ඔබමයි හදේහි රැඳෙන්නේ! raigamahandiya මා අද ඉරිදා උදේ එක වැඩක් නිමවී, තව එකකට බලා ඉන්න විනාඩි 40 ක කාලයේ කළේ, අපේ පළාතේ තියන විල වටේ හදල තියන අඩි/බයිසිකල් පාරේ ඇවිදින්නට යන එක. මෙය මා දැන් බොහෝ ඉරිදාවන්ට කරනවා. උදේ කරන දෙය කියුවොත් එය නයෙක්. ඊළඟට තියෙන්නේ පුතාගේ පිහිනුම් පන්තිය. අද කැන්බරා වල දවල් උෂ්ණත්වය අංශක 25-27 ක් පමණ වුනා. ගිම්හානය ගෙවී යන මේ කාලයේ, උදේ ...
තේ විකුණා දිවි රැක ගත් කුඩා මෝදී! Like much of life and history, one believes what one chooses! raigamahandiya අද මාතෘකාව මා කලින් ලියපු සටහනක, පොඩි මුලාශ්‍ර ලිපියකින් උපුටා ගත්තක්. ඉතිහාසය, වර්තමානය, ජීවිතය යන මේ කුමන දෙය ගත්තත් මෙයම තමා ඇත්ත. ලංකාවේ අපට තේරෙන භාෂාවෙන් කියුවොත්, යූඑන්පී කාරයෙක් බොහෝ විට එම පක්ෂය අතීතයේ හෝ වර්තමානයේ වැරදි කෙරුවා යයි පිළිගන්නේ … Continue reading → ...
Untitled Post raigamahandiya මගේ දෙවන මව්බිම! My nostalgic second motherland-Former Soviet Union සමහරුනට මව්බිම නැත්නම් මරණයනේ. මව් බිමෙන් සැතපුම් දහස් ගානක් ඈතින් ඉන්න මන් එහෙම ලියන්නේ නැහැ. හැබය් මව් බිමට හෙන ගහල ගියත් මට කමක් නැහැ කියල මන් හිතන්නේ නැහැ. කතාව ඒක ගැන නෙමේ. මගේ දෙවන මව්බිම ගැන. දැන් ඉන්න රටට වඩා මගේ දෙවන රට හැටියට දැනෙන්නේ රුසියාව හෙවත් පැරණි සොවියෙට් දේශයය්. එහි ...
Stupidity in Gangnam Style! raigamahandiya මහාචාර්ය ස්ටීවන් හෝකින් කියන්නේ නම්, තව වසර දාහකින් මේ පෘථිවිය වසන්න බැරි තැනක් වෙනවා, එයට කලින් මනුෂ්‍ය වාසයට සුදුසු වෙනත් ග්‍රහලෝකයක් සොයා ගත යුතුයි කියා. ඒ අතරේ පෙරේදා ලංකාවේ සිට පැමිණි සරණාගත පිරිසක් සමග ෆයිබර ග්ලාස් බෝට්ටුවක් බටහිර ඕස්ට්‍රේලියාවේ ජෙරල්ඩ්ටන් වරායට සේන්දු වුනා. එම පුවත ඊයෙත් අදත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය හා දේශපාලන ක්ෂේත්රයේ ප්‍රධාන මාතෘකාවක් වුනා. මොකද සරණාගත බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ආවේ අවුරුදු පහකට ...
Yet another fishing trip that went horribly wrong! raigamahandiya මාළු අල්ලන්න නම් පව් කරලා තියෙන්න ඕනේ කියලා කියනවනේ. ඒ වගේම තමයි, කකා කියන්නා වගේ, ගස් වල හෝ භෝග වල ඇට හිටෙව්වහම, පැල වෙන්න නම්, පින් කරපු අතකින් හිටවන්න ඕනේ කියලත් කියනවා. අපේ වැඩ කරන තැන කම්පුචියානු පොරක් ගිය වසරේ පොරගේ ලබු (පොර හිටවපු ලබු වැලක) ගෙඩියක් ප්‍රදර්ශනයට අපේ කෑම කාමරේ ගෙනත් තියල තිබුනා. අතිශයෝක්තියක් නොවේ, ඒ ගෙඩිය සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ...
