සරණාගතයෙකුගේ ආයාචනය! Barking up the wrong tree! raigamahandiya ඊයේ ඕස්ට්‍රේලියා-දකුණු අෆ්රිකානු ටෙස්ට් ක්‍රිකට් තරඟය අතරතුර ගුවන්විදුලියේ ප්‍රචාරය උන ප්‍රවුර්තිමය වැඩ සටහනක එක ප්‍රවුර්තියක් උනේ ඕස්ට්‍රේලියාවට එන සරණාගත ප්රශ්නය. මෙයට දුරකතනයෙන් සම්බන්ධ උනේ දැනට නරු දූපතේ සරණාගත කඳවුරේ ඉන්න පාකිස්තානු ජාතික සරණාගතයෙක්. ඔහු විස්තර කලේ එම කඳවුරේ තියන ශෝචනීය තත්වය. එවෙලේ නරු වලට වහිමින් තිබුනා. ඔහු විස්තර කළා ඉන්න කාමර වලට පවා වැහි වතුර එන බව. ඔහු කියපු කරුණු ...
දින තුනේ සති අන්තයක් ! A three day weekend-not a bad idea! raigamahandiya අද මහසිකුරාදා, ඕස්ට්‍රේලියාවෙත් නිවාඩු දවසක්. පාස්කු වලට ලබන සඳුදාත් නිවාඩු. මේක තමයි, ලබන නත්තල වෙනකම් තියන දිගම නිවාඩුව. මන් බ්‍රහස්පතින්දාත් නිවාඩුවක් දැම්මා. ලොක්ක ඇහුවේ ඇයි උඹ නිවාඩු ගන්නේ, මන් හිතුවේ උඹ මේ සති ටිකේ පැය විසිහතරම වැඩ කරාවි කියලා. පොර දන්නවා මගේ නැන්දම්මා ටික දවසකට මෙහෙ ඇවිත් ඉන්න බව. පසුගිය සතියේ ප්‍රවුර්තියක තිබුනා, ලංකා සේවානියුක්තිකයන්ගේ පෙඩරෙෂණයේ (the Employer’s Federation of ...
විප්ලවීය සැමරුම් with no English title! raigamahandiya හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල සමරලා තිබුන බ්ලොග් කීපයක් කියවන්න ලැබුනා. මේවායේ තිබුනේ අර හැමදාම කියන ගොන් කතා. අද සිකුරාදා රෑ අඩියක් ගහලා ඉන්න වෙලාවේ කියවපු පන්හිඳේ සටහනකින් මගේ හදවත බර උනා. මා ලියන්න යන්නේ 89 වසරේදී මාතර හිත්තැටියේ සිදු උන දෙයක්. හිත්තැටියේ හන්දියේ හිටියා මනුස්සයෙක්. පොඩි මඩුවක් ගහගෙන, කිරි හට්ටි විකුණන. අසුනමයේ ජේ වී පි කලබල කාලේ “විප්ලව කාරී” සහෝදර ...
සතුට කියන දේ අපේ තේරීමක්! Happiness is a choice!/? raigamahandiya ප්‍රසිද්ද දින පොතක් ලියන එක ටිකක් අපහසු කරුණක්. මොකද හිතෙන හැම දේම ලියන්න බැරි නිසා. නරක දෙවල් හින්දා නොවේ. සමහර කාරනා වලට ලෝකේ ඉන්න අනෙක් මිනිසුන් හා ගැහැණුන්ද සම්බන්ද නිසා. අද දවස ඇතුලත කියවපු සිංහල හා ඉංගිරිසි එකිනෙකට වෙනස් බ්ලොගයන් දෙකක, මා ලියපු එක සටහනක ලියපු දෙයට ආසන්න කරුනකුයි, අනෙක් බ්ලොගයේ මා ඊයේ ලියපු කොමෙන්ටුවකට ලියපු පිළිතුරක්, තවත් විස්තීර්ණ කරලාත් තිබුනා. මේ ...
අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ! raigamahandiya ලෝකයේ ප්‍රජාවගේ ජිවිත වලින් 10% ක සෞඛ්‍යමත් කොටසක් අලස කම හා වැරදි ආහාර රටාවන් නිසා අහිමි වෙනවා. මෙයින් ආහාර ගත්තොත් පලතුරු නොකෑම හා ලුණු වැඩිපුර කෑම ප්‍රධානතම වැරදි දෙකයි. පලතුරු කියන දෙය අද බොහෝ රටවල් වල සුඛෝපභෝගී ආහාර කාණ්ඩයකට වැටිලා. එකක් තමා පලතුරු කියන්නේ කාලයකට විතරක් ඵල ගන්න දෙයක්. අනික ප්‍රවාහනයට ප්‍රමාණවත් පහසුකම් නැති එක. අවශ්‍ය පමණට වඩා ලුණු පරිභෝජනය ...
