සොඳුරිය ඔබගේ උවන මලක් නම් නිශා කලෙහි එය සෙව් බඹරිඳු මා? raigamahandiya අපොස උපේ කරන කාලේ අපේ පන්තියේ හිටිය පොරක් දවසක් මගෙන් රුපියල් තිස් පහක් ඉල්ලුවා. මාත් හම්බ කරන කාලයක් නොවේනේ. කොහොම හරි ළඟ තිබුන රුපියල් තිස් පහක් දුන්නා. මූ තව එකෙකු ගෙනුත් මේ ගාණම ඉල්ලෙගෙන තියනවා කියල මා දැන ගත්තේ දවස් කීපයකට පසුව. අප දෙන්නටම මූ කියුවේ ටියුෂන් වලට ගෙවන්න සල්ලි මදිය කියලා. මෙයා ගැන ටිකක් කියුවොත්, හරි හොඳ එකා. ඒ දවස් වල ඔහුගේ ...
If religion doesn’t make you a better person, you’re doing it wrong! raigamahandiya අප රට රාජ්‍ය වල තියන ප්‍රශ්න ගැන සමහර වෙලාවට ලියනවා. නමුත් මිනිසුන් තනි තනි ලෙස ගත්තම තියන ප්‍රශ්න එකකට එකක් වෙනස් වගේම, එකකට එකක් දෙවෙනිත් නැහැ. අඩුම ගානේ තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත්ව හිතන කී දෙනෙක් අපගේ සමාජයේ ඉන්නවද? උදේ නැගිට්ට වෙලාවේ පටන් එදා දවස ගැන ආසාවකින් නොහිතන විශාල පිරිසක් අප අතරේ ඉන්නවා. එහෙම කතාවක් ඇහුනාම, තමන්ගේ ජීවිතය ගැන දෙපාරක් හිතන්න අවකාශය ...
අලුත් අවුරුද්දට පරණ අරක්කු! The same old Arrack for the New Year! raigamahandiya ඇත්තටම මා බලාපොරොත්තු උන පරිදි කලින් සටහන් වල අවසානයක් කරා ලඟා උනා. ඒ නිසා ලිවිම දිගට ගෙන යන්න නම්, ලියන රටාවේ වෙනසක් කරන්න ඕනේ. ලියන කරුණු වලත් වෙනසක් මට කරන්න අවශ්‍ය උනත් එය අපහසු කරුණක්. ඔබ මේ සටහන් කියවූවා කියා හඟවන්න ප්‍රතිචාර දැමීම, මා කිසි විටෙක බලාපොරොත්තු උනේ නැහැ. අර ලක්මාල් ලියා තිබුනා වගේ, මාත් කැමතියි, ලියන්න දෙයක් නැත් නම් හිමිහිට ලිස්සලා ...
කිසිදවසක දැක නැහැ සිරියාවති හිනැහෙනවා! raigamahandiya ගොඩක් දෙනා ඉගෙන ගන්නේ පොත් කියවලා. එහෙම කියවලා මන් වාගේම බ්ලොගුත් ලියනවා. විභාග වලට ලියනවා. සමහර දේවල් අප අර සිංහලෙන් කියන්නේ to learn the hard way, අන්න ඒ විදිහට ඉගෙන ගන්නවා. තවත් සමහර දේවල් ඉගෙන ගැනීමට අන් අය උදවු කරනවා, විශේෂයෙන් ඉතාම සමීප මිනිසුන් හා ගැහැනුන්. තවත් දේවල් සමාජයේ ඉන්න මිනිසුන් හා ගැහැනුන්, ගුරුවරුන් පුජකවරුන්, දේශපාලකයන්, කළාකරුවන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ අය දිහා බලල ...