කෘෂිකර්මයේ හීනටිකරණය! Heenatisation of Agriculture! (2) raigamahandiya ඔය දැන් කෙල ගන්න උක්රෙනයේ, ඒ දවස් වල අධ්‍යයන චාරිකා වලදී දැකපු දෙයක් තමා සමහර ගොවි බිම් වල, මීටර එකහමාරක් ගැඹුරට තියෙන්නේ කළු පස්. “චෙර්නෝසියෝම්” ( කළු පාංශු) කියන රුසියානු වචනය තමා ලෝකේ පස් වර්ගීකරණ පාර්භාෂික වචන වලදී කළු පස් වලට කියන්නේ. ලෝකේ සාරවත්ම පස තියෙන්නේ ලංකාවේ කියල සිහින ලෝක වල ඉන්න අයට මේ පසක හරස්කඩ පෙන්වන්න ඕනේ (රුසියාවේ කළු පාංශු ...
පිදුරු වලින් ඉහල අස්වැන්නක් බලාපොරොත්තු වීම! What you sow is what you reap? raigamahandiya අද චූටි පුතාගේ පිහිනුම් පන්තිය අතරතුරේ බලන්න අරන්ගිය ඉංගිරිසි සඟරාව පැත්තකට දමපු මා පුතා ගෙනගොස් තිබුන එයාගේ ගැජට්ටුවකින් දිවයින පත්තරේ කියෙව්වේ කාලයකට පසු. ඒකෙ ලංකාවේ තියන පොහොර සතිය වෙනුවෙන් ලියවුන ලිපියකට මගේ අවධානය යොමු උනා. මෙහි මාතෘකාව උනේ “රසායනික පොහොර භාවිතය යළි සලකා බැලීමේ අවස්තාවක්” කියලා. සත්භාවයෙන් ලියා තියෙන බවක් පෙනුනද මේ වාගේ ලිපි ඇත්තටම කඩුව අතට ගත් වඳුරා හා සමානයි. ලෝක ජනගහනයේ ...
Why God never received tenure at any university raigamahandiya මම මීට කලින් බ්ලොගයේ (පණ අදින විද්‍යාව) සඳහන් කළා දෙවියන්ට (නාථ දෙය්යෝ නොවේ ලෝකේ මවපු කෙනා!) මොකද ලෝකේ කිසිම සරසවියකින් තනතුරක් නොලැබුන එකට හේතු මීළඟ බ්ලොගයකින් කියනවා කියලා. මෙන්න ඒක. මේක මගේ නිර්මාණයක් නොවන බව සලකන්න. මෙහි ඇති නිර්මානාත්මක බව … Continue reading → ...
රොන් පිරී සැලෙන්න මල් රේණු! raigamahandiya මා කැමතිම සිංහල (සින්දු කියන) ගායකයා හෝ ගායිකාව කවුද කියලා කවුරු හරි ඇහුවොත්, උත්තරය මර්වින් පෙරේරා. මෙයට ආසන්නම හේතුව කියන්න කියුවොත්, දෙන්න සාර්ථක පිළිතුරක් නැහැ. මර්වින්ට පසුව එන ගායක ගායිකාවන් කීප දෙනෙක් ඉන්නවා. එයින් කෙනෙක් තමා රූකාන්ත. මගේ බිරිඳ ඉස්සර මට හිනා වෙනවා රූකාන්තට ඇති කැමැත්ත පිළිබඳව. රූකාන්තට කැමති ඇයි කියා කවුරුහරි ඇහුවොත් දෙන්න පිළිතුරක් මා ළඟ තියනවා. ඔහු තමා මගේ “පීචන්” ...
රස්සා ගැන තවත් කතා! What job is right for you? raigamahandiya මේ සතියේ ඕස්ට්‍රේලියාවේ පළමු වන පාසල් වාරය අවසන් උනා. අවසන් සතියේ දරුවන්ගේ ඇගයීම් ගැන කතා බහ කරන්න එයාලගේ ගුරුවරුන් හමුවෙන්න පුළුවන් උනා. ප්‍රාථමික වසර වල නම් ඉන්නේ එක ගුරුවරයෙක් පමණයි. ඉහල පන්තිවල ඉගෙන ගන්න දරුවන්ට ගුරුවරු විෂයන්ට අනුව කීප දෙනෙක් ඉන්නවා. අපේ ලොකු පුතාගේ ගුරුවරු කීප දෙනෙක් මගේ බිරිඳ හමු උනා. තව කීප දෙනෙක් මා හමු උනා, අපට වෙලාව හොයාගන්න ...