ඇඟට ඇල්ලුවහම දෙදරන පොඩි ටෝච් එක! raigamahandiya සාමාන්‍යයෙන් කියවන්න ලැබෙන නිසරු සංවාද වෙනුවට, ලෝකේ කොහේ හිටියත් ප්‍රයෝජනවත් විය හැකි සංවාදයක් මා ජනසංසදයෙහි කියෙව්වා. සමරසිංහ ගුණසේකර මහතා මතුකරලා තියන සමහර අදහස්, මා අධ්‍යාපනඥයෙකු වශයෙන් නොව දරුවන් ඉන්න මනුස්සයෙක් වශයෙන් බලන හැටි සමහර සටහන් හා ප්‍රතිචාර වලට දාපු ප්‍රතිචාර වලින් කියන්න උත්සහ කරලා තියනවා. අප වගේ කට්ටිය ඉපදෙන්නත් කලින් ගුරු වෘර්තිය පටන් ගත්තු සමරසිංහ මහතා ගේ අදහස් ගුරුවරුනට හා අධ්‍යාපනඥයන්ට ...
පව්ලේ නම්බුව රැක ගන්න දුවණිය මැරූ යුවලට හතර පෝයට සිල් ගන්න නියෝග! A Pakistani-born couple were jailed for life by a British court! raigamahandiya ගිය සිකුරාදා (03 .08.2012) බ්‍රිතාන්‍යයේ ආන්දෝලනයක් ඇති කළ නඩුවක තීන්දුව ලැබුනා. මේ ප්‍රවුර්තිය ඔබ අහන්න ඇති. එම තීන්දුව තමයි, 2003 වසරේ තම දුවණිය විසින් පව්ලේ “නම්බුව” නැති කිරීම නිසා, ඇයව හුස්ම හිර කර මරා දැමීම ගැන වරදකරුවන් උන පකිස්තානයේ උපන් බ්‍රිතාන්‍යයේ වොරින්ටන් වල වෙසෙන යුවලකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වීම. දාහත් හැවිරිදි ශෆිලියා ව මරාදමා තිබුනේ ඇයගේ මුඛය ප්ලාස්ටික් බෑගයක් මගින් ...
අපේ තාත්තා හා අපේ තාත්තගේ තාත්තා! raigamahandiya මා මීට පෙර සටහනක ලියුවානේ මා රස්සාවට නොගිය දවසක ගරාජයේ පොත් පෙට්ටි ඇවිස්සුවා කියල. එතනින් ගත්ත එක පොතක් අපේ තාත්තා ලියපු එකක්. නයෙක් නොවේ, තාත්තා පත්තර වලට නම් ලිපි විශාල ගානක් ලියුවට මුද්‍රණය කලේ එක පොතයි. අර ලිපි එකතු කලොත් පොත් පහ හයක් ගන්න පුළුවන්. මේක සාහිත්‍ය මාසය නිසාත්, අද තාත්තලාගේ දවස (ඕස්ට්‍රේලියාවේ -අනික් රටවලද එහෙමද දන්නේ නැහැ). නිසාත් මා ...
සුරා සූදු අත නොහැර? raigamahandiya ලබන වසරේ ආරම්භ කෙරෙන මිලියනක් පමණ වන බ්ලොග් වලින් 99% ක්ම අකල් මරණයකට ගොදුරු වන්නේ මොකද කියා සටහනක් බ්ලොග්ටයිරන්ට් රැම්සි ලියා තියනවා. ඔහු කරපු කුඩා මත සමීක්ෂණයකට අනුව එහෙම වන්නට බලපාන ලොකුම හේතුව, කැමැත්ත නැතිවී යාම කියා පෙන්වනවා. මේ කියන්නේ … Continue reading → ...
යළි යන්නට සිතෙන්නේ නැහැ! raigamahandiya මේ සති අන්තය කියන්නේ දීර්ග එකක් කියා මට මතක් වුනේ ඊයේ අහම්බෙන්. ඒ, මා සඳුදා වැඩට ගිහින් කරන්න දෙයක් ලක ලේස්ති කරන විට, දීර්ග සති අන්තයට පෙර විනෝද වී යන්න කියා තිබුන ඊමේලයක් දැකීමෙන්. දින තුනක් නිවාඩු කියන්නේ හොඳ දෙයක්. … Continue reading → ...