මිනිස් ලොවේ සේපාටිකයන්! The Mabo case! raigamahandiya අර මල් කැකුළු අඩවියේ පසුගිය දවසක ලියලා තිබුනේ මසුපිලයන් (සේපාටිකයන්) ගැනයි. මල් කැකුළු ලියන පර්සි ජයමාන්න කියන්නේ අප පාසල් යන කාලෙත් පුවත් පත් වල නිතර දැකපු නමක්. සේපාටිකයන් එක අතකින් බිත්තරයේ ඉඳන් පුර්ණ ක්ෂීරපායි තෙක් උන පරිනාමයේ එක මැද පුරුකක් වගේ. එහි විස්තර කරලා තිබුන එක සේපාටිකයකු පහුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත තුනක තර්ජනයට ලක්වූ සත්ත්ව ලැයිස්තුවට ඇතුල් කරනු ලැබුවා. ඌ ...
ගොයම් කොලය! raigamahandiya අපේ තාත්තා කරපු දෙයක් තමා පරම්පරාවෙන් ලැබුන කුඹුරු ටික වැපිරීම. ලංකාවේ කුඩා කුඹුරු හිමියා කියන්නේ අතින් කයිට් කරගෙන වගා කරන හාදයෙක්. වැඩි දෙනා කුඹුරු කරන්නේ කඩෙන් කනවාට වඩා ලාභදායක නිසා නොවේ. වෙනත් හේතුන් නිසයි. තාත්තා වෘත්තියෙන් වෙනත් දෙයක් කලාට, කුඹුරු වැපිරීම නිසා මහත් තෘප්තියක් වගේම, ශරීරයට අවශ්‍ය ව්‍යායාමයත් ලැබුවා. බොහෝ වෙලාවට වැඩ කර ගත්තේ කුලියට උනාට, මඩවන එකේ ඉඳලා වී ...
දොර කව්ළු විවර කරන අරුණ උදයේ! (30+) raigamahandiya මේ පින්තුරේ මා ගත්ත එකක් නොවේ (ලබන ආත්මේ වත් චායාරූප ශිල්පියෙකු වෙන්න ඕනේ!). මා ඊයේ පෙරේදා කියවපු යාහු සෙවන් නිව්ස් (ඕස්ට්‍රේලියා) වෙබ් අඩවියේ ප්‍රවුර්ති පිටුවේ තිබුනේ. ඉන්නේ කිම් කදාශියන් කියන ඇමෙරිකානු නිරුපිකාව, නැත්නම් රියලිටි වැඩසටහන් තරුව, නැත්නම් විවසායිකාව කියල කියන්න පුළුවන්. ඔන්න පොඩි පුතාල දැන් ආපු හින්ද මේක බලල ගියාට කමක් නැහැ. මේක මුද්‍රණය කරලා, ලැමිනේටින් කරලා පාඩම් පොත් අස්සේ ...
ෆෙඩ්රිකා ජෑන්ස් ගේ සරණාගත විසා අයදුම් පත ප්‍රතික්ෂේප කරයි! Australia denies asylum for Frederica Jansz raigamahandiya ෆ්රෙඩ්රිකා ජෑන්ස් මහත්මියගේ ඕස්ට්‍රේලියාවේ අනාත සන්කරනික විසා සඳහා ඉදිරිපත් කළ අයදුම් පත, ඕස්ට්‍රේලියානු ආගමන හා පුරවැසි දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළ පුවත, මා කියවුවේ, සෙනසුරාදා කැන්බරා ටයිම්ස් පත්තරේ. මේක අනික් ඕස්ට්‍රේලියානු පුවත් අඩවි වලත් දකින්නට පුළුවන්. ඒ පුවත් හැම එකක්ම පාහේ අවසාන වන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය වේදීන් මර්ධන කැරැට්ටුව සමගින්. පසුගිය දශකය තුල ලංකාවේ මරාදැමුනු හා රටින් පිටව ගිය මාධ්‍ය වේදීන්ගේ සංඛ්‍යා ...