නරකම දේ මොකක්ද? Is that bad? raigamahandiya දේශපාලනය ගැන ලියල වැඩක් නැහැ. නිකම් ඉන්නවට සමහර වෙලා වට ලියුවට. තනි මිනිහෙකුගේ මතය කිසි වැඩකට ඇති දෙයක් නොවේ. නමුත් සමාජයක බහුතර අදහස මතු වන්නේ මේ තනි තනි පුද්ගලයන්ගේ අදහස් වල සංකලනයෙන්. ඒ අතින් ගත්තහම එක මිනිහෙකුගේ තනි අදහසත් වැදගත්. මගේ අරමුණත්, මගේ අත්දැකීම් ඇසුරෙන් ලෝකය මට පේන හැටි කියා පෑම. නමුත් වෙන කෙනෙක් හිතන පතන අයුරු වෙනස් කරන්න නම් ...
My diamond is too sharp! raigamahandiya පසුගියදා මෙහෙ ගුවන් විදුලියක ෂොක් ජොකියන් දෙදෙනෙකු කරන වැඩ සටහනකදී, අසන්නන් ගෙන් ඉල්ලුවා “පළමු ලෝකයේ” ප්‍රශ්න තියන අයට පුළුවන් නම් ඇමතුමක් දෙන්න කියලා. එයට ප්‍රතිචාරයක් ලෙස කතා කළ කාන්තාවක් කියුවේ “මගේ මුද්දේ දියමන්තිය ඉතා තියුණුයි, එය මාව (අත් බැඳගෙන ඉන්න විට) සූරවනවා” කියල. දැන් පළමු වැනි ලෝකයේ හැමට තියන ප්‍රශ්න මෙවැනි ඒවාද? “පළමු වැනි ලෝකයේ” මිනිසුනට ප්‍රශ්න නැතිය කියා සිතන මිනිසුන් වගේම, ...
තමුසේ මාව කෑවා ඕයි! (අවසාන කොටස) raigamahandiya පසුගිය ඉතාලි මහ මැතිවරණයේ ප්‍රතිපල සමහර විට ඔබ දන්නවත් ඇති නොදන්නවාත් ඇති. Not a big deal! හැබැයි එහිදී සිදු වුන එක දෙයක් තමා වෘත්තීය විහිළු කාරයෙක් වුන බෙප්පේ ග්රිලෝ (Beppe Grillo) ගේ තරු පහේ ව්‍යාපාරය (Five Star Movement) කියන දේශපාලන ව්‍යාපාරය, වැටුණු චන්ද වලින් 26% ක් ලබා ගැනීම. සියලුම දේශපාලකයන් වෘත්තීය විහිළු කාරයන් නිසා ඕකත් මොන කජ්ජක්ද කියා ඔබට සිතෙන්න පුළුවන්. ...
B.A. (ලංකා) M.A. (වංචා) raigamahandiya සමහර වෙලාවට ඔබ නාඳුනන කෙනෙක් උනත් හමු උනහම පිළිතුරු දෙන්න වෙන ප්‍රශ්න කීපයක් තමා, ගම මොකක්ද, පාසල් ගියේ කොහෙද, උපාධිය මොකක්ද, කොයි යුනිවසිටියටද ගියේ ආදිය. සමහර වෙලාවට ලංකාවේ නම් උසාවියේ දීත් ඔබව සමච්චලයට ලක් වෙන්න ඉඩ තියනවා, උපාධියක් නිම කරලා නැත්නම්. මා ඕස්ට්‍රේලියා ආපු මුල් දිනවල එක්කෙනෙකු අපේ විස්තර අහලා කියපු දෙයක් තමා “ආ, ඔය රුසියන් ඩිග්රි ගණන් ගන්නේ නැහැ නේද?” කියලා. ...