පඩිය කීයද? How much is my salary? raigamahandiya මා මේ සටහන ලියන්නේ Indi ගේ අඩවියේ තිබුන එක සටහනක් හා එයට ලැබී තිබුන ප්‍රතිචාර කියවීමෙන්. එතනට ප්‍රතිචාරයක් දැම්මේ නැත්තේ මේ වගේ සටහන් වලට කලින් දාන ලද ප්‍රතිචාර වලට ඉංගිරිසි විතරක් දන්නා නමුත් ලෝකය නොදන්නා ටින් ටින් මල්ලිලාගේ ප්‍රතිචාර නිසා. අපට දේශපාලකයන් හදන්න බැහැ. මොකද එය චන්දය දෙන අනික් අයත් මත රඳා පවතිනවා. හැබැයි අපේ ආකල්ප, හිතන විදිහ නම් ටිකක් හෝ ...
චිත්ත රූප හා ඇත්ත රූප are sometimes completely different? raigamahandiya ඔබ අහල තියනවද මර්වින් පෙරේරා සූරීන්ගේ එක් දිනක් සැන්දෑවක ගීතය. ප්‍රේමකීර්ති ද අල්විස් ලියල තියන මේකෙන් කියවෙන්නේ හිතවෙතෙකුට කතාකරන්න ගිහින් වැරදි අංකයක් කැරකිමෙන් යුවතියකට කතා කරලා, ඒ කට හඬට හිත ගිය පුවතක්. මේ කට හඬ නිසා අරයගෙ සිතේ රුවක් මැවෙන්න ඇති. මේ රුව ඒ ඇත්තම යුවතිය දැකගන්න ලැබුන නම්, ඔහුගේ හිතේ ඇඳුනු රුව හා කොතරම් සමීප වේවිද? මේකට උත්තරේ අප ...
මා සුදු වෑන් වලට බයයි නංගියේ! White van terror in Canberra! raigamahandiya අද වාහනය ගෙදරින් එලියට අරගෙන කිලෝමීටර දෙකක් වත් යන්න ලැබුනේ නැහැ, පාරේ අයිනේ නවත්තලා තිබුන සුදු වෑන් එක දැකලා ඇඟ කිලිපොලා ගිහින් හදවතේ ගැස්ම වැඩි උනා. මගේ ඇස් එකවර යොමු උනේ මගේ රථයේ වේග මීටරය දිහාට. හොඳ වෙලාවට ඒක කිලෝමීටර 60 ටේ සිමාවේ තිබුනා. මේ වෑන් එකෙන් ආයුධ ගත්තු කට්ටිය බැහැලා ආවේ නැහැ. ඒක ඇතුලේ යකඩ පොලු, කළු රෙදි පටි, ...
ගොන් බඳින කණු හා ජන මාධ්‍ය! The sheep in wolves’ clothing! raigamahandiya ඒ බී සී කියන්නේ පූර්ණව ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි හා රූපවාහිනී සේවයක්. මෙහි වැඩසටහන් සම්පාදනය විය යුත්තේ කොයි ආකාරයට ද කියන්න අගමැතිනි ජුලියා ගිලාර්ඩ් ට හෝ ඇමති වරුනට බලයක් නැහැ. මෙහි සම්මුඛ පරීක්ෂණයකට අගමැතිනිය ආවොත්, අනෙක් පෞද්ගලික සේවාවකට ගියාට වඩා අමාරු අඩියකට ඇයට මුහුණ දෙන්න වෙනවා. මෙහි වැඩ කරන්නේ රටේ ඉන්න වඩාත්ම ප්‍රවීන හා ප්‍රතිභාපුර්ණ ජන මාධ්‍ය ...
බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana! raigamahandiya මගේ කලින් බයිලා සටහන අතරමග නිම කරන්න උනේ, මගේ ප්‍රවේශය පමණට වඩා දික් උන නිසා.මා ලියන්න ගත්තේ පසුගියදා කුමාර මහත්තයා සිඩ්නි නුවර සිට ලංකාව සමග පැවැත්වූ කතාබහේදී පැවසුව දෙයක් ගැන මට සිතුන දෙයක් ලියන්න. කුමාර මහතා කිව්වා, ලංකාවේ සමාජවාදය ඇති කිරීමට තව දුරටත් කැප වෙන බව. ඔහුට මෙහෙම කියන්න උනේ පියෝන්ග්යන්ග් හෝ හවානා නගරයේ සිට නොවීම ගැන ලංකාවේ මේක අහපු ...