පොල් ගහකට නැග්ග මිනිහටත් කියන්න දෙයක්! raigamahandiya ඊයේ හෝ පෙරේදා ලංකා දීපේ තිබුනා තමන්ගේ ණය ගෙවා ගන්න, ණයක් ගන්න පොල් ගහකට නැගපු මිනිහෙක් ගැන. ණයක් ගන්න මිනිහෙකුට එක්කෝ වෙන ආදායමක් තියෙන්න ඕනේ, නැත්නම් ණය අරන් එයින් ආදායමක් එන විදිහක් පාදා ගන්න ඕනේ. අපට නිවාස ණයක් දෙන කොට අපේ ආදායම විතරක් නොවේ වියදම්ද බලනවා. ව්‍යාපාරයකට ණය ඉල්ලුම් කරන කොට එහි සඛ්‍යතාවය ගැන පැහැදිලිව කියන්න අවශ්‍යයි. එහෙම තියෙත්දී ණය ගෙවන්න ණය දෙන කොට, ඒවා නිකම් ...
පතෝල හොද්ද! I like pathola hodi! raigamahandiya මා උයන විට මස් වල හොදි ඉතුරු කරන්නේ නැහැ. මොකද මන් වත් අපේ ගෙදර අනෙක් අයත් මේ මස් හොදි වලට ආසා නොකරන නිසා. එහෙම උනත්, අප නිතර හදන පරිප්පු, අර්තාපල් වැනි හොදිත් ඉඳ හිට හදන වැටකොළු, කෙසෙල්,කරවිල, මයියොක්කා හා බතල වැනි හොදි වලටත් ආසා කරන්නේ පොඩි කාලේ ඉඳන් ඒවාට අපේ දිව හුරු වෙලා තියන නිසා. හොරණ, බණ්ඩාරගම වගේ පලාත්වල තියන ...
අපරාධය හා දඬුවම! Преступлéние и наказáние! raigamahandiya මේ සිද්ධිය උනේ දැනට වසර පහළොවකට පමණ පෙර මගේ හා බිරිඳගේ මිතුරියකට. ඒ දවස්වල ඇය තාවකාලිකව නතරවෙලා හිටියේ ගල්කිස්සේ එයාගේ සහෝදරියගේ නිවසේ. දවසක් දා හැන්දෑවක ඈ හවස වැඩ ඇරිලා ඇවිත් ඇඟපත සෝදාගෙන කාලා නින්දට යාමට පෙර පොතක් බලමින් ඇඳේ හාන්සි වී සිටියා. ඔබත් දන්නවා ඇතිනේ අර කව්රු හරි ඔබ දිහා බලාගෙන ඉන්නවා නම්, ඔබට දැනෙනවා. එකවරම ඇයට එහෙම හැඟීමක් ආවා. ...
රසායනික පොහොර භාවිතයෙන් ඉහල යන දියවැඩියා රෝගීන් ගණන! What you sow is what you reap! raigamahandiya දැනට සති දෙකකට පමණ පෙර වැඩ කරන තැන ආචාර්ය උපාධියක් කරන අෆ්රිකානු රටකින් ආපු තරුණියක් ඩිල්මා තේ පෙට්ටියකින්, තේ පැකට්ටුවක් අරගෙන තේකක් හදමින් හිටියේ මා උදේ වැඩට යනකොට. ඩිල්මා මුදලාලිට “සපෝර්ට්” එකෙක් දෙන්න මා කියුවේ, නියම තේ කියලා. ඇයි ඔබත් මේවා බොනවද? කියල ඇහුවාම තමා මා පෙට්ටිය දිහා බැලුවේ. මේ තේ කොළ නොවේ, ඇය බොන්නේ ඩිල්මා කොළ තේ (green tea). “බර ...
