලොවට වත් මෙලොවට වත් ...
Thank you, හැබැයි don’t say good bye just yet! raigamahandiya “ෆෙයාෆැක්ස් මිඩියා” කියන්නේ ඕස්ට්‍රේලියාවේ විශාලම මාධ්‍ය සමාගම් වලින් එකක්. මේක පටන් අරන් තියෙන්නේ මිට වසර 181 එකකට පෙර. මුද්‍රණය කරන පත්තර වල කල දසාව හොඳ නැත්තේ දැන් වසර කීපයක් ඉඳන්නෙ. මේ සතියේ “ෆෙයාෆැක්ස් මිඩියා” එයාලගේ ඉදිරි වැඩ පිළිවෙල එලි දැක්වුවා. ඒ අනුව ඉදිරි වසර තුල එයාලගේ සේවකයන් 1900 ක් අයින් කරන්නත්, ප්රකාශනය කරන වැඩිම අලෙවිය තියන හෙරල්ඩ් කියන ලොකු ප්‍රමාණයේ ...
එක් සත්‍ය කතාවක්! Is this your story? raigamahandiya ඊයේ පෙරේදා මා ගියා, ඕස්ට්‍රේලියානු වගා බිම් නැත්නම් කුඹුරු තියන ප්‍රදේශයකට. මීට කලින් ගිහිල්ල තුබුණත්, මා ඒවා ගැන කිසිවක් ලියා නැහැ. එක අතෙකින් මේ ගමන මගේ කුඩා කාලය සිහි ගැන්වුයේ කරුණු කීපයක් නිසා. එකක් තමයි ගම්බද පරිසරය. අනෙක තමයි අප ගියෙත් “ගොයම් කැපීමකට”. එයත් ළමා කාලය සිහි ගන්වන්නක්. අනෙක තමයි මා එක්ක ගිය කෙනා කියපු හා විස්තර කරපු දේවල්. අප ...
දොවාපු කිරි කලයට පයින් ගැසීම! The “Milky” way! raigamahandiya අපේ ආතාට පොඩි හරක් පට්ටියක් තිබුන බව මට මතක් වෙන්නේ හීනෙන් වගේ. ඒ කාලේ මා පාසල් යන වයසටත් වඩා පොඩියි. කොහොමහරි මේක පවත්වාගෙන යන එක එන්න එන්නම අමාරු උනේ හරක් හොරු නිසයි. අන්තිමට ආතා වැස්සියෝ ටික විකුනලා දාලා අතපිහ දා ගත්තා. මට මතකයක් නැති උනත් අපේ අම්මා ඒ දවස්වල කියුවේ මා පොඩි කාලේ කිරිපිටි වලින් හදපු කිරි මට දෙන්න උනේ ...
ඕනෙම රටක අග්‍රවිනිශ්චයකාර තනතුරට සුදුසු රුසියානුවා! A Russian judge caught 40 winks in court! raigamahandiya මා කුඩා කාලයේ හිතාගෙන හිටියේ නඩුකාරයන් කියන්නේ අමුතුම මිනිසුන් කොට්ටාශයක් කියලා. ඒ කියන්නේ මනුශ්යන්ටත් වඩා වෙනස් කියා. කල් යන කොට තමා වැඩේ තේරුනේ. සමහර රටවල්වල නඩුකාරයන්ට වත් සාධාරණ නඩු තීන්දු නොලැබෙන බව කියවෙනවා. එතකොට සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? නඩුකාරයන් තමන්ගේ උසාවි කාමරේ මේසය මත, ඇසෙන නඩුවක චුදිතයෙකුගේ බිරිඳව දුෂණය කිරීමේ චෝදනා, තමන්ගේම දික්කසාද නඩුව තමන්ම ඇහීම පිලිබඳ චෝදනා, ...
ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද? Survival of the dumbests! raigamahandiya එක් පසෙකට ඇලවී පියාඹන පරවියා දෙස මා බලන් හිටියේ මහත් බලාපොරොත්තුවකින් නොවේ. දැනට සති එකහමාරකට පමණ පෙර ගරාජයේ නවතා තිබුන කාරයේ යටින් තටු ගසන ශබ්දයක් ඇසිලා, එබී බැලු විට දැකගන්න ලැබුනේ මේ සත්වයා. මගේ අඩි ශබ්දයට තටු ගැසුවත් ඌ හිටියේ ඉතාම දුර්වල අඩියක. කෑම ටිකක් හෝ වතුර පොදක් දිනකින් පමණ ලැබී නැතුවා වාගෙයි. කුරුල්ලන් වැඩිපුර කන්නේ නැත්තේ ඉගිලෙන්න පහසු වෙන්න. ඒ ...
සුළුතර හැඟීම්! Minority feelings! raigamahandiya දැනට වසර කීපයකට පෙර මෙල්බර්න් නගරේ ඉන්න කොට, දවසක් ටිකක් කරුවල වැටී ගෙන එනකොට අපේ ගෙවල් ළඟ හිටපු යාලුවෙකුගේ ගෙට නිකමට ගොඩ උනා. පොරට අමුත්තෝ දෙන්නෙක් ඇවිත් තිබුනා ලංකාවෙන්. දෙන්නම ලොකු මෝරු දෙන්නෙක්. බෝතලයක් ඇරලා තිබුනා. යාලුවා එච්චර බොන එකෙක් නොවේ. මට කිව්වා ආව එකේ අඩියක් ගහලම පලයන් කියලා. කට්ටිය කතාකර කර වැඩි වෙලාවක් ගියේ නැහැ පළමු හිස් බෝතලය ප්‍රතිචක්‍රීකරණ ...