How to know when to stop! raigamahandiya මේ සතියේ මා කාලයක් තිස්සේ කරමින් හිටිය දෙයක සමාප්තිය දුටුවා. මා හා තව දෙන්නෙක් එකතුවෙලා ලියපු පොත් පරිච්චේදයක අන්තිම සෝදුපත් බලල යැව්වා. දැන් එය අහවරයි. මා ළමා පත්තර වලට යවපු ලිපි එකක් දෙකක් පල වෙන්න ඇති . උපාදියට කරපු නිබන්ධන වලට අමතරව කිසි දෙයක් ඊළඟ වසර හය හත තුල සිදු උනේ නැහැ. ඉන් පසු රැකියාවේදී (ලංකාවේ) සඟරා වලට ලිපි දෙක තුනක් ...
පතල් රස්සාව! How far you should go for a job? raigamahandiya ඕස්ට්‍රේලියාවේ පතල් වල වැඩට සේවකයන් පිරිසක් වෙන රටවලින් ගෙන්වන්න අවසර දෙන්න යන එකට විරුද්ධව පහුගිය දින වල විවිධ කට්ටිය ගෝෂා කළා. මොකද, දේශීය ඉල්ලුම් කරුවන්ට මුල් තැන දිය යුතුයි කියල. නමුත් ඕස්ට්‍රේලියාවේ ශ්‍රමිකයන් රැකියාවක් සඳහා තැනකින් තැනකට මාරු වෙන්න අකමැතිය කියලා තමා පැවසෙන්නේ. වැඩියත්ම යුරෝපීය සම්භවයක් ඇති පිරිස. අප වගේ සංක්‍රමණිකයන්ගේ තත්ත්වයද මීට වෙනස් නැහැ. පසුගිය සඳුදා, රුපවාහිනියේ තිබුන සංවාදයකදී, මෙහෙ අගමැතිනියට ...
සැකයේ වාසිය පැමිණිලි කරුට (චුදිතයා දේශපාලකයෙක් නම්)! Guilty until proven innocent! raigamahandiya අර අමිතගේ විකට විටේ මෙහෙම කාටුනයක් තිබුනා. ඔන්න පොරක් පඩි දවසේ බීලා ගෙදර එනවා. නෝනා අහනවා “ඕයි තමුසේ අදත් බිලනේ” කියලා. “බලන්නකෝ ලුෂියෝ, අද අහිංසක මනුප්පයෙකුට පාරේ බැහැලා යන්න බැහැනේ. මම වැඩ ඇරිලා එනකොට දෙන්නෙක් පැනලා මාව අල්ලාගෙන, හොඳටම පෙව්වානේ” කියලා. මේ කාටුනයට හරිම සමාන කාටුනයක් පසුගිය සති අන්තයේ ඕස්ට්‍රේලියානු ජාතික පුවත් පතක තිබුනා. ඒකෙ නිධාන කතාවත් අමිතගේ එකට දෙවැනි ...
ජිවිතේ පොත! raigamahandiya මගේ කලින් සටහනට නැවත ගියොත් මා බ්ලොගය ලියූ කාලය ඇතුලත කාලෙන් කාලෙට කොමෙන්ටු දමපු කිහිප දෙනෙක් හිටියා. විශේෂයෙන් මුල් කාලයේ එවැනි කොමෙන්ටු නිසා යම් තල්ලුවක් නොලැබුණා කියා මා ලියුවොත් එය බොරුවක්. අද පවා ඕනෙම කෙනෙක් දමන කොමෙන්ටු වලට මා හද … Continue reading → ...
කන්න දෙනව නම්, අප බොන්න දෙනව නම්! Books and kids! raigamahandiya මේ බ්‍රහස්පතින්දා අපේ පොඩි එකා මා ගාවට අරන් ආව පාසලෙන් එවපු දෙයක්. මොනවත් නොවේ “Scholastic” කියන ආයතනය මාසයකට වරක් පාසලට එවන මිල දර්ශකය. මේ සමාගම පොත් අලෙවි කරන එකක්. මේකේ තියෙන්නේ ළමුනට සුදුසු පොත්, හැබැයි වට්ටම් මිලට. මොකද දන්නවද පුතා මගේ ගාවටම එන්නේ. මා ගොඩක් වෙලාවට ඉල්ලන පොත් වලට බැහැයි කියල කියන්නේ නැහැ. මගේ බිරිඳ ගොඩක් වෙලාවට කියනවා ළමයි නරක් කරනවා කියල. ...