මා මිලට ගත් පළමු ශබ්දකෝෂය is not an omnishambles! raigamahandiya කවුරු කියුවත් නැතත් මා ශබ්දකෝෂ කීපයක් එදිනෙදා භාවිතා කරනවා. මේකට හේතු ගණනාවක් තියනවා. ඉංගිරිසි කියන්නේ මගේ දෙවන භාෂාවක්. පළමු උපාධිය කලේ තවත් භාෂාවකින්. සෑහෙන කාලයක් තිස්සේ ඉපදුන රටින් ඈත්ව ඉන්න නිසා, මව් භාෂාවේත් සමහර වචන එක පාරට මතක් වෙන්නේ නැහැ. මා මේ කියන්නේ ඔව්, නෑ, බෑ කියන සරල වචන නොවේ. ඇත්තටම සමහර වචන එක පාරට මතක් වෙන්නේ නැහැ. මේක මට ...
තජිකිස්ථානය. Let’s follow it? raigamahandiya ලෝකේ මා කැමති හා ආදරණියත්වයක් දැනෙන රටවල් තුනකින් එකක් තමා රුසියාව නැත්නම් පරණ සෝවියට් සංගමය. සෝවියට් ක්‍රමයට ආයුෂ නැතිවීම මා පිළිගන්නා කරුණක් උනත්, මා කතා කරන්නේ එහි ජනතාව ගැන. ගොර්බචව් අයියා බටහිර ඒජන්තයෙක් කියලා හිතුවට, වඩාත් පැහැදිලි කරන්න පුළුවන් කරුණ තමා, ඔහු ක්‍රියා කලේ බටහිර රටවල තානාපති සේවයේදී දැකපු හා ගත්ත අත්දැකීම් ආශ්රයෙන් කියලයි මට නම් අද හිතෙන්නේ. එකම දේ ...
කුංකුම අංජන ඉල්ලා ඉල්ලා හැඬුවෙමි, නෙත් යුග නැති ඔබ දකින තුරා! Great wealth and social justice, are they allies or enemies? raigamahandiya දැනට වසර කීපයකට පමණ පෙර මට එක්තරා නගරකදී මුණ ගැහුණ ශ්‍රී ලාංකිකයෙකු මෙහෙම කතාවක් කියුවා. ඔහුගේ දරුවන් දෙන්නා යන්නේ පෞද්ගලික පාසල් වලට. ලංකාවෙන් ඇවිත් ඕස්ට්‍රේලියාවේ වැඩ කරන ඔහුගේ චෝදනාව උනේ, වැඩිපුර බදුත් ගෙවලා, දරුවන් ආණ්ඩුවේ පාසල් වලට නොයවන නිසා එතනිනුත්, ආණ්ඩුවට මුදල් ඉතිරි කරන ඔහුගේ පව්ලට හරි නම් වැඩිපුර ගානක් ආණ්ඩුවෙන් දෙන්න ඕනේ කියල. නමුත් වෙන්නේ අනික, අඩු ආදායම් ලබන ...
ලැවුගිනි සිතුවිලි! Bushfire thoughts! raigamahandiya මේ දිනවල ඕස්ට්‍රේලියාවේ බොහෝ කොටස් වලට පුදුම රස්නෙයි. ගිය සතියෙම කැන්බරා වල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් තිස් ගණන්වල උඩ හරියේ තිබුනේ. අද 38 ක් ද කොහෙද. අද දවස ඉහල ගිනි ගැනීම් ප්‍රතිශතයක් ඇති දවසක් ලෙසයි නම් කරලා තිබුනේ. හවස ගෙදර එන විට නිව් සවුත් වෙල්සයට අයත් කඳු මීදුමක් ලෙස දුමෙන් වැසී තිබුනා. අපේ ගෙවල් වලට කිලෝමීටර 10-15 ක් ඈතින් තිබෙන එක ස්වභාවික ...