උඹට කියන්න මම වත් දන්නේ නැහැ ගුරුන්නාන්සේ! raigamahandiya සිංගප්පූරු සිසුන්ගේ ගණිත හා විද්‍යා දැනුමට ලඟා වෙන්නේ කොහොමද කියා ඕස්ට්‍රේලියානු අධ්‍යාපනඥයන් ද සොයනවා කියල මා කියුවනේ. මෙන්න පොඩි ගණිත ප්‍රේහේලිකාවක්. මේක අද නිවුස් වෙබ් අඩවියේ තිබුනේ. මෙය ඇවිත් තිබුනේ සිංගප්පූරු හා ආසියානු ගණිත ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්තරේක. මට උත්තර එපා. කියවා විසඳන්න බලන්න! Filed under: Education Tagged: ප්‍රහේලිකා ...
කුකුලගේ කරමල! How far you should go to attend a school? raigamahandiya ඊයේ පෙරේදා මා ගියා වාර්ෂිකව කරන දත් කුට්ටම බලවා ගන්න. දත් දොස්තර තුමිය ලංකාවේ දෙමල කෙනෙක්. මා කොලොඹත් ගියේ දෙමල දත් දොස්තර කෙනෙකු ලඟට, මෙල්බන් වලත් දෙමල දත් දොස්තර නෝනා කෙනෙකු ගාවට, දැන් මෙහෙත්. මෙතන කවුන්ටරේ හිටියේ විශ්‍රාම ගත් දෙමල මහත්තයෙක්. ඔහු තොර තෝංචියක් නැතුව කතා කරනවා. ලංකාවේ තැපැල් කන්තෝරුවක මාස්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා, පසුව එංගලන්තේ ගිහින් කොම්පුටර ඉගෙනගෙන, ...
සැඟවුන කුසලතා; You may also have them! raigamahandiya සති දෙකකට වරක් මට එන විද්‍යුත් සඟරාවක කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන දෙයක් තිබුන නිසා ඒ ගැන ලියන්න සිතුනා. මේ සඟරාව කියෙවුවට පස්සේ මට එක පාරට මතක් උනේ දැනට අවුරුදු විසි ගානකටත් එහාදී කියවපු ටී. බී. ඉලංගරත්න මහතාගේ නවකතාවක තිබුන දෙයක්. දැන් මා කියවන්නේ තෝරාගත් දේවල්. යමක් මගේ සිතුම් පැතුම් වලට පෑහෙන්නේ නැත්නම් අද මා එය කියවන්නට වෙහෙසෙන්නේ නැහැ. මෙහෙම නොවුන කාලයක් ...
Bob the Plumber, Can we fix it? raigamahandiya ඕස්ට්‍රේලියාවේ අලුත්ම ජන සංගණනයේ (2011 වසරේ) ප්‍රතිඵල පසුගියදා ප්‍රසිද්ධ කළා. මෙහිදී කැන්බරා වලට අදාළ එක කරුණක් තමා ආගමක් නැති පිරිස ලෙස සඳහන් කල කට්ටියගේ ප්‍රතිශතය ඊට කලින් පැවති සංගණනයට (2006) වඩා ඉහල ගිහින් තිබීම. ඒ කියන්නේ 23% ඉඳලා 29% ක් වෙලා. මුළු ඕස්ට්‍රේලියාවේ මේ ආගමක් නැති පිරිසෙහි සාමාන්‍යය 22% ක් වෙනවා. කැන්බරා වල කතෝලික ආගම 26% ක් අදහනවා, ඇන්ග්ලිකන් කිතුනු ...
කුමාර් මහත්තයා හා අනිකුත් මහත්තුරු! The other side of the coin! raigamahandiya මගේ සටහන් දේශපාලනයෙන් එපිට තියා ගන්න හැමවිටම උත්සහ කරනවා. නමුත් හැම විටම එසේ කරන්න බැහැ. ලංකාවේ විතරක් නොවේ ලෝකයේ “ප්රජාතන්ත්රවාදය” පවතින රටවලත් තියන ප්‍රශ්නයක් තමා, දේශපාලකයන් මැතිවරණයක් දිනන්න කලින් දෙන පොරොන්දු, දිනුවාට පසු අමතක කිරීම හෝ වෙනස් කිරීම. ඕස්ට්‍රේලියානු වත්මන් අගමැතිනිය, මැතිවරණයට කලින් පැවසුවේ, මීළඟ තම රජයක් යටතේ කාබන් සඳහා බද්දක් පනවන්නේ නැති බව. එහෙම කියපු කෙනා, සභාග ආණ්ඩුවක් හදාගෙන ...