Sometimes you don’t get a second chance! raigamahandiya පසුගිය දිනවල නිවාඩුවට ගෙදරනේ හිටියේ. ඉතින් ගෙදර ළඟ තියන කුඩා සුපිරි මාකට්ටුවේ, එක අංශයක ආදායම වැඩිවෙලා කියලා පත්තරේ තිබුනා (විහිළු-මොකද මා ගන්නේ ඈත කඩයකින්). ඔහොම ඉන්න අතරේ දවසක කම්මැලි කමට වගේ, මා කැන්බරා නුවර අපේ පළාතේ පුස්තකාලයට ගියා. එක පොතක් හොයා ගන්න කැටලොගය බලලා, පොත් නැවත අසුරමින් හිටිය, තරුණ පුස්තකාල නිලධාරිනියගෙන් ඇහුවා (අහන්න පිරිමි කෙනෙක් ළඟ පාතක හිටියේ නැහැ මල්ලි). එතැන් පටන් ...
…… පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්? Arabian Nights and other stories! raigamahandiya මට ඊයේ අරාබි නිශොල්ලාශය කතන්දර පටන් ගත්ත හැටි මතක් කලේ තරුණ සුද්දියෙක්. මා මේ කතා පොඩි කාලේ සිංහලෙන් කියවා තිබුනත් දැන් මතක නැහැ. අර පර්සියානු රජ තුමා තමන්ගේ බිසව, තමන්ව රවටන බව දැනගෙන, සහෝදරයා ලඟට ගියහම එයාගේ බිසව ඊට හපන් බව දැනගෙන, දෙන්නම ජීනී ගාවට ගියහම, එයාගේ එක්කෙනත් ඒ වගේම කියලා දැන ගන්න කතාව. තමන් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට, හිත සනසා ගන්න ...
පරමාදර්ශී ජීවන විලාසිතාවක් සොයා යන්නේ කෙලෙසකද? (1) raigamahandiya ඊයේ පෙරේදා දවසක බිරිඳ සමග කතා කරත්දී, ඇය කියුවේ අපට ලෝකය හදන්න බැරිය කියලා (ඇය උපකල්පනය කළේ, මා සටහන් ලියන්නේ ලෝකය හදන්න කියා). ඒක හරි ඇත්තක්. මොකද මිනිසෙකු හෝ ගැහැනියක පාසලෙන් (පාසල් යන්නට අවස්තාව ලැබුනොත්) පිට වන්නේ ගොඩාක් දුරට “නිමි” භාණ්ඩයක් වශයෙන් කියලා අධ්‍යාපනඥයන් කියනවා. ඉන්පසු ගත කරන ජිවිත කාලයේ මෘදුකාංග “අප්ඩේට්” කර ගත්තත් මුලික “ඔපෙරටින් සිස්ටම්” කියන දෙය හැදිලා ඉවරයි. පාසල් අධ්‍යාපනයට ...
මොන කෙන්ගෙඩියකටද? A Pointless Endeavor? raigamahandiya ක්වින්ස්ලන්තයේ තිබුන කම්කරු ප්‍රාන්ත ආණ්ඩුව පරදවා බලයට ආපු කොන්සර්වේටිව් රජයේ මුල් කටයුත්තක් උනේ අගමැතිගේ වාර්ෂික සාහිත්‍ය ත්‍යාග ප්රදානෝත්සවය අවලංගු කිරීමයි. මොකද ඒකෙන් ප්‍රාන්ත ආණ්ඩුවට ඕස්ට්‍රේලියානු ඩොලර දෙලක්ෂ හතලිස් පන්දාහක් ඉතිරි කර ගන්න මඟ පාදනවා. මේක ආන්දෝලනයට ලක් උන තීරණයක්. නමුත් නව ආණ්ඩුවේ වැය කපා හරින වැඩ සටහනේ එක පියවරක් පමණයි. කොහොම උනත් මහජනතාවගේ, ස්වෙච්චා සේවකයන්ගේ හා පෞද්ගලික ආධාර මත වෙනදා තරම